අපේ ස්වාධිපත්‍යය සිල්ලරට විකිණීම

 
 

අලියා ද? හංසයාද? සීනුව ද? විපක්‍ෂ හවුල අලි අවුලක

 
 

මහා බොරුවක් බවට පත්වූ ෆොන්සේකාගේ බොරු සටන

 
 

ෆොන්සේකාට කවදාවත් ගමනක් නැහැ

 
 

නිදහස ලත් දෙමළ ජනතාව බෙදුම්වාදීන්ගේ ගොදුරුවීමට ඉඩ නොතැබිය යුතුයි

 
 

රුවල් යාත්‍රා රෙදි නිපැයුම් කම්හලක් දිවුලපිටියේ

 
 

වසන්තය උදාවිය

 
 

සුබ අනාගතයක් උදෙසා පත්වූ ජනපතිට ලොව දසතින්ම සුබ පැතුම්

 
 

යුද්ධ කාලේ ඇන්දේ පිටි ගෝනිවලින් සරම් මහගෙන

 
 

මුතූ... ඔයා හරියට මනමාලියක් වගෙයි (රසදුන නව කථාව)

 
 

කැඩපතින් නොව ටින් පියනෙන් මුහුණ බැලූ දරුවෝ

 
 

ටිකිරි හමුව

 
 

මධු කුසලාන

 
 

පෙම්වතා පසුපස සරනා ජෙනීටාගේ භූතාත්මය

මුතූ... ඔයා හරියට මනමාලියක් වගෙයි

මුතූ... ඔයා හරියට මනමාලියක් වගෙයි

මෙතෙක් කතාව...

ගමේ ප්‍රභූ පවුලක එකම දරුවා වූ මහේෂ් ඔවුනගේ වතුවල වැඩ කරමින් ජීවත් වූ දුප්පත් පවුලක යුවතියක වූ මුතු සමඟ සබඳතාවක් ඇති කර ගනී. රූමත් අවිහිංසක මුතූ මහේෂ්ට පණ සේ ආදරය කළ අතර මේ නිසා ම මහේෂ් අතින් මුතූ අනාථ වෙයි.


මහේෂ්ගේ මව සහ පියා මෙය දැනගත් පසු එංගලන්තයේ වෙසෙන තම නැගණිය ළඟට මහේෂ් යැවීමට කටයුතු කළ පියා මුතුට බිහිවුණු දරුවා සඟවා තැබීමට කටයුතු කර මුතූ සුරංගට විවාහ කර දෙයි.
 

එංගලන්තයේ වෙසෙන තම නැන්දණිය ළඟට ගිය මහේෂ්ට එහිදී තම ඇවැස්ස නෑනණ්ඩිය වන අර්මිලා මුණ ගැහෙන අතර ඇගේ රූප ශෝබාවත් හැසිරීමත් නිසා මුතු අමතක කර දමයි. ඉන්පසු අර්මිලා සමඟ සබඳතාවක් ඇති කර ගන්නා මහේෂ් යළි ලංකාවට එන්නේ අර්මිලා හා විවාහවීමෙන් අට වසරකට පසුව ය.
 

ටික දිනකින් මොවුනට මුතූ සහ සුරංග මුණ ගැසෙන අතර මුතූ සහ සුරංග කෙරෙහි පැහැදෙන අර්මිලා මහේෂ්ගේ විරෝධතාව මැද ඔවුන් හා ළඟින් ඇසුරු කරයි. එහිදී මහේෂ්ට දාව මුතූට ඉපදුණු දරුවා පිළිබඳ රහස දැනගන්නා අර්මිලා ඒ පිළිබඳව විමසමින් මහේෂ් හා දබර කරගනී.

සුරංග සහ මුතූ පමණක් නොව සුරංග ගේ මව ද මහත් විමතියෙන් හපන්ගම මහතා දෙස බලා සිටින්නට වූවාය.

අඩුම ගණනේ දරුවා ජීවතුන් අතර සිටින්නේදැයි මුතූට විශාල සැකයක් හා ශෝකයක් ඉපදුණි.

“මට මගේ දරුව එක සැරයක් බලන්න දෙන්න ලොකු මහත්තයෝ...”

මුතූ එකවරම හඬ නඟා හැඬුවාය. හපන්ගමගේ මුහුණේ ඇඳුණු නුරුස්නා ගතියෙන් සුරංග තැන්පත් විය.

“ඉතින් මං බෑ කිව්වද උඹ ඔය බොරුවට බෙරිහන් දෙන්නෙ... හැබැයි උඹ ඔහොම කෑ ගහන්ඩ හැදුවොත් දරුවත් බයවෙනවා... තේරුණා ද?”

“දරුවා ඉන්නවා...? අනේ ලොකු මහත්තයා මේ ගෑනිට එක වංගියක් ඒ ළමය ගේ මූණ බලන්න දෙන්න...”

සුරංග ද බැගෑපත් හඬින් කීවේය.

“හැබැයි පුතෝ උඹලගෙ නීතිවලට බය වෙලා එහෙම නෙවෙයි තේරුණා ද? උඹලගෙ හැටි මං හොඳට දුටුවනේ එදා...”

මං එහෙනම් යනවා... දරුවා බලන්ඩ යන්න සූදානම් වෙන්ඩ මං කියන්නම්කෝ, දිනයක්...”

ඔහු සියලුදෙනා දෙසම බැලුවේ ආපසු යන්නට සැරසීය.

“ලොකු මහත්තයා ඇරලලා එන්න...” මුතූ කීවේ ගෞරවයෙන්ය. නැතත් සුරංග සිටියේ යාමට සූදානම්වය.

නිහඬව ගමන් ගත් හපන්ගම, දොළ පහර පෙනෙන විට නතර වී සුරංග දෙස බැලුවේය. තමාගේම... ලේ... ඔහුට අමුත්තක් දැනුණ නිසා, හිස සලා ආපසු යන ලෙස සුරංගට කීවේය.

“ලොකු මහත්තය යන්ඩ... යි” කී සුරංග තවත් මිනිත්තු කිහිපයක් ඒ දෙස බලා සිට දොළ පහරින් එගොඩ යනු බලා ආපසු හැරුණේය.

සුරංග ගේ සිත මහත් ව්‍යාකූල සිතුවිලිවලින් පිරී පැවතුණි. ඊළඟට කුමක් සිදු වේ ද? මුතූට පිළිසරණ වීමට යාමෙන් ඔහුට පාසල් වියේ ඇලුම් කළ හිතවතිය අහිමි විය. අර්මිලා යනු මායාවකි. ඇය ඔටුනු පලන් කුමාරිකාවකි.

ඈ ගැන තිබු උමතුව ඇගේ මාතෘත්වය නිසා කුණාටුවකට හසුවිය. බේබි මහත්තයා පිළිබඳ වූ සුරංගනා සිහිනය මුතූගෙන් ඉවත් වූයෙත් ඔහුගේ සිහිනය බොඳවීමත් සමඟය.

ඔහු මුතූට පෙම් නොකළ ද ආදරයේ හා අනුකම්පාවේ නම් අඩුවක් නොවීය. ඇගේ අසරණකමින්, ඔහුගේ හැඟීම් සංතර්පණය කර ගැනීමට සුරංග කිසි කලෙකත් සිතුවේ නැත.

තමා කළේ ආත්ම පූජාවක් නොව ස්වර්ණ පූජාවක් නො වේ ද?

ඈත සිට බිම බලාගෙන සෙමින් සෙමින් එන සුරංග දුටු මුතූ, මඳ අඳුරේම ඔහු වෙත දිව්වාය.

“සුරංගයියේ...”

ඇගේ සතුට ඉතිරෙන දෑස් තරු මෙන් දිලුසුණි. දරු සෙනෙහස ලබන්නට හෝ දෙන්නට නොහැකි වුවද බලාපොරොත්තුවලින් ඇය මහා සොම්නසකට පත්වී ඇත.

“මොනවද ලොකු මහත්තයා තව කිව්වේ?”

උඹව බේබි මහත්තයට කසාද බන්දල දීලා අර්මිලා නෝනව මට දෙනව කිව්වා... එහෙම හොඳයි නේද?”

“මට ඕනනැති බේබි මහත්තයෙක් නෑ... සුරංගයියට ඕන වෙලා තියෙන්නේ නෝනව වෙන්ඩැති...”

ස්සාගෙන ගෙට යාමට සැරසුණු මුතූගේ මුහුණ ක්ෂණයකින් පරවී ගියේය.

“අපි ඔය ලොකු අතු අල්ලන්ඩ යන්නෑනේ... අපිට මේ රබර් කිරි කපන්ඩ පුළුවන් කවුරු හරි හිටියාම හොඳටම ඇති...”

ඉවත බලාගෙන කලබලයේ ගෙට දුවන මුතූ නතර වුණේ නැන්දම්මාගේ ද ඇඟේ හැපීගෙනය.

“කෝලම්... මෙන්න මේ නටන්නැතුව උඹලගේ වැඩක් බලාගෙන ඉඳිල්ලා... එක පාරක් පස්ස බිම ඇනුණා...”

ඇගේ කෝපය හඬ නඟන විට සුරංග නැගිට්ටේද කෝපයෙන්ය.

“අම්මේ... කෑ නොගහ ඉන්නව ද?” ඔහු මුතූ සොයමින් පිළිකන්න පැත්තට ගියේය.

* * *

තම ස්වාමියා වෙනදාට වඩා ප්‍රබෝධයෙන් සිටීම කුසුමලතාට සැනසීමක් විය.

ඔහු පි‍්‍රය කරන ලුණු කැඳ කෝප්පයත් ලොකු කිතුල් හකුරු කෑල්ලත් රැගෙන ඇය සිනහමුසුව ඔහු දෙස බලා සිටියාය.

“මොකටද නිකම් කරදර වෙන්නේ? මට දැන් හොඳටම සනීපයි...”

ඔහු යහනෙන් බැස ලොකු හාන්සි පුටුවේ වාඩිවී හකුරු කෑල්ලක් හැපුවේය. තම සැමියා කුමක්දෝ වැදගත් කතාවකට අරඅඳින බව කුසුමලතා වටහා ගත්තාය. ඒ අන් කිසිවක් නොව දරුවන් පිළිබඳ වූ දෙයක් බවත් ඇයට ඉවෙන් දැනුණි.

“නෝනා... මං මුතූට පොරොන්දු වුණා දරුවා පෙන්නනවා කියලා.”

එහි වූයේ ප්‍රශ්නාර්ථයක් බව කුසුමලතාට හැඟුණත් නිහඬව අනුමත කිරීමෙන් එය එසේ සිදුවීම යහපත් බව හැඟෙන්නට හැරියාය.

දැන් අපි නිදහස් වෙන්න කාලේ හොඳයි” ඔහුගේ ඒ හැඟීම්බර ස්වරය අතිශයින්ම ශෝකාකූල විය. ලොකු කඳුළු කැට දෙකක් කම්මුල් දිගේ පෙරෙන විට ඇය වහා එය පිසදා ගත්තාය. කැඳ කෝප්පය පසෙකින් තැබු ඔහු උණුසුම් හැඟීමෙන්ම සිය බිරියගේ හිස අත ගෑවේය. තම සැමියාට තුරුළුව ඇති තරම් හඬන්නට ඇයට වුවමනා විය.

“නෝනා... දරුවන් හැදුවා... මං දේපළ රැස් කළා... දැන් ඇති... අපි අපේ දරුවන්ට ඒවා පවරල අත් දෙක පිහිද ගම්මු...”

“ඔ... ඔයා... කියන ඕන දෙයක්...”

කුසුමලතාගේ වෙව්ලන ස්වරය හපන්ගමට අතීතයේ ඇගේ නෑඹුල් බව මතකයට ගෙනාවේය.

“අපි හෙට අනිද්දම දරුව ළඟට මුතූව එක්කරගෙන යමු... මේවා ඉවරයක්... පිළිවෙළක් කරලා අපේ දරුවො දෙන්න ඉක්මනට යවන්න ඕනෑ... ඒ අය ඕන තීරණයක් ගත්තාවේ...”

පෙරවරු හතරයි තිහ වන විට මුතූ හා සුරංග මහ ගෙදරට සේන්දු වී සිටියහ. උදේ හීල සඳහා ඇලිස් ඉඳි ආප්ප තම්බා කලින් දින සෑදු පොළොස් වෑංජනයට, පොල් සම්බෝලයක් සාදා තිබුණි. අර්මිලාගේ මව බටර් පාන් පෙති කපා ලෑස්ති කරගත්තාය.

මුතූ කදිමට ඔසරියක් ඇඳ මුදු ගැසුණ කෙස්වැටිය ගෙල ළඟට වන සේ බැඳ, පබළු පොටක් පැලඳ සිටියාය. ජාතික බැනියම ඇඳ සිටි සුරංග ඇය ළඟින් සිටියේ මනමාලයකු ලෙසය.

“මුතූ ඔයා හරියට මනමාලියක් වගේ” අර්මිලා සතුටින් කියන විට සියලු අමනාපකම් දුරලා සිටි මුතූ ඇගේ දෙපා වඳින්නට නැඹුරු වූවාය.

“ඊයා මේ ඇයි මුතූ...?” අර්මිලා ඇය වළකාලමින් මුතූ සමග රථය සමීපයට ගියාය.

“අර්මි... ඔයාට පස්සෙන් වාඩි වෙන්න හොඳ නෑ ඩාලිං...”

ඇගේ මව අර්මිලාට ඇගේ ගැබිනි බව සිහිපත් කර දුන්නාය.

ක්‍රමයෙන් දේශගුණය වෙනස් වී කඳුකරයේ සීතල බව සිරුරට දැනෙන විට අර්මිලාට එකවරම තමා ඉපදුණ රට සිහිපත් විය.

ඈත කඳු වළල්ලෙන් වටවී... සුන්දර දිය ඇලි කඩා හැලෙන වට පිටාව, ඇගේ මහත් ආනන්දයට හේතු විය. රථයේ ගමන් ගත් අයගේ නිහඬතාව ඇයට මහත් බාධාවක් වූවේ මේ රස විඳීමට හවුල්කරුවන් නොමැති වූ නිසාය.

බිල්ලන් සේ එක එල්ලේ ගමන් ගන්නා පිරිස මැද මහේෂ් ද වරින් වර අර්මිලා දෙස බලමින් රථය පැදවූවේය.

තමන් යන්නේ කොයිබටදැයි සුරංග හෝ මුතූ නොදැන සිටියත් එහි අරමුණ හා ගමනාන්තය දැන සිටියහ. නිදිබරව මෙන් දෑස් වසා සිටිය ද මුතූ ගමන පටන් ගත් වෙලේ සිට ජීවත් වූයේ ‘බේබි මහත්තයා’ හා ගෙවූ, කියා නිම කිරීමට නොහැකි අමරණිය වූ ආදර අතීතයකය.

එහෙත් ඇයට අවසානයේ සිදුවූයේ ඔහු හා බිරිය සමඟ තම කුසෙන් වැදු සෙනෙහසේ තිළිණය බැලීමට යන්නටය.
 

මතු සම්බන්ධයි