|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
නැව් මගින් පෙළපොත් ප්‍රවාහනය සඳහා පසුගිය වසරේ ප්‍රවාහන වියදම පමණක් රුපියල් ලක්ෂ 30 ක් වැය වුව ද මේ වසරේ සිට ගොඩබිමින් පොත් ප්‍රවාහනය කිරීම නිසා විශාල මුදලක් ඉතිරිකර ගන්නට රජයට හැකිවිය. ගොඩබිමෙන් ප්‍රවාහනය කිරීම සඳහා මෙවර වැය වූයේ පෙර මුදලින් අඩකටත් වඩා අඩුවෙනි. එනම් ලක්ෂ 13 කි. යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වවුනියාව හා මුලතිව් යන දිස්ත්‍රික්කවල 1AB, 1C, 2 වර්ගය හා 3 වර්ගයේ පාසල් 877 ක් වෙයි. මේ පාසල් සියල්ලේම 261,618 ක් අධ්‍යාපනය ලබති. ඒ ඒ පළාත්වල විදුහල්පතිවරුන් විසින් 2010 වසර සඳහා එවා ඇති සියලු පෙළ පොත් ඉල්ලුම ලක්ෂ 20 කට ආසන්නය. යාපනය දිස්ත්‍රික්කය සඳහා සාමාන්‍ය පාසල් සිසුන් සඳහා පොත් ඉල්ලුම 920,487 ක් ද මන්නාරම දිස්ත්‍රික්කයේ සාමාන්‍ය පාසල් සිසුන් සඳහා පොත් 172015 ක්ද වව්නියාව දිස්ත්‍රික්කයේ සාමාන්‍ය පාසල් සිසුන් සඳහා පොත් 304473 ක්ද කිලිනොච්චි, මුලතිව් දිස්ත්‍රික්කවල සහන ගම්මානවල වෙසෙන සිසුන්ගේ පොත් සඳහා 594,339 ක්ද වෙයි. ඒ අනුව උතුරු පළාත සඳහා අවශ්‍ය මුළු පොත් ප්‍රමාණය 1991314 කි. අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්තුමාගේ ඍජු අධීක්‍ෂණය නිසා මේ වන විට අවශ්‍ය පෙළපොත් ප්‍රමාණයෙන් හරි අඩක් ම උතුරේ දරුවන් අතට පත්වී ඇත. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හා අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර යන මහත්වරුන්ගේ ඍජු අධීක්‍ෂණය යටතේ සිදුකරන මෙම පෙළපොත් ලබාදීම පෙර නොතිබුණාට වඩා විධිමත්ව මෙවර සමස්ත දිවයින තුළම සිදුකිරීමට සමත්ව ඇති අතර එය වඩාත් හොඳින් ලෝක බැංකු පැසසුමට ද ලක්ව ඇත. මෑතදි ලෝක බැංකු නියෝජිතයින් මෙරටට පැමිණ සිදුකරන ලද සමීක්‍ෂණයේ ප්‍රතිඵල වලට අනුව පෙළපොත් මෙවර බෙදා හැරීම සියයට සියයක් සාර්ථකය. විශේෂයෙන්ම උතුරු පළාත තුළද සියයට සියයක්ම සාර්ථකව පෙළ පොත් බෙදා දී ඇති බව එම වාර්තාව සඳහන් කරයි. විශේෂයෙන්ම සහන ගම්මානවල සිසුන්ගේ පෙළපොත් අවශ්‍යතාවය සාර්ථකව ඉටුකර ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි. කදිරගාමර් සහන ගම්මානයේ පෙළපොත් ගබඩාවක් පිහිටුවා තිබේ.
ඉදිරියේදි නැවත පදිංචි වන පවුල්වල දරුවන් සඳහා ද පෙළපොත් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට ද විශේෂ වැඩ සටහනක් අධ්‍යාපන අමාත්‍යාංශය ආරම්භ කර ඇත. සංඛ්‍යා ලේඛනවලට අනුව නැවත පදිංචි කරන්නවුන් සඳහා අවශ්‍ය අඩුපාඩු පෙළපොත් ලබාදීම ද මේ දිනවල සිදුකෙරෙමින් පවතියි. නැවත පදිංචි වන අය සඳහා අවශ්‍ය පෙළ පොත් ලබාදීම් කෙරෙන්නේ අදාළ කලාප කාර්යාලයන් හරහාය. උතුරට පෙළ පොත් ගොඩබිමින් ප්‍රවාහනය කිරීම මෙන්ම ඒවා නියමිත පරිදි නියමිත දිනට පෙර බෙදාහැරීමට ද ක්‍රමවත් වැඩ පිළිවෙළක් ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව මඟින් සකසා ඇත. එනම් උතුරට හා නැගෙනහිරට විධිමත් ;බදා හැරීමේ ජාලයක්, ක්‍රමවේදයක් ඇති කර ඇත. ළමයින් 2000 ට වැඩි පාසල් වලට මෙන්ම ජාතික පාසල්වලට ඍජුවම පොත් ලබා දෙන අතර අනෙක් පාසල් වලට පෙළපොත් ලබාදීමේ මධ්‍යස්ථාන හරහා පොත් බෙදාදෙයි. අවතැන්වූවන් නැවත පදිංචි කරවීමේ කටයුතු එම පවුල්වල සිසු දරුවන්ගෙන් සිදුවෙයි. අධ්‍යාපන කටයුතු අඩාල වීමට ඉඩනොදී නැවත පදිංචි වන ගම්බිම්වල සිටම තම අධ්‍යාපනය කර ගෙනයාමට අවශ්‍ය පෙළ පොත් ඇතුළු අත්‍යවශ්‍ය දේ මේ වැඩ පිළිවෙළ යටතේ බෙදාදෙයි. පෙළපොත් බෙදාදීමේ නිල උත්සවය දෙසැම්බර් 7 දායි. සහන ගම්මානවල පදිංචි දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් එදින සහන ගම්මාන වලටම ගොස් පෙළ පොත් බෙදා දෙයි. නැවත පදිංචි පවුල්වල දරුවන්ට අදාළ කාර්යාල හරහා පෙළපොත් ලබාදීමට නියමිතය.
මීට අමතරව 2010 දී යාපනය දරුවන්ට අතිරේක පොත් කියවීමේ අවස්ථාව උරුම කරමින් අතිරේක පොත් අලෙවි සැලක්ද යාපනයේ ආරම්භ කිරීමට නියමිතය. ඉදිරියේදි දෙමළ ගුරුවරුන් සඳහා වූ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ පොත් ද උතුරේ ගුරුවරුන් අතර පත්කිරීමේ අවශ්‍ය කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතියි. 2010 වසර සඳහා රජය විසින් දරුවන්ට පාසල් පෙළ පොත් මිලියන 30 ක් සඳහා රුපියල් මිලියන 3000 ක් කැපකර ඇත. ඒ කටයුත්ත වඩාත් සාර්ථක වීමට විධිමත්ව සෑම දරුවෙකුටම එකම කාලයේදි සියලු පෙළ පොත් ලබා දීමට කටයුතු යොදා තිබේ. දින 180 සංවර්ධන වැඩසටහන යටතේ අවතැන් වූ දරුවන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් වැඩසටහන් රාශියක් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කර ඇත. සහන ගම්මානවල රැඳී සිටින මුළු පාසල් දරුවන් 61,000 සඳහා මසා නිම කරන ලද ඇඳුම් කට්ටල සඳහා රු. මිලියන 36.6 ක්ද, නිල ඇඳුම් නොවන පාට ඇඳුම් සඳහා මිලියන 36.5 ක්ද, ළමා පුටු මේස කට්ටල සඳහා රුපියල් මිලියන 38.7 ක්ද, වවුනියාව, මැණික් ෆාම් සහන ගම්මානයේ තාවකාලික පංති කාමර ගොඩනැගිලි 10 ක් සඳහා රුපියල් මිලියන 5.7 ක්ද, ජංගම විද්‍යාගාර 22 ක් සඳහා රුපියල් මිලියන 7 ක්ද, සහන ගම්මානවල රැඳී සිටින දරුවන් වෙනුවෙන් තාවකාලික පුස්තකාල 4 ක් සඳහා රුපියල් මිලියන 1.2 ක්ද, වව්නියාව මන්නාරම, යාපනය දිස්ත්‍රික්කවල පාසල්වල හදිසි අලුත්වැඩියාවන් හා ඉදිකිරීම් සඳහා අනුමත කර ඇති මුදල රුපියල් මිලියන 70 ක් ද වැය කර තිබේ.
| |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|