ඉවරයක් නැති දේවල්

 
 

සරත් ෆොන්සේකා සහ රජය අතර ගැටුමක් නෑ!

 
 

ඉතිහාසයට බොරු කරන්න බැහැ

 
 

බටහිර රටවල තණ්හාව ආසියාවේ අපටත් ප්‍රශ්න ඇති කළා

 
 

විපක්‍ෂයට යන්ඩ තරම් මොළේ කොළොප්පම් අය රජයේ නැහැ

 
 

ඔබාමාට නොබෙල් සාම තෑග්ග දුන්නේ ඇමෙරිකාවේ තැන රැක දීමටයි

 
 

‘ගම්පෙරළියේ’ නන්දා මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අක්කා වූ ජුලි නෝනා ද?

 
 

අලි කරදර මැද අකුරු කර ලොකු හපන්කමක් කළ පුංචි හපන්නු

 
 

සෙලාන් කොටස් නිකුතුවේ මිලදී ගැනීම් ප්‍රමාණය ඉක්මවයි

 
 

දරුවාගේ සෙල්ලම් බඩු ගොඩට ඉස්කුරුප්පු නියන්-ඇණ මුරිච්චිත් ඕනෑ

 
 

ටිකිරි හමුව

 
 

මධු කුසලාන

 
 

මස්සිනා ඇතුළට එන්න බැරිව පන්සලේ ගේට්ටුව ළඟ නතර වුණා

දරුවාගේ සෙල්ලම් බඩු ගොඩට ඉස්කුරුප්පු නියන්-ඇණ මුරිච්චිත් ඕනෑ

දරුවාගේ සෙල්ලම් බඩු ගොඩට ඉස්කුරුප්පු නියන්-ඇණ මුරිච්චිත් ඕනෑ

දෙස් විදෙස් රන් සම්මාන දිනූ නව නිපැයුම්කරු නිරන්ජන් වීරකෝන්

විද්‍යාඥයකු වීමට මඟ පෙන්වන අලුත් පොතක් සමඟ සංයුක්ත තැටියක්

ඔහු මුලින්ම යාන්ත්‍රික පාපැදියක් හැදුවේය. ඊට පසු කරටියටම ගොස් පොල් කඩන යන්ත්‍රයක් නිපදවීය. පසුව පොලිතින් හා ප්ලාස්ටික්වලින් පෙට්‍රල් නිපදවන යන්ත්‍රයක් හැදුවේය. පසුව මුහුදු රැල්ලෙන් විදුලිය නිපදවන යන්ත්‍රයක් ඉහළම තාක්ෂණයෙන් හැදුවේය. මෑතකදී ඔහු දැලි නැති දර අඩුවෙන් අවශ්‍ය ලිපක් ද හැදුවේය.

මේ නව නිර්මාණ සඳහා ඔහු අන්තර් ජාතික තරගවලදී රන් පදක්කම් ලැබීය. රිදී පදක්කම් ලැබීය. අපේ රටේදී ජනාධිපති සම්මාන දෙවරක්ම ලබාගත්තේය.

ඔහු බදුරලියේ කුරුදුගස්මානාගේ නිරන්ජන් වීරකෝන්ය.

මෙවර අපි ඔහු ගැන යළිත් ලියන්නේ පසුගියදා එළිදැක්වූ ඔහුගේ කුළුදුල් ග්‍රන්ථය ‘විද්‍යාඥයකු වීමේ ගමන් මග‘ හා ඊට අදාළ සංයුක්ත තැටිය පිළිබඳව කතා කරන්නය.

“විද්‍යාඥයකු වීමට ගමන් මඟ ග්‍රන්ථයෙන්, කුඩා කාලයේ සිටම අනාගත විද්‍යාඥයකු වීමට මංපෙත් විවර කරගන්නා හැටි මනාව පෙන්වා දෙයි. සංයුක්ත පටයේ ඇත්තේ නිරංජන් ගේ සම්මාන ලැබූ නව නිපැයුම් පිළිබඳවය.ඔබ ලොව පිළිගත් නව නිපැයුම් කරුවෙක් විද්‍යා පර්යේෂකයෙක්. ඇයි මේ නව නිපැයුම් කිරීම පසෙකලා පොත් ලියන්න පටන් ගත්තේ.

මම නව නිර්මාණකරණයේ දිගට ම යෙදෙනවා. මා නිවසේම දැන් විදුල්කා නව නිපැයුම් මධ්‍යස්ථානය පිහිටුවා තිබෙනවා. ඒ මඟින් ප්‍රතිඵල රැසක් ලබාගත්තා.

යුද්ධයක් ඉවර වෙලා රට සංවර්ධනය කරා යන මේ කාල වකවානුවේදී අපි මේ රටේ තරුණ තරුණියන් දූ දරුවන් හැකි සියලු දෙනා විද්‍යාඥයන් පර්යේෂකයන් තාක්ෂණික ශිල්පින් නව නිර්මාණ කරුවන් බවට පත්කිරීමයි අවශ්‍ය.

ඒත් අද අපේ රටේ සමහර ජනමාධ්‍ය අපේ රටට බිහි කරන්න හදන්නේ ‘ස්ටාර්ලා’ විතරයි.

ඒත් විද්‍යාඥයෙක්, පර්යේෂකයෙක් නව නිපැයුම්කරුවකු බිහි කරන වැඩ සටහන් ඉතා අඩුයි. ජනමාධ්‍ය මේ කාලයේ රට සංවර්ධනය කිරීමට සුදුසු විද්‍යාඥ බළකායක් රට තුළ බිහිකිරීමට උදවු කළ යුතුයි. මං මේ පොතෙන් කරන්නේ ඒ කාර්යභාරයට උදවු දීමයි.”

විද්‍යාඥයෙකු නව නිපැයුම් කරුවෙකු බිහි කිරීමට අම්මලා තාත්තලාගේ පැත්තෙන් මුලින් ම කළ යුතු යුතුකම පිළිබඳ පැවසුවොත්?

පුංචි කාලයේ දරුවා සෙල්ලම් බඩු ඉල්ලා හඬා වැටෙන විට ඒවා අරන් දිය යුතුය. ඒවා කැඩුණු බිඳුණු විට තරවටු කරන්න එපා. කුරුම්බැට්ටිය කොස් කොළය වැනි බාහිර පරිසරයේ ඇති දේවල් වලින් සෙල්ලම් බඩු හදා ගන්නා හැටි කියා දෙන්න. දරුවාට කුඩා කල සිටම ඉස්කුරුප්පු නියන්, ඇණ මුරිච්චි, වයර් කෑලි, බැටරි විදුලි මෝටර් වගේ කුතුහලය දනවන දේ ඉල්ලුවොත් දෙන්න. ඔහු කැමැති දේ හදාවි කැමැති දේ කඩාවි.

දරුවා ලොකු මහත් වන විට පාසලේ 5 - 6 ශ්‍රේණිවල දී ඔහුට විද්‍යා හා තාක්ෂණික පොත පත ලිපි ලබා දෙන්න.

අවට පරිසරය පිළිබඳව දරුවන්ට අවබෝධයක් දෙන්න. පැළයකින් ගසක් හැදෙන හැටි, මාරක ළිඳේ බයිසිකල් පදින හැටි, ගුවන් යානයක ගමන් විලාසය හා මාළු පිහිනන හැටි කුරුල්ලන් පියාඹන හැටි ආකාරය පිළිබඳව දරුවාට පැහැදිලි කර දෙන්න. එහිදී දරුවාගේ කුතුහලය වර්ධනය වෙනවා. ගවේෂණශීලි වෙනවා එය විද්‍යාඥයකු වීමට අත්‍යවශ්‍ය සාධකයක්.

දරුවන් හෝ තරුණ පිරිස වැඩිපුර යෙදෙවන ක්ෂේත්‍ර පිළිබඳව ඔබ දකින්නේ කෙසේ ද?

පාසල් මෙන්ම විශ්ව විද්‍යාල සිසුන්ගේ බාහිර ක්‍රියාකාරකම් ක්‍රමයෙන් අඩුවීගෙන යන බව පේනවා ඒ සමඟම ඔවුන් විෂයානුබද්ධ කටයුතු වලට පමණක් වැඩියෙන් යොමු වෙලා සිටීම නිසා බාහිර ප්‍රශ්නවලට මුහුණ දීමේ හා ජීවන ගැටලුවලට මුහුණ දීමේදී අපහසුවට පත්වෙනවා. මානසික ආතතියක් ඇති වෙනවා.

පාසල - සරසවි සිසු සිසුවියන් නව නිර්මාණ කිරීමට පෙළඹවීමට යොමු කිරීම වැදගත්.

අතීත විද්‍යාඥයන් කළ නව නිපැයුම් පිළිබඳව අපේ සිසු දරු දැරියන් පූර්ණ අවධානය යොමු කළ යුතුයි. ගුවන් විදුලිය, දුරකථනය රූපවාහිනිය, බයිසිකලය ඔරලෝසුව පවා නව නිර්මාණ කරුවන්ගේ විද්‍යාඥයන්ගේ නිපැයුම් නේද කියලා අපේ සිසු පරපුර මොහොතක් සිතා බැලිය යුතුයි.

සිසු දරුවන් මෙන්ම සරසවි සිසුන් ද යම් පර්යේෂණයක් කිරීමට නව නිපැයුමක් කිරීමට කටයුතු කළොත් ඔහුගේ නිර්මාණශීලී හැකියාව තවත් වර්ධනය වේවි. මානසික ආතතිය තුනී වෙනවා. නව නිපැයුමක් කළොත් එය ලෝකයේම ප්‍රසිද්ධ වෙනවා. පරම්පරා ගණනාවක් ඔබේ නම පවතිනවා.

අද අපේ ලෝකයේ අප කථා කරන බොහෝ විද්‍යාඥයන්ගේ නම් ලෝකයේ බොහෝ කල් රඳා පවතින්නේ ඔවුන් කළ නිර්මාණ නිසයි.

විද්‍යාඥයෙක් වීමට අදහස් කරන සිසු දරුවන්ට ඔබ දෙන උපදේශය කුමක් ද?

ඔබ පාසල් ගිය මුල්ම සමයේ ඔබ අනාගතයේ කවුරු වෙන්න ද කැමැති කියා ඔබෙන් විමසූ විට ඔබ වෛද්‍යවරයකු, ඉංජිනේරුවරයකු, නීතිඥයකු වීමට කැමැති බව පැවැසුවා මතක ඇති. ඒත් කවුරුන්වත් විද්‍යාඥයකු වනවා යැයි කියන්නේ නෑ. අතීතයේ විද්‍යාඥයන් නව නිපැයුම්කරුවන් බිහි නොවුණා නම් ඉහත රස්සාවල් පවා කිසිවක් මෙලොවට බිහිවන්නේ නැහැ.

මේ සඳහා ඔබ අලුත් විදියට සිතන්න පුරුදු විය යුතුයි. උදාහරණයක් ලෙස ලී කැපීම පිළිබඳව බලන්න. ලී කුඩු අපතේ යෑම නිසා ලීයෙන් කෑල්ලක් අඩු වෙනවා. ලී කුඩු පරිසරය දූෂණය කරනවා. අපතේ යන්නැති සියුම් ලී ඉරීමේ ක්‍රමයක් පිළිබඳව සිතන්න. එය මුළු ලෝකෙටම වැදගත් වේවි.

විද්‍යාඥයකු වීමට පුංචි කාලේ සිටම හැඩගැසෙන්න ඕනැ. මැලියම් ගා අලවා යමක් නිපදවීමට, කියතෙන් කැපීමට, ඇණ මුරිච්චි ගැලවීමට, සෙල්ලම් බඩු ගැලවීමට සවිකිරීමට පුංචි කාලේ සිටම හුරු කරන්න. කුතුහලය දනවන කාර්යයක නිරත වීම ඉතා වැදගත්.

මෙහිදී වැඩි වියදමක් යන වැඩි කාලයක් යන නිපැයුම්වලට වඩා අඩු වියදමක් අඩු කාලයක් යන නිපැයුම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය.

ඔබ අලුත් දෙයක් කිරීමට උත්සාහ කරන විට එය නියමිත සැලැස්මක් අනුව ගොඩනැඟිය යුතුයි. ඉවසීම පුරුදු පුහුණු කිරීමත්, කලාව පිළිබඳ උනන්දුවක් දැක්වීමත් වැදගත්.

විද්‍යා පර්යේෂණවල නව නිර්මාණකරණයේ යෙදෙන ඔබ සංකීර්ණ ප්‍රශ්න වලට පිළිතුරු සැපැයීම ප්‍රධාන සතුට කොට ගත යුතුය. වරක් ඇල්බට් අයින්ස්ටයින් කීවේ ‘ස්වභාවධර්මයේ ඉතාම සුන්දර තිළිණය නම් දැකීමේ හා අවබෝධ කරගැනීමේ පී‍්‍රතිය බවයි.’

කෙසේ වුවත් යම් දෙයක් මුලින් හදන කෙනෙකුට එය අසීරුයි. සමහර විට හිත මිතුරන්ගේ පවා දැඩි ප්‍රතිරෝධයක් ඇති වෙනවා. එය ගණන් නොගත යුතුයි. පසුනොබැසිය යුතුයි. ජයග්‍රහණය ඉලක්ක කරගෙන වැඩේ කළ යුතුයි.

ඔබගේ ‘විද්‍යාඥයකු වීමේ ගමන් මඟ’ ග්‍රන්ථය පිළිබඳව යමක් පැහැදිලි කළොත්...?

ඒ පොත මං පළ කළේ අපේ රටේ කාලීන අවශ්‍යතාවක් ඉටුකර දීමේ අරමුණින්. අපට අවශ්‍ය අපේ අනාගත පරපුර විද්‍යාඥයන් පර්යේෂකයන් ඉංජිනේරුවන් නව නිපැයුම්කරුවන් කිරීමටයි.

ඒ සඳහා සුවිශේෂ පරිච්ඡේද 15 ක් ඔස්සේ එම පොතේ අදහස ඉදිරිපත් කර තිබෙනවා. චරිත සාධනය පිළිබඳව මෙම ග්‍රන්ථයේ වෙනම පරිච්ඡේදයක් පවතිනවා. එය මඟින් ප්‍රධාන චරිතාංග 9 ක් ඉදිරිපත් කර තිබෙනවා.

විද්‍යාඥයකු වීමට අවශ්‍ය පෞද්ගලික, විද්‍යාත්මක, තාක්ෂණික උපදෙස් රැසක් මෙහි අන්තර්ගත වී තිබෙනවා.

පොත සමඟ බෙදා හරින සංයුක්ත තැටියෙන් දෙන පණිවුඩය කුමක් ද?

එය මඟින් මම කරපු සියලු නිර්මාණ පිළිබඳව අවබෝධයක් දෙනවා ඒ පිළිබඳව ලිපි, රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කෙරෙනවා. එය මඟින් විද්‍යාඥයකු හා නව නිර්මාණකරුවකු වීමේ මඟ එහි වාසිය හා ගෞරවය පැහැදිලිව පෙන්නුම් කරනවා.

විද්‍යාඥයකු වීමට තවත් උපදෙස් ලබාගැනීමට අවශ්‍ය නම් 0718582524 දුරකථන අංකයෙන් නිරන්ජන් වීරකෝන් මහතා ඇමැතීමට පුළුවන.