අපේ ස්වාධිපත්‍යය සිල්ලරට විකිණීම

 
 

අලියා ද? හංසයාද? සීනුව ද? විපක්‍ෂ හවුල අලි අවුලක

 
 

මහා බොරුවක් බවට පත්වූ ෆොන්සේකාගේ බොරු සටන

 
 

ෆොන්සේකාට කවදාවත් ගමනක් නැහැ

 
 

නිදහස ලත් දෙමළ ජනතාව බෙදුම්වාදීන්ගේ ගොදුරුවීමට ඉඩ නොතැබිය යුතුයි

 
 

රුවල් යාත්‍රා රෙදි නිපැයුම් කම්හලක් දිවුලපිටියේ

 
 

වසන්තය උදාවිය

 
 

සුබ අනාගතයක් උදෙසා පත්වූ ජනපතිට ලොව දසතින්ම සුබ පැතුම්

 
 

යුද්ධ කාලේ ඇන්දේ පිටි ගෝනිවලින් සරම් මහගෙන

 
 

මුතූ... ඔයා හරියට මනමාලියක් වගෙයි (රසදුන නව කථාව)

 
 

කැඩපතින් නොව ටින් පියනෙන් මුහුණ බැලූ දරුවෝ

 
 

ටිකිරි හමුව

 
 

මධු කුසලාන

 
 

පෙම්වතා පසුපස සරනා ජෙනීටාගේ භූතාත්මය


රුවල් යාත්‍රා රෙදි නිපැයුම් කම්හලක් දිවුලපිටියේ

රුවල් යාත්‍රා රෙදි නිපැයුම් කම්හලක් දිවුලපිටියේ

රැකියා අවස්ථා 200 ක් ලබා දෙන රුවල් යාත්‍රා රෙදි නිෂ්පාදන කර්මාන්තශාලාවක්, පසුගියදා දිවුලපිටිය මැද ගම්පිටියෙහි දී විවෘත කෙරුණි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘතියක් වන එම කම්හල ඉදි කෙරුණේ 2008 ජුනි මාසයේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ජර්මනියේ ඩයිමෙන්ෂන් පොලියන්ට් (පුද්ගලික) සමාගම එළඹුණු ආයෝජන ගිවිසුමක ප්‍රතිඵලයක් වශයෙනි. රුවල්යාත්‍රා සඳහා යොදා ගන්නා රෙදිපිළි නිෂ්පාදනය කරන්නේ අපනයනය අරමුණු කරගෙනය.

ඩොලර් මිලියන 10 ක ආයෝජනයක් වන ශ්‍රී ලංකා කර්මාන්තශාලාවේ ඉතා උසස් තත්ත්වයෙන් හා ඉහළ ප්‍රමිතියට අනුව රුවල් රෙදිපිළි නිෂ්පාදනය කිරීමට ඩයමෙන්ෂන් පොලියන්ට ලංකා (පුද්ගලික) සමාගම බලාපොරොත්තු වන අතර ඒවා ලෝකයේ ක්‍රීඩා සඳහා වන රුවල් යාත්‍රා නිෂ්පාදන රටවල් අතරෙහි බෙදා හැරේ.

සමාගමේ අනාගත උපායමාර්ගය වන්නේ සියලු අගෝපාංග සහිත ක්‍රීඩා රුවල් යාත්‍රා නිෂ්පාදන කර්මාන්තයක් ගොඩනැගීම සහ ජාත්‍යන්තර රුවල් ක්‍රීඩා ප්‍රජාව අතර තම නිෂ්පාදන ප්‍රචලිත කිරීමයි.

ඩයමෙන්ෂන් පොලියන්ට සමාගම වෙනුවෙන් අදහස් දැක්වූ මයින්හාඩ් ශ්වන්ටෙක් පැවසුවේ, මෙම රුවල් යාත්‍රාවලට යොදා ගැනෙන රෙදි වර්ගවලට සුවිශේෂ වෙළඳ පොළක් පවතින බවයි. පසුගිය වසර 8 කට වැඩිකාලයක් ශ්‍රී ලංකාවේ සේවය කර අත්දැකීම් රැසක් ඇති බව පවසන මයින්හාඩ්, මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට අවශ්‍ය කඩිනම් පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලයට ස්තූතිය පළ කළේය.
 

ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ මයින්හාඩ් ශ්වන්ටෙක් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු සිදු කෙරෙන අයුරු විස්තර කළ අයුරු. බස්නාහිර පළාත් මහා අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික පෙරේරා,
ශ්‍රී ලංකා ජර්මානු තානාපති ජින්ස් පොලොට්නර්, ජර්මන් සමාගමේ සභාපති / කළමනාකාර අධ්‍යක්‍ෂ වූවේ ස්ටීන්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ඒ එම් සී කුලසේකර මහත්වරු ද මෙහි වෙති.