“ජිල්මාට්” එක “චක බලාස්” වෙයි

 
 

ඩොලර් පන් ලක්ෂයක මුදල් කාගෙන්ද? කොහෙන්ද?

 
 

ගෙවල් ගානේ ගිහින් මිනිස්සු හම්බවෙන්න

 
 

මහ මැතිවරණයේදී ජනාධිපතිවරණ ඡන්ද පදනම ඉක්මවා යාවි

 
 

අසෝකාගේ සේප්පුවේ රහස් රැසක්

 
 

පොදු රද මඩුලු වාස්තු විද්‍යාඥ මහ සභාවට ශ්‍රී ලංකා සංගමයේ සත්කාරය

 
 

විශ්‍රාම ගිය දා ලැබුණු මුළු තෑගි මුදලම සරසවියට තේරුණු සිසුන්ගේ ආධාරෙට දුන්නා

 
 

පහසුවෙන් සුව කළ හැකි පාදවල නහර ගැටගැසීම Varicose Veins

 
 

හාමුදුරුවරු 5000 ක් පැය 10000 ක් පිරිත් දේශනා කළ දොළොස්මහේ පිරිත

 
 

ටිකිරි හමුව

 
 

මධු කුසලාන

 
 

ඉක්මන් කරලා ඔය කෙල්ල අපේ ගෙදරට අරන් යමල්ලා


උතුරු මැදට මිරිදිය මාළු සරු අස්වැන්නක්

උතුරු මැදට මිරිදිය මාළු සරු අස්වැන්නක්

මිරිදිය මත්ස්‍ය කර්මාන්තය උතුරු මැද පළාත් තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතී. මධ්‍යම රජයේ ධීවර කටයුතු අමාත්‍යාංශයේ ද උතුරු මැද පළාත් සභාවේ ද අනුග්‍රහයෙන් ලොකු කුඩා වැව් 3000 ක මිරිදිය ධිවර කටයුතු සංවර්ධනය සඳහා ආධාර ලබාදී තිබේ.

මේ අනුව දැනට අකර්මණ්‍යව පවත්නා මිරිදිය ධීවර සමුපකාර සමිති ජාලය ශක්තිමත් කිරීමටත්, නොසිදෙන වැව් වශයෙන් හඳුනාගෙන ඇති හෙක්ටයාර 50 සිට 250 දක්වා වැව්වලට මාළු ඇඟිල්ලන් බහාලමින්, වැව්වල මත්ස්‍ය අස්වැන්න ඉහළ නංවාලීම සඳහාත් අවශ්‍ය පියවර ගැනීම පළාත් ධීවර කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සිදු කෙරේ. මේ වසර තුළ රුපියල් මිලියන 10 ක් පමණ වැය කොට වැව් රැසක මසුන් බෝ කිරීමේ වැඩපිළිවෙළක් සාර්ථක ව ක්‍රියාත්මකව පවතී.

එච්.ජේ. ලූකස්

එල්.පී. පියතිලක

ශ්‍රියානි දීපිකා

මිරිදිය ධීවර කර්මාන්තය සඳහා උතුරු මැද පළාතේ බහුලව ඇති සම්පත් කළමනාකරණය කොට වැව් හා පොකුණු ආශ්‍රිතව මසුන් බෝ කිරීම අස්වනු නෙළීම අලෙවි පහසුකම් සලසාදීම හා ධිවර ප්‍රජාව සමුපකාර සමිති යටතේ සංවිධානය කිරීම, ධීවර ව්‍යාප්ති හා සුබසාධන සේවාවන් හා ධීවර කර්මාන්ත පුහුණු කටයුතු සලසාදීම සඳහා බලධාරීන්ගේ දැඩි සැලකිල්ල හා අවධානය යොමුව පවතී.

මෙහි වැදගත් සංධිස්ථානයක් වශයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෙළවරක පිහිටි කලාවැව ආශ්‍රිතව මේ වනවිට සියලු පහසුකම්වලින් සපිරි ජාතික මිරිදිය ධීවර හා ජලජීවි වගා පුහුණු ආයතනයක් ස්ථාපිත කර අවසන් ය. ආසියානු බැංකු ආධාර ලබන ජලජ සම්පත් සංවර්ධන හා තත්ව ප්‍රවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙම මධ්‍යස්ථානය පිහිටුවනු ලැබුවේ පසුගිය ජූනි මාසයේදී ය. ආයතනය පිහිටුවීම සඳහා රුපියල් මිලියන 400 කට ආසන්න මුදලක් වැයකොට ඇත. එය අංගසම්පූර්ණ දේශන ශාලා, නේවාසිකාගාර, පර්යේෂණාගාර, මිරිදිය ධීවර ප්‍රායෝගික පුහුණුව ලබාදීමේ ආම්පන්න, හා ජල පොකුණ, ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ හා උපාංග ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විත මධ්‍යස්ථානයකි.

ඓතිහාසික කලාවැව වැව් පාමුල පිහිටි මෙම සුවිසල් ආයතනයේ වඩබලන විදුහල්පති කමල් වතුරවඩු මහතා ය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල හා පුත්තලම ප්‍රදේශයේ කරුවලගස්වැව හා මහ කරඹෑව වැව් ආශ්‍රිතව මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන ධීවරයින් සමූහයක් සඳහා පසුගියදා එහි පුහුණු වැඩසටහනක් දියත් කර තිබිණි.

මේ පුහුණු ආයතනය, පාසල් හැර යෑමෙන් අනතුරුව විද්‍යානුකූ®ල මිරිදිය ධීවර කර්මාන්ත ක්ෂේත්‍රයට ප්‍රවේශ වීමට ලැදියාවක් දක්වන තරුණ තරුණියනට ඒ පිළිබඳව විධිමත් පුහුණුවක් ලබාගැනීම සඳහා මහත්සේ උපස්ථම්භක වනු ඇත.

ආයතනයේ පාඨමාලා මගින් මිරිදිය මසුන් බෝ කිරීම හා අදාළ මව් මසුන් තෝරා ගැනීම, බෝ කිරීම, පැටව් වර්ධනය කිරීම, පොකුණු සැකසීම, ලෙඩ රෝග හඳුනා ගැනීම හා නිසි ප්‍රතිකාර, ජලයේ තත්ත්ව පාලනය වැනි කරුණු සමූහයක් පිළිබඳව දැනුම අවබෝධය හා පුහුණුව ලබා ගැනීමට දොරටු විවරව ඇතැයි ද වතුරවඩු මහතා වැඩිදුරටත් අවධාරණය කළේ ය.

ඉතා පෝෂ්‍යදායි ආහාරයක් සපයා දෙන ප්‍රභවයක් වශයෙන් මෙන් ම ඉතා සරුසාර අතිරේක ආදායම් මාර්ගයක් වශයෙන් මිරිදිය ධීවර කර්මාන්තය හඳුන්වාදිය හැකි ය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් ආශ්‍රිතව වෙසෙන පවුල් 10000 ක් පමණ මේ වනවිට මිරිදිය මසුන් වගාව, නෙළා ගැනීම, ප්‍රවාහනය හා වෙළඳාම තුළින් දරිද්‍රතාවයෙන් මිදීමට සමත්ව සිටිති.

උතුරු මැද පළාතේ වැව් වලට රජයේ හා පළාත් සභාවේ මෙහෙයවීමෙන් වසරකට රුපියල් මිලියන 109 ක් පමණ වටිනා මත්ස්‍ය ඇඟිල්ලන් බහාලනු ලැබේ. මේ සඳහා ඉන්දියන් කාෆ්, සිල්වර් කාෆ්, රෝහු, තිලාපියා මොසැම්බිකා, තිලාපියා නයිරෝටිකා, රතු තිලාපියා, හිස ලොකු කාපයා, මිරිගල් සහ සාමාන්‍ය කාපයා වැනි මත්ස්‍ය වර්ග මඟින් අභිජනනය කරනු ලබන ඇඟිල්ලන් යොදා ගැනේ.

මිරිදිය ධීවර කාර්මික පුහුණු පාඨමාලාවට සහභාගි වීම සඳහා පුත්තලම් දිස්ත්‍රික්කයේ මහකරඹවැව වැවේ මිරිදිය ධීවර කර්මාන්තයේ නියැළී සිටින්නා වූ පනහක් පමණ පිරිස් අතරින් එල්.පී. පියතිලක (31) හා ඔහුගේ බිරිය ශ්‍රියානි දීපිකා ( 26) ඉතා ඕනෑකමකින් විදුහල්පති එතරවඩු මහතාගේ දේශනයකට සවන් දෙන අයුරු දැක ගත හැකි විය. බෝට්ටුවේ ගොස් මසුන් අල්ලා වෙළෙඳාම් කිරීමෙන් මාසිකව රුපියල් 30,000/= ක වඩා උපයන බව ඔවුහු සඳහන් කළහ.

මසුන් පිළිබඳව දැනුම්වත් කරමින්

පාඨමාලාවට සහභාගිව සිටි 69 හැවිරිදි එච්.ජේ. ලූකස් මහතා වයසට ගිය ද සිය බිරිය මිලිනාවතී හා දියණිය චාමලී රේණුකා සමඟ එක්ව මහ කෝන්වැව හා මහ කරඹවැව වැව් ආශි‍්‍රතව සරුවට මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ යෙදී සිටින්නෙකි. මෙම කර්මාන්තයේ යෙදීමේදී මුහුණපෑමට සිදුව ඇති අභියෝගය වන්නේ මිරිදිය ධීවර කර්මාන්තයට දායක නොවන හා සම්බන්ධයක් නැති ගොවීන් මත්ස්‍ය අස්වැන්න නෙළා ගැනීමට මාන බැලීම බව ද මේ නිසා ගම්වල ආරවුල් හටගෙන ඇති බව ද ලූකස් මහතා කීවේ ය.

එමෙන් ම මාදැල්, තංගුස් දැල්, ත්‍රිත්ව දැල් අඟල් 3 1/2 ට අඩු ඇස් සහිත දැල් මෙන් ම ඩයිනමයිට් භාවිතා කරමින් මසුන් ඇල්ලීම නිසා මත්ස්‍ය ගහණය ප්‍රසාරණය වීමක් සිදු නොවන බව ද මෙම නීති විරෝධී ක්‍රියා වැළැක්වීම සඳහා රජය පැත්තෙන් අවශ්‍ය දැඩි පියවර ගෙන නැතැයි ද ඔහු පෙන්වා දුන්නේ ය.

‘වැව් මාළු’ සඳහා සමාජයේ ඇති ඉල්ලුම දිනෙන් දින ඉහළ යමින් පවතී. අනුරාධපුර හා පොළොන්නරුවේ සංචාරක හෝටල්, ආපන ශාලා හා සංචාරක නිකේතනයන්හි විවිධ ආකාරයට ආහාරය සඳහා සැකසෙන මිරිදිය මසුන් දැකගත හැකි ය. මීට දෙවසරකට පෙර වැව් මාළු කිලෝවක් රුපියල් 60/= වුව ද අද එම මිල කිලෝවකට රුපියල් 250 - 300 දක්වා ඉහළ මට්ටමකට පැමිණ තිබේ.

මේ තත්ත්වය යටතේ වසර පුරා අඩු වශයෙන් සියයට 25 ක ජල ධාරිතාවයක් රඳා පවත්නා සෑම වැවක් ආශ්‍රිතවම මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සමුපකාරය හරහා නංවාලීමේ වැඩසටහනක් උතුරු මැද පළාතේ දියත් කර ඇත.