 |
|

අනුරාධපුරය ඔයාමඩුවේ දැයට කිරුළ 2012 ප්‍රදර්ශනය වෙනුවෙන් සකසා ඇති කෘෂිකර්ම
අමාත්‍යාංශ ගොවිපළේ එළවළු, ධාන්‍ය හා විසිතුරු පැළෑටි මනාව වවා තිබෙන අන්දමයි මේ.
සේයාරුව - සමන්ත වීරසිරි
|
|
|
 |
සිංහල මිනිසුන්ට දෙමළත්-දෙමළ මිනිසුන්ට සිංහලත් උගන්වන ලෙස 71 දී මා කී දේ කළා
නම් අද ප්‍රශ්න රැසකට විසඳුම් ලැබෙනවා
- ජනපති මොනරාගලදී
තරුණ මන්ත්‍රීවරයකු ලෙස 1971 දී තමා සිංහල මිනිසුන්ට දෙමළ උගන්වන ලෙසත් දෙමළ
මිනිසුන්ට සිංහල උගන්වන ලෙසත් පැවසූ බව සිහිපත් කළ ජනාධිපතිතුමා එදා ඒ දෙය කළා නම්
අද තිබෙන ප්‍රශ්න රැසකට විසඳුම් ලැබෙන බව සඳහන් කළේ ය.
ගමේ විභාග සමත් තරුණ තරුණියන්ට ඒ ගමේ පත්වීම් ලබාදෙන ලෙසත් තමා එදා පාර්ලිමේන්තුවේ
දී සඳහන් කළ බවද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පැවසීය. එතුමා මේ බව පැවසූවේ මොනරාගල
ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවැති ‘දෙරණාභිෂේක’ මහෝත්සවය අමතමිනි.
විස්තර » |
|
|
 |
ප්‍රධාන බස් නැවතුම අසල සුරාසල් එපා
- අගමැති
ප්‍රධාන බස් නැවතුම්පොළවල පාසල් දරු දැරියන් වැඩිපුර ගැවසෙන බැවින් ඒ ආසන්නයේ ඇති
සියලුම සුරා සල් ප්‍රධාන බස් නැවතුම්පොළේ සිට මීටර් 500 ක් දුරින් ස්ථාපිත කරන්නැයි
රජයෙන් ඉල්ලා සිටින යෝජනාවක් ඉදිරිපත් කිරීමට අගමැති දි.මු. ජයරත්න මහතා කටයුතු කර
ඇත.
විස්තර » |
|
|
 |
දැයට කිරුළ 4 වැනිදා
අක්කර 600යි; ප්‍රදර්ශන කුටි 1000යි
දැයට කිරුළ 2012 ප්‍රදර්ශනය පෙබරවාරි 4 වැනිදා පස්වරු 5ට ඓතිහාසික අනුරාධපුරය
තන්තිරිමලේ ඔයාමඩුව ප්‍රදේශයේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අතින් විවෘත වේ.
අක්කර 600ක භූමි භාගයක වර්ග අඩි ලක්ෂ 4ක භූමි ප්‍රදේශයක ප්‍රදර්ශන කුටි 1000ක් පමණ
මෙවර දැයට කිරුළ භූමියේ ඉදිවන බවත් ඒ අනුව මෙරට අති විශාලම ප්‍රදර්ශනය ලෙස මෙවර
දැයට කිරුළ ප්‍රදර්ශනය හැඳින්විය හැකි බවත් දැයට කිරුළ සංවිධායකයෝ පවසති.
විස්තර » |
|
|
 |
නිදහස් සමරුව අනුරපුරයේ
ඓතිහාසික අනුරාධපුරයේ අභිමානය ඔප් නංවමින් මෙවර ජාතික නිදහස් සමරු උත්සවය ලබන 4දා
උදේ අනුරාධපුරයේ දී පැවැත්වේ.
‘ආශ්චර්යවත් දේශයක් ගොඩනඟමු’ තේමාව යටතේ මෙවර නිදහස් උත්සවය පවත්වන්නේ 64 වැනි
වරටය. අනුරාධපුර - ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවත කේන්ද්‍ර කර මෙම නිදහස් සමරු
ජාතික උත්සවයේ ප්‍රධාන පීඨිකාව සකස් කර ඇත්තේ නගර සභා භූමිය ද ඒ වෙනුවෙන්
ලබාගනිමිනි.
විස්තර » |
|
|
 |