අපේ මඟුල් ෆොටෝ එක බැන්ද දවසේම පත්තරේ පළවුණා
අපේ මඟුල් ෆොටෝ එක බැන්ද දවසේම පත්තරේ පළවුණා
සිසිර සේනාරත්න

ආදරය කරුණා දයා ගුණ
සාගරය පරදයි
නොනිවෙනා ගිනි උසුලනා හද
මිහිකත ද පරදයි
ජනපි‍්‍රය නවකතාකරුවකු, පුවත්පත් කලාවේදියකු හා සිනමා කලා විචාරකයකු වූ කරුණාසේන
ජයලත් ස්වකීය ජීවිත කාලය තුළදී ගීත දෙක තුනක් පමණ ලියා ඇත.
‘ජීවන විල මැද’ (සුජාතා
අත්තනායක) ‘නුහුරු නුපුරුදු රහස පිළිබඳ’ (සිසිර සේනාරත්න – ඉන්ද්‍රානි විජේබණ්ඩාර)
මෙන්ම මා ඉහත දැක්වූ ‘ආදරය කරුණා දයා ගුණ සාගරය පරදයි’ ගීතය ද රචනා කරනු ලැබ
තිබෙන්නේ ජයලත් විසිනි. මා සිසිර සේනාරත්න හමුවන්ට ඔහුගේ නිවෙසට ගිය මොහොතේ මට
ඇසුණේ කිසියම් ශෝකාකූල හඬකින් යුතුව සිසිර එම ගීතය ගායනා කරන අයුරුය.
”මේක සිසිර අයියාගේ බොහෝම ළයාන්විත ගීතයක්.
අපේ සාකච්ඡාවට මුල පිරීමක් වශයෙන් මම කීමි. ඇත්තටම එය සිසිර – ඉන්ද්‍රානි ගයන යුග
ගීතයකි.
”ඔව් මල්ලි. මේක මව් ගුණ ගීයක්නේ. මට මගේ අම්ම මොනවගේද කියලා මතක නෑ. මගේ ආදරණීය
අම්මා නැතිවුණේ මට මාස තුනේදි. මාව හැදුවේ ලොකු අම්මයි, ආච්චියි. ඇහින් දැක්කට මතක
නැති, හිතින් මවාගත් අම්මා ගැන හිතලයි මං මේ ගීතය ‘සෙනෙහස’ චිත්‍රපටය වෙනුවෙන්
නිර්මාණය කළේ.
සිසිර වියපත් පුද්ගලයකු වුවත් ඔහුගේ දෑසින් ද කඳුළක් කම්මුල දිගේ රූටා වැටෙනු මට
පෙනිණි. මම නිමේෂයක් ඔහු දෙස බලා පසුව අහක බලා ගතිමි.
සිසිර තනු යොදා නිර්මාණය කර ඇති ගීත විවිධාකාරය. ‘මී වදයකි ජීවිතේ’ (සී.ටී. ප්‍රනාÁදු)
වැනි ගීතයක් ඇසෙන විට මේ ‘පිදුරු සෙවි කළ පැල්පතේ’ ගීතය නිර්මාණය කළ සංගීතවේදියා ද
කියා සිතෙන තරම්ය.
”මී වදයකි ජීවිතෙ”් අදටත් ජනපි‍්‍රය සින්දුවක්. සමහරු දන්නේ නැහැ මේ ගීතයේ තනුව මගේ
කියලා. සිසිර අයියා වගේ කෙනෙක් කොහොමද මේ වගේ නැඟලා යන ශෛලියේ සින්දුවක් හැදුවේ
කියලා ඇතමුන් මගෙන් අහනවා. ඒකට හේතුවක් තිබෙනවා. මම බෞද්ධයෙක් වුණාට උපන්නේ හලාවත.
හැදුණේ වැඩුණේ ධීවර කතෝලික සමාජ පසුබිමක. ඉස්කෝලේ ගියෙත් කතෝලික පාසලක (ශාන්ත
මරියා) ඉතින් පුංචි කාලේ ඉඳන්ම අපිට ඇහෙන්නේ එක්කෝ කැරොල් නැත්නම් බයිලා.
බොහෝවිට
වේග රිද්මයේ සින්දු. ඒ ආභාසය මට තිබෙනවා. දැන් බලන්න අමරදේව මාස්ටර්. එයා මොරටුව
කොරළවැල්ලේ. ඒ නිසානේ ‘පිපී පිපී රේණු නටන’, ‘ආරිච්චි බෝරිච්චි’ වගේ සින්දු එයා
අතින් නිර්මාණය වුණේ. මොකද අර ආභාසය ඔහුට එනවා. ඒක ස්වභාවික දෙයක්. ‘මී වදයකි
ජීවිතේ’ චිත්‍රපට ගීතයක්. (කවුද හරි) ඒ චිත්‍රපටයේ අවස්ථාවට ගැළපෙන විදියටයි ගීතය
නිර්මාණය වෙන්න ඕනැ.
මම ‘හඳපාන’ චිත්‍රපටයට නිර්මාණය කරපු ඉන්ද්‍රානි ගයන
‘මල්මල්මල්මල් - ලස්සන වන මල්’ ගීතයට මා යොදා ගත්තේ නාග වන්නම. අවස්ථාවන්ට උචිත
අයුරින් අපි විවිධ ගී ශෛලීන් යොදාගන්න ඕනැ.
සිසිර ස්වතන්ත්‍ර ගී තනු නිර්මාණයේ මොන තරම් කෘතහස්තයකු වුවත් ඔහු හින්දි තනු
අනුකරණය කරමින් ද ගීත ගායනා කර ඇත. ඒ මන්දැයි මම ඔහුගෙන් විමසීමි.
”එකක් මම හින්දි, දෙමළ චිත්‍රපටිවලට පොඩි කාලේ ඉඳන්ම ආසා කළා. ඉස්සර (මේ කියන්නේ
හතළිස් ගණන්වල) හලාවත තිබුණා ‘ඉම්පීරියල් ටෝකිස්’ කියලා ටෙන්ට් ගහපු සිනමාහලක්. මම
ඕකේ චිත්‍රපට බලනව. ඉස්සර මම හොඳ පික්චර් පිස්සෙක්. මම 1952 දි රජයේ සංගීත
විද්‍යාලයට එද්දි මට හොඳට හින්දි පුළුවන්.
මල්ලි දන්නවද, මම තමයි සංගීත විද්‍යාලයට
බැඳුණු මුල්ම ශිෂ්‍යයා. එහෙත් යම්යම් හේතු නිසා මට ඉන්දියාවට යන්න භාග්‍යය ලැබුණේ
නැහැ. ඒත් මට ආත්ම ශක්තිය තිබුණා, සංගීත ජීවිතය තනිව ගොඩනඟා ගන්න පුළුවන් කියලා.
‘ගයා ගීතයන් ගමේ වෙල් එළියේ’, ‘ආලේ කෙරුවේ මන්ද කියා දැන් සිතෙයි පි‍්‍රයේ’ මේවා
ඉතින් හින්දි තනු.
සිසිර අයියාට දැන් අවුරුදු 71 ක් වුවත් ඔහු තවමත් නොවියැකුණු තාරුණ්‍යයකින් යුක්ත
යැයි මට සිතේ.
”තරුණ කාලේ සිසිර අයියා නිකම් දිලිප් කුමාර් වගේ ඉන්න ඇති? ඇයි රඟපෑමට හිත ගියේ
නැත්තේ?”
”මොකෝ නැත්තේ. මට ඕනැ වුණේ ගායකයෙක් වෙන්න නෙමෙයි නළුවෙක් වෙන්න. මම ‘දස්කොන්’
චිත්‍රපටයට සම්බන්ධ වුණේ රඟපාන්න. එසේ මෙසේ නිළියක් එක්ක නෙමෙයි ඩේසි අක්කත්
(රුක්මණි දේවි) එක්ක මේ චිත්‍රපටයේ රඟපෑම් සඳහා මම කඩු සටන් පවා පුහුණු වුණා. එහෙත්
ඒ අනගි අවස්ථාව මගෙන් ගිලිහී ගියේ නොසිතූ විරූ අයුරින්. ඒත් මම ‘දස්කොන්’
චිත්‍රපටයට ගායනයෙන් එකතු වුණා. ඩේසි අක්ක එක්කත් සින්දු දෙකක්ම කිව්වා. (1) සොම්නස
පෙම් රස එකතු වුණා. (2) කෝකිල දේවි කවි මධු භාෂිණි ඒ ගීත දෙකයි.
”සිසිර අයියගේ නොවියැකෙන තාරුණ්‍යයේ රහස මොකද්ද?”
මම ඇසීමි.
”මගේ සීයා වෙද මහත්තයෙක්. පුංචි කාලේ මං හරි සුදුයි; ලස්සනයි. මාව තවතවත් ලස්සන
වෙන්න සීයා කොහොඹ කොළ, ගොටුකොළ වගේ දේවල් කොටලා මට දීලා තියෙනවා. මම තමයි ඒ පවුලේ
එකම මුණුබුරා. ඒ නිසා කවුරුත් මට පොඩිකාලේ ඉඳන් ආදරෙයි.
සිසිර කතාව වෙන පැත්තකට යොමු කරයි.
”මල්ලි දන්නවද සිංහල චිත්‍රපටයකට මුලින්ම ශාස්ත්‍රීය සින්දුවක් කිව්වේ ෂෙල්ටන්
ප්‍රේමරත්නයි මමයි එකතුවෙලා.
”ඒ මොකේද අප්පේ?”
”ඔය ‘දස්කොන්’ චිත්‍රපටයේ. ‘ධර්ම රසයෙහි සැප’ මල්ලි අහලා නැතුව ඇති.
මට තරමක් ලැජ්ජාවක් දැණිනි. අම්මපා සහතික ඇත්ත. මා ඒ සින්දුව නම් කිසිදාක අසා නැත.
”ඔය සින්දුව විනාඩි හයහමාරක් දිගයි. මං හිතන්නේ සිංහල චිත්‍රපටයකට ඇතුළත් වුණු දිගම
ගීතය.”
සිසිර අයියා මුලින්ම පසුබිම් ගීත ගායනා කළේ ‘රේඛාව‘ චිත්‍රපටයටද? ‘පොඩි පුතා’
චිත්‍රපටයටද?
’පොඩිපුතා’. ‘මේ ලෝකේ නවාතැන වේ’ සින්දුව තමයි මම මුලින්ම ගායනා කළේ. ඒක හින්දි
තනුවක්නේ. ‘අමර්’ චිත්‍රපටයට මොහොම්මද් රාෆි තමයි මුල් ගීතය ගායනා කළේ. ‘රේඛාව‘ ට
අවස්ථාව ලැබුණේ ඊට පස්සේ.”
’රේඛාවට’ සිසිර ගැයූ ‘ඕළු නෙලුම් නෙරිය රඟාලා’ ගීතය සදාතනික නිර්මාණයකැයි මට සිතේ.
සිසිරට තම ජීවන සහකාරිය – ඉන්ද්‍රානි මුණ ගැසුණේ් ‘රේඛාව‘ චිත්‍රපටයේ ගීත පටිගත
කිරීම සඳහා දකුණු ඉන්දියාවේ ‘වාහිනි’ චිත්‍රාගාරයට ගුවනින් ගිය ගමනේදීය. එදා සිට
පටන්ගත් ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධයත් පසුව සිදුවූ විවාහයත් ගැන පසුගිය අවුරුදු 55 තුළ
බොහෝ දේ ලියැවී, කියැවී ඇත. ඒවා පුනර් රචනය කිරීම සහෘද ඔබ වෙහෙස කරවන්නකි.
මේ අතර සිසිරගේ ආදරණීය බිරිය ඉන්ද්‍රානි පැරැණි ඡායාරූප ඇල්බමයක් ඇද එය මට පෙන්වයි.
”මේ තියෙන්නේ අපේ වෙඩින් ෆොටෝ.’ මේ පින්තූර ගත්තේ විල්සන් හෑගොඩ.”
ඇය කියයි.
”ඔයා දන්නවද මල්ලි අපේ මඟුල් ෆොටෝ එක අපි බැන්ද දවසෙම පත්තරේ පළවුණා නේ.”
”හැබෑට!”
”ඒ කොහොමද?”
මම කුහුලින් යුතුව ඇසීමි.
”එදා (1962 මැයි 31) හවස ‘ජනතා’ පත්තරේ ඒක පළවුණා.”
අපේ වෙඩින් එක තිබ්බේ කොළඹ සිරිකොත මන්දිරයේ.
හවස අපි හික්කඩුව රෙස්ට් හවුස් එකට යනකොට එතැන හිටපු අය තමයි පත්තරේ වෙඩින් ෆොටෝ එක
පෙන්නුවේ. ‘රිදී සීනු හඬවා - මංගල ගීත ගයා’ කියලා ලස්සන හෙඩිමකුත් පින්තූරයට උඩින්
දාලා තිබුණා.
සිසිර පසුකලෙක චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට ද පිවිසියේය. ‘හඳපාන’, ‘සෙනෙහස’, ‘හිතට
හිත’ ‘පුංචි බබා’ ඔහු සංගීතය සැපයූ චිත්‍රපට කීපයකි. ඒවායේ ගී බොහෝමයකම තනු මධුරය;
මනෝහරය. ‘ආලෝකේ පතුරා’, ‘ඈත අහසේ නැඟේ දිනිඳා පායා’, ‘පිදුරු සෙවි කළ පැල්පතේ’
(හඳපාන) ‘හඳපානේ මල් පිපුණා’, ‘වන මලට ආසාවේ වන බඹරා ආවා සේ’, ‘ලියක මහිම පෙති ගෝමර
ඉසීලා’, (හිතට හිතක්) ‘මාගේ පුතුට මල්’ (පුංචි බබා) වැනි ගී ඊට මා හැඟි උදාහරණය.
සිසිරගේ බොහෝ ගීත ගැමි ස්වභාව සෞන්දර්ය ප්‍රකට කරවන නිර්මාණ වන්නේය.
”මම ස්වභාව සෞන්දර්යයට හුඟක් කැමැති කෙනෙක්. මම අඩුම ගාණේ ගහක කොළයක්වත් කඩන්නේ
නැහැ. ඒ වගේම මම සතුන්ටත් පුදුමාකාර කරුණාවක් දක්වනවා.”
විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකේය සංගීත ලෝලයන් අතර ජනපි‍්‍රයම ගායකයන් දෙතුන්
දෙනාගෙන් සිසිර ප්‍රමුඛයකු යැයි මම සිතමි. ඔහුගේ ‘සිසින්ද්‍රා’ සංගීත ප්‍රසංගය
ඉතාමත්ම සාර්ථක අයුරින් ශ්‍රී ලාංකිකයන් වෙසෙන ලෝකයේ රටවල් බොහෝමයකම පවත්වා ඇත. ඊට
හේතුව සිසිරගේ ගීත එම රසිකයන්ට තම අතීත ගැමි චමත්කාරය සිහියට නඟා ගැනීමට ඉඩහසර
සැලසීම යැයි අනුමාන කළ හැකිය.
”අපේ සිසින්දා” ප්‍රසංගය රටවල් 14 ක මේ වනවිට පවත්වලා තියෙනවා. සමහර රටවල
(එංගලන්තය, කැනඩාව වැනි) දෙවතාවක්ම පවත්වලා තියෙනවා.”
අපේ සාකච්ඡාව නිම වූ පසු සිසිර මට පුංචි තිළිණයක් දුන්නේය. ඒ ඔහුගේ පැරැණි ගී රැගත්
අලුත් සංගත තැටියකි. එහි නම ‘නිවි නිවි දිලිසී’ ය. මෙවර මගේ සති අන්තය එම ගී රසයෙන්
ගෙවෙනු ඇතැයි මම සිතමි.
සු.මි.
|