නීතිය අතට පයට ගැනීම

 
 

මානව සංවර්ධනය අතින් ශ්‍රී ලංකාව පළමු තැනට

 
 

එතුමා පටිසෝතගාමී නායකයෙකි

 
 

තිසුරිගේ සිතුවම බොඳ විය

 
 

අපට ජයග්‍රහණ රැසක් ලැබුණු සමුළුවක්

 
 

එතෙරින් කෙටියෙන්

 
 

යාත්‍රා

 
 

ගමේ දුෂ්කර පාසලකින් සැබෑ ගුරු උපහාරයක්

 
 

විභාගේ පාස් වුණොත් චිත්‍රපටයක චරිතයක් දෙනවා කියලා අයියා කිව්වා

 
 

‘සෞභාග්‍ය’ ව්‍යවසායිකාවන්ගේ දරුවන්ට මිලියන 3 ක යුනිලීවර් ශිෂ්‍යත්ව

 
 

නොමේරු ළදරුවන් ද හොඳින් හදා වඩා ගත හැකියි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
දුම්රියට විද්‍යුත් ඇසක් රියදුරන්ට ජංගම දුරකථන

දුම්රියට විද්‍යුත් ඇසක් රියදුරන්ට ජංගම දුරකථන

දුම්රිය ආරක්ෂාකාරීව ධාවනය කිරීමේ අරමුණින් දුම්රිය රියැදුරන්ට හා නියාමකවරුන්ට ජංගම දුරකථන ලබාදීමට පියවර ගෙන ඇතැයි දුම්රිය සැලසුම් අධ්‍යක්ෂ විජය සමරසිංහ මහතා පවසයි.

මෙම ජංගම දුරකතන ලබාදීම නිසා පාලක මැදිරියට අවශ්‍ය ඕනෑම මොහොතක රියැදුරන් හා නියාමකවරුන් දැනුවත් කිරීමට හැකියාව ලැබෙනු ඇත. මීට අමතරව දුම්රිය ආරක්ෂාව තහවුරු කරනු පිණිස දුම්රිය එන්ජින්හි විශේෂ සන්නිවේදන පරිගණක උපකරණයක් ද සවිකිරීමට කටයුතු යොදා ඇතැයි ද විජය සමරසිංහ මහතා පවසයි.

පරිගණක මොනිටරයක් දුම්රිය එන්ජින්හි සවිකරනු ලබන අතර එමඟින් කිලෝමීටර් 10ක දුරකින් පිහිටි සියලු දුම්රියයන් පරිගණක තිරයෙන් දැකබලාගත හැකිය. මෙහිදී එම දුම්රිය යන මාර්ගයෙත් අනෙක් මාර්ගයේ ඉදිරිපසින් හා පසුපසින් පැමිණෙන දුම්රියයන් ද දැක බලාගත හැකිය. මෙහිදී දුම්රිය දැකබලා ගත හැක්කේ වර්තමාන පාලක මැදිරිය දුම්රිය දැක ගන්නා ආකාරයේ වර්ණ තිරයක් මතිනි. මෙම උපකරණ කට්ටලය මේ වන විටත් දුම්රිය 10කට සවිකර ඇතැයි ද විජය සමරසිංහ මහතා කීය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා