අලියා ද? හංසයාද? සීනුව ද? විපක්‍ෂ හවුල අලි අවුලක

එජාප ඡන්දවලින් ජවිපෙ ගොඩ එනවාට දැඩි විරෝධය

ජනාධිපතිවරණයෙන් ලැබූ දැවැන්ත පරාජයත් සමඟ ම ඉදිරි මහමැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් එ.ජා.පය හා විපක්ෂයේ අනෙකුත් දේශපාලන කණ්ඩායම් අතර මතභේදාත්මක තත්ත්වයක් හට ගෙන ඇත. එළැඹෙන මහ මැතිවරණයේදී අලියා ලාංඡනයෙන් තරග කළ යුතු බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්‍ෂයේ බහුතර සංවිධායකවරුන් ගේ මතය වී තිබේ. එහෙත් ජ.වි.පෙ. ත්, මංගල හා මනෝ ගනේෂන් යන කණ්ඩායම් පෙන්වා දී තිබෙන්නේ හංසයා ලාංඡනයෙන් ම තරග කළ යුතු බවයි.  පරාජිත ජනාධිපතිවරණ අපේක්‍ෂක සරත් ෆොන්සේකා මහතා ගේ මතය වී තිබෙන්නේ ද හංසයා ලකුණින් මහමැතිවරණය තරග කළ යුතු බවයි.

විස්තර »

තෙදින නිල සංචාරයක් සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජයේ නියෝජිත පිරිස මොස්කව් නුවරට ඊයේ ළඟා වූ මොහොතේ රුසියානු රජයේ ඉහළ පෙළේ නියෝජිතයකු විසින් ජනාධිපතිතුමා පිළිගත් අයුරු. ශිරන්ති රාජපක්ෂ ජනපති ආර්යාවද මෙහි සිටී. ඡායා - සුදත් සිල්වා

ජනපතිට රුසියාවෙන් මහත් හරසර

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට රුසියාවේ මහජන මිත්‍රත්ව විශ්ව විද්‍යාලය මඟින් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීමට කටයුතු යොදා තිබේ. ත්‍රස්තවාදය පරාජය කරමින් සාමය ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ලබාදුන් අද්විතීය නායකත්වයට උපහාරයක් ලෙස මේ ගෞරව ආචාර්ය උපාධිය පිරිනමන බැව් රුසියාව පවසයි. ජනාධිපතිතුමා රුසියාවේ යෙදෙන තෙදින නිල සංචාරය අතරතුර එම උපාධිය පිරිනැමීමට ද කටයුතු සංවිධානය කැර ඇත. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ රාජ්‍ය නියෝජිත පිරිස තෙදින නිල සංචාරයක් සඳහා රුසියාවේ මොස්කව් අගනුවර විනුකෝවා ගුවන් තොටුපළට . . . .

විස්තර »


වෙළඳ දැන්වීම් . . . .
Navayugaya

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

www.apiwenuwenapi.co.uk

www.defence.lk
 

TRC