අවමංගල දැන්වීම්

 

 

විශ්‍රාමික යුධහමුදා නිලධාරි ඩයස් කලංසූරිය මහතාගේ ආදරණීය භාර්යාව වූ විශ්‍රාමලත් පාඨශාලාචාරිණී එස්. මානවඩු මහත්මිය අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ ආදාහන කටයුතු වැලිවේරිය ආදාහනාගාරයේදී 2009.12.13 වන ඉරුදින පස්වරුවේ සිදුකෙරේ. මෙයට ශෝකයට පත්, අනුර ලක්ෂ්මන් - පුතා (මහජන බැංකුව, මූලස්ථාන ශාඛාව), සිසිර රංජන් - පුතා (රිජ්වේ ආර්යා ළමා රෝහල) කමණි සන්ධ්‍යා - දුව (ශ්‍රී ලංකා ජාතික රෝහල කොළඹ), පි‍්‍රයන්ත රෝහණ් - පුතා (බාදුරාගොඩ ධර්මාශෝක මධ්‍ය මහා විද්‍යාලය), ලලනි වසන්තා - දුව (ශ්‍රී ලංකා පිළිකා සංගමය), රමණි පි‍්‍රයන්තා - දුව, නීතිඥ අජිත් කලංසූරිය පුතා, පො. පරීක්ෂක ගුණරත්න - බෑනා (පොලිස් රෝහල), මහින්ද බස්නායක - බෑනා (ශ්‍රී ලංකා වරාය අධිකාරිය) ඉන්ද්‍රරත්න - බෑනා (ව්‍යාපාරික), දමයන්ති කාරියප්පෙරුම - ලේලි (කො/සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය), ධම්මිකා පතිරණ - ලේලි (දිස්ත්‍රික් මහ රෝහල - ගම්පහ) හේමා කුමාරි - ලේලි (මාරපොල මහා විද්‍යාලය), නීතිඥ තුෂාරි සකුන්තලා - ලේලි (නීති ආධාර කොමිෂම). ලිපිනය : අංක 118/2, හේනේගම (බ.ප.) (හේනේගම මහා විද්‍යාලය අසල)

 

ප්‍රනාන්දු - ඩබ්ලිව්.එල්., විශ්‍රාමික බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය - කොළඹ. සුමනාගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, ආනෝමා (සිපින් ඒජන්සි සර්විසස්) සහ දමයන්ති (ඩුබායි) ගේ ආදරණීය පියාණන් වූද, ඩබ්ලිව්.එල්. ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ ආදාහන කටයුතු 2009 දෙසැම්බර් 14 වන දින කොහුවල පොදු සුසාන භූමියේදී සවස 05 ට සිදු කෙරේ. නො.47/25, වුඩ්ලන්ඩ්ස් මාවත, කොහුවල.


සේනාධිපති ලලිතා - නැසීගිය ලංකා විදුලි මණ්ඩලයේ හිටපු සභාපති ඩී.ජී. සේනාධිපතිගේ ආදරණීය භාර්යාව වූද, වැල්ලම්පිටියේ විසු ඩී.ඩබ්ලිව්. වීරකෝන් මයාගේ සහ එම මහත්මියගේ ආදරණීය දියණිය වූද, පත්මා ආනන්ද, විනිතා, ඉන්ද්‍රානි සහ ෂාන්තිගේ ආදරණීය සොහොයුරිය වූද, මේජර් ජෙනරාල් තිලක් පරනගම, ජානකි, නැසීගිය හේමපාල වේලාරත්න, සුනිල් ගුණතුංග සහ ලක්ෂමන් ගමගේ (කැනඩාවේ පදිංචි) නෑනා වූ ලලිතා සේනාධිපති අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 14/12/09 දින ප.ව. 4.00 ට කොළොන්නාව පොදු සුසාන භූමියේදී සිදු කරනු ලබන බව සංවේගයෙන් දැනුම්දෙමු. නො. 121, විහාර මාවත, කොළොන්නාව.