හාමුදුරුවරු සහ (හා) මදුරුවරු

 
 

විභාග අවුල් නොවන ක්‍රමවේදයක්!

 
 

දුක් සැප කුමන් දා අසන නිරි‍ඳෝ වෙන කොයින්දා

 
 

අහස වෙනස් කරන ආශ්චර්යයේ කුලුන

 
 

ජීවිතය දුෂ්කරයි ඒත් සුන්දරයි

 
 

එකමුතුකමින් සමගියෙන් දියුණු වී සම්මාන ලැබූ අඹකොටේ ගම

 
 

රහතුන්ට දන් දුන් පිනෙන් නාගාට ලැබුණු ගම්වරය

 
 

කොටස් වෙළෙඳපළ උන්නතියට තැරැව්කරුවන්ගේ සංගමයෙන් යෝජනා

 
 

ටිකිරි හමුව

 
 

මේ කාන්තාවකගේ අමිහිරි කාලය නොවේ

 
 

2012 වසරේ ඖෂධ මාෆියාවට තිත තියනවා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

2011 සංගීත ලොවේ අමතක නොවන මතක

2011 සංගීත ලොවේ අමතක නොවන මතක

2011 වසරේ මතකය පමණක් ශේෂ කොට කාලය ගෙවී ගොස් ඇත. ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ විශේෂිත සිදුවීම් කිහිපයක් සනිටුහන් කරමින් ගෙවී ගිය වසරේ මතක අවදි කරන්නයි ‘රසඳුන’ පාඨක ඔබට මේ ආරාධනය...!

මෙරට සංගීත ක්‍ෂේත්‍රයේ වෘත්තීයවේදීන් හට වසංගතයක්ව පැවැති ව්‍යාජ ගී තැටි ජාවාරමේ මාෆියා කල්ලිය යම්තාක් දුරකට මෙල්ල කිරීම ගෙවී ගිය වසරේ දක්නට ලැබුණු සුවිශේෂ සිදුවීමකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පොලිස්පතිවරයාට දුරකතනයෙන් දුන් නියෝගයකින් පසුව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව වැටලීම් කොට නීතියේ රැහැනට අසුකර ගන්නා ලද ව්‍යාජ ගී තැටි සහ පට වෙළෙඳුන්ට එරෙහිව බුද්ධිමය දේපළ පනත යටතේ නඩු පවරනු ලැබීම එම සුවිශේෂ සිදුවීමයි. ඉන්පසුව ගී නිර්මාණ අලුතින් එළිදැක්වීමට අකමැත්තෙන් සිටි නිර්මාණකරුවන් සහ ව්‍යාපාරිකයින් නව ප්‍රබෝධයක් ලබා ගීත ඇල්බම එළිදැක්වීමට පියවර ගන්නා අයුරු දක්නට ලැබිණ.

ආචාර්ය වික්ටර් රත්නායක (වනපස මල), අමරසිරි පීරිස් (ගඟ ගලා යාදෙන්), සුනිල් එදිරිසිංහ (මල් වැහි පොද), අමිතා වැදිසිංහ (රන්සඳ මඬලක්), ජේ.ඒ.රොම්ලස් පෙරේරා (රොම්ලස්ගෙන් ඔර්ජිනල්), ක්‍රිස්ටින් ගුණවර්ධන (ආරාධනා), කීර්ති පැස්කුවල් (Evergreen Hits of Keerthi Pasquel කාණ්ඩ දෙකක්), මරියසෙල් ගුණතිලක (තටු සළලා), “ඔස්කා” ගීත නිර්මාණක සංසදයේ (“සියපත් විල” ගීත ඇල්බමයේ කාණ්ඩ තුනක්) විජය සිර්වර්ධන පොලොන්ඕවිට (උණ පඳුරක මල් පිපිලා), රොහාන් ශාන්ත බුලේගොඩ (හිත ඔබටම තමයි), මර්සි එදිරිසිංහ (මල වටකර බඹර රෑන), ළමා ගායක හිමාෂ මනුප්‍රිය (සඳ දිලෙන්නේ), දමිත් අසංක (සුදු පුතේ), රොෂාන් ප්‍රනාන්දු (සිහින සිත්තරාවි), බුද්ධික උෂාන් (වැහි සේල), උපේඛා නිර්මාණි (පිහාටු පෑනට), සමන් ප්‍රියංකර නම්මුනිගේ (සමන් මල් සුගන්දේ), ගයාන් පෙරේරා ප්‍රමුඛ ඩැඩී කණ්ඩායමේ (අරාබියා), තෙමසකට වරක් ගීත ඇල්බම් නිකුත් කරන ගායක අජිත් මුතුකුමාරණ (සුන්දර සිහින), ජානක මධුසංඛ (නිලුපුලී), ලක්ෂ්මන් හිල්මි (සෙනෙහසේ ආදරේ) ඇතුළු ගායක ගායිකාවන් රැසකගේ ගීත ඇල්බම් මෙන්ම ගී පද රචක රචිකාවියන් වන මහින්ද අල්ගම (චන්ද්‍ර මඩුළු යට), සමන් චන්ද්‍රනාත් වීරසිංහ (සඳ මඬලේ සිට, සඳ ලේඛා), බණ්ඩාර ඇහැලියගොඩ (සඳුට අවනත වී), රනිල් ජයසේන (සඳ කිරණ ගලා), සිඩ්නි මාකස් ඩයස් (සෙනෙහසේ මල්), අයිරාංගනී මද්දුම බණ්ඩාර (සත් මහ සයුර) විසින් රචිත ගී පද රචනා ගැයුණු ගීත ඇල්බම ද එළිදැක්වීම විශේෂයකි.

රෝහණ වීරසිංහ
ආචාර්ය උපාධියෙන් පිදුම් ලැබ

ආනන්ද සමරකෝන් සූරීන් සමරමින් “විලේ මලක්” ගීත ඇල්බමය එළිදැක්වුණු අතර සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ගීත ඇල්බම කිහිපයක් ද එළිදැක්විණි. “සුපර් සික්ස්” චිත්‍රපටයේ ගීත ඇල්බමය එළිදැක්වීම ද අපට මතකය. 2011 වසරේ දී මෙරට සංගීත ක්‍ෂේත්‍රයේ මහත් ආන්දෝලනයකට ලක් වූ ගීත ඇල්බමය සුරේන්ද්‍ර පෙරේරා විසින් අසහාය ගායන ශිල්පී එච්.ආර්.ජෝතිපාලයන්ගේ ජනප්‍රිය ගී නැවත ගැයූ “මේ ජීවනයේ” ඇල්බමය යි.

එමෙන්ම පැරණි ළමා ගී හිමාෂ මනුප්‍රිය නැවත ගායනා කළ “පෙම්බර අම්මා” ගීත ඇල්බමය ද වැඩි අවධානයට ලක් වූ ඇල්බමයක් විය. මේ ගීත ඇල්බම හේතුවෙන් පැරැණි ජනප්‍රිය ගී නැවත ගායනා කිරීම පිළිබඳ සංගීත ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනකුගේ විශේෂ අවධානය යොමු විය. විශේෂයෙන් ජෝතිපාලයන්ගේ ගීත නැවත ගායනා කිරීමට අයිතිය ලබාදීම පිළිබඳ ක්‍ෂේත්‍රයේ නියුතු ඇතැම් ජ්‍යෙෂ්ඨයන් අසීරුවට පත්වන චෝදනා එල්ල විය.

ගීත පොත්

අපගේ මතක අතරට එක්වන 2011 වසරේ පළ වූ ග්‍රන්ථ අතර මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි විසින් ලියන ලද “අමරණීය භාරතීය සංගීතවේදියෝ” සහ “රාගාලංකාරය” ග්‍රන්ථ දෙක වැඩි කතාබහට ලක්විය. එමෙන්ම ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ජීවන තොරතුරු ද ඇතුළත්ව ලියූ “මාරුතයේ මියුරු සර” (ගීතනාත් කුඩලිගම), “සිරිල් ඒ සීලවිමල මතක සැමරුම” (ලලිත් ප්‍රියංකර), “සිංහල සංගීතයේ දයාරත්න රණතුංග සුවිපුල් සියත්සර” සෞන්දර්යාත්මක ගී විමර්ශන (යාපා බණ්ඩාර සෙනවිරත්න), ආනන්ද හේවාරංහිඳගේ ගී පද රචකයා වියෝ වී පළමු වසර සැමරුමේ දී ඔහුගේ ගී පද රචනා ඇතුළත්ව එළිදැක්වූ “සුළඟක් වී මං එනවා”, “රන් පියවර” (ඉන්ද්‍රානි සේනාරත්න), “තරු මුතු කුමරිය” ළමා ගී (මහින්ද අල්ගම), “මේ මහ කන්ද (සුනිල් සරත් පෙරේරා), “සඳුනි” (සමන් චන්ද්‍රනාත් වීරසිංහ), “මගේ පුංචි රෝස මලේ” සහ “විඳවමින් වින්දෙමි” ගී විචාර (ධම්මික බණ්ඩාර) සහ “සඳ මලක් වී” (අයිරාංගනී මද්දුම බණ්ඩාර) වැනි ග්‍රන්ථ ද අපේ මතකයෙන් ඈත් නොවේ.

පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි
චිත්‍රපට ගීත රචනයට එක්වී

ක්‍රිකට් ගී රැල්ලක්

සිව් වසරකට වරක් පැවැත්වෙන “ලෝක ක්‍රිකට් තරගාවලිය” වෙනුවෙන් ලෝකයේ වෙනත් කිසිදු රටක නිර්මාණය නොවූ තරම් “ක්‍රිකට් ගීත” රැල්ලක් ගෙවී ගිය වසරේ ඇති වූ අතර ලහිරු පෙරේරා ගායනා කළ මනුරංග විජේසේකර පද රචනය කළ “කොදෙව් රටේ පොල් ගස්වල කරටි කඩන්න” නම් ගීතය ජනාධිපතිතුමා විසින් අත්හිටුවන ලදී. ජගත් සංවිධානයේ දරුස්මාන් වාර්තාවට මේ රටේ කලාකරුවන්ගේ බලවත් විරෝධය පළ කෙරුණු අතර බයිලා ගායක ඇන්ටන් සිල්වා විසින් බෑන් කී මූන් පිළිබඳ “කොටින්ගේ මහා යුද්ධය අවසන් කරපු රටයි” යනුවෙන් උපහාස ගීතයක් ද ගයන ලදී.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ “සිල්ම් නීල්සන්” ජනතා සම්මානය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේව (හොඳම ගායකයා), සුරේන්ද්‍ර පෙරේරා (හොඳම ගායකයා) සහ නන්දා මාලිනී (හොඳම ගායිකාව) විසින් දිනාගන්නා ලැබුවේ ද 2011 වසරේදීය. මෙහිදී උපුල් ශාන්ත සන්නස්ගල විසින් රචිත “වැහි පබළු සැලී” ගීතයට හොඳම ගීතය සඳහා වූ සම්මානය ද සුරේන්ද්‍රටම හිමිවීම ද අමතක නොවන සිදුවීමක් විය.

සම්මාන

සම්මාන උලෙළවල් කීපයක්ම සංගීත ක්‍ෂේත්‍රයේ පැවැති 2011 වසරේ රාජ්‍ය සංගීත උලෙළට ප්‍රධාන තැනක් හිමි විය. එහිදී හොඳම ගී පද රචනය, සංගීත නිර්මාණය සහ ගායනය සඳහා සම්මාන ත්‍රිත්වයම හිමිවූවේ “මේ තරම් සියුමැලි ද කළුගල්” නම් වූ ගීතයටයි. රජී වෙල්ගම (ගී පද රචනය), දර්ශන රුවන් දිසානායක (සංගීත නිර්මාණය) සහ සුනිල් එදිරිසිංහ (ගායනය) වශයෙන් එම සම්මාන ත්‍රිත්වය දිනාගන්නා ලද අතර දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගැයූ “මාගේ දේශය” ගීතය ද හොඳම ගීතයට හිමි සම්මානය ලැබීය.

අරිසෙන් අහුබුදු- අපෙන් සමුගෙන

හොඳම ගීත ඇල්බමය සඳහා දීපිකා ගී ගැයූ “සුදු හංසිනි” සහ නව පුරපුරේ දක්ෂ ගී පද රචකයකු වන රවී සිරිවර්ධනගේ “මිලේනියම් පෙම්වතුන්” ප්‍රශස්ත ගීත ඇල්බමය උදෙසා වූ සහතික සම්මානයෙන් පිදුම් ලැබුවේය. රාජ්‍ය සංගීත සම්මාන උලෙළයේ දී විශේෂ උත්තමාචාර සම්මානයන්ගෙන් මහින්ද අල්ගම, සේන ෆොන්සේකා, සෝමතිලක ජයමහ, සෝමපාල රත්නායක, දිලුප් ගබඩාමුදලිගේ, එස්. කනපතිපිල්ලේ, මංජුල සෙනෙවිරත්න, කලනි පෙරේරා, දයා රත්නසේකර සහ ශබ්ද පරිපාලක ඔගී රණවීර පිදුම් ලැබීම ද අපට අමතක වන්නේ නැත.

සංගීත ක්‍ෂේත්‍රයට කළ සේවය අගයමින් භාරතයෙන් ගෞරව සම්මාන ප්‍රදානයක් පණ්ඩිත් අමරදේවයන්ට ඉන්දීය මහ කොමසාරිස් නිල නිවෙසේදී 2011 දී සිදු කෙරුණු අතර තරුණ දක්ෂ සංගීත ශිල්පියකු වන දිනේෂ් සුබසිංහ ඔස්කාර් සම්මානලාභී ලෝක ප්‍රකට සංගීතවේදී ඒ.ආර්.රහුමාන් වෙතින් හොඳම වාදකයාට හිමි සම්මානය ලැබුවේය. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පැවැති උපාධි ප්‍රදානයේ දී මහාචාර්ය සුනිල් ආරියරත්න සාහිත්‍ය සූරී ගෞරව සම්මානයෙන් ද, රෝහණ වීරසිංහ ආචාර්ය උපාධියෙන් ද පිදුම් ලැබුවේ ද ගෙවීගිය වසරේ දී බව අපට මතකය.

2011 තිරගත වූ “මහින්දාගමනය” චිත්‍රපටයෙන් යතිවරු දෙදෙනකු අපේ චිත්‍රපට ගීත පද රචනයට එක්වූ බැව් ද අමතක නොකළ යුතුය. පළපුරුදු ගී පද රචකයෙකු වන පල්ලේගම හේමරතන හිමි ‘සංසාරේ මේ බර පොදි’ (කරුණාරත්න දිවුල්ගනේ සමඟ උරේෂා රවිහාරි) ගීතය ද, එල්ලාවල මේධානන්ද හිමි “සෙතට සතට සතුට රැගෙන’ (අමරසිරි පීරිස්) ගීතය ද පද රචනා කරමින් චිත්‍රපට පසුබිම් ගී පද රචනයට එක්වුවෝය.

අලුත් පරපුරක්

සුරේන්ද්‍රගෙන් - ජෝති ගී

සංගීත ක්‍ෂේත්‍රයට නවක ගායකයින් කිහිප දෙනකු එක් වූ වසරක් ලෙස ද 2011 වසර අපගේ මතකයේ රැඳෙනු ඇත. “රණවිරු රියල් ස්ටාර්” ඩේමියන් ප්‍රනාන්දු, “දෙරණ ඩ්‍රීම් ස්ටාර්” තෙවැනි අදියරේ දී කිරුළ දිනූ කෙෂාන් ශෂීන්ද්‍ර පෙරමුදලි, “සිරස සුපර් ස්ටාර්” සිව්වැනි අදියරේ කිරුළ දිනූ තිසර චානක, “සිහින පියාපත්” රූපවාහිනී නාට්‍යයේ සහ “එතුමයි මෙතුමයි” චිත්‍රපටයේ ජෝතිපාලයන් මෙන් ගී ගයන ප්‍රදීප් අංජන, ‘සිංහාවලෝකන’ චිත්‍රපටයේ ‘මතකද හැන්දෑවේ’ ගීතය ගැයූ රුවන් හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ “තරුවක් අතර තරුවක්” කිරුළ දිනූ රංග සත්‍යජිත් ඉලේපෙරුම මෙන්ම පියාගේ අඩි පාරේ යාමට “සුසීමා” චිත්‍රපටයෙන් පසුබිම් ගී ගායනයට එක්වූ සාරංග දිසාසේකර ද ඔවුන් අතර සිටිති. රියැලිටි ප්‍රසංග හරහා සංගීත ක්‍ෂේත්‍රයට අවතීර්ණ වන නවක ගායක ගායිකාවන් සිය දහස් ගණනකි. ඔවුන්ට මඟපෙන්වීම සහ ඔවුන් ගායන ක්‍ෂේත්‍රයේ නිසි මඟ ගෙන යාමට පුහුණු කරවන ඇකඩමි ද බිහිවීමේ ප්‍රවණතාවක් ගෙවී ගිය වසරේ දක්නට ලැබුණු බව අමතක නොවේ.

රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර සමඟ ආනන්ද වීරසිරි එක්වී අසූව දශකයේ දී ඇරඹූ එවැනි සෞන්දර්ය නිකේතනයකි “කලාභූමි” යනුවෙන් අපි හඳුනන්නේ. ගෙවී ගිය වසරේ “කලා භූමි”ට වසර විසිපහක් සැපිරීම ද අමතක කළ නොහැකිමය. එමෙන්ම කීර්ති පැස්කුවල් ඇරඹූ ශ්‍රී ලංකාවේ ප්‍රථම බටහිර සංගීත ඇකඩමිය වන “ට්‍රින්ටි ඇකඩමි ඔෆ් මියුසික්” ආයතනය ද මෙහිදී අමතක කළ නොහැකිමය. එමෙන්ම නිරෝෂා විරාජිනී විසින් “හදවතේ රිද්මය” (Beats of Heart) නමින් ඇරැඹීමට සැලසුම් කළ ප්‍රාසාංගික ගීත කලාව නිවැරැදිව පුහුණු කරවන ඇකඩමි ද අපි අමතක නොකරමු.

පියාගේ අඩි පාරේ යමින් අභිෂේකා විමලවීර ගීත පද රචනයට එක්වූවේ 2011 දීය. ඇය තමා ගායන “සීමා නැහැ” සහ “මතක ලන්තෑරුම්” ගී පද රචනය කළාය.

ආචාර්ය වික්ටර් රත්නායක, මහාචාර්ය සුනිල් ආරියරත්න, ලූෂන් බුලත්සිංහල වැනි ජ්‍යෙෂ්ඨයින් ජාත්‍යන්තර බුද්ධිමය දේපළ සංවිධාන (WIPO) පිළිගන්නා නව සංගමයක් බිහි කිරීමේ වෑයමක ද නිරත වී සිටිනු ගෙවී ගිය වසරේ පෙනෙන්න තිබුණි. කර්තෘභාග ගෙවීම පිළිබඳ නිවැරැදි ක්‍රියාමාර්ග ගැනීමට සහ බුද්ධිමය දේපළ හරියාකාරව රැක ගැනීමට පියවර ගැනීම සඳහා එවන් ආයතනයක අවශ්‍යතාව ඇති බව ගෙවී ගිය වසරේ පැහැදිලි වූ කරුණකි.

අමතක නොවන මතක අතර තව බොහෝ සිදුවීම් ඇති නමුත් ඒ සියල්ල අකුරු කරන්නට ඉඩකඩ මදිය. ඉතින් සමුගන්න පෙර 2011 වසරේ අපෙන් සදහටම වියෝ වී ගිය සංගීත ක්‍ෂේත්‍රයේ සහෘදයින් සමරමුද?

”කෝ මා පැතූ ඔබෙ ආදරේ” සහ “සැනසුම් සුසුමන් පාවීලා” වැනි ගී සංකල්පනා ලියූ ගී පද රචක රංජිත් වීරසිංහ 2011 ජනවාරි මාසයේ සමුගත් දා සිට දහස් ගණනක් පටිගත කළ ශබ්ද පරිපාලක ඔගී රණවීර දෙසැම්බර් මාසයේ සමුගෙන ගිය දා දක්වා අරිසෙන් අහුබුදු සූරීන්, “ආලයද දරුණු ගැහැනියද දරුණු” ගීතය ගැයූ ගායක ඊබට් ප්‍රනාන්දු, ගී පද රචකයෙකු මෙන්ම ශබ්ද පරිපාලකවරයෙකු වූ ඩොනල්ඩ් අයිවන්, “රේඛාව“ චිත්‍රපටයේ පසුබිම් සංගීතය සැපයූ සිතාර් වාදක කේ.ඒ.දයාරත්න, සංගීත ශිල්පී විජේරත්න රණතුංග ආදී සියලු සහෘදයින් අපි අමතක නොකරමු.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා