ඔබ හිරු ය !

 
 

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන කතාව බොරු

 
 

ශ්‍රීලනිපය යුගයේ අභියෝග බාරගන්නා පක්ෂයයි

 
 

දස මස කුස දැරූ බව අමතක කළා දෝ දරුවා කබර කැලයට විසි කළා දෝ...

 
 

ආහාර මිල අඩු කළ නිසා ලක් සතොස ආදායම දෙගුණ වෙලා

 
 

අපේ ආදරේ අප රකින බව මට විශ්වාසයි

 
 

අම්මා කෙනෙක් වෙන්න ආදරෙන් බලන් ඉන්නවා

 
 

හිම යායේ ශීතලට මැදිවී.....

 
 

සැබෑ නිදහස් සටනේපුරෝගාමියා ශ්‍රීලනිපයයි

 
 

ටිකිරි හමුව

 
 

මධු කුසලාන


මධු කුසලාන

”පැතුම”

පිය පරපුරෙන් පැවතෙන කිරි සුවඳ දැනී
සෙනෙහස ආදරය මහදෙහි ජනිත වුණී
සිහිනෙන් පවා සුරතලයක මහිම පෙනී
සීයා කෙනෙක් මුණුපුරකුගෙ අගය දනී

සදෙව් ලොවින් පැමිණුන දූතයා මය
ලස්සන ඔහුගෙ අත පය දිගු කිරී මය
සුරතලයට උපන් මේ සුරතලා මය
දායාදයට දෙවියන් දුන් පුතා මය

ලෝකයෙ හොඳ නරක හරි හැටි හැඳින දැන
කිසිවිට කිසිවකුට වරදක් නොකර මින
පුත ඔබ සිංහ පැටියකු මෙන් පෙරට පැන
මගෙ මවුබිමේ අබිමානය රකිනු මැන

සුවදැති මලක් මෙන් ටික ටික පිපීයන්
විහිදෙන සුවඳ අප හැමටම දැනීයන්
උගතුන් අතර උගතකු ලෙස පෙනීයන්
පරසිදු කලා කරුවකු ලෙස හැදීයන්

සේසිරි විජේසේකර


පිට කොටුව එක්සත් බෝධිරාජ සමිතියේ ප්‍රධාන ලේකම්වරයා වූ ද, කල්‍යාණ මිත්‍ර පර්ෂදයේ ගරු ලේකම්වරයා වූද, අමද්‍යප මහා සභාවේ ක්‍රියාකාරී සාමාජිකයකු වූද, අගනුවර තරුණ කවි සමාජයේ නිත්‍ය සාමාජික කිවිපති ප්‍රේමදාස කළුආරච්චි කිවිසුරාණන්ගේ වියෝව නිමිත්තෙනි.

කලණ මිතුර

ඉල් සඳ සැඟවුණා සේය සිත් සිත් කළ කළු
පණිවිඩයකි සවන වැකුණු නයන කඳුළු ගැලූ
දන්න කියන හැම හදක් ම දුක් ගින්නක වෙළු
අඳුරු මොහොත උදා වෙලා - මිය ගියෙහි ලු ‘කළු’

මුහුණ පිරුණු ඇද කුද නැති සිනහ සැළුව ‘කළු’
සුදෝ සුදට හෙළ ආරෙන් ගත හැඩ කළ ‘කළු’
ආගිය තැන මුදු වදනින් කෙරුව සවන කලු
නෙතට අහිමි විණි දසුනක් සොඳුරු නයන කලූ

බණ පදයක මිහිර විඳින පිරිස සොයන වලු
බොදු මැදුරෙහි බුදු පුතකුගෙ දසුන සදනවලු
හිතමිතු කැල යායුතු මඟ මෙයයි කියන වලු
‘කලණ මිතුරු පර්ෂදයේ’ සුවඳ කොතය ‘කළු’

දනට පිනට නැඹුරු දහම් කඳකින් සිත වෙළු
කළ පින් දිවි මඟ පුරාම උතුරා යන වලු
සොඳුරු නිවන් මඟ දැක දැක දෙනෙත වැසුව ‘කළු’
අප හැම කෙනකුටම කලින් නිවන් දකින වලු

සනත් පියසේන
අගනුවර තරුණ කවි සමාජයේ නියෝජ්‍ය සභාපති


චිරං ජයතු

කොටි බල නසා එක මුතු කළ රට දැයද
ඊළාම් බෙදුම් වාදෙට තිත තැබූ නිබඳ
රාජ පක්ෂ මැතිඳුනි ගරු ජන පතිද
ලක් දෙරණතට සඳමිණි ඉටුදෙවි ඔබද

‘මුළු ලොව ත්‍රස්තවාදය පිටු දකින ලෙස
අමතා ජගත් මහ සමුළුව ඉදිරි පස
කළ එඩිතර දෙසුම් රැව්දුනි සියලු දෙස
ඇස් ඇර බැලුවාය ලක්මව කඳුළු පිස

පෙර රජ දවස සිහිකොට සිරි ලංකා වේ
මොරගහ කන්ද ජලයෙන් ගොවි බිම් නෑවේ
හම්බන්තොට වරායෙන් දෙන නව ජීවේ
හෙට නව ලොවට සුබ පණිවිඩයකි කීවේ

වරං ලැබූ මවු බිම රැක දෙවන යුරූ
ඇහුං කන් දෙමින් ජන මත අගය කෙරූ
සමන් බදුරු දහමට සිත නැඹුරු හුරූ
චිරං ජයතු මහින්ද ජනපතිඳ ගරූ!

හොරවල සයිමන්
 


විපරිණාමය

ගල්ලෑල්ලෙ ලීස්තරේ තව්වක තිබුණා
ගල් කූ®රක් තිබුණි එයට නූලක අමුණා
පින් තූරත් අකුරු ළඟම ලොකුවට පෙනෙනා
හෝඩි පොතක් විතරක් මයි තිබුණේ එදිනා

දැන් නම් නැහැ ගල්ලෑල්ල සහ ගල් කූර
පැන්සල ඇක්සයිස් පොත ද කාබන් කූර
මොන්ටිසෝරියේ ඉඳලම එයි අත නෑර
ගල් ලෑල්ල කටුගෙට දී තිබේලු බාර

සැහැල්ලුවෙන් ඉස්කෝලෙට දැන් යනු නැත්තේ
බරට බරේ බෑග් එකක් ඇත පිට මත්තේ
කෑම වතුර බෝතල කුඩ ඒ තුළ ඇත්තේ
සවස් කාලෙ ගත වෙන්නේ ටියුෂන් මත්තේ

එදා නොවූ නිල ඇඳුමය අද ළමයින්ට
ටයි එකකුත් ඇත ඔවුනට ගෙල පළඳින්ට
සපත්තු සහ මේස් තිබේ පා සරසන්ට
විදුහල් මිස ඉස්කෝලත් නෑ දැකගන්ට

වෙන්නප්පුවේ පයස් ප්‍රනාන්දු
 


ඇයි පමා

ආ ගිය මඟ තොටේ සිරි පොද වැටුණු
නැති හින්දාම කුඩයට කැඳවා ගැනුණු
කලකී දේට ආදරයකි සිත බැඳුණු
නුඹ ඇයි පමා බහ දෙන්නට මට කියනු

තරුකැට අරන් මුතුමාලා ගෙල බැඳුණු
ටජ්මහලකට අඩිතාලම සිත තිබුණු
නිමක් නැති පැතුම් හදවත මත පිපුණු
පලක් වේද හෙට දවසෙදි මට කියනු

සවුදි අරාබිය

අත්තිඩියේ නිමල් සිරිතිස්ස
 


වැස්ස

තෙද බල හිරු ද යටපත් කළ බව දැණින
නිල්වන් අඹර දම් පැහැ රුසිරි ගැණින
කඩිනම් ගමන් ඇති ජන පෙළ නෙත ගැටින
ඇයි මේ වෙනස වැස්සක් එන බව පෙණින

කරවැල් කොකුන් සිල්ගත් විලසට ඉන්නේ
ඉඳහිට කුඩ මසුන් හොට අගටයි ගන්නේ
කාටත් කෙලින් යන ලෙස උපදෙස් දෙන්නේ
කක්කුටු රැලක් නියරේ තැන තැන ඉන්නේ

තණකොළ උලා කෑමට පිරියක් නොවුණ
එළදෙන බලන්නේ දෙස ජල කඳ ගලන
දැන් යට වුණත් මේ මහ ජලයෙන් දෙරණ
කම් නැති වගෙයි වසු පැටියට කිරි උරන

තම්බා ගත්ත වී ටික වේලනු බැරිය
සෝදා ගත්ත රෙදි ටික වේලනු බැරිය
තෙමුණු දර ලිපට ගිනි අවුලනු බැරිය
වැස්සට බණින එක නම් ඉවසනු බැරිය

එල්.බී. දසනායක
 


නැඟණියේ

වසන්තයෙ පණිවුඩය දස දිගත පතුරලා
හිරු කුමරු මිහිකතට සිය සෙනෙහෙ පළකළා
අතු පතර සැලෙද්දී තුසර බිඳු සලසලා
තවත් මල් කැකුලියක ලොවට විකසිත වෙලා

දයාබර නැ¼ඟණියේ සෙනෙහසින් ළංවෙලා
කසී සළු නැත ඔබට සරසන්න වියවිලා
දෙකන් පෙති කරපිංච නැටිවලින් සැරසිලා
නුවන් තෙත් වෙයි මගේ ඔය වුවණ දෙසබලා

දුගී බව උරුම කොට උපන් මුදු මේ ලොවේ
ජීවිතය ගෙවිය යුතු දුක් කඳුළු මැද නොවේ
වසන්තයෙ රස සිහින පැතුම් හද තුළ මැවේ
හිනැහෙන්න නැඟණියේ එයයි අප ලද සුවේ

අතුළ සුදු වැලි මඟක උරුමයක් නැත අපට
කුසට අහරක් සොයන දිවි සටන මිස අවට
මා ලෙසම ඔබත් අද පැමිණිමුත් මේ ලොවට
එය සොඳුරු නැත නඟේ පිටින් පෙනෙනා ලෙසට

කොක්මාදුව

පුෂ්පා කුමාරි පතිරණ
 


නිවහල් පරවියනේ

නීල අහසෙ පියාසලන සුදු පරවියනේ
හනික එන්න බිය සැක හැර නිදහසිනේ
මගේ ගෙපැල සෝ දුක් නෑ ඇත සෙනෙහේ
හදේ සතුට බෙදාගන්න සිත සැනහේ

පේලි සැදී පියාඹන්න උඩු ගුවනේ
නිවහල් ලෙස කෙලෙස ද ඔබ පුරුදු වුණේ
මිනිසත් බව ලබා ඇතත් මේ දෙරනේ
මිනිසුන් ළඟ ඔබගේ සමගිය නැහැනේ

සසර පුරුදු විලස ද ඔබේ සමගි බලේ
පෙන්නාලා ඇදී යන්නෙ ගුවන් තලේ
සාමය සහජීවනයේ අගය බලේ
කියාදෙන්න මිනිසුන් හට පොලෝ තලේ

බුත්පිටියේ

පත්මසිරි අභයවර්ධන
 


වප් මඟුල

හෙළ පෙර ගොවි සිරිත අකුරට නො - වලක්කා
පළමුව කෙතට බැස මුළු යායෙම ලොක්කා
එළඹී නැකත මී - ගොන් බානක් දක්කා
කලකට පසුව වප් මඟුලක සිරි දැක්කා

මී ගොන් බාන් බැඳි එක දිගටම හීයයි
යායම වප් මඟුල් සිරියෙන් ඉතිරී යයි
පෑ අඬහැරේ රැව් මුළු ගම පුබුදා යයි
ළා - හිරු රන් කිරණ වෙල් යායට පායයි

පොල් රුප්පා දෙසින් ගොම - මඩ වගුරු උලා
වෙල් යායට ඇදී මහ ගංවතුර ගලා
නිල් තණ පිඩලි, ඉපනැලි යළි අවදි වෙලා
යල් කන්නයට සුබ සලකුණු පහළ කලා

සී -සෑ නිමා කළ යායෙම වැඩ මුරය
රෑ - වී ගොඩවෙමින් ගැවසෙන පිරිවරය
පාමින් සතුට ගරු - සරු බව ආදරය
මේ මහ ගොවි ගෙදර සොඳුරුය සිරිබරය

බළන්ගොඩ

සමන් රුවන් ලේකම්ගේ
 


වන්නියේ පැරණි දිව ඔසුවක්

දශක හත අටකට පෙර වන්නියේ ඈත පිටිසර ප්‍රදේශවල පැවතුණු සිරිත් විරිත් පුදුම සහගතය. කුඩා බෙහෙත් හලක් මාතෘ නිවාසයක් පවා නොතිබුණු එම ප්‍රදේශවල වැසියෝ සියලුම රෝගවලට ගමේ වෙද රාළගේ පිහිට පැතූහ. ගැමි මවක දරු ප්‍රසූතියකදී මුහුණ දුන්නේ ගමේ විසූ ඒ පිළිබඳව පලපුරුදුකම් ඇති ගැමි වින්නඹු මවගේ අරුම පුදුම දස්කමට ය.

ගැමි මවක දරුවකු බිහි කළ අවස්ථාවේ, සති කීපයක ප්‍රයෝජනයට ගන්නා අරුම පුදුම ගුණ දෙන ‘කායම්හොද්ද’ දිව ඔසුවක් බඳු විය. මවගේ ශාරීරික ආබාධයන් සහමුලින් ම දුරු කළ එම ඖෂධීය වටිනාකමින් යුතු හොඳි බිඳ ඉතා ජනප්‍රිය වී තිබුණ අතර එහි ගුණ දක්වමින් ප්‍රදේශයේ ජනතාව අතර කටින් කට පැතිරී තිබූ මේ ජනකවිය හැමගේම මුවඟ නිතර රැව් පිළිරැව් දෙමින් පැවතුණි.

දහමාසය කුස තුළ සිටියදී තද රැකවල පිට

බිහිවුණු ලේ කැටියා මවුතුරුළේ උණුසුම් කොට

බවලත් අය රහසින් පිළියෙළ කර දෙන මොනවට

දහසක් ලෙඩ සුව වෙනවළු ‘කායම් හොඳි බිඳුවට

කලහේ කුමාරදාස ලියනගේ