අපේ ජයග්‍රහණ ගැන ආඩම්බරයි

ජගත් මහ සමුළුවේදී ලෝක නායකයන්ට ජනපති කියයි

  •  සාමය සඳහා ගමන වැදගත් මෙන්ම දුෂ්කරයි

  •  මානව හිමිකම් මුවාවෙන් සම්ප්‍රදායයන් දියකර හැරිය නොහැකියි

  •  ප්‍රශ්න විසඳා ගැනීමට එකම මඟ සාකච්ඡාවයි

  •  බෑංකී මූන්ට ජනපතිගෙන් සුබ පැතුම්

    ත්‍රස්තවාදයට එරෙහි අරගලය සේම සාමය සඳහා වූ සටන වැදගත් මෙන්ම දුෂ්කර කාර්යක් ලෙස තමා හොඳීන් අවබෝධ කරගෙන සිටින්නේ යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්සත් ජාතීන්ගේ 66 වන සංවත්සර සැසිය අමතමින් පැවැසීය.

විස්තර »

එක්සත් ජාතීන් ගේ රාජ්‍ය නායක සමුළුවේ 66 වැනි සැසිවාරයට සහභාගි වී සිටින රාජ්‍ය නායකයින් සඳහා ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා මහතා විසින් නිව්යෝර්ක්හි මහජන පුස්තකාලයේදී පවත්වනු ලැබූ පිළිගැනීමේ උත්සවයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය, ඇමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමා, මිචෙල් ඔබාමා මැතිනිය සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු. - ධවල මන්දිරය නිකුත් කළ ඡායාරූපයකි

අලුත් වෛද්‍ය පත්වීම් 790ක්

වෛද්‍ය උපාධිධාරීන් 790කට අලුත් පත්වීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙයි. මේ නව පත්වීම් ලබන නවක වෛද්‍යවරුන් පුරප්පාඩු පවතින ප්‍රදේශවල රෝහල් සඳහා අනුයුක්ත කරන බවත් අනාවරණය වෙයි. මේ සඳහා අයදුම්පත් කැඳවීම දැන් සිදු කරනු ලබන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. දැනට පුරප්පාඩු පවතින රජයේ රෝහල්වල නාම ලැයිස්තුවක් ද අයදුම්කරුවන් ගේ දැනගැනීම සඳහා ප්‍රකාශයට පත් කැර තිබේ.

“කොළඹ ඇතුළු නගර සභා සහ
ප්‍රා. සභා සියල්ල ජය ගන්නවා”

ඇමැති නිමල් සිරිපාල

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද විමසීම් සිදුකරන පළාත් පාලන ආයතන විසිතුනේම බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වනවාට කිසිදු සැකයක් නැතැයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නිසි නායකත්වය අනුව මේ රටේ මෙතෙක් පවත්වන ලද සියලු මැතිවරණවලදී විශිෂ්ට ජයග්‍රහණ හිමිකර ගෙන තිබෙනවා යැයි ද ඇමැතිවරයා කීය.

විස්තර »

ගුවන් තොටුපළක් වැනි බස් නැවතුම් පොළක් මීගමුවේ

පෝලිම් නැති දුවන පඩිපෙළවල් (එලිවේටර්) ඇති ගුවන් තොටුපළක් වැනි නවීන තෙමහල් සුපිරි බස් නැවතුම් පොළක් දැන් මීගමුවේ ඉදිවෙයි. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත මෙය ඉදිකිරීමට රුපියල් ලක්ෂ 3000 ක් වැය කෙරේ. මෙහි වර්ග ප්‍රමාණය වර්ග අඩි 60000 කි. මෙහි සිට බස් වර්ග 21 ක් ආරම්භ කෙරේ. ඔවුන්ට ඉඳගෙන සිටීමට ආසන 30 බැගින් පනවා තිබේ. ඒ සමඟම ඉහළ මහලයට යාමට දුවන පඩි පේළි (එලිවේටර්) ද මෙහි තිබෙන බව බස්නාහිර පළාතේ මහාමාර්ග සංචාරක හා ධීවර ඇමැති නිමල් ලාන්සා මහතා සිළුමිණට කීය.

විස්තර »

විනාඩියකට යතුරු පැදි දෙකක් මහ පාරට එයි

සෑම විනාඩියකටම වරක් යතුරු පැදි දෙකක් අලුතින් පාරට එකතු වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. මේ වසරේ සංඛ්‍යා ලේඛන අනුව ජුනි මස අවසානය දක්වා යතුරු පැදි 123148 ක් අලුතින් ලියාපදිංචි කර ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.

විස්තර »

ජාතික ළමා ගීයක් ළඟදීම

මෙවර ලෝක ළමා දිනයේ දී ජාතික ළමා ගීතයක් සහ ජාතික ධජයක් හඳුන්වා දීමට පියවර ගන්නා බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

විස්තර »

බොදු සාහිත උත්සවය හෙට

සම්බුද්ධත්ව ජයන්ති සාහිත්‍ය උත්සවය හෙට (26) පස්වරු 2.30ට බෞද්ධ මහා සම්මේලනයේ දී පැවැත්වේ. සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධ රක්ඛිතාභිධාන මහා නායක හිමියන් ගේ සහ අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ උත්සවයේ දී පසුගිය වසරේ පළවූ බෞද්ධ සාහිත්‍ය කෘති සහ ශාස්ත්‍රීය ග්‍රන්ථ ඇගයීමට ලක්කෙරේ.

විස්තර »

“කොළඹ ඇතුළු නගර සභා සහ ප්‍රා. සභා සියල්ල ජය ගන්නවා”

ඇමැති නිමල් සිරිපාල

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද විමසීම් සිදුකරන පළාත් පාලන ආයතන විසිතුනේම බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වනවාට කිසිදු සැකයක් නැතැයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

විස්තර »

වෙළඳ දැන්වීම් . . . .

Navayugaya
 



 


 

 

 

 

o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o