බොර කිරීම සහ මාළු බෑම

 
 

ගිය වසරේ කෝටි 1, 55,000 ක සංවර්ධන ක්‍රියාන්විතයක්

 
 

උසස් පෙළ ඉසෙඩ් ලකුණු, ප්‍රතිඵල ප්‍රමාදය හා දෝෂය

 
 

අන්න මල්ලියෙ ගැහිලි

 
 

සිකුරාදා හැන්දෑව

 
 

යකඩ කූරු අතැර තෙලිතුඩ අතට ගත් රැඳවියෝ

 
 

වසරක ගමනක මඟ සලකුණු

 
 

මොස්කව් වතු තේ තරගයේ දී අපේ තේ සඳහා ඉහළ පිළිගැනීමක්

 
 

ටිකිරි හමුව

 
 

2012 දී ලෝක පොලිස් කාරයාට මොකද වෙන්නේ?

 
 

ලෝකයම සසල වෙද්දී ශ්‍රී ලංකාව නොසැලෙයි

 
 

ගිණුම් කටයුතු හරියට කරනවා නම් දූෂණ වංචා සිදුවන්න ඉඩක් නැහැ

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
සෙනසුරු සිකුරුට වසඟ වෙයි

 

සෙනසුරු සිකුරුට වසඟ වෙයි

ඡ්‍යොතිෂවේදී ආචාර්ය පියසේන රතුවිතාන

තාරකා විද්‍යාඥයාට සෙනසුරු, ග්‍රහයෙකි. ඡ්‍යොතිර්වේදියාට එම සෙනසුරුම වායුගෝලයේ පාවෙන තවත් ග්‍රහ වස්තුවක් පමණක් නොවේ. විශ්වය යම් ප්‍රමාණයකින් පාලනය කළ හැකි, එසේම මිනිස් ජීවිතයට, රටකට, සමාජයකට ගුප්ත බලපෑම් කළ හැකි බලවතෙකි.

ඡ්‍යොතිෂයේදී සෙනසුරු ග්‍රහයාට යම් යම් ශක්තින් ආරෝපණය කර ඇත. විටෙක සෙනසුරු මහත් බලයක් හෙවත් උච්ච බලයක් ඇති ග්‍රහයෙකි. යළි බලයෙන් තොර නීච වීම නිසා මහත් අයහපත් ප්‍රතිඵල උදා කරන ග්‍රහයෙකි. මේ ආදි වශයෙන් අනෙක් ග්‍රහයන්ට ද එවැනි ස්වභාවයන් වෙතත් සෙනසුරුට තරම් අනෙක් කිසිම ග්‍රහයකුට මිනිසුන් “බියක්” නැත.

මේ ලිපියෙන් කථා කිරීමට අදහස් කරන්නේ මේ ඉදිරි දෙවර්ෂයේදී සෙනසුරු ග්‍රහයා ස්වකීය උච්ච භාවය වන තුලා රාශියේ බලවත් වීම නිසා සාහිත්‍යයට, කලාවට, කලාකරුවන්ට කරන බලපෑම ගැනය.

තුලාව යනු සිකුරු ගේ රාශියයි. සිකුරු යනු රසයට විනෝදයට පී‍්‍රතියට සෞන්දර්යයට ආදරයට කාරක ග්‍රහයාය. ඒ සියල්ලම කලාවේ අඩංගු වෙයි. සෙනසුරු, දඩබ්බර හෙවත් ලෞකික ස්වභාවය ප්‍රතික්ෂේප කරන ග්‍රහයාය. ඒ නිසා සෙනසුරු තුලා රාශි ගත වීම කලා ක්ෂේත්‍රයට කරන බලපෑම ගැන කථා කළ යුතුය. එහෙත් පෙර සෙනසුරු සිය උච්ච රාශිය වන තුලාවටත් නීච රාශිය වන මේෂයටත් පිවිසි විට අපට දැනුණු අවස්ථාවන් කීපයක් ගැන මතක් කළ යුතුය. අනාගතය මැන බලන්නට අතීතය මිනුම් දඬුවක් වන බැවිනි.

මතකයේ ඇති අතීත සිදුවීම් කීපයක් ගනිමු. 19 වැනි සියවසේදී මේ රටේ දැවැන්ත කැරැල්ලක් විය. එය 1818 කැරැල්ල වශයෙන් ඉතිහාසගතව ඇත. එය සිදුවන විට සෙනසුරු ස්වකීය නීච රාශිය වූ මේෂයේ ගමන් කළේය. කැරලි කෝලාහල පවතින සමාජයක කලාවට ඉඩක් නැත. අවධානය අරගලයටය. යළි එතැන සිට තවත් වසර තිහකට පසු එයටත් වඩා දරුණු අරගලයක් විය. එය 1848 කැරැල්ල වශයෙන් ඉතිහාසයට එක්වෙයි. එයට පසුව පෘතුගිසි ලන්දේසි ආක්‍රමණ ආදියට ද මෙම සෙනසුරු බලපෑම දායක විය. 1939 දී සිදු වූ දෙවන ලෝක මහා සංග්‍රාමය අවදියේදීත් සෙනසුරු සිය නීච රාශිය වූ මේෂයේ ගමන් කළේය. ඒ යුගයේදීත් කලාවට හිස ඔසොවන්නට නොහැකි විය.

යළි වසර තිහකට පසුව 1971 දී මේ රටේ පැවැති ජවිපෙ අරගලය නිසා කලාව ඇතුළු බොහෝ දේ විනාශ වූ හැටිත් වැඩි දෙනකුට අමතක නැත. මෑත යුගයේ කළු ජූලියට, සුනාමියට, සෙනසුරු බලපෑම් කළේය. ඒ සියල්ල වූයේ සෙනසුරු නීචව සිටි අවස්ථාවලය.

එහෙත් සෙනසුරු වසර තිහෙන් තිහට උච්ච බල සහිත වෙයි. ඒ වූකලී සෙනසුරු ග්‍රහයා නීචව සිටි රාශියේ වූ සිදුවීම්වලට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් ඇති කරන වකවානුව වෙයි. සෙනසුරු නීචව සිටි යුගයේ උපත ලද අයට වඩා සෙනසුරු උච්චව සිටි යුගයේ උපත ලද අය හොඳින් හෝ නරකින් කැපී පෙනෙන පුද්ගලයෝ වූහ. හයවන ජෝර්ජ් රජතුමා, මහා අක්බාර් රජතුමා, රොබට් කෙනඩි, කෘෂේව්, මාග්‍රට් තැචර්, මා ඕ සේතුං, මොරාජ් දේශායි, බෙනාසිර් භූතෝ, සියා උල්හක්, ක්‍රිෂ්ණ මෙනන්, රණසිංහ පේ‍්‍රමදාස, වේලුපිල්ලේ ප්‍රභාකරන්... මේ සෙනසුරු ග්‍රහයා උච්ච බල සහිතව සිටි අවදියේ උපන් ප්‍රකට පුද්ගලයෝය.

එයින් පසුව 1954, 1984 යන වර්ෂවල උපන් අය අදත් සමාජයේ කැපී පෙනෙයි. 2011 වසරේ නොවැම්බර් මස 15 දායින් පසුව යෙදෙන වර්ෂ දෙකහමාරක කාලයේදී උපදින දරුවෝත් සමාජයේ කැපී පෙනෙන බලවත්හු වෙති. ඒත් කුශාග්‍ර බුද්ධිය හා උගත්කම සහිතව උපත ලබන්නෝ ලෙස 1919, 1931 1943, 1955, 1967, 1978, 1991, 2003 හා ඉදිරියට 2014 වර්ෂවල ජන්ම ලාභීන් නම් කළ හැකිය. ඒ බ්‍රහස්පතිගේ උච්ච අවස්ථාවන් නිසා ය. තුලා රාශියේ දී සිකුරුගේ රසකාමි ස්වභාවය සෙනසුරුට මුසු වෙයි.

සෙනසුරු මැදිවන්නේ සිකුරුගේ නිවසේ වටපිටාවටය. ඒ නිසා සිකුරුගේ ගීතවත් බවට සෙනසුරු අකමැත්තෙන් වුවත් ගොදුරු වෙයි. ඒ නිසා වයෝවෘද්ධ කලාකරුවනට මේ ඉදිරි දෙවර්ෂයේ දී සම්මාන ගෞරව පිළිගැනීමක් පෙන්නුම් කරයි.

කලා ක්ෂේත්‍රයේ පරිණත අයට යම් යම් වරප්‍රසාද ලැබෙයි. ඒ අය පිළිබඳව වැඩිපුර කථා කරන අවස්ථා යෙදෙයි.

මේ වර්ෂය මුල දී මිථුන ලග්න කලාකරුවනට සෙනසුරු නිසා කදිම ග්‍රහ සංකලනයක් දෘෂ්ටි වශයෙන් ලැබේ. මිථුන ලග්න හිමියාට ධර්ම කර්මාධිපති යෝගය උදා කරන ශනි - ගුරු දෙදෙන මිථුන ලග්න හිමියාගේ කේන්ද්‍රයේ පහ සහ එකොළොස් වැන්නේ සිට සප්තම දෘෂ්ටියට ලක්වේ. ඒ වූකලී අන්‍යෝන්‍ය දෘෂ්ටියකි. අධ්‍යාපන රාශිය වන පස් වැන්නේ සිටින ග්‍රහයාත් අය ස්ථානයේ සිටින බ්‍රහස්පති ග්‍රහයාත් එසේ සප්තම දෘෂ්ටි බලයෙන් යුතුව සිටිති. ධනු ලග්න හිමියාට ද මේ යෝගය ඒ අයුරින්ම යහපත් ලෙස යෙදේ.

සාහිත්‍යය, නාට්‍යය වැනි කලා හැඟීම් මතුවන්නට සිකුරු සෘජුවම ප්‍රමුඛ වෙයි. ඒ සඳහා ප්‍රබෝධමත් මනසක් විය යුතුය. මනස පාලනය කරන ග්‍රහයා සඳුය. සඳුත් සිකුරුත් දෙදෙනාම යහපත් නම් ප්‍රසන්න නම් සිතුවිලි ප්‍රසන්නය. සිතුවිලි ප්‍රසන්න වන විට නිර්මාණයන් ද ප්‍රසන්නය.

සිකුරු ආපෝ භූතයට කාරක ග්‍රහයෙකි. සෙනසුරු වායෝ භූතයට කාරක ග්‍රහයාය. ඒ නිසා මෙම ආපෝ - වායෝ ශක්ති සංකලනය සෙනසුරු තුලා රාශි ගතවීමේ දී සිදු වේ. ඡ්‍යොතිර්වේදියා වායුව නිසා හට ගනු ලබන කුණාටු හා නායයෑම් ගැන කියන්නේත්, වර්ෂාව හා ගංවතුර ගැන කියන්නේත් මෙම ආපෝ - වායෝ ස්වභාවය අනුවය. මිනිස් සිරුරේ ද මේ ආපෝ වායෝ සංකලනය වෙයි. ඒ නිසා මිනිස් සිරුරේ ක්‍රියාකාරිත්වය මතුකර පෙන්වයි.

මහ පොළොව ද නිර්මාණය වී ඇත්තේ ආපෝ, තේජෝ, වායෝ, පෘඨවි ආකාශ යන පංච මහා භූත ශක්තිය සංකලනය වීමෙනි. අප ශරීරය මෙහෙයවන්නේත් එම පංච මහා භූත ශක්තිය අනුවය. කෙනෙකු උස් හඬින් කතා කරන්නේත් තවත් කෙනෙකු ඉතා පහත් හඬින් කතා කරන්නේත් මේ බලපෑම නිසාය.

සෙනසුරු ග්‍රහයා තුලා රාශි ගත වීමත් සමඟම විටින් විට සඳු ද තුලා රාශි ගත වීම නිසාත් දෘෂ්ටි හෙළීම නිසාත් සිතුවිලි අවුල් වේ. අවුල් වූ සිතුවිලි වෙතොත් කලාත්මක බවක් නැත.

සෙනසුරු අවිචාරයට ද නෑකම් කියන ග්‍රහයා ය. පහත් හැසිරීම්වලින් අනුන්ට රිදවීමට වෑයම් කරන ග්‍රහයාය. ඒ නිසා තැන - නොතැන නොසලකා හැසිරෙයි. නැතොත් එම ගතිය මිනිස් සිතට ඇතුළු වෙයි. එහෙයින් මිනිස් සිතේ තැන්පත් බව ගිලිහි ගොස් කලහකාරි බවක් මතු කරයි. ඒ පසුපස අපකීර්තිය ලුහු බඳී. සෙනසුරු තුලා රාශිගතව වසර දෙකහමාරක් ඒ රාශියේම නොසිටින අවස්ථා ඇති වේ.

ගමන නතර වීම හෙවත් වක්‍ර වීම, නිවෘත වීම් අනුවර්ත වීම් සිදු වේ. එවිට වායු ගෝලය කැලඹේ. සෙනසුරු වැනි දැවැන්ත ග්‍රහයකු වායු ගෝලය තුළ එහාට මෙහාට යන එන විට වායු ගෝලයේ කැලඹීම ස්වාභාවිකය. ඒ අනුව මිනිස් සිත ද කැලඹේ. යළි එම ශනි සිටින රාශියට රවි, චන්ද්‍ර, කුජ, බුද වැනි ග්‍රහයෙක් ද පිවිසේ. ඒ ග්‍රහයාගේ ආපෝ තේජෝ ආදි පංච මහ භූත ශක්තිය එතැනට මුසු වීම නිසා විවිධ වෙනස් ප්‍රතිඵල මතු කිරීම ස්වාභාවික ය.

සෙනසුරු තුලාවේ සිටින්නේ සිය ආරෝහණ ගමනේ උච්චම ස්ථානයේය. තවත් වසර දෙකහමාරකින් පමණ සිය අවරෝහණ ගමන අරඹයි. ආරෝහණ අවස්ථාව වේගවත් ය. රිය ගැටුම් බහුල වන්නේත්, කලකෝලාහල මතු වන්නේත් ඒ නිසා ය.

මිනිස් ජීවිතය හසුරුවන්නේ රාශි ගත ග්‍රහයා හෝ එම ග්‍රහයාට අයත් දශාව විසින් නොවේ. එම ග්‍රහයා තුළ සැඟවී සිටින නැකැත් අධිපතියා සහ පංච මහා භූත ශක්තියට අයත් බලවේගය විසිනි. සෙනසුරු තුලා රාශියේ තුලා නවාංශකයේ අඟහරුට අයත් නැකතක් නියෝජනය කරයි. එහෙයින් සිත නැකතට අයත් අඟහරු විසින් මෙම සෙනසුරු පොලඹවනු ලබයි. කුජ ගේ ස්වභාවය දඩබ්බරය. දැඟලිලි සහිතය, කලබල කාරිය. ඒ නිසා කලාවට වුවද ඒ දඟලන, නටන, ස්වභාවය ආරෝපණය කර ගනී. ඒ නිසා කලාත්මක සිතක පැවැතිය යුතු වූ ආත්ම සංයමය නැතිව ගොස් සිත උසිගන්වන ස්වභාවයක් ද දක්නට ලැබෙයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා