ළමයින් පාසල් නොයවන දෙමවුපියන්ට නඩු!

වගකීම පැහැර හරින ග්‍රාම නිලධාරීන්ටත් වැඩ වරදී!

පාසල් යන වයසේ සිටින ළමයින් අනිවාර්යයෙන් ම පාසල්වලට ඇතුළත් කළ යුතු බවත්, කිසියම් ළමයකු පාසල් නොයන්නේ නම් දෙමවුපියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය සූදානමින් සිටින බවත් රජයේ ඉහළ පෙළේ ප්‍රකාශකයෙක් ‘සිළුමිණ’ ට පැවසීය. මෙරට පාසල් යා යුතු වයසේ පසුවන ළමයින් 2,50,000 ක් පමණ පාසල් අධ්‍යාපනය නොලබන බව මෑතකදී ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් කරන ලද සමීක්ෂණයකදී හෙළිදරවු වී තිබේ. මේ සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් සපයන ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අදාළ අංශ වෙත නියෝග කළ බවත් එම ප්‍රකාශකයා සඳහන් කෙළේ ය.

විස්තර »

හම්බන්තොට වරාය

 

ඡායාරූප - විමල් කරුණාතිලක

හදන පාරේ ප්‍රමිතිය නැත්නම් නිලධාරීන්ට වන්දි ගෙවන්න වේවි

- ජනපති

එළැඹෙන අය වැයෙන් රටේ සියලු පළාත් බද මාර්ග සංවර්ධනය කිරීමට මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පවසයි. එතුමා මේ අදහස් පළ කෙළේ පොලොන්නරුවේ දී පැවැති උතුරු මැද පළාත් ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගි වෙමිනි. සංවර්ධනය කැරෙන සෑම මාර්ගයක් ම වසර 20 ක් වත් කල් පවතින ලෙස උසස් ප්‍රමිතියෙන් යුතු වීම අනිවාර්ය බව පෙන්වා දුන් ජනාධිපතිතුමා යම් හෙයකින් නියමිත කාලයට පෙර මාර්ග අබලන් වුවහොත් අදාළ නිලධාරීන්ගෙන් එම වියදම් අය කැර ගැනීමට ක්‍රියා කළ යුතු බවත් සඳහන් කෙළේය.

විස්තර »

ජනපති මහින්ද ශ්‍රේෂ්ඨ නායකයෙක්

- ජෝර්ජ් ආර්. විලී

ත්‍රස්තවාදයක් පරාජය කර රට යළි එක්සේසත් කළ 21 වන සියවසේ දුටුගැමුණු ලෙස අනාගතයේ මේ රටේ ඉතිහාසය ඉගෙන ගන්නා දූ දරුවන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව හඳුන්වනු නොඅනුමාන යයි ඇමෙරිකාවේ ප්‍රකට නීතිවේදියකු වූ බිල් ක්ලින්ටන් පාලන සමයේ මෙන් ම වත්මන් ඔබාමා පාලනයේ ද නිල නොලත් උපදේශකයකු වන ජෝර්ජ් ආර්. විලී මහතා කීය. 

විස්තර »

එජාපයෙන් ‘කටකතා’ කමිටුවක්

ජනාධිපතිතුමාට හා රජයට එරෙහිව පදනම් විරහිත ප්‍රචාරයක් ගෙන යෑම සඳහා එ.ජා.ප ය විසින් මාධ්‍ය කමිටුවක් පත් කරනු ලැබ ඇතැයි දැන ගන්නට ඇත. වාර්තාවන පරිදි මොවුන්ගේ කාර්යය වී තිබෙන්නේ ජනාධිපතිතුමාගේ හා රජයේ ප්‍රතිරූපය බිඳ දැමීම සඳහා විවිධාකාරයෙන් කටකතා හා අභූත ප්‍රවෘත්ති පැතිර වීමය. ඉකුත් ජනාධිපතිවරණ සමයේදීත් මෙවැනිම කටකතා හා ව්‍යාජ ප්‍රවෘත්ති පතුරුවා හැරීමට කිසියම් කණ්ඩායමක් ක්‍රියාත්මක වූ  අතර මේ අලුත් කමිටුවේ ද නායකත්වය දරන්නේ මඩ දේශපාලන ව්‍යාපාරවල . . . .

විස්තර »

හෝටල් කොටස් අහසට නඟී

මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ශීඝ්‍ර වැඩිවීමක් ඇතිවී තිබෙන හෙයින් සංචාරක හෝටල්වල කොටස් මිල ද ශීඝ්‍ර ලෙසින් ඉහළ නැඟීමට පටන් ගෙන ඇත.

විස්තර »


වෙළඳ දැන්වීම් . . . .
Navayugaya

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

www.apiwenuwenapi.co.uk

 

 

 

 

o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o