ලෝක වාර්තාවේ අයිතිකරුවෝ....

 
සචින් තෙන්ඩුල්කාර් ඉකුත් දා ක්‍රිකට් පිටියේ ලෝක පූජිත වාර්තාවක් තැබුවේ ය. එක් දින තරගයකදී ලකුණු 200 ක් හෙවත් ද්විත්ව ශතකයක් ලබාගැනීම ඒ හපන්කම ය. ඉන්දීය පුරවැසියකුට ලැබිය හැකි ඉහළම සම්මානය වූ ‘භාරත රත්න’ සම්මානය ඔහුට පුද කෙළේ ය. එහෙත් මීට කලකට පෙර සචින් තෙන්ඩුල්කාර් සිටියේ ක්‍රිකට් පිටියෙන් සමුගන්නා තත්ත්වයක ය. දණහිසේ ඇති වූ ආබාධයක් එයට හේතුව විය. මේ බව දැනගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සචින්ට වෛද්‍ය වයිට් එලියත්ත මහතාගේ සේවය ලබා දුන්නේ ය. ඒ ප්‍රතිකාරයෙන් සුව වූ සචින් ලෝක පූජිත වාර්තාවක් තැබුවේ ය. තම ජයග්‍රහණයේ ගෞරවය ජනාධිපතිතුමාට හිමිවන බව ඔහු පසුව පැවසීය. ඡායාරූපයේ දැක්වෙන්නේ සචින් තෙන්ඩුල්කාර් මහතා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව ජනාධිපතිතුමා හමුවූ අවස්ථාව. වෛද්‍ය වයිට් එලියත්ත මහතා ද ඡායාරූපයේ සිටී.

ඡායාරූප - චන්දන පෙරේරා

එජාපයට ෆොන්සේකා තහනම්!

බාහිර හා අභ්‍යන්තර වියවුල් මැද අර්බුදයෙන් අර්බුදයට ගමන් කරන විපක්ෂය මෙරට මහ මැතිවරණ ඉතිහාසයේ දැවැන්තම පරාජයට මුහුණ දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වන විට වාර්තා වන පරිදි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන කල්ලි දෙකක් ක්‍රියාත්මක වන අතර ඔවුනොවුන් ගේ එදිරිවාදිකම් නිසා එජාපයේ මැතිවරණ ප්‍රචාරක හා සංවිධාන කටයුතු මුළුමණින් ම පාහේ අඩාල වී පවතී. විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකාට එජාප ඡන්ද එකක්වත් ලබා නොදිය යුතු බවට රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ප්‍රබල පාර්ශ්ව දැඩි මතයක සිටිති. මංගල සමරවීර මහතා එජාපයට එක්වීමත් සමඟම ඔහුගේ ‘ම’ පාර්ශ්වය මුළුමණින් ම සී - සීකඩව ගිය අතර මේ වනවිට එජාපයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක බුද්ධික පතිරණ හා මංගල සමරවීර මහතා අතර උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇත.

විස්තර »


වෙළඳ දැන්වීම් . . . .
.
Navayugaya

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

www.apiwenuwenapi.co.uk

www.defence.lk
 

TRC