ලෝක වාර්තාවක්ද තබමින්
ශ්‍රී ලංකා සිතියම වෙනස් වෙයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ සුවිසල් විජයග්‍රහණයක් සනිටුහන් කරමින් අන්තර්ජාතික නාවික ක්ෂේත්‍රයේ මහත් පෙරළියකට මුල පුරමින් ඉදිකරන ලද හම්බන්තොට වරායේ කරදියවර මංගල්‍යය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (15) සිදු කෙරේ. මුහුද ආශි‍්‍රතව වියළි ගොඩබිමක ලෝකයේ වරායක් ඉදිවූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර ශ්‍රී ලංකා ඉතිහාසයේ වරායක් නිර්මාණය කොට එයට ජලය පුරවන මුල්ම අවස්ථාවද මෙයයි. ලෝකයේ වැඩිම සංඛ්‍යාවක් වරායක පතුල නැරඹූ වරායද මෙයයි.

විස්තර »

අකීකරු මුහුද කීකරු
හම්බන්තොට නැව් තොට
ඉතිහාසයම අලුතින්
ලෝකෙම අපේ රට ළඟ

වුණාදෝ
ඉදිවුණාදෝ
ලියැවුණාදෝ
නැවතුණාදෝ

 

- කසුරි

අද ජලයෙන් පිරෙන හම්බන්තොට වරාය නිරීක්ෂණය කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඊයේ එහි ගියේය. මේ අවස්ථාවට මහ සඟරුවන හා නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා වරාය අධිකාරියේ සභාපති පි‍්‍රයත් බී. වික්‍රම යන මහත්වරු ද එක්ව සිටියහ.

ඡායා - සුදම් ගුණසිංහ

ෆොන්සේකාගේ නිලතල පදක්කම් හැලෙයි

සක්‍රීය සේවයේ යෙදී සිටියදී දේශපාලන කටයුතුවල නිරතවීම පිළිබඳව විභාග කළ ‘යුද්ධාධිකරණය - 1’ ජෙනරාල් සරත් ෆොන්සේකාට විරුද්ධව නඟා තිබූ චෝදනා තුනටම වැරැදිකරු බවට තීරණය කර ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවෙන් අපකීර්තිසහගතව සේවයෙන් පහකිරීමට ලබා දුන් තීන්දුව අධිකරණය කැඳවීමේ බලධරයා සහ දඬුවම තහවුරු කිරීමේ බලධරයා වන, සේනාධිනායක ජනාධිපතිතුමන් විසින් තහවුරු කර ඇත.

විස්තර »

මන්ත්‍රී නාමල් නල්ලූර් කෝවිලේ
භාරයක් ඔප්පු කරයි


නියමිත දිනයට හම්බන්තොට වරායේ පළමු අදියරේ ඉදිකිරීම් අවසන් කිරීමට ජනපතිට ලබාදුන් දේවාශීර්වාදයට මැති ඇමැතිවරු ඉකුත් 12දා පෙරවරුවේ යාපනය නල්ලූර් කෝවිලේ දී භාරහාර ඔප්පු කළහ. එල්. ටී. ටී. ඊ ත්‍රස්තවාදීන්ගෙන් සමස්ත මවුබිම මුදා ගැනීමට හා ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත් කිරීමට සහාය ලබා දෙන ලෙසටත්, ජනපති ඇතුළු මැති ඇමැතිවරු . . . .

විස්තර »

වික්‍රමසිංහ මාතාවගේ සුවදුක් බලන්න ජනපති යයි

රෝගාතුරව දැනට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන විපක්ෂ නායක සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මෑණියන් වන නාලනී වික්‍රමසිංහ මාතාවගේ සුවදුක් විමසා බැලීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් සිකුරාදා පෙරවරුවේ එහි ගියේය.

විස්තර »

‘සජිත්ගේ බොරු වැඩ හෙළිවේ යැයි බියෙන් පහර දුන්නා’

සජිත් පේ‍්‍රමදාස මහතාගේ බොරු වැඩ පක්ෂ නායකත්වයට හෙළි වේ යැයි යන බිය නිසා ඔහුගේ ආධාරකරුවන් රවි කරුණානායක මහතා ඇතුළු කණ්ඩායමට පහර දුන්නේ යැයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ එජාප ක්‍රියාකාරීහු පවසති. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ සැකකරුවන් පොලිසියට ප්‍රකාශ කැර ඇත්තේ සජිත් පේ‍්‍රමදාස මහතාට බැණ වැදීම නිසා ඔවුන්ට පහර දුන් බවයි.

විස්තර »


වෙළඳ දැන්වීම් . . . .
Navayugaya

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

www.apiwenuwenapi.co.uk

 

 

o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o