වැස්ස

 
 

පහත් බිම් ගොඩ කරන්න එපා!

 
 

අවුරුදු හතළිහකට පෙර...

 
 

ඔක්තෝබර් මෝසම් වැස්සට දැන් සිටම සූදානම් වෙනවා

 
 

26 ක් ඝාතනය කළ හීතල ඝාතකයා

 
 

සිංදු තරගයෙන් දිනපු සල්ලිවලින් තාත්තාට විදුලි ස්ත්‍රික්කයක් අරන් දුන්නා

 
 

බොරැල්ල පීරිස් නෝනගේ පන්සලේ බිතු සිතුවමට නැඟුණු බුදු සිරිත

 
 

ශ්‍රී ලංකාවට අලුත් විරුදාවලියක් ලැබෙන යුගය ආරම්භ වී ඇත

 
 

අඩ සිය වසක් මුළුල්ලේ මියුරු හඬින් බෝධි පූජා පවත්වන උපාසක මහත්තයා

 
 

මධු කුසලාන

 
 

ඔබ වහන්සේට බුදු බව ලැබේවි මගේ දුව බේරලා දෙන්න

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
ජී-15 සංවිධානයෙන් ආර්ථික සහයෝගිතාව මෙන් ම දේශපාලන සහයෝගිතාව ද ලැබෙනු ඇත

ජී-15 සංවිධානයෙන් ආර්ථික සහයෝගිතාව මෙන් ම දේශපාලන සහයෝගිතාව ද ලැබෙනු ඇත

කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශයේ මහාචාර්ය ලක්සිරි ප්‍රනාන්දු

ජී - 15 සංවිධානය නොබැඳි ජාතීන්ගේ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතුරින් වඩා ක්‍රියාකාරී හා ඉදිරියෙන් සිටින රටවල් 15 ක් 1989 දී ඇති කරගන්නා ලද සංවිධානයක් බව මුලින් ම කිව යුතුයි. ශ්‍රී ලංකාව මෙම සංවිධානයේ ආරම්භක සාමාජිකයෙක් වෙනවා.

මේ සංවිධානයේ ප්‍රධානම පරමාර්ථය වන්නේ වෙළෙඳාම සම්බන්ධයෙන් ආයෝජනය සම්බන්ධයෙන් තාක්ෂණ හුවමාරුව සම්බන්ධයෙන් හා ආයෝජනය සම්බන්ධයෙන් මේ රටවල් අතර සහයෝගය සහ ක්‍රියාකාරිත්වය ගොඩනඟා ගැනීමයි.

මේ සහයෝගය දකුණු - දකුණු සහයෝගය වශයෙන් හැඳින්වෙනවා. මෙයට අයත් රටවල් වන්නේ ඇල්ජීරියාව, ආර්ජන්ටිනාව, බ්‍රසීලය, චිලීය, ඊජිප්තුව, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, ජැමෙයිකාව, කෙන්යාව, නයිජීරියාව, මැලේසියාව, මැක්සිකෝව, පේරු රාජ්‍යය, සෙනගාල්, ශ්‍රී ලංකාව, වෙනිසියුලාව හා සිම්බාබ්වේ රාජ්‍යයයි.

ආසියාවෙන් මෙම රාජ්‍ය කණ්ඩායමට අයත් වන්නේ ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව හා ශ්‍රී ලංකාවයි. ඒ නිසා ආසියාවේ රටවල් අතුරින් ශ්‍රී ලංකාව මෙම කණ්ඩායමට එකතුවී සිටීමම අප රටට ලැබී තිබෙන ඉතාමත් විශේෂ අවස්ථාවක්.

මීට අතිරේකව පසුගියදා ටෙහෙරානයේදී පැවැති 14 වැනි රාජ්‍ය නායක සමුළුවේදී ශ්‍රී ලංකාවට හා අපේ ජනාධිපතිතුමාට මෙම කණ්ඩායමේ සභාපතිත්වය ලැබීම අපේ රටට අතිශයින් ම ගෞරවයක් සහ භාග්‍යයක්. එය ගෞරවයක් වන්නේ එයින් ලැබෙන ජාත්‍යන්තර කීර්තිය හා අභිමානය නිසයි. මෙය භාග්‍යයක් වන්නේ මෙම රාජ්‍ය කණ්ඩායමේ ආර්ථික හා වෙළෙඳ අරමුණු තුළින් ශ්‍රී ලංකාවට ලබාගත හැකි අවස්ථා ලාභ හා ඵල ප්‍රයෝජන නිසයි. නිශ්චිත වශයෙන් කිවහොත් වෙළෙඳාම සම්බන්ධයෙන් සහ තාක්ෂණ හුවමාරුව සම්බන්ධයෙන් මේ මගින් ලංකාවට යම් යම් වාසි ලබාගත හැකිවනවා ඇති. නමුත් ඒ වාසි ලැබීම ඉබේ සිදුවන දෙයක් නොවන බව අවධාරණය කළ යුතු අතර ඊට අදාළ ආයතන හා සංවිධාන මගින් ඒ සම්බන්ධ යම් යම් ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයට පැවරෙන්නේ විශාල වගකීමක්.

ජී - 15 සංවිධානය දියුණු රටවල්වල සංවිධානයක් නොවේ. මේ සංවිධානය ඇතිකර ඇත්තේ දියුණු වෙමින් පවතින රටවල් අතර පෙරමුණේ සිටින ආසියා, අප්‍රිකා හා ලතින් ඇමෙරිකානු රටවල්වල එකතුවෙනි. රටවල් පහළොවකින් ආරම්භ වූ මේ සංවිධානය අද රටවල් 18 ක් දක්වා පුළුල් වී තිබේ. මෙම රටවල් එක් අතකින් දකුණු - දකුණු සහයෝගය ප්‍රකාශ කරන අතර කණ්ඩායමක් වශයෙන් වෙනත් ජාත්‍යන්තර සංවිධාන තුළ බලපෑම් කණ්ඩායමක් වශයෙන් ක්‍රියා කිරීමට අපේක්ෂා කෙරේ.

සහයෝගය

මෙම අරමුණු දෙක එනම් ඔවුනොවුන් අතර අන්‍යොන්‍ය සහයෝගය සහ අනෙකුත් අය සමඟ ගනුදෙනු සහ කේවල් කිරීම විශේෂයෙන් ම වැදගත් ය. මේ සම්බන්ධයෙන් මෙම සංවිධානය ආරම්භ වීමට තුඩු දුන් වාතාවරණය ගැන යමක් ප්‍රකාශ කළ යුතු යි. ආරම්භ වූ වර්ෂය 1989 වූ අතර වාතාවරණය වූයේ සෝවියට් දේශය කඩා වැටීම මඟින් සීතල යුද්ධය හමාරවීමයි. මේ හේතු කොටගෙන අන්තර්ජාතික බල තුලනයේ අසමතුලිතතාවයක් ඇතිවිණි. එනම් බටහිර රටවල කණ්ඩායම්වලට අසීමිත බලයක් හිමිවන බව පිළිබිඹු වූවක්. මේ සම්බන්ධයෙන් වඩාම කනස්සල්ලට පත්ව සිටියේ නොබැඳි ජාතීන් හා එහි සමුළුවයි.

මෙම තත්ත්වයට මුහුණදීම සඳහා නොබැඳි ජාතීන් සමස්තයක් වශයෙන් ක්‍රියාකිරීම ඇතැම් අවස්ථාවලදී අපහසු වුණා. 1989 එවක පැවැති යුගෝස්ලාවියාවේ බෙල්ග්‍රේඩ් නුවරදී නොබැඳි ජාතීන් හමුවූ අවස්ථාවේ තමයි රටවල් 15 ක් මෙම සංවිධානය ගොඩනැඟීමට තීන්දු කළේ. මෙම වාතාවරණයේ තිබූ තවත් කරුණක් තමයි මේ වනවිට පිහිටුවා තිබුණ දකුණු කොමිසම. (South Commission) මෙහි වාර්තාව පිටවුණේ 1990 දී වුවත් එම කොමිසම මගින් මේ වනවිට නිර්දේශ කර තිබූ එක් කරුණක් නම් ලෝකයේ දකුණු කරයේ පවතින ආසියා, අප්‍රිකා හා ලතින් ඇමෙරිකානු දියුණු වෙමින් පවතින රටවල් අතර ආර්ථික සහයෝගය ගොඩනැංවිය යුතු බවයි. මක්නිසා ද ලෝක ආර්ථිකය සහ එහි මූල්‍ය ආයතන බටහිර රටවල් මගින් පාලනය කරන තත්ත්වයක තිබියදී දියුණු වෙමින් පවතින රටවලට සහනයක් ලබාගත හැක්කේත් දියුණු විය හැක්කේත් තමන් අතර සහයෝගය ගොඩනඟා ගනිමින් දියුණු බටහිර රටවල් සමඟ කේවල් කරන ප්‍රමාණයටයි.

විවිධ සම්පත්

ජී - 15 සංවිධානය ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ ප්‍රබල සංවිධානයක්. මෙම සංවිධාන රටවල් මගින් ලෝකයේ මුළු ජනගහනයෙන් සියයට 33 ක් නියෝජනය කරන අතර එය ලෝක භූමි ප්‍රමාණයෙන් සියයට 22 ක් මෙම රටවලට අයත්ව පවතී. මේ රටවල් අතරින් රටවල් පහක් එනම් ඉරානය, ඇල්ජීරියාව, මැක්සිකෝව, බ්‍රසීලය හා නයිජීරියාව ලෝක තෙල් නිෂ්පාදනයෙන් සියයට 27 ක් පමණ නිපදවනු ලබයි. තෙල් සම්පතට අතිරේකව විවිධ ඛණිජ සම්පත් සහ ස්වභාවික සම්පත් අතින් මේ සියලුම රටවල් විවිධාකාරයෙන් වැදගත්කමක් උසුලයි. ජාත්‍යන්තර වෙළෙඳාමේ ඇති අසමාන හා අහිතකර තත්ත්වයන් නිසා මේ රටවල් බොහොමයක් අදත් පවතින්නේ අඩු නැතිනම් මධ්‍යම ආදායම් ලබන රටවල් වශයෙනි. පසුගිය කාලය තුළ මේ රටවල්වල ශීඝ්‍ර දියුණුවක් දැකිය හැකි වූ නමුත් එම දියුණුව තවමත් ප්‍රමාණවත් වන්නේ නැත. උදාහරණයක් ලෙස ලෝක භාණ්ඩ හා සේවා නිෂ්පාදනවලින් මේ රටවලට නිපදවිය හැකිව තිබෙන්නේ තවමත් සියයට 17 ක් පමණි.

කෙටියෙන් කිවහොත් සියයට 33 ක ලෝක ජනගහනයේ නිෂ්පාදනය සියයට 17 කි. මේ නිසා මේ රටවල් උත්සාහ ගතයුත්තේ තම නිෂ්පාදනයන් ඉහළ නංවා ගැනීමටයි. මේ සම්බන්ධයෙන් සමහර රටවල් ශීඝ්‍රයෙන් ඉදිරියට ගොස් තිබෙන අතර ඒ අතරින් ප්‍රධාන රටවල් දෙකක් නම් ඉන්දියාව හා බ්‍රසීලයයි. වෙනත් වචනවලින් කිවහොත් බ්‍රික් (BRIC) නමින් හඳුන්වන රටවල් අතර බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව හා චීනය අතරත් රටවල් දෙකක් ම ජී - 15 ට අයත්ව තිබීම ඉතාම වැදගත්. නමුත් මේ රටවල් තවත් ඉදිරියට දියුණු විය යුතුව තිබෙනවා. ලෝක වෙළෙඳාම අතින් මේ රටවල්වල පංගුව වන්නේ සියයට 8 ක් හා සියයට 9 වන ප්‍රමාණයකි.

වෙනත් වචනවලින් මෙහි අර්ථය කිවහොත් සියයට 33 ක් වන ලෝක ජනගහනයෙන් ලෝක වෙළෙඳාමට සම්බන්ධව තිබෙන්නේ සියයට 10 කට අඩු ප්‍රමාණයකිනි. මේ නිසා තමයි මේ ස්ථානයේ ප්‍රධාන අරමුණක් වශයෙන් වෙළෙඳාම දියුණු කිරීම සඳහන් කරනු ලබන්නේ. ඕනෑම රටක ආර්ථික වර්ධනය හුදෙක් වෙළෙඳාම මත නොව නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන ආයෝජනය මත එසේ ම නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන තාක්ෂණය මත රදා පවතින නිසා තමයි වෙළෙඳාමට අතිරේකව ආයෝජනය හා තාක්ෂණ හුවමාරුව වැදගත් ඉලක්කයක් ලෙස මෙම සංවිධානය විසින් සලකනු ලබන්නේ.

නමුත් මෙම කරුණ සම්බන්ධයෙන් මේ රටවලට ඉදිරියට යාමට යම් යම් අන්තර්ජාතික බාධක තිබෙනවා. මෙම බාධක සමහරක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් එම 14 වැනි සමුළුවේ ආරම්භක දේශනයේදී සඳහන් කරනු ලැබුවා. අපි කවුරුත් දන්නා පරිදි විවිධාකාර දේශපාලන කරුණු හා කොන්දේසි යටතේ අපේ රටවල්වලට ආයෝජන පැමිණීමට බාධා ඇති බව කවුරුත් දන්නා කරුණක්.

මෙම බාධා සමහරවිට වැරදි සහගත හා අතිශයෝක්තියට නන්වනු ලබන මානව අයිතිවාසිකම් කරුණු ඔස්සේ එල්ල වෙනවා. ඒ වගේ ම ලෝකයේ අද දියුණු වී ඇති තාක්ෂණය අප රටවලට ලබාගැනීමට බුද්ධිමය දේපොළ අයිතියේ මුවාවෙන් ඇති කරනු ලබන බාධක මගින් වළක්වනු ලබනවා. මෙවැනි බාධක ද්විපාර්ශවික වශයෙනුත් එසේම බහුපාර්ශවීය සංවිධාන වශයෙනුත් එල්ල කරනු ලැබේ.

ඉහත සඳහන් බාධක සම්බන්ධයෙන් අද අප මුහුණදෙන තත්ත්වය වසර පහකට නැතිනම් හතකට කලින් පැවැති තත්ත්වයට වඩා යහපත් එකක්. නමුත් එය සම්පූර්ණයෙන් ම යහපත් එකක් නොවේ. එම නිසා ජී - 15 සංවිධානයේ එක් අරමුණක් වන්නේ ක්‍රමානුකූලව උපාය මාර්ගිකව සහ රාජ්‍යතාන්ත්‍රික ලෙස මෙම බාධා වෙනස් කිරීමට ක්‍රියා කිරීමයි.

මේ සම්බන්ධයෙන් විශාල නායකත්ව භූමිකාවක් අපේ ජනාධිපතිතුමාටත්, ශ්‍රී ලංකාවටත් හිමිවන බව නොඅනුමානයි. මෙසේ වෙනස්කම් ඇතිවිය යුතු ක්ෂේත්‍ර කිහිපයක් සඳහන් කළහොත් ලෝක වෙළෙඳ සංවිධානය, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පමණක් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානය ද සඳහන් කළ යුතුයි.

වැඩි ඡන්ද බලයක්

මේ සම්බන්ධයෙන් එක්තරා ජයග්‍රහණයක් ලෝක බැංකුව තුළ දියුණු වන රටවලට ඇතිව තිබෙනවා. තමන්ගේ තීන්දු ගැනීමේදි දියුණුවන රටවලට වඩා ඇහුම්කන් දිය යුතු බව අද ලෝක බැංකුව පිළිගෙන ඇතුවා පමණක් නොව ඉන්දියාව හා චීනය වැනි රටවලට වඩා වැඩි ඡන්ද බලයක් ලැබී තිබෙනවා.

මේ තත්ත්වය වඩා පුළුල් විය යුතු අතර ශ්‍රී ලංකාව වැනි රටවල් මීට ඇතුළත් විය යුතුව තිබෙනවා.

එසේම ලෝක වෙළෙඳ සංවිධානය පසුගිය කාලයේ වෙළෙඳ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වෙනස් කරනවා යැයි දෙන ලද පොරොන්දු ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. මෙම සාකච්ඡා ‘දෝහා’ සාකච්ඡා වශයෙන් හැඳින්වෙනවා. මේ සාකච්ඡාවල ප්‍රතිඵල ලංකාව වැනි රටවලට වාසි සහගත ලෙස සකස් විය යුතු බවයි කෙටියෙන් කිව යුතුව තිබෙන්නේ. එපමණක් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළිනුත් යම් යම් වෙනස්කම් අප අපේක්ෂා කළ යුතුයි.

නොබැඳි ජාතීන්ගේ සමුළුව අතිශයින් විශාල සංවිධානයක් වෙනවා. එහි නායකත්වය දැනට ඊජිප්තුවට හිමිව තිබෙන අතර ඒ මගිනුත් මෙම වෙනස්කම් ඇති කිරීමට බලපෑම් කළ හැකියි. නමුත් ජී - 15 සංවිධානය ඊට වඩා කුඩා හා වඩා සමාන අදහස් ඇති සංවිධානයක් වන නිසා ඉහත කියන ලද ජාත්‍යන්තර ප්‍රතිසංස්කරණ ඇති කිරීමේලා මෙම සංවිධානය වැදගත් ලෙස සැලකිය හැකියි.

ආර්ථික සංවර්ධනය

විශේෂයෙන් ම ශ්‍රී ලංකාව අපේක්ෂා කරන ආර්ථික සංවර්ධනය හා ප්‍රගතිය පිළිබඳ දෘෂ්ටි කෝණයෙන් බලන විට ජී - 15 සංවිධානයේ අරමුණ හා වාසිය අතිශයින් ම වැදගත්.

ශ්‍රී ලංකාව ජගත් සංවිධාන ගණනාවක සාමාජිකයෙක්. එය වඩා යහපත් දෙයක් මිස නිශ්ඵල දෙයක් නොවෙයි.

ශ්‍රී ලංකාව ආර්ථික සහයෝගය සඳහා වඩා කිට්ටුවෙන් බැඳී සිටින්නේ සාක් කලාපයටයි. ඒ අතර ඉන්දියාව වැදගත්. ඉන්දියාව ජී - 15 සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙක්. ශ්‍රී ලංකාව තමන්ගේ ආසන්න කලාපයට ඔබ්බෙන් බැලිය යුතුව තිබෙනවා. එසේ බැලීම සම්බන්ධයෙන් අග්නිදිග ආසියාවේ ආසියාන් සංවිධානය වැදගත්. (ASEAN) එය නැෙඟනහිර පැත්තෙන්. ආසියාන් සංවිධානයේ ප්‍රබල රටවල් දෙකකුත් එනම් මැලේසියාව සහ ඉන්දුනීසියාවත් ජී - 15 සංවිධානයේ සාමාජික රටවල්.

ශ්‍රී ලංකාව ආසියාන් සංවිධානයේ සාමාජිකයෙක් නොවෙයි. නිරීක්ෂකයෙක් පමණයි. නමුත් ජී - 15 සංවිධානය තුළින් ශ්‍රී ලංකාවට මැලේසියාව හා ඉන්දුනීසියාව සමඟ වඩා ශක්තිමත් වෙළෙඳ ගනු දෙනු සහ වෙනත් ආර්ථික ගනුදෙනු ඇතිකර ගැනීමේ අවස්ථා ලාභ පවතී.

ගිවිසුම් 8 ක්

ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර තිබෙන ආර්ථික සම්බන්ධතා යහපත් වන අතර ඒවායේ යම්කිසි ප්‍රගතියක් පවතී. නමුත් ඉන්දුනීසියාව සමඟ තවමත් එතරම් සබඳතා නැත. ඉන්දුනීසියාව විශාල රටක් වගේම ආර්ථික වශයෙන් නැඟී එන රාජ්‍යයක්. අපගේ ආර්ථික සබඳතා මේ රට සමඟ පුළුල් කිරීමට ජී - 15 සංවිධානය මහගු අවස්ථාවක්. මෙය ජී - 15 සංවිධානය තුළින් ලංකාවේ ආර්ථික අරමුණු සඳහා අවස්ථා ලාභ ලබා ගැනීම පිළිබඳ උදාහරණයක් පමණී. ශ්‍රී ලංකාව දැනටමත් ඉරානය සමඟ ආර්ථික ගිවිසුම් අටක් පමණ අස්සන් කර තිබෙනවා.

මේ තත්ත්වය තවත් පුළුල් කළ යුතුයි. ශ්‍රී ලංකා - ඉරාන සබඳතා තුළින් තෙල් නිෂ්පාදනයෙන් අනෙකුත් ඔපෙක් රාජ්‍යවලට ප්‍රවේශවීමේ හැකියාවක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත. ජී - 15 රටවල් අතර අනෙකුත් ප්‍රධාන රටවල් වන්නේ අප්‍රිකා සහ ලතින් ඇමරිකානු රටවල් ය. එම රටවල් සමඟ එතරම් සම්බන්ධතා දැනට නොවුණත් ඒවා පුළුල් කර ගැනීම ආර්ථික වශයෙන් මෙන් ම සමාජ, සංස්කෘතික වශයෙනුත් වැදගත් වේ.

මේ රටවල් සමහරක් නම් ඊජිප්තුව, ඇල්ජීරියාව, කෙන්යාව, නයිජීරියාව හා සිම්බාබ්වේ වැනි රටවල්, මේ රටවල් ගැන දැන කියා ගැනීමට දැන් අපේ පාසල් දරුවන්ට අවස්ථාව විවෘතව ඇත.

එමෙන් ම ලතින් ඇමෙරිකානු රටවල් වන්නේ බ්‍රසීලය , චිලීය, මැක්සිකෝව, පේරු හා වෙනිසියුලාව වැනි රටවල් ය. මේ රටවල් වල ආර්ථික තත්ත්වයන් සමාජ තත්වයන්, සංස්කෘතික තත්වයන් අපේ රටේ දූ දරුවන් දැනගැනීමෙන් ඔවුන්ගේ බුද්ධි පරාසය දැනුම් පරාසය පුළුල් කිරීමට උපයෝගි වනවා නොඅනුමාන ය.

දේශපාලන ප්‍රශ්න

ඒ විතරක් නොවේ. සමහර දේශපාලන ප්‍රශ්න සම්බන්ධයෙන් ලතින් ඇමරිකානු රටවල්වල තත්වයන් ශ්‍රී ලංකාවට සමීපය. එපමණකුත් නොවේ. අද බ්‍රසීලය, වෙනිසියුලාව වැනි රටවල නායකයන් ලෝක දේශපාලනය ගැන දරන අදහස් අපගේ රටේ වර්තමාන නායකයන් දරන අදහස්වලට කිට්ටුය.

ඒ නිසා ආර්ථික සහයෝගයට අතිරේකව මෙම දේශපාලන සහයෝගය දියුණුවීම් මේ රටේ දේශපාලන නායකත්වයත් ඒ වගේ ම ජනතාවගේ දේශපාලන අධිෂ්ඨානයත් ශක්තිමත් කිරීමට අතිශයින් ම ඉවහල් වෙනවා නොඅනුමානය.

මේ රටවල් හා අප අතර ඇති භූගෝලීය පරතරය මීට බාධා නොවේ. මේ රටවල්වල ජනතාවත් අපේ රටේ ජනතාවගේ සහෝදර සහෝදරියන් සේ ය.

මේ රටවල් සමඟ අපේ සබඳතා දියුණු කිරීමේ සමහර ආර්ථික වාසි සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ආසන්න වශයෙන් ඵලදායක විය හැකි බවට අවධාරණය කළ යුතු ය.

එසේ ම මේ රටවල් අතර විශේෂයෙන් විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රවල ඇතිකර ගත හැකි හුවමාරු අත්දැකීම් මේ රටේ බුද්ධිය මත පදනම් වූ ආර්ථිකයක් වශයෙන් ගොඩනඟා ගැනීමට ඉවහල් කරගත හැකි වනු ඇතැයි විශ්වාස කරනවා.