ඔබ හිරු ය !

 
 

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන කතාව බොරු

 
 

ශ්‍රීලනිපය යුගයේ අභියෝග බාරගන්නා පක්ෂයයි

 
 

දස මස කුස දැරූ බව අමතක කළා දෝ දරුවා කබර කැලයට විසි කළා දෝ...

 
 

ආහාර මිල අඩු කළ නිසා ලක් සතොස ආදායම දෙගුණ වෙලා

 
 

අපේ ආදරේ අප රකින බව මට විශ්වාසයි

 
 

අම්මා කෙනෙක් වෙන්න ආදරෙන් බලන් ඉන්නවා

 
 

හිම යායේ ශීතලට මැදිවී.....

 
 

සැබෑ නිදහස් සටනේපුරෝගාමියා ශ්‍රීලනිපයයි

 
 

ටිකිරි හමුව

 
 

මධු කුසලාන

රොෂාන්ගේ සින්දුව යුද්දෙන් පස්සේ වෙනස් වෙයි

රොෂාන්ගේ සින්දුව යුද්දෙන් පස්සේ වෙනස් වෙයි

යුද්දෙත් එක්ක අපේ රණවිරුවන් අවසන් සටනට එක්වෙලා ඉන්න මොහොතේ ඔවුන්ට ධෛර්යයක්, ශක්තියක් මෙන්ම ආශිර්වාද එක්කරන්නට බොහෝ නිර්මාණ බිහිවුණා.

ඒ අතරින් ඔබට මතක ඇති ජනප්‍රිය ගායන ශිල්පී රොෂාන් ප්‍රනාන්දු ගායනා කරන මේ ගීතයත් අපේ රටේ විවිධ ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා ඔස්සේ ශ්‍රවණය කරන්නට ලැබුණා.
 

නිවාඩුවට මම එනකං බලාන ඉන්න

ආදරයේ සොඳුරුම තැන් කතා කරන්න

බංකරයේ ජීවිතයට නිවාඩු දෙන්න

තව පොඩ්ඩක් කල් තියනව එතකං ඉන්න

 

තල්ගහ යට හෙවණක් නෑ කවදාවත්ම

මගේ හිතට තනියක් නෑ සවිය ඇත මට

හැම තිස්සෙම දැක ගන්නට නොහැකි වුණාට

ඔයාව මට මතක් වෙනවා හැම මොහොතකම

 

මා ඉපදුණ මේ මවුබිම රැකගෙන ඉන්න

වගකීමක් ඇත අද මට ඉටුකර ලන්න

සෙනෙහසේ නාමයෙන් ඔබ මට තව දිරි දෙන්න

මම මැරුණත් මගේ නමත් රැඳෙයි දවසක

යුද්ධ කරපු කාලේ එහෙම ඇසුණු ගීතය දැන් ඇහෙන්නේ ටිකක් වෙනස් වෙලා. යුද්ධය ඉවරවෙලා සාමය උදාවෙලා සමෘද්ධිමත් දේශයක නව අරුණලු දකින්නට යන මේ මොහොතේදී ගීතයේ මුල්පද පෙළත් වෙනස් කරන්න රොෂාන් හිතලා තියෙනවා. දැන් අපට මේ ගීතයේ මුල් පද පෙළ ඇහෙන්නේ මේ විදියට.

නිවාඩුවට මම එනකම් බලාන ඉන්න

ආදරයේ සොඳුරුම තැන් කතාකරන්න

බංකරයේ ජීවිතයට නිවාඩු ලැබුණා

යුද්ධය දැන් ඉවරයි මම ගමරට එනවා..”

මේ ගීතය රචනා කරලා තිබෙන්නේ රොෂාන් ප්‍රනාන්දුට බොහෝ ගීත රචනා කර ඇති සත්‍යජිත් ලක්මාල්. ගායනය හා සංගීතය නිර්මාණය රොෂාන් ප්‍රනාන්දුගෙන්