පසුගියදා පුලතිසි පුරවරයේදී ‘ජාතික ගොවි සතිය’ උත්සවාකාරයෙන් හා අභිමානවත්ව පැවැත්විණ. මේ උත්සවය දේශීය නිර්මාණකරුවන්ගේ කලා නිර්මාණ කෞශල්‍යය පිළිබිඹු කරන අවස්ථාවක්ද විය. ප්‍රධාන උත්සවය පැවැත්වීම සඳහා තනා තිබූ ‘වටදාගේ’ ආකෘතියයි මේ. එහි ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැස්වී සිටි අයුරු.

ඡායාරූපය - මහවැලි PMU අනුග්‍රහයෙනි

අසත්‍ය ප්‍රචාර ගෙන යන මාධ්‍ය ආයතනවලට එරෙහිව දැඩි පියවර

සරත් ෆොන්සේකා සහ රජය අතර ගැටුමක් නෑ!

- හමුදා මාධ්‍ය ප්‍රකාශක

ඇතැම් ජනමාධ්‍ය සහ වෙබ් අඩවි මඟින් ශ්‍රී ලංකා ආරක්ෂක අංශයේ උසස් නිලධාරීන් අපහසුතාවට ලක්වන ආකාරයේ අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කරමින් සිටින බවත් මේ සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා පවසයි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු බවත් ඔහුගේ සේවය රජය වෙනුවෙන් තවමත් ඉටු වෙමින් පවතින බව ද පෙන්වා දුන් බ්‍රිගේඩියර්වරයා; සරත් ෆොන්සේකා මහතා සහ රජය අතර ගැටුමක් පවතින බවට කරන ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බව ද පැවැසීය.

විස්තර »


වෙළඳ දැන්වීම් . . . .
Navayugaya
 

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

www.apiwenuwenapi.co.uk

www.defence.lk

TRC