අපේ ස්වාධිපත්‍යය සිල්ලරට විකිණීම

 
 

අලියා ද? හංසයාද? සීනුව ද? විපක්‍ෂ හවුල අලි අවුලක

 
 

මහා බොරුවක් බවට පත්වූ ෆොන්සේකාගේ බොරු සටන

 
 

ෆොන්සේකාට කවදාවත් ගමනක් නැහැ

 
 

නිදහස ලත් දෙමළ ජනතාව බෙදුම්වාදීන්ගේ ගොදුරුවීමට ඉඩ නොතැබිය යුතුයි

 
 

රුවල් යාත්‍රා රෙදි නිපැයුම් කම්හලක් දිවුලපිටියේ

 
 

වසන්තය උදාවිය

 
 

සුබ අනාගතයක් උදෙසා පත්වූ ජනපතිට ලොව දසතින්ම සුබ පැතුම්

 
 

යුද්ධ කාලේ ඇන්දේ පිටි ගෝනිවලින් සරම් මහගෙන

 
 

මුතූ... ඔයා හරියට මනමාලියක් වගෙයි (රසදුන නව කථාව)

 
 

කැඩපතින් නොව ටින් පියනෙන් මුහුණ බැලූ දරුවෝ

 
 

ටිකිරි හමුව

 
 

මධු කුසලාන

 
 

පෙම්වතා පසුපස සරනා ජෙනීටාගේ භූතාත්මය

පරාජය බාරගන්න බැරි අය ඡන්දවලට එන්නේ ඇයි?

පරාජය බාරගන්න බැරි අය ඡන්දවලට එන්නේ ඇයි?

ජනාධිපතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ මහින්ද රාජපක්ෂ මහතා ඊට පසුදින සිටම වැඩ ආරම්භ කර තිබේ. ඔහුට අවශ්‍ය වන්නේ ජනතාවට ඉදිරිපත් කළ මහින්ද චින්තනය ඉදිරි දැක්ම ක්‍රියාත්මක කිරීමය. ජයග්‍රහණයෙන් පසු උදාවූ නිදහස් උළෙලේදී ජනාධිපතිතුමා තම දේශපාලන බලාපොරොත්තු සහ ප්‍රතිපත්ති ඉතා පැහැදිලිව ඉදිරිපත් කර තිබේ.

ඔහු සෘජුව ප්‍රකාශ කර ඇත්තේ ඔටුනු පළදින්නට ජනතාවගේ සහාය ලබා ගැනීම නොව ජනතාවට දැනටමත් ඔටුනු පළඳා අවසන් බවත්ය. පාවාදීමේ දේශපාලනයක් ඔහුට නැති බව කියා තිබේ. වසර තිහක ත්‍රස්තවාදය මුලිනුපුටා දමා මර බිය තුරන් කොට අභිමානවත් ලෙස සැලකිය හැකි නිදහස් උළෙලක් මෙවර පැවැති බව අමුතුවෙන් කිව යුතු නොවේ.

අර්ථ පූර්ණ නිදහසක් ශ්‍රී ලංකාවට ලබාදීමේ සම්පූර්ණ ගෞරවය සහ වගකීම මහින්ද රාජපක්ෂ සතු බව ඉතිහාසයට එක්විය යුතුය.

හැම වසරකම පෙබරවාරි 4 වෙනි දා අපි විවිධ අයුරින් නිදහස සමරා ඇත්තෙමු. අපේ රටේ අභිමානය ලෝකයට පෙන්වන අයුරින් නිදහස සැමරුවත් අපගේ හදවත පතුලේ නලියමින් තිබුණෙත් භීතියයි. මරණ බියයි. ප්‍රභාකරන් නම් වූ මහා නපුරු භීෂකයා රටම මරණයට තල්ලු කරද්දී නිදහස රිසි සේ සමරන්නට අපට නිදහසක් තිබුණේ නැත. 2009 මැයි 18 වෙනිදායින් පසු අපිට ත්‍රස්ත බිය රහිත ජාතියක් ලෙස නිදහසේ ජීවත් වන්නෙමු.

මහින්ද රාජපක්ෂ වැනි අභීත අව්‍යාජ මානව හිතවාදී නායකයකු ලැබීම ජාතියේ වාසනාවක් බවට පත්වී ඇත. එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ ද මෙවැනි සුන්දර මිනිසුන්ගේ රාජ්‍ය නායකයා වීම ද වාසනාවක් බවයි.

කෙසේ හෝ දෙවැනි වරටත් පත්වූ රාජ්‍ය නායකයා සෙංකඩගල ඓතිහාසික කන්ද උඩරට පුරවරයේ නිදහස සමරන්නට ජාතික කොඩිය ඔසවද්දී, එක්සත් ජාතික පක්ෂය එම පක්ෂයට අලුතින් විවාහ වී සිටින ජනතා විමුක්ති පෙරමුණ නමැති මනාලියත් මධුසමය ගත කරන්නට සිටියේ සරත් ෆොන්සේකා නම්වූ නපුරු චරිතයට ඔටුනු පළඳවාය. එහෙත් ජනතාව ඔටුනු අහිමි කුමාරයා ලෙසට ෆොන්සේකා පසෙකට දැම්මේය.

මධුසමය ගත කරන්නට එජාපයත් - ජවිපෙත් තෝරා ගත්තේ කොළඹ තරු පහේ හෝටලයකි. සියලු මැරකම්, විනාශයන් ඝාතන කරන්නට රජ මාලිගය ලෙස එම හෝටලය නම් කරන්නට සිටිද්දී සියල්ල වැරදුනේය.

අභීත ලෙස පරාජය භාරගත්තේ නැතිව දැන් සරත් ෆොන්සේකා ජනතා විමුක්ති පෙරමුණේ සෝමවංශ අමරසිංහත්, රනිල් වික්‍රමසිංහත්, මංගල සමරවීරත් දැන් කුණු ගොඩවල් අවුස්සමින් සිටිති. ඡන්දයට පෙර සරත් ෆොන්සේකා වෙනුවෙන් හොර ඡන්ද පත්‍රිකා ලක්ෂ ගණනක් මුද්‍රණය කළේය. එයින් 21000 ක් පොලිසියට අසුවිය. හැම ඡන්ද පත්‍රිකාවකම හංසයාට කතිරය ගසා තිබිණි.

එම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ඇත්තේ ඡන්ද පෙට්ටියට දමන්නට නොව ඡන්දදායකයා දැනුවත් කිරීමට විය හැකිය. එය ද නීති විරෝධීය. කෙසේ හෝ පරාජයෙන් වියරු වැටුණ මේ නඩය කුණු කාණු අත ගාමින් යද්දී එම ඡන්ද පත්‍රිකා කීපයක් අතට අසුවී තිබේ.

දැන් හරි යයි ඔවුහු සිතූහ. හොර ජනාධිපතිවරණයේ සාක්කි අතට අසුවූවා සේ අමන්දානන්දයට පත් වූහ. ඒවා රැගෙන උසාවි ගියේ නැත. ඡන්ද කොමසාරිස් හමුවූයේ ද නැත. මුලින්ම ගියේ මල්වතු මහානායක හමුවීමටය. අටපිරිකර වෙනුවට උන්වහන්සේට පූජා කළේ හොර ඡන්ද පත්‍රිකාය. උන්වහන්සේ මොනවා කරන්න ද?

එතැනින් නොනැවතුණ නඩය සාධාරණ ලෙස මහ මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නා ලෙස ද උන්වහන්සේගෙන් ඉල්ලා සිටියහ. කෙසේ හෝ මල්වතු මහනා හිමියෝ සුවපත් වේවා යයි ආශිර්වාද කොට නිහඬ වූහ. වෙන මොනවා කරන්න ද?

ජනාධිපතිවරණ ප්‍රතිඵල සරත් ෆොන්සේකා පිළිගන්නේ නැත. එය ඔහුට හොර ජනාධිපතිවරණයකි. පත්වූයේ හොර ජනාධිපති කෙනෙකි. තවමත් කට සංවර කර ගෙන නැත.

අනුර කුමාර දිසානායක ප්‍රතිඵල පිළිගන්නේ නැත. එයා පිළිගත්තත් නැතත් ජනතාවට ප්‍රශ්නයක් නොවේ. හොර ඡන්ද ගැන ජනතාව ඉදිරියේ අනුර කුමාර දිසානායක කට ඇරියොත් කාන්තා පක්ෂයෙන් ලැබෙන්නේ ඉලපත් පහරය. ඒ ගැන පසුව කතා කරමු.

එජාපයේ තිස්ස අත්තනායකට හැම ඡන්දයක්ම අසාධාරණය. එක්සත් ජාතික පක්ෂය දිනු ආසන කීපයේ පමණක් ඡන්ද සාධාරණය. මේ වගේ කාලකණ්ණි පිරිසක් දේශපාලනයට අවතීර්ණ වීම එම පක්ෂයේ අවාසනාවය. රටට කෙසේ වෙතත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට බරපතළ අවාසනාවකි.

නිදහසේ මුල් අයිතිකාරයා එක්සත් ජාතික පක්ෂයයි. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රථම අගමැති ඩී. එස්. සේනානායකය. ඒ නිසා ඔහුගේ පක්ෂයේ අලුත් පරම්පරාවට ද නිදහස සමරන්නට අයිතියක් තිබේ. එහෙත් එක්සත් ජාතික පක්ෂය එය වර්ජනය කළේය.

එක්සත් ජාතික පක්ෂයට ඇත්තේ අරුම පුදුම දේශපාලනයකි. ආණ්ඩුව කොයි දේ කළත් එයට විරුද්ධ වීම එජාපයේ ජන්ම ගත පුරුද්දයි. කිසිම දෙයක් ගැන ස්ථිර තීරණයක් නැත. හදිසි නීතියට වරෙක පක්ෂ විය. ඊට පසු ඡන්ද නොදී නිහඬව සිටියේය. දැන් යළිත් විරුද්ධය. මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා කළ යුත්තේ පක්ෂයේ නායකයන් අතීතයේදී කටයුතු කළ ආකාරය පරණ හැන්සාඩ් පුවත්පත් කියවා තේරුම් ගැනීමය.

ශ්‍රී ලංකාව ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බවට පත් කෙරුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගත්තේ කෙසේදැයි විමසා බැලිය යුතුය. ඩඩ්ලි සේනානායක ප්‍රමුඛ එජාපයත් විපක්ෂයේ සියලු පක්ෂත් එදා එකමුතු වී සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුවේ ව්‍යවස්ථා කටයුතු ඇමැති ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා සකස් කළ ව්‍යවස්ථාව ඒකමතිකව පිළි ගත්තේය. සංශෝධනය කළ යුතු වගන්ති සාකච්ඡා මඟින් සම්මත කරගත්තේය. රාජකීය නව රඟහලට ගොස් ව්‍යවස්ථාව සම්මත කර ගත්තේය. දේශපාලනයේ මහත්වරුන් ක්‍රියා කරන්නේ එසේය.

එදා වැරදිලාවත් රනිල් වික්‍රමසිංහ එජාපයේ නායකයා ලෙස සිටියා නම් මොන ව්‍යවස්ථා ද?

එසේ නම් කරන්නේ ව්‍යවස්ථා ඉරා පුළුස්සා දැමීමය. හයිඩ් පාක් පිටියට ගොස් නව ව්‍යවස්ථාවට එරෙහිව පිකට් කිරීමය. එවැනි නායකයන් අපේ ගමේ අම්මලා කියන විදියට පොල්පිත්තකින් කපා ගන්නට ද පුළුවන.

පොඩි එකා ඉල්ලා සිටි විට අම්මා මහපිහිය ගෙන පොල් බිඩංගය කපා ගොනෙකු නිර්මාණය කර දෙන්නේය. ගොනාගේ බෙල්ලට ලණුවක් ද දමා දෙපසට අං දෙකක් ද පොල්කටු කැබලි දෙකකින් සවිකර දෙන්නේය. පොඩි එකා පොල් පිති ගොනා ඇදගෙන ගොස් වැඩිපුර තණකොළ ඇති තැනක බඳින්නේ තණකොළ කන්නටය.

එසේ බැඳ තබා කොල්ලා අනෙක් කොල්ලන් සමඟ සෙල්ලම් කරන්නේය. ගොනා තප්පුලන්නේ නැත. අනින්නේ නැත. ඇදගෙන යන්නේ නැත. ලණුව කඩා ගන්නේ ද නැත. රනිල් වික්‍රමසිංහ ඇතුළු නඩයත් එසේ වූවා නම් විපක්ෂයේත් රටේත් ප්‍රශ්න විසඳා ගැනීම හරිම පහසුය.

දැන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ ෆොන්සේකා රූකඩය මැතිවරණ කොමසාරිස්ට එරෙහි යුද්ධ ප්‍රකාශ කර ඇත. ඔවුන් කියන්නේ ඡන්ද ප්‍රතිඵල භාර ගැනීමට නොහැකි බවය. වැඩි ඡන්ද ලක්ෂ දහඅටකින් ජයගත් ඡන්දයක් පිළිගන්නට බැරි බව කියන්නේ ඔහුගේ රැස්වීම්වලට ආ සෙනඟ නිසා විය හැකිය. ෆොන්සේකාගේ හැම රැස්වීමකටම ආවේ එකම කට්ටියකි.

ඒ කට්ටිය රටපුරා ගෙන ගියේ ජනතා විමුක්ති පෙරමුණයි. ජනතා විමුක්ති පෙරමුණටත් දැන් සෙනඟ නැත. බොරු ෂෝ එකක් පමණි. මහින්ද රාජපක්ෂට කළගුණ දැක්වූ ජනතාව පෝලීමේ ගොස් ඡන්දය දැම්මේ රට විනාශයකින් බේරා ගැනීමටය. මෙහිදී රටේ කාන්තා පක්ෂය වැල නොකැඩී ගියේ මහින්ද මහත්තයා දිනවන්නටය.

එවැනි තත්ත්වයක් යටතේ ෆොන්සේකලාට දිනන්න බැරිය. පරාජය භාර ගන්නට බැරි මිනිසුන් තරගවලට නොආයුතුය. එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් වැඩිපුරම ඡන්ද ජයගත්තේ හොර ඡන්දවලිනි. ඒ පක්ෂ දෙකේ ඉතිහාසය සිහිපත් කර දීම ඉතා වැදගත් වෙයි.

ජනතා විමුක්ති පෙරමුණ හැඳුනුම්පත් එකතු කළේය. ඡන්දය දෙනවාට එරෙහිව රටපුරා පෝස්ටර් ගැසුවේය. කීර්ති විජයබාහුගේ මරණ වරෙන්තු ගෙවල්වලට නිකුත් කළේය. ඡන්ද දෙන්නට එන ප්‍රථම දහදෙනා මරණ බවට තර්ජනය කළේය. තර්ජන කළා පමණක් නොව මරා දැමුවේය.

හොර ඡන්ද ව්‍යාපාරය අතින් මුල් තැනට එන්නේ එක්සත් ජාතික පක්ෂයයි. පටන්ගත්තේ 1982 දී මැතිවරණ සිතියම අකුළා දමන්නටය. එම ජනමත විචාරණයේදී ඡන්දය දුන් හැටි දැනගැනීමට මැතිවරණ කොමසාරිස්ගේ වාර්තාව කියැවිය යුතුය. ඡන්දය මහා මංකොල්ලයක් කර ගත්තේ එක්සත් ජාතික පක්ෂ මිස වෙනත් කිසිවකු නොවන බව ඉතිහාසය සාක්ෂි දරයි.

ජනාධිපති අපේක්ෂකයාගේ ඡන්දය හොරෙන් දමා එක්සත් ජාතික පක්ෂය හොර ඡන්ද ඉතිහාසයේ වීරයා බවට පත්ව සිටී. ඡන්ද පොළට ගිනි අවිය හඳුන්වා දුන්නේ එජාපයයි. ප්‍රතිවාදී ඡන්ද නියෝජිතයන් එළවා දමා ගිනි අවියෙන් අහසට වෙඩි තබා ඡන්ද පොත් පිටින් පෙට්ටිවලට දැමු හැටි කාටත් අමතක නැත.

ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතියක් වන ඡන්ද ක්‍රමය දූෂිත කළේ එක්සත් ජාතික පක්ෂය මිස වෙනත් පක්ෂයක් නොවේ. චන්ද්‍රිකා යුගයේ හොර ඡන්ද ගැන වාර්තා වන්නේ වයඹය. එය ද එක්සත් ජාතික පක්ෂයේ හොර ඡන්ද ඉතිහාස පොතේ ම සටහන් වී ඇත.

එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් දැන් හොර ඡන්ද කතාවකින් සිතට ජොලියක් ගන්නේ වෙනත් කරන්නට ඉටි ගෙඩියක් නැති නිසාය. කටකතාවලින් ඡන්ද සටන ගෙන ගිය ෆොන්සේකා ඇතුළු රූකඩ ටික ඡන්ද කොමසාරිස් ගැන ද කටකතා පැතිර වූවේය. විටෙක කොමසාරිස් නිවාස අඩස්සියේය. තවත් විටෙක අනතුරකට ලක්වී රෝහලේය. තවත් විටෙක ගිනි අවිය කටට තබා හොර ඡන්දයට පොළඹවා ගනී.

මැතිවරණ කොමසාරිස් නිවාස අඩස්සියේ සිටින්නේ දැයි බලන්නට ගියේ ද එජාපයේ කට්ටියමය. ඒ බව කොමසාරිස්වරයා ඉතා අපූරුවට විස්තර කර තිබේ. ප්‍රතිඵල ගැන කොමසාරිස් සෑහීමට පත්විය. කිසිම දූෂණයක් නැත. පරිගණක හොරකම් නැත. මෙදා ජනාධිපතිවරණය සාමකාමී බව රනිල් වික්‍රමසිංහ මහතා ද පිළිගනී.

දැන් ඉතින් ෆොන්සේකාත් සෝමවංශත් කළ යුත්තේ මහ මැතිවරණයට සූදානම් වීමය. හොර ඡන්ද වැඩක් නැත. ජනතාව පිළිගන්නේ නැත. ඒ නිසා දේශපාලන ජෝකර්ලා විය යුතු නැත. මුල සිටම කළ වැරැදි නිවැරැදි කර ගත යුතුය. කට සංවර කරගත යුතුය. ජනතා විමුක්ති පෙරමුණ හැමදාමත් කළේ රට වැනසීමය. ජනතාව රැවටීමය. පාක්ෂිකයන් මුළා කිරීමය. බොරුව ජයගත්තේ නැත. අපි ඉතාම ආදරයෙන් කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අය දැන්වත් දේශපාලන ‘අ’ යන්න උගත ගත යුතු බවය.

නායකයන් උපනායකයන් සැඟවී සිටින තැන් ගැන පොලිසියට තොරතුරු දී ජීවිතය බේරා ගෙන රට පනින නායකයන්ට අවංකව දේශපාලනය කරන්නට බැරිය. අකමැත්තෙන් වුවද දැන් කළ යුත්තේ වසර 40 ක දේශපාලන පන්නරය ලැබූ මහින්ද රාජපක්ෂ වැනි චරිත ආදර්ශයට ගැනීමය. එය මදිපුංචිකමක් නොවේ. ජනතාව වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ කුමක් හෝ කළ යුතුය.

ඇමැතිකම් දුන්නේ ද වැඩක් කරන්නටය. ඇමැතිකම් අරගෙන කළේ ද බොරු සෝබන වැඩ පමණි. අනුර කුමාර දිසානායක කළේ අමාත්‍යංශ කැන්ටිමෙන් බත් පැකට් එකක් ගෙනවිත් කෑම පමණි. ලාල්කාන්ත කළේ නිලධාරීන් ඩබල් කැබ් එකක පටවා ගෙන රාජකාරිවලට ගෙන යාමය. ධීවර ඇමැතිකම කළ සහෝදරයා මෝදර ටින්මාළු පැක්ටේරියක් අරින්නට කතා කළා පමණි.

ඇමැතිකම් කිරීම ලෙහෙසි නැත. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ අය දන්නේ කෑ ගැසීම පමණි. පෙළපාලි යාම පමණි. පෝස්ටර් ගැසීම පමණි. අනුන්ට ඊර්ෂ්‍යා කිරීම පමණි. ඒ ටික කරන්නට වුවද සෝමවංශ අමරසිංහලා වැනි ජෝකර්ලා යළි රට පැටවිය යුතුය.