අද

 
 

ලෝක වාර්තාවක්ද තබමින් ශ්‍රී ලංකා සිතියම වෙනස් වෙයි

 
 

හම්බන්තොට ආර්ථික විප්ලවයක කේන්ද්‍රස්ථානය වේවි!

 
 

මාත් මුනුබුරාත් එකට හිඳ වරායේ පතුල බැලුවෙමු

 
 

ගෙවල් දෙන එක අඩු ආදායම් ලාභින්ගෙන් පටන් ගන්නවා

 
 

දුක මගේ ජීවිතයේම කොටසක්

 
 

ඉතිහාසය ද සිතියම ද වෙනස් කළ විසල් තොටුපළ

 
 

අම්මා කියූ දේ ඇහුවා නම්...

 
 

වියපත් හිමිවරුන්ට සිත නිවන නවාතැනක්

 
 

ටිකිරි හමුව

 
 

ඔයාගෙ මෝඩකමට අහු වුණේ ඌ පැනලා යන්න ඇති

 

.

ටිකිරි හමුව

හොඳ පාඩම

කුරුල්ලන් ගීත ගයන එක් හිමිදිරි උදෑසනක කමල් සමනලයින් අල්ලන්නට සිතුවේ ය. ඔහු ගෙමිදුලේ මල් උඩ සිටි සමනලයකු ලුහුබැඳ ගියේ ය. සුන්දරව මල් පිපී සතුන් කෑ ගසන පොකුණ අසලට පියඹා ආ සමනලයා ඒ මැද මලක වැසුවේ ය. කමල්ට පොකුණ අමතක වී සමනලයා පසු පස එළෙව්වේ ය. ඉන්පසු ඔහු වතුර පිරුණු පොකුණට ඇද වැටිණි.

ඔහු වැටුණ පාරට ඒ අසල සිටි සමනලයා ද පියාඹා ගියේ ය. එම ශබ්දය ඇසී කමල්ගේ අම්මා දුවගෙන ආවා ය. පුතා වැටී සිටිනු දැක අම්මාට තරමක සිනහවක් ද ගියේ ය. ඉන්පසුව කමල් ගොඩට ගෙන මෙසේ කීවාය. “කවදාවත් සතුන්ට හිංසා පීඩා කරන්න එපා.”

සකුන් ලසාංජන,
4 ශ්‍රේණිය,
හුන්නෙලෙම්බුව ක.වි., සුනන්දපුර,
 

සිරියාව

වලි කුකුළන් කෑ ගසමින් අවදි කරන්නේ
කුරුලු ලේනු රංචු පිටින් පැන පැන යන්නේ
මාල ගිරව් සැම තැන ගොස් කෑම සොයන්නේ
කෑම සොයා බඩ පුරවා පියඹා එන්නේ

වන සැවුලන් සැම තැන ගොස් සිංදු කියන්නේ
මුව පැටවුන් තණ සොයමින් සැම තැන යන්නේ
නපුරු සතුන් මුව හාමිලා ගොඳුරට ගන්නේ
වනාන්තරෙ අසිරිය සැමහට පවසන්නේ

ඊ.ජී. නිශ්ශංක කුමාර
09 ශ්‍රේණිය,
නිවුන්හැල්ල ක.වි.,
නිවුන්හැල්ල, ඉඹුලාන.
 

වැඩිහිටියන්ට සලකමු

මුලින් ම අපි උපන්දා සිට මේ වනතෙක් මෙතැන් සිට ඉදිරි අනාගතයටත් අපිට කවා පොවා ලෙඩට දුකට අපි ළඟින් ම සිටින, අපිට හොඳ නරක දෙකම තේරුම් කර දෙන අපේ මවුපියන්ට වැඳ නමස්කාර කරමු. ඔවුන්ට ගෞරව කරමු. ඔවුන් මහළු වියට පත් දාට - අපි ඔවුන් වැඩිහිටි නිවාසවලට නොදා අපේ ඇස් දෙක මෙන් සලකමු. අපිට ඥාන ශක්තිය දෙන අපේ ගුරු භවතුන්ට දණ නමස්කාර කරමු. පාර තොටේ දී බස්රියේදී අපිට හමුවන විවිධ වයස්වල වැඩිහිටි, ඒ ඒ තැනට අවශ්‍ය වන විදිහට සලකමු.

පාර තොටේදී හමුවන හිඟන්නට පවා සැර වැර නොකර ඒ තැනට අවශ්‍ය විදියට සලකමු. අද අපි ළමා වියේ සිටියත් හෙටින් පා නගන තරුණ පරපුරට ආදර්ශමත් විදිහට අප හැසිරිය යුතුයි, ඔවුන් ද හොඳ බොදු ගතිගුණවලින් ගුණ ගරුක පරපුරක් සාදා ගැනීමට අප අද පටන් වග බලාගත යුතුයි.

නිර්මා නදීශානි විජේසේකර,
4 ශ්‍රේණිය ඩී,
ධර්මාලෝක නවෝද්‍යා පාසල,
පැල්මඩුල්ල.
 

මතට තිත

අහසක් තරම් දුක් හදවත් වෙත දීලා
දහසක් පැතුම් මල් සිත් තුළ පොඩි කරලා
පහසක් සොයන්නට මධුවිත තොල ගාලා
රහසක් කියයි උන් මරු තුරුලෙට වීලා

ඇත් රජෙකුගේ බල ශක්තිය බිඳින්නට
සිත් බිඳවලා දෙදෙනෙකු කා කොටන්නට
අත් දෙක මතට වී පණ නල සිඳින්නට
මත් වතුරකට හැක මේ සැම කරන්ට

සිතට නැෙඟන සිතුවිලි පල දරන්නට
ගතට නැවුම් සිසිලක් එක් කරන්නට
අතට ලැබෙන මුදලින් දිවි රකින්නට
මතට තබමු තිත හෙට දින හදන්නට

බී.තේජා කුමාරි
12 ශ්‍රේණිය
කොළඹගම මහානාම ම.වි.
 

තෝමස් අල්වා එඩිසන්

තෝමස් අල්වා එඩිසන් ලොව මවිත කළ විද්‍යාඥයෙකි. ඔහුගේ විස්මිත සොයා ගැනීම නම් විදුලි බුබුළයි. ඔහු ඇමෙරිකානු ජාතිකයෙකි. කුඩා කළ පටන් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කළ මොහු පරීක්ෂණ කටයුතු සඳහා වැඩි කාලයක් ගත කළහ. මොහු ලොවට දුන් ආලෝකය දෙවැනි වන්නේ ඉර හඳට පමණි.

නෙත්මි කාවින්දි වීරසේකර,
4 ශ්‍රේණිය ‘බී’,
කොටුව ජනාධිපති විදුහල,
මාතර.
 

හඳ දිදුලනවා

හඳ හාමී කලින් ඇවිත් එබී බලනවා
වෙලාව වැරදිලා වගේ බලා සිටිනවා
රන්තැටියක් වාගෙ අහසෙ දිලෙනවා
මා දැකලා හඳ හාමී සිනා සලනවා

බණ හඬ රැව් දිදී මගේ සවන පිරෙනවා
පන්සල් යන සැදැහැවතුන් සාදු කියනවා
සුදු සමනළු සාදු කියා බුදුන් වඳිනවා
හඳ එළියෙන් මල්වල පෙති හැඩට දිලෙනවා

තරු පිපිලා හඳ වටවී අහසෙ දිලෙනවා
ඒ තරු ඈත අහසේ සිනා සලනවා
හඳහාමි මිතුරු වෙලා රැස් විහිදනවා
පෝය දිනේ ඈත අහසෙ හඳ දිදුලනවා

කොමීෂා චාමලී ජයසේකර
9 ශ්‍රේණිය ‘ඒ’
ශාන්ත බර්න දෙත් ම.වි.,
පොල්ගහවෙල
 

මුද්දරයේ ඉතිහාසය

පහළොස් වැනි සියවසේ දී යුරෝපයේ රටවල් කිහිපයක තැපැල් සේවාව ආරම්භ වූ බවට සාක්ෂි තිබේ. එහෙත් පණිවුඩ හුවමාරු කර ගැනීම්, රජ පවුල්වල අයට පමණක් සීමා විය. ක්‍රි.ව. 1642 දී එංගලන්තයේ එඩ්වඩ් රජතුමාගේ කාලයේ දී රජතුමාට කිසියම් ගාස්තුවක් ගෙවා පණිවුඩ යැවීමට පුළුවන් විය.

මෙසේ පොදු ජනයාට ද පණිවුඩ හුවමාරු කර ගැනීමේ අවස්ථාවක් උදාවීම වැදගත් පියවරකි. මුල් කාලයේදී ලිපියක් ලබන තැනැත්තා ගාස්තුව ගෙවිය යුතුය. ලිපිය ලබන්නා ගාස්තුව ගෙවීම ප්‍රතික්ෂේප කළහොත් වැය වූ මුදල අය කර ගන්නේ කෙසේ ද යන ප්‍රශ්නය පැන නැගුණේය.

ලිපියක් යවන විට ම මුද්දරයක් ඇලවීමෙන් ගාස්තුවක් අය කර ගත හැකි බව බ්‍රිතාන්‍ය ජාතික රෝලන්ඩ් හිල් මහතා පෙන්වා දුන්නේය.
බර්මිංහැම් නගරයේ විසූ රෝලන්ඩ් හිල් මහතා මුද්දරයේ නිර්මාතෘ ලෙස සැලකේ. 1846 මැයි 6 වනදා එංගලන්තයේ දී ලෝකයේ ප්‍රථම මුද්දරය බිහිවිය. එය “පෙනී බ්ලැක්” නමින් හඳුන්වයි.

වික්ටෝරියා රැජිනගේ උඩුකයේ රූපයක් සහිත එම මුද්දරයේ වටිනාකම පැන්ස 1 කි. පෙනී බ්ලැක් මුද්දරයේ, නිකුත් කළ රට සඳහන් නොවීය. මුද්දරවල රට සඳහන් නොකිරීම සම්ප්‍රදාය, තවමත් එංගලන්තයේ පවතී. රටේ නම සඳහන් නොකර මුද්දර නිකුත් කරන එකම රට එංගලන්තයයි.
බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවැති ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට තැපැල් මුද්දරය නිකුත් වූයේ 1857 අප්‍රේල් 1 වන දාය. වික්ටෝරියා රැජිනගේ උඩුකයේ රූපය දැක්වෙන එම මුද්දරයේ වටිනාකම පැන්ස 6 කි. 1857 සිට 1872 දක්වා වකවානුවේ දී ලංකාවේ භාවිත වූයේ පැන්ස, සිලිං වටිනාකමින් යුතු මුද්දරය.

මුද්දර ප්‍රධාන වශයෙන් කොටස් 2 කට බෙදේ. එනම් තැපැල් මුද්දර හා ආදායම් මුද්දරය. දැනට අප රටෙහි සත 10 සිට රුපියල් 200 දක්වා වූ සියලුම මුද්දර තැපැල් හා ආදායම් ගාස්තු වශයෙන් ගෙවිය හැකිය. රු. 500 සහ රු. 1000 ආදායම් මුද්දරය තැපැල් මුද්දර නැවත කාණ්ඩ 2 කට බෙදිය හැකිය. එනම් නිත්‍ය කාණ්ඩයේ මුද්දර, සමරු මුද්දරය. කිසියම් විශේෂ සිදුවීමක් රටෙහි වැදගත් දෑ දේශයට හෝ භාෂා සාහිත්‍යයට උදාර සේවයක් ඉටු කළ පුද්ගලයින් සිහි කිරීමට සමරු මුද්දර නිකුත් කැරෙයි. ලංකාවේ ප්‍රථම සමරු මුද්දරය නිකුත් වූයේ 1935 දීය. ඉන්පසු 1948-02-04 වන දා නිදහස ලැබීමේ නිමිති කොටගෙන නිකුත් වූ මුද්දරය ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.ඇස්. සේනානායක මහතාගේ රූපයක් සහිතව නිකුත් විය. සිලෝන් වෙනුවට ශශ්‍රී ලංකා යන වචනය ද පාවිච්චි විය.

මුද්දරයක් පැරැණි වන විට එහි වටිනාකම වැඩි වෙයි. සමස්ත ලෝකයේම මුද්දර පිළිබඳ තොරතුරු සපයන මධ්‍යස්ථානය ඇත්තේ බ්‍රිතාන්‍යයෙහිය.
එය ස්ටැන්ලි ගිබන්ස් නම් සමාගම මුද්දරවල වටිනාකම තක්සේරු කරමින් සඟරාවක් පළ කරයි. එම සඟරාවට අනුව ලංකාවේ 1859 අප්‍රේල් 23 දා නිකුත් වූ පැන්ස 4 වටිනාකමින් යුත් වික්ටෝරියා රැජනගේ උඩුකය සහිත මුද්දරය අද වටිනාකම ස්ටර්ලින් පවුම් 50,000 කි.

නශාන් ධනවංශ ප්‍රනාන්දු
9 ශ්‍රේණිය,
බණ්ඩිරිප්පුව ක.වි.,
ලුණුවිල
 

අපිත් ගියා කතරගමට

කඳුරට සිට රුහුණු රටට
රුහුණු රටේ කතරගමට
කඳ සුරිඳුගෙ පිහිට ගන්ට
අපිත් ගියා කතරගමට

මැණික් ගඟෙන් දිය නෑවා
කිරි වෙහෙරට ගොස් ආවා
මහා දේවාලයට ගියා
පූජා වට්ටි පූජා කළා

ලොකු තාත්තා එක්ක ගියා
අයියලා අපි බලා ගත්තා
කඳ සුරිඳුනි මම කියන්නේ
පිහිටක් දී සෙත් කරන්න

ඒ.එච්. බුද්ධිකා සංජීවනී
4 ශ්‍රේණිය,
රාවණාගොඩ විද්‍යාලය,
රාවණාගොඩ.

 

පලතුරු වත්ත

අන්න අතන ජම්බු ගහේ
ජම්බු ගෙඩි ගොඩයි
ඒවා කන්න එන කුරුල්ලෝ
හරිම ලස්සනයි

අපේ වත්තෙ වරකා ගහේ
වරකා හරි රසයි
අතු බරවෙලා බිමට නැමිලා
හරිම ලස්සනයි

පී.ජී. සසනි විනෝද්‍යා පිහිල්ලේගෙදර
4 ශ්‍රේණිය,
මල්දෙනිය මහ විදුහල,
මල්දෙනිය – හැටන්
 

නිලට නිලේ දිදුලන අපේ පොළොව

සෞරග්‍රහ මණ්ඩලයේ පිළිවෙළින් තුන් වැන්නට පිහිටන පෘථිවිය නිල් ග්‍රහයා ලෙස හඳුන්වන්නේ, එහි හරි අඩකටත් වඩා එනම් හතරින් තුනක් ම ජලයෙන් වැසී ඇති නිසා ය. එම නිසා පෘථිවිය අභ්‍යාවකාශයේ සිට නිරික්ෂණය කළ විට එය නිල් පැහැයෙන් දිස්වේ. එමෙන් ම පෘථිවිය දැනට සොයාගෙන ඇති පරිදි ජීවය පවතින එකම ග්‍රහලොව ද වෙයි. අදින් වසර බිලියන 4.5 කට පමණ පෙර පෘථිවියේ සම්භවය සිදුවී ඇත. නමුත් විද්‍යාඥයන් පවසන්නේ පෘථිවි කබොල්ල නිර්මාණය වීම මීට වසර මිලියන සියයකට පමණ පෙර සිදුවූ බවයි.

විද්‍යාඥයන් පෘථිවියේ සම්භවය ගැන විවිධ මත ඉදිරිපත් කර ඇත. එයින් සමහරක් විද්‍යාඥයන් පවසන්නේ, පෘථිවිය මතට දූවිලි වර්ෂා ක්‍රමයෙන් පතිත වෙමින් ඒවා පෘථිවියේ ස්ථිර ලෙස තැන්පත් වෙමින් පෘථිවි තලය නිර්මාණය වූ බවයි. තවත් සමහර විද්‍යාඥයන් පවසන්නේ විශාල ග්‍රහලොවක් මතට කඩා වැටුණු වෙනත් ග්‍රහවස්තුවක් නිසා සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වූ බවයි. කෙසේ වෙතත් දෙවැනි තර්කය තරමක් දුරට පිළිගත නොහැකි තර්කයක් විය. තවත් සමහරක් අය කියා සිටින්නේ පෘථිවිය ස්වභාවයෙන් ම අනෙක් ග්‍රහලෝකවලට වඩා අඩු වයසක් පෙන්වන බවයි.

සූර්යයාගේ සිට කිලෝමීටර් මිලියන 149.6 ක් ඈතින් පිහිටන පෘථිවියෙහි මතුපිට සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 15 ක් පමණ වේ. කිලෝමීටර් 12756 ක විශ්කම්භයකින් යුතු පෘථිවියෙහි භ්‍රමණ කාලය පැය 23.56 ක් වන අතර පරිභ්‍රමණ කාලය දින 365.26 ක් වේ. එමෙන් ම පෘථිවිය පැයට කිලෝමීටර් 108,000 ක වේගයෙන් සූර්යයා වටා පරිභ්‍රමණයවේ. පෘථිවිය අංශක 23.5 ක් ඇලට පිහිටන නිසා ඍතු භේදයක් ද දැකිය හැක. පෘථිවියෙහි අභ්‍යන්තරය ප්‍රධාන ස්ථර තුනක් වන අතර එහි ඇතුළතින් ම පිහිටි හරයෙහි විෂ්කම්භය කිලෝමීටර් 7000 ක් පමණ වේ.

එමෙන් ම එය යකඩ හා නිකල් යන ලෝහ වර්ගවලින් සමන්විත ය. එහි මධ්‍ය කොටසේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4700 ක් පමණ වේ. එමෙන් ම ඊට ඉහළින් පිහිටන ප්‍රාවරණය 28000 ක ඝණකමකින් යුතු අතර එහි මැග්නීසියම් යන ලෝහවලින් පොහොසත් ය. ඊට ඉහළින් පෘථිවි කබොල්ල නිර්මාණය වී ඇත. මෙය සාගර කබොල්ල හා මහද්වීපික කඩොල්ල යනුවෙන් කොටස් දෙකයි.

මෙවන් විශ්මිත නිර්මාණයක් වූ නිල් ග්‍රහයා මත ජීවත්වීමට ලැබීම ද අප ලැබූ මහඟු භාග්‍යයක් ලෙස හැඳින්විය හැක. නමුත් අද වනවිට මානව ක්‍රියාකාරකම් නිසා මෙම නිල් ග්‍රහයා දූෂණය වීම හා ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම සිදුවී ඇත. මෙවන් මහඟු නිර්මාණයක් විනාශ කිරීමට මිනිසා පෙළඹෙන්නේ ඇයි? එය සිතා බැලීමට කාලය දැන් එළඹ ඇත.

කේ.ඒ. දිල්ෂාන් ප්‍රියංජන අල්විස්
9 ශ්‍රේණිය ‘ජී’,
ජනාධිපති විදුහල,
කෝට්ටේ.

 

නිදහස උදෙස

හේනේ පැල

උදාර නිලුපුල් බණ්ඩාර
7 ශ්‍රේණිය ‘ඒ’,
මල්දෙණිය ම.වි., හැටන්.

සරසි රාමනායක
1 ශ්‍රේණිය ‘කුමුදු’,
ශාන්ත ජෝශප් බා.ම.වි., කෑගල්ල.

මල්ලියි මමයි සෙල්ලම් කරනවා

මගේ ගෙදර

ලහිරු ඉමේෂ් බිංදුතේවා
4 ශ්‍රේණිය ‘ඩී’,
ශ්‍රී දේවානන්ද ම.ම.වි., වැලිමඩ.

ඉනූක පමිත් රණසිංහ
මාරවිල පෙර පාසල,
කොළඹ 10.

සැන්දෑවේ අසිරිය

ලස්සන මල් වත්තේ

ජොහාන් ද සිල්වා
8 ශ්‍රේණිය ‘එල්’,
මියුසියස් වි., කොළඹ 10.

හිරුණ ධම්මිඳු පින්නපොල
1 ශ්‍රේණිය,
සුනේත්‍රා දේවි ක.වි., ඉඹුල්ගොඩ.

බැලුම් මාමා ඇවිත්

සෞම්‍යා සඳමාලි ජයසුන්දර
9 ශ්‍රේණිය,
කැලේවැව විජය ම.වි., ආනමඩුව.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා