 අත්අඩංගුවට ගත් හමුදාවෙන් පැනගිය සෙබළුන් ගෙන්
ජනපති ඝාතන කුමන්ත්‍රණයක තොරතුරු හෙළිවෙයි
රාජපක්ෂ පවුල ඝාතනය කිරීමට
රජයේ මාධ්‍යවේදීන් ඝාතනය කිරීමට ලැයිස්තු හදලා
පරීක්ෂණ දිගටම
පරාජිත අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා සහ විපක්ෂයේ කණ්ඩායම් කිහිපයක් එක්ව සිදු කිරීමට
තැත් කළ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය හා ඝාතන පිළිබඳව වැදගත් තොරතුරු රැසක් මේ වන
විටත් හෙළිදරවු වෙමින් පවතින බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ
ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා දැනටත් යුද හමුදාවෙන් පළාගිය පුද්ගලයන් කිහිප
දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදු කිරීම සඳහා
මහජනතාවට අසත්‍ය තොරතුරු පතුරුවා හැරි පුද්ගලයන් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන ඇති
බවත් හෙතෙම අනාවරණය කෙළේය.
විස්තර » |