|
ලේක්හවුස් නව මුද්‍රණ යන්ත්‍රය වැඩ ඇරඹූ වගයි

රුපියල් ලක්ෂ 800ක වියදමින් ලේක්හවුස් ආයතනයේ වෙළෙඳ මුද්‍රණ අංශයේ ස්ථාපිත කළ වෙබ්
ඕෆ්සෙට් නව මුද්‍රණ යන්ත්‍රය ලේක්හවුස් ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල
පද්මකුමාර මහතා අතින් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ක්‍රියාත්මක කළ
අවස්ථාව. ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්යක්ෂ සීලරත්න සෙනරත්, මෙහෙයුම් අධ්යක්ෂ
උපුල් දිසානායක, නීති අධ්යක්ෂ රසාංග හරිශ්චන්ද්‍ර, සාමාන්‍යාධිකාරි අභය අමරදාස හා
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මුද්‍රණ) කමල් විජේසූරිය යන මහත්වරු ද මෙහි සිටිති.
ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ පුවත්පත් හා ඝනකම හා තුනී පිටු සහිත පොත්පත් මුද්‍රණය කළ හැකි
මේ නව යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවට ලේක්හවුස් ආයතනයේ පුවත්පත්වල ප්‍රධාන
කර්තෘවරු හා අංශ ප්‍රධානීහු ද සහභාගිවූහ.
සේයාරුව - නිශ්ශංක විජේරත්න
|