කෙහෙතන්ට ගිය සරසවි බිම්

 
 

මිලියන 60000යි: ද්විතීයක පාසල් 1000යි

 
 

මැතිනිය අගමැතිනිය වී වසර 50 යි

 
 

ඩෙංගුවන් පළවාහරින පැළෑටි

 
 

ඩයලොග් ටෙලිකොම්-ඩයලොග් ආසිආටා වෙයි

 
 

බණ්ඩාරනායක මහත්තයාට මල් මාලාව දාන්න කවුදෝ මාව උඩට ඉස්සුවා

 
 

කවුළු දොරින්

 
 

“පුදුමය” භක්ෂණය කිරීම

 
 

වීසා නැතිව අපේ රටට එන අමුත්තෝ

 
 

නියපොත්තෙන් කඩන්න පුළුවන් ගැස්ට්‍රයිටිස් පොරොවෙන් කපන්න ඉඩ තියන්න එපා

 
 

ටිකිරි හමුව

 
 

කවුදෝ ඇවිත් මගේ කටට ගැහුවා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

සංඛ ගැයූ තුෂාර ලියූ ‘යු’

සංඛ ගැයූ තුෂාර ලියූ ‘යු’

‘යු’ මේ අපේ කාලයේ නිර්මාණකරුවන් දෙදෙනෙකුගේ එකතුවක්. රිද්මයක හා රචනයක හෘද සාක්ෂිය ‘යු’ කියලයි තවත් විටක ඔවුන් කියන්නේ. බිහිවූ සුපිරි තරු ගොන්නේ රටම හඳුනාගත් එක් තරුවක් සංඛ දිනෙත්. ඒ වගේම ගේය පද රචනයේ නවමු ඉසවු සොයායන නිර්මාණකරුවෙක් තුෂාර කොඩිකාර. ගේය පද රචකයෙක් වගේම වර්තමාන ව්ඊඍ නාලිකාවේ අධ්‍යක්‍ෂකවරයාත් ඔහුයි. සංඛත් තුෂාරත් දෙදෙනාගේ සුසංයෝගයයි ‘යු’.

මොකක්ද මේ ‘යු’?.

”ඇත්තටම ‘යු’ කියන එක අපි යොදාගත්තේ මෙන්න මේ හේතුව නිසා. තුෂාර ලියූ සංඛ ගැයූ කියන එකේ පොදු අරමුණක් ඇතිව අපි ‘යු’ කියන නම යෝජනා කළා. මම ගීපද රචකයකු විදිහට හැම මොහොතකම උත්සාහ කළේ ලොකු වෙනසක් කරන්න. ඇත්තම කිව්වොත් අපි හදාගෙන තියෙන සම්මතයට ටිකක් අභියෝගයක් කරන්නත් ඕනකම තිබුණා. ඒක එක්තරා ආකාරයක හිතුවක්කාරකමක් කියලා හිතෙනවා. හැබැයි ඒ හිතුවක්කාරකම ඇතුළේ හරි අපූරු නිර්මාණයක් බිහිවෙන බව මටම තේරුණා. ඒ නිසයි මම මේ වෙනකොට ගීත දහයක්ම එකකට එකක් වෙනස් අයුරින් රචනා කළේ.

ඇයි සංඛගේ හඬ ම මේ ගීත සඳහා යොදා ගත්තේ.

එකක් මා තුළ තිබූ එක්තරා හිතුවක්කාරකමක්. ඔව් ඇත්තටම මා සංඛ හඳුනාගත්තේ එක්තරා ප්‍රසංගයකදී. මම දකිනවා ඔහු තුළ හරි අපූර්වත්වයක්. ඒ අපූර්වත්වය තුළ ගායකයෙක් කියන්නේ වචන ටිකක් කියවන එකට නෙමෙයි. ඊට එහා ගිය වින්දනාත්මක දෙයක් බව ඔහුගේ ගායන ශෛලියෙන් මම දකිනවා. ගීතය ගැයීම පමණක් නොවෙයි සංගීත ඥානය, ඒ පිළිබඳ දැනුම මම ඔහු තුළ දකිනවා. එතකොට තමන්ගේ හඬත් ඒ දැනුමත් මුසු කරලා වෙනස් දෙයක් සමාජගත කිරීමේ හැකියාවක් මම ඔහු තුළ දකිනවා. ඒ නිසයි මම හිතුවේ මා අතින් ලියැවෙන සියලු ගී සංඛගේ හඬට උචිතයි කියලා.

තුෂාර ගේ ගී පද ගැන සංඛටත් යමක් දැනෙන්න ඇති.

ඔව් ඇත්තටම. මම ඔහුගේ් වචනවල ඒ වෙනස දැක්කා. ඔහුගේ පදවැල් ඉතාම කෙටියි. ඒ වගේම ඒ වචන හරි රසයි. සංගීතවේදියෙකුට ඒ රස අවශ්‍යමයි කියලයි මට හිතෙන්නේ. ඒ නිසාම ඔහුගේ වචනවල ඍජු ස්වභාවයක් මම දකිනවා. ඒ කියන්නේ කෙළින් කතාවකුත් එළියට එනවා. මගේ සංගීත ශෛලියට ඔහුගේ ගේය පද බොහෝම සමීප වුණා. ඒ නිසා ඒ ගීත අද බොහෝ දෙනා අතර ජනපි‍්‍රයයි.

තුෂාරගේ තෙළිතුඩින් ලියැවෙන මේ ගීතවලට බොහෝමයක් වස්තු බීජය වුණෙත් තාරුණ්‍යයි.

”ඒ ඕනකම මට මුල සිටම තිබුණ දෙයක්. අද තාරුණ්‍යයට නිවැරැදි මාවත හොයාගන්න නොහැකි තැන විවිධ පැතිකඩ ඔස්සේ යන බව අපි දකිනවා. සමහරවිට එය සාර්ථක වෙන්නත් පුළුවන්. අසාර්ථක වෙන්නත් පුළුවන්. ඒත් මට ඕනකම තිබුණා වත්මන් තාරුණ්‍යයට වල්මත් නොවී නිවැරැදි දිශානතියකට ඔවුන් යොමු කරන්න. ඒ සඳහා මම ආයුධය කරගත්තේ මා තුළ තිබුණේ ගීත රචනා හැකියාව. මම විශ්වාස කරනවා මේ ‘යු’ ගීත ඇල්බමය හරහා සමාජයට බලපෑමක් කරන්න පුළුවන් වෙයි කියලා.

කනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් එහෙම වුණාම මේ සියලු ගීත ඒකාකාරි වෙන්න පුළුවන් කියලා. එක් පැත්තකින් මේ සියලු ගීත සංගීතවත් කරන්නේ වගේම ගායනා කරන්නේ එක ගායකයෙක්. තවත් පැත්තකින් තාරුණ්‍යයම වස්තු බීජය වෙලා තියෙන නිසා. නමුත් මම දන්නවා එය එහෙම නොවන බව. හේතුව මගේ ලියමනේ ඒකාකාරි බවක් නැහැ. රිද්මයේ ඒකාකාරි බවක් නැහැ. ඒ වගේම සංඛගේ සංගීතයත් මනා වෙනසක් ගෙන දෙනවා මේ හැම ගීතයකටම. තවත් දෙයක් පළමු වතාව වෙන්න ඕන ගී පද රචකයකු හා එකම ගායකයකු සංගීතවත් කරලා මෙවැනි ගීත ඇල්බමයක් නිකුත් වෙන්නේ.

යම් ආකාරයක රැඩිකල් බවක් මේ ගීත තුළ දකින්න පුළුවන්. බොහෝ වෙලාවට මා ලැබූ අත්දැකීම් තවත් විටක සංඛගේ අත්දැකීම් මේ ගීතවල තියෙනවා. නමුත් එය අත්දැකීමකටම පමණක් සීමා කරන්න මට ඕන වුණේ නැහැ. අප තුළ තිබූ සිතැඟි පරාර්ථකාමි විදිහට එළියට දාන්නයි ඕන වුණේ. ඇත්තටම කාලයක් තිස්සේ මා තුළ තිබූ බලාපොරොත්තුවක් මේ ‘යු’ විදිහට එළියට එන්නේ. ඒ වගේම මම විශ්වාස කරනවා සංඛත් මේ හරහා මේ යම් පිම්මත් පනිනවා කියලා. මේ තුෂාර ලියූ සංඛ ගැයූ එවන් ගීතයක පදවැලකින් අපි ඔවුන්ට සුබ පතනවා.

”ඔබ සඳ මෙන්ය
සඳ මෙන් අහිංසක දැයි සැකයි
රුව නෙත් කලුය
සිත පිනවනවාදැයි සැකයි...”


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා