ස්වර්ගස්තවීම්

සිරි ජේ.ජේ. කුරේ පියතුමා - ගම්පහ උඩුගම්පල සාන්ත පීතර ශාඛා විදුහලේ උපඅදියුරු ලෙස සේවය කළ ගරු සිරි.ජේ.ජේ. කුරේ පියතුමා ස්වර්ගස්ථ වූයෙන් එතුමාණන්ගේ දේහය මහජන ගෞරවය සඳහා අගෝස්තු 29 වන ඉරුදින පෙ.ව. 08.00 සිට 30 වන සදු දින පෙ.ව. 06.30 දක්වා සාන්ත පීතර උඩුගම්පල ශාඛා විදුහලේද එදින පෙ.ව. 08.00 සිට මධ්‍යහන 12.00 දක්වා බම්බලපිටිය සාන්ත පීතර විදුහලේද තැන්පත් කරනු ලැබේ. අනතුරුව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමි පානන්ගේ මූලිකත්වයෙන් ප.ව. 03.00 ට පැවැත්වෙන දිව්‍යයාගය සඳහා මොරටු උයන සාන්ත ජෝශප් දේවස්ථානය කරා එතුමාගේ දේහය රැගෙන යනු ලැබේ. දිව්‍ය පූජාවෙන් අනතුරුව භූමදානය සිදුකෙරේ. අගරදගුරු නිවස, බොරැල්ල.

සිස්ටර් මනි - ලංකා පෙන්තකොස්ත සභාවේ සහෝදරි ග්‍රේස් නවමනි මෑන් ස්වර්ගස්ථ වූවාය. සාක්‍ෂි මෙහෙයයන් ඉරිදා ප.ව. 5.30 සහ සඳුදා පෙ.ව. 9.00 ට කොළඹ 15, මට්ටක්කුලිය, රොද්‍රිගු පෙදෙස, අංක. 11 දරණ ලංකා පෙන්තකොස්ත සභා ශාලාවේදී පැවැත්වෙන අතර එතුමියගේ අවමංගල මෙහෙය 30 වන සඳුදා ප.ව. 1.30 ට ඇරඹේ. අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ.

අද දින අභාවයන් පිළිබඳ දැන්වීම් ලැබී නොමැත

වලිමුණි සුසිල් මෙන්ඩිස් අබේසේකර මහතා - (විශ්‍රාමලත් ගල්කිස්ස තැපැල් ස්ථානාධිපති) රත්මලාන, ද සිල්වා පෙදෙසේ විසූ නැසීගිය සීමන් මෙන්ඩිස් අබේසේකර සහ ඇලන් ද සිල්වා යන අයගේ පුතනුවන් වූද පියවතී (ප්‍රීති) සුමනසේකරගේ ආදරණීය ස්වාමිපුරුෂයා වුද සුමනා (නැසීගිය) අමරාවතී, ලලිතා (නැසීගිය) ෂර්ලි සහ චන්ද්‍රා යන අයගේ ආදරණීය සොහොයුරා වූද, ආචාර්ය ප්‍රසන්න මෙන්ඩිස් අබේසේකර (චීනයේ නිම්බෝ රාජ්‍යය) මමෝහරි ප්‍රදීපිකා (ඕස්ට්‍රේලියාව) ප්‍රසංගි (කොමර්ෂල් බැංකුව) නයනප්‍රිය යන දූ පුතුන්ගේ ආදරණීය පියාණන් වූද, මනීෂාගේ මාමන්ඩිය වූද, දේශාන් සහ නවිනිගේ ආදරණීය සීයා වූද, වලිමුණි සුසිල් මෙන්ඩිස් අබේසේකර මහතා (විශ්‍රාමලත් ගල්කිස්ස තැපැල් ස්ථානාධිපති) අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ භූමදාන කටයුතු 29 වෙනි ඉරු දින සවස 4.15 ට ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. දේහය නිවසින් පිටත් වන්නේ එදින සවස 3.30 ටය. 236/18, ගාලු පාර (ද සිල්වා පෙදෙස) රත්මලාන.

අඹගහවිට ආනන්ද ගුණදාස මහත්මා - රන්ජිනිගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, සාලිකා හා රන්දිනි ගේ ආදරණීය පියාණන්වූද, චමින්ද හා ඩේව් ගේ මාමන්ඩිය වූද, මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා මාවතේ අංක. 294/25 ඒ දරණ ස්ථානයේ විසූ විශ්‍රාමලත් ඉංජිනේරු ආනන්ද ගුණදාස අඹගහවිට මහතා අභාවප්‍රාප්ත වූයෙන්, අවසන් කටයුතු අගෝස්තු මස 29 (ඉරිදා) වන දින ප.ව. 6.30 ට මහයියාව සුසානභූමියේදී සිදු කෙරේ. සවස 5.30 නිවසින් පිටත්වේ.

පීරිස් - එයාර් වයිස් මාර්ෂල් ඇන්ස්ලම් පීරිස් (හිටපු ගුවන් හමුදා මාණ්ඩලික නිළධාරි) - නැසීගිය සෙබැස්ටියන් සහ චාලට් පීරිස්ගේ පුතණුවන් වූද, මංගලිකා මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද, චමින්ද සහ දේවින්දගේ ආදරණීය පියාණන් වූද, මනීෂා සහ අනුෂ්කාගේ මාමණ්ඩිය වූද, ඩැරින්, අයෙන්කා සහ ඩෘව් යන අයගේ සීයා වූද, ඩොරිස්, මිලී (නැසීගිය), ඇනා, නෙවිල්, විල්මා සහ වෙස්තාගේ සොහොයුරා වූ ඇන්ස්ලම් පීරිස් මහතා අගෝස්තු මස 28 වන දින ස්වර්ගස්ත වූයෙන්, දේහය ඒ.එෆ්. රේමන්ඩ් අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කර ඇති අතර ඒ පිළිබඳ අවසන් කටයුතු අගෝස්තු මස 30 වන සඳුදා දින ප.ව. 3.30 ශාන්ත තෙරේසා දෙව් මැදුරේදී (තිඹිරිගස්යාය) සිදු කෙරෙයි. ආදාහනය ප.ව. 5.00 ට බොරැල්ල කනත්තේදී සිදු කෙරෙයි.

ජයවර්ධන - එම්.ඒ.කේ. ජයවර්ධන (මැක්) විශ්‍රාමලත් සමූපකාර සමිති පරීක්‍ෂක හා හිටපු සමාදාන විනිශ්චයකාර නාගරික හදිසි මරණ පරීක්‍ෂක) එච්.ඒ.කේ ජයවර්ධන විශ්‍රාමලත් පාඨශාලාචාරිනී (යසෝදරා විද්‍යාලය - ගම්පහ) යන අයගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, චමිලා - වෛද්‍ය රාගම මහරෝහල, වත්සලා - සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කළ (ඕස්ට්‍රේලියාව), නිරංජලා - ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව (ටොරින්ටන්), තක්‍ෂිලා යන අයගේ ආදරණීය පියාණන් වූද, චන්දන වෛද්‍ය ජාතික රෝහල කොළඹ, දීපාල් - ඕස්ට්‍රේලියාව, මහින්ද - ජාතික ජලජීවී අධිකාරිය, තිලාන් - කොළඹ විශ්වවිද්‍යාලය යන අයගේ ආදරණීය මාමණ්ඩිය වූද, දයා ජයවර්ධන - විශ්‍රාමලත් පාඨශාලාචාරිනී යන අයගේ ආදරණීය සොහොයුරා වූද, ගම්පහ කොළඹ පාරේ අංක. 182 හි විසූ එම්.ඒ.කේ. ජයවර්ධන (මැක්) මහතා හදිසියේ අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසාන කටයුතු 2010-08-30 සඳුදින සවස ගම්පහ පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

සෝමපාල ගුණසේකර මහතා - කොළඹ පළමුවෙනි හරස්වීදියේ පි‍්‍රයංකා රෙකෝඩ්බාර් අධිපති සෝමපාල ගුණසේකර මහතා චන්ද්‍රා දිසානායක මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, පි‍්‍රයංකා (දේශීය ආදායම් දෙපාර්තමේන්තුව), ප්‍රදීපා (කම්කරු දෙපාර්තමේන්තුව), තනූජා, රුවන් (පි‍්‍රයංකා රෙකෝඩ්බාර්) යන අයගේ ආදරණීය පියාණන් වූද, ජයන්ත (කොළඹ නැව් තටාකාංගන සමාගම), දිනුක (සෙලාන් බැංකුව - දෙහිඅත්තකණ්ඩිය), සමිත (තර්ස්ටන් විද්‍යාලය) යන අයගේ ආදරණීය මාමණ්ඩිය වූද, සෝමපාල ගුණසේකර මහතා අභාවප්‍රාප්ත විය. ආදාහන කටයුතු 29 වන ඉරිදා පස්වරු 5.00 ට කොහුවල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. 260/5, දිවුල්පිටිය, බොරලැස්ගමුව.