 |
|
නැඟෙනහිරට නව පාලම් 5ක්

නැඟෙනහිර පළාතේ මඩකලපුව හා ත්‍රිකුණාමලය අතර මහවැලි ගෙඟ් අතු ගංගා හරහා ගමන් කිරීමට
යොදවා තිබූ පාලම් පාරු ඉවත් කරමින් නව පාලම් ඉදිකර ජනතා අයිතියට පත් කිරීම ආර්ථික
සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් පසුගියදා සිදුකැරුණු අතර මෙහි
දැක්වෙනුයේ විවෘත කැරුණු කායන්කර්ණි පාලමය. |
|
|
 |
මෙවර අයවැයෙන් සංවර්ධනයට නව ජවයක්
දැනට ක්‍රියාත්මක වන සංවර්ධන වැඩ කටයුතුවලට වඩා පුළුල් සංවර්ධන වැඩසටහන් ලබන වසර
සඳහා වූ අයවැයෙන් සිදු කිරීමට රජය සූදානම් වෙයි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ 2012 අය වැය සැකසීමේදී පුද්ගල අදහස්
හා යෝජනා සලකා බැලීම පිණිස අරලියගහ මන්දිරයේදී එතුමාගේ ප්‍රධානත්වයෙන් රජයේ
මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡාවකදී ය.
විස්තර » |
|
|
 |
විදෙස් ආයෝජනවල සියයට 99ක වර්ධනයක්
මේ වසරේ ජනවාරි මාසයේ සිට ජූනි දක්වා මෙරට සිදු කරන සෘජු විදේශ ආයෝජනවල සියයට 99
වර්ධනයක් සිදුවී ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පෙන්වා දෙයි.
පසුගිය වසරට සාපේක්ෂව බලන විට මෙය ඩොලර් මිලියන 413ක් වන අතර එය ඩොලර් මිලියන 205ක
වැඩිවීමක් ලෙස ද පෙන්නුම් කරයි. පසුගිය වසරේ මෙරට සිදුකර තිබෙන විදේශ ආයෝජනවල
වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 208කි.
විස්තර » |
|
|
 |
හොඳම තරුණයා සම්මානය වරාය සභාපතිට
නාවික ක්ෂේත්රය සඳහා වසරේ හොඳම තරුණයාට හිමි සම්මානය (Seatrade Young Person of
the Year) ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පි‍්‍රයත් බී වික්‍රම මහතාට
හිමි වී ඇත. මේ සම්මානය ප්රදානය කළේ මැදපෙරදිග හා ඉන්දියානු අර්ධද්වීපය සඳහා වන
නාවික ක්ෂේත්රයේ 2011 වර්ෂය වෙනුවෙන් පවත්වනු ලැබු අන්තර්ජාතික සම්මාන උලෙළේදීය.
විස්තර » |
|
|
 |
බුද්ධිකගේ, ශිරාල්ගේ තහනම ඉවතට?
එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී
ශිරාල් ලක්තිලක මහතා ඉදිරියේදී එ.ජා.ප. යෙන් නෙරපා හැර ඔවුන්ගේ මන්ත්‍රී ධූර අහෝසි
කිරීමට එ.ජා.ප. නායකයා ගෙන තිබූ තීරණය මේ වන විට වෙනස් කැර ඇතැයි එ.ජා.ප. අභ්‍යන්තර
ආරංචි මාර්ග පවසයි.
විස්තර » |
|
|
 |