ඉවරයක් නැති දේවල්

 
 

සරත් ෆොන්සේකා සහ රජය අතර ගැටුමක් නෑ!

 
 

ඉතිහාසයට බොරු කරන්න බැහැ

 
 

බටහිර රටවල තණ්හාව ආසියාවේ අපටත් ප්‍රශ්න ඇති කළා

 
 

විපක්‍ෂයට යන්ඩ තරම් මොළේ කොළොප්පම් අය රජයේ නැහැ

 
 

ඔබාමාට නොබෙල් සාම තෑග්ග දුන්නේ ඇමෙරිකාවේ තැන රැක දීමටයි

 
 

‘ගම්පෙරළියේ’ නන්දා මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අක්කා වූ ජුලි නෝනා ද?

 
 

අලි කරදර මැද අකුරු කර ලොකු හපන්කමක් කළ පුංචි හපන්නු

 
 

සෙලාන් කොටස් නිකුතුවේ මිලදී ගැනීම් ප්‍රමාණය ඉක්මවයි

 
 

දරුවාගේ සෙල්ලම් බඩු ගොඩට ඉස්කුරුප්පු නියන්-ඇණ මුරිච්චිත් ඕනෑ

 
 

ටිකිරි හමුව

 
 

මධු කුසලාන

 
 

මස්සිනා ඇතුළට එන්න බැරිව පන්සලේ ගේට්ටුව ළඟ නතර වුණා


ටිකිරි හමුව

රට රටවල මුදල්
 

රට මුදල් වර්ගය
ඉන්දියාව රුපියල්
බහරේන් ඩිනාර්
මාලදිවයින රුපියල්
සූඩානය පවුම
සවුදි අරාබිය රියාල්
සිංගප්පූරුව ඩොලර්
සෝමාලියාව ඩොලර්
ඇල්ජීරියාව ඩිනාර්
ලිබියාව ඩිනාර්
ලෙබනනය පවුම්

 (පොතපත ඇසුරිනි)
 

සඳමාලි වර්ණකුලසූරිය

12 ශ්‍රේණිය,

උස්සාව විදුහල,

උස්සාව, මැල්සිරිපුර
 


පරිසරයේ වරුණේ

මිනිසා ඇතුළු සත්වයන්ගේ ජීවිතයට ගස්වැල් බොහෝ ප්‍රයෝජනවත් වේ. ඔවුනට අවශ්‍ය ආහාර ඖෂධ ඇඳුම් මෙමගින් ලබා ගත හැකි ය. ගස් වැල් නොමැතිව මිනිසාට ජීවත් විය නොහැක. ගස් වැල් අපේ ජීවිතය හා සමාන ය.

ගස්වැල්වලට ප්‍රාණය තිබේ. ගස් වැල් හුස්ම ගැනීමේදී පරිසරයේ ඇති අපිරිසුදු වාතය දරා ගනියි. ඒ කාබන්ඩයොක්සයිඩ් වායුවයි. මිනිසාට හිතකර වායුවක් පිට කරයි. ඒ ඔක්සිජන් වායුවයි. මිනිසාට හා සතුන්ට හිතකර පරිසරයක් සෑදීමට ගස් වැල් උපකාරී වේ. පරිසරය සිසිල් කිරීමට පස සේදී යෑම වැළැක්වීමට පොළොවේ දිය සීරාව රඳවා ගැනීමටත් මේ අනුව ජලය ආරක්ෂා කර ගැනීමටත් ගස්වැල් උපකාරී වේ.

කුඩා කළ සිට ම අප ගස් වැල්වල ප්‍රයෝජනය දැන සිටිය යුතු ය. අප ප්‍රයෝජනයට ගන්නා ගස්වැල් අපේ වැඩිහිටියන් සිටවූ ඒවා ය. සමහරු හිතුමතේ ගස් වැල් විනාශ කර දමති. ගස් වැල්වලින් ඇති ප්‍රයෝජනය කුමක්දැයි නොදනිති. අනාගත පරපුර වෙනුවෙන් අපද ගස් වැල් වැවිය යුතු ය. ගස් වැල් වැවීමටත් ආරක්ෂා කිරීමටත් අපි ඇප කැප වෙමු. ගසක් වවා අපිත් රැකෙමු. රටත් රකිමු.

කවිශා දිව්‍යාංජලී විජයරත්න,

5 ශ්‍රේණිය ‘බී’,

ඇලපිටිවෙල චන්ද්‍රවංශ ක.ද්.වි., රාගම.
 


අලුත් දවසක්

සීත සුළං රැලි හෙමින් ඇදෙනවා
කුරුලු ගීත දස දෙසින් ඇසෙනවා
අරුණළු රැස් පොළොව සිඹිනවා
සතුට රැඳුණු නව දිනක් ලබනවා

ගොවියන් කුඹුරට හේනට යනවා
දරුවන් පාසල් වෙතට ඇදෙනවා
මිනිසුන් දවසේ වැඩ අරඹනවා
නව දවසක සිරි එලෙස මැවෙනවා

ගයාත්‍රි අරුන්දිකා කුමාරිහාමි

7 ශ්‍රේණිය ‘ඒ’,

රාජකීය මධ්‍ය මහා විද්‍යාලය,පොළොන්නරුව
 


මා සහභාගි වූ දීප චාරිකාව

එදින අගෝස්තු මස විසි අට වැනි දින විය. මගේ පැතුම තව සුළු මොහොතකින් ඉෂ්ඨ වන බව සිත මට කීවේය.

උදෑසන හය හමාර වන විට වාහන පේළියක් සැදිණි. ඔවුන්ට ද තිබුණේ මහත් සතුටකි. සතුට උතුරා යන මුහුණු සෑම තැනම විය.

උදෑසන හයයි හතළිස් පහ පමණ වන විට දෙවියන් බුදුන් සිහි කර ගමන ආරම්භ කළෙමු.

කොළඹින් ඇරැඹුණු දීප චාරිකාව පාණදුර, කළුතර, ගාල්ල, රන්න හා හම්බන්තොට හරහා ගමනාන්තය වූ කතරගමට ළඟා විය.

අතරමඟදී අපි කළුතර බෝධිය වැඳ පුදා ගත්තෙමු. ඒ වගේම රන්න ළමා පුස්තකාලයක් ද ඇරැඹුවෙමු. අපි කතරගම රජ මහා විහාරයේ ඇති විශ්‍රාම ශාලාවේ රාත්‍රිය ගත කළෙමු.

එය ඉතා පිරිසුදු තැනක් විය. රාත්‍රී ආහාරය කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතාගෙන් ලැබිණි.

එය ඉතා රසවත් ආහාර වේලක් විය. රාත්‍රීය පසු වී පසුවදා උදෑසන ඇරැඹිණි.

එදින අභියෝග රැසකට මුහුණ දිය යුතු දිනයකි. උදෑසනින් ම අප සමඟ පැමිණි පිරිස රුක් රෝපණ වැඩ සටහනට සහභාගි විය. එම වැඩසටහනට පසුව ඇරැඹුණේ ළමා තරගයි. එම තරග නම්, සාමාන්‍ය දැනීම, ක්ෂණික කතා, ජන ගී හා දේශාභිමානී ගී ය. මට සාමාන්‍ය දැනීම 3 වැනි ස්ථානය හිමි විය. මම එය සතුටින් බාර ගතිමි.

පසුදා කොළඹ පැමිණෙන ගමනේදී අපි පූජනීය ස්ථාන රැසකට ගියෙමු. එම ස්ථාන නම් වැවුරුකන්නල, කතරගම, සෙල්ල කතරගම හා කිරි වෙහෙරයි.

අපි හුම්මානයට ද ගියෙමු. එය මට අමතක නොවන ගමනකි. රාත්‍රී දහයට පමණ අපි කොළඹට පැමිණියේ සිතට සතුටක් මෙන්ම විශාල දැනුම් සම්භාරයක් ද සමඟය.
 

එරන්දිනී සෞභාග්‍යා

6 ශ්‍රේණිය ‘ජී’,

ගෝතමී බාලිකා වි. ,

කොළඹ 10.
 


සිරිපා වඳින සමනළුනේ

සමනළුන් රෑනයි
රන් වන් කුසුම් බෝමයි
උයන සිරිසාරයි
බලන හැම නෙත තුටින් පිබිදෙයි

අහස් කුසේ රටා මවන සමනළුන්
රහස් කියයි ඔබ යන මඟ මට නිතින්
මනරම් කඳුකරයේ සැරි සරන්නේ
සිරිපද වැඳ එහි පතුලේ වැටෙන්නේ

සී.ඩී.බී. ශ්‍යාමලී ජයවර්ධන,

13 ශ්‍රේණිය,

තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය,හොරණ.
 


පරිසරයේ පැවැත්ම

ගස්වැල්වලින් පිරිපුන්, මල්ඵලවලින් බරවූ අප අවට ඇති පරිසරය මෙයයි. මෙහි සුන්දරත්වය කිව නොහැකි තරම් ය. මල්, ඵලවලින් බර වූ සුන්දර තුරුලතා තාලයට රඟමින් සියලු ම දෙනාට සිසිලක් ලබාදෙයි. ගල් පරවල හැපෙමින් ගංගා, ඇළ දොළ තාලයකට ගලා බසියි.

මනාලියක ගේ වේල් පට සේ පහළට ඇඳ හැළෙන දිය ඇලි ඉතාමත් චමත්කාර දර්ශනයක් මවයි.

පරිසරයේ සුන්දර පැවැත්ම රැකගැනීමට නම්, පරිසරයට අහිතකර බලපෑම් නොකළ යුතු ය.

ඩිනාලි කොඩිකාර,

6 ශ්‍රේණිය,

ඩී.එස්.සේනානායක ම.ම.වි., මීරිගම.
 


රාත්‍රිය

සඳ කුමරා පැමිණෙනවා
හිරු කුමරා සැඟවෙනවා
තරු අහසේ පායනවා
රාත්‍රියට අපි යනවා

සියොත් කැදලි කරා යනවා
මිනිසුන් ගෙපැලට ඇදෙනවා
මුළු ලෝකෙම අඳුරු වෙනවා
බකමූණන් කෑ ගහනවා

සඳ කුමරා එළිය දෙතේ
පිණිකැට මුතු සේ දිළිසේ
තරු කැට රන් පබළු වෙතේ
අඳුරු අහස රූ ගැන්වේ

ගමේ වැවේ සඳ බැබළේ
සඳරැස් දිය යට කිමිදේ
ඒ රැස් දහරෙන් පිනිකැට
මුතු සේ දිය යට ලෙළදේ

නිසල් තරිඳු බංඩාර කොතලාවල

5 ශ්‍රේණිය ‘සී’,

එස්.බී.හේරත් ජාතික පාසල,

ගනේවත්ත – නිකදළුපොත.
 


මගේ මල් වත්ත

මගේ ලස්සන මල් වත්ත ගෙය වටා පිහිටා ඇත. මල් වත්තේ ඕලු, නෙළුම්, රෝස, අරලිය, පිච්ච, ඇන්තූරියම්, වතු සුදු සහ දාස් පෙති යන මල් වර්ග වෙයි. මගේ මල් වත්තට එන සමනල්ලු සහ කුරුල්ලෝ මල්වල පැණි බොති. මම දහම් පාසල් යන විට මල් වත්තෙන් මල් කඩමි. මගේ මල් වත්තේ තිබෙන මල් හරිම සුවඳයි, ලස්සනයි. ඉර පායන විට අලුත් මල් පිපෙයි. මගේ මල් වත්ත දැක යහළුවෝ සහ නැන්දලා, මාමලා මට ප්‍රශංසා කරති. මගේ ගෙවත්තේ තිබෙන පුංචි මානෙල් පොකුණේ මාළු පැටව් එහා මෙහා පීනති.

කුරුල්ලෝ කීචි බීචි ගාන විට මගේ ගෙවත්ත තවත් ලස්සන වෙයි. මම තවත් මල් පැළ හිටවා පස්, පොහොර, ජලය දමා සාත්තු කරමි.
 

පමුදි මහීකා හෙට්ටිහෙලගේ

4 ශ්‍රේණිය ‘බී’,

ධර්මපාල වි., පන්නිපිටිය
 


මුහුදු රළ

නිලට නිලේ දිලිසෙන්නේ
හෝ ගා වැල්ලට එන්නේ
කිරි කවඩියි හිනැහෙන්නේ
මුහුදු රැල්ල පෙරළෙන්නේ

අප වටකර රැල්ල එන්නේ
වෙරළේ හැපි නැවත යන්නේ
පිපාසයට බොන්න බැහැනේ
මුහුදු වතුර ලුණු රසයිනේ

එම්. සේනානි ශෂිකලා පින්තු

9 ශ්‍රේණිය ඊ,

ජනාධිපති බාලිකා වි.,රාජගිරිය
 


සඳ පෑයූ රාත්‍රියක්

එදින පුර පසළොස්වක පෝය දවසකි. දිවා කාලයේදී මෙන් ගෙමිදුල ආලෝකමත්ව පවතියි. මම මිදුලට බැස්සෙමි. මගේ මුළු සිරුරම සඳ රැසින් නැහැවී ගියේ ය. සඳ එළියෙන් බාධා නොපැමිණි බව කියන්නට මෙන් වවුලෝ පියාඹති. රෑ පිපෙන මල්වල සුවඳ මා නැහැයට අපූරු වින්දනයක් ගෙන දෙයි.

කඩුපුල් මල සාඩම්බර ලෙස හිනැහුණා ය. පිපිණු සේපාලිකා මල් සුවඳ විහිදුවමින් එකිනෙක බිමට වැටේ. රෑ සඳ එළියට කුමුදු මල් පිපෙන බව ද මම අසා ඇත්තෙමි. එහෙත් මම ඒවා දැක නැත්තෙමි.

පන්සලේ ඝණ්ටාර නාදය ඈතින් ඇසේ. මට බුදු සිසිල දැනෙන්නාක් මෙනි. සඳ පහන් රැයට සුරංගනාවන් පන්සල් එන බව සීයා කියනු මම අසා ඇත්තෙමි. ඒවා දැනගන්නට අද සීයා ගෙදර නැත. ඔහු සිල් ගැනීමට ගොස් ය. නැවත එන්නේ හෙට උදෑසන ය. සැබැවින්ම සඳ රැස් මොන තරම් සිසිලසක් ;ගන දෙන්නේ දැයි මට සිතිණි. සඳේ අසිරිය පිළිබඳ යහළුවන්ට කියන්නට මම සිතා ගතිමි.
 

සුපුනි ප්‍රාර්ථනා කොඩිකාර,

5 ශ්‍රේණිය ‘ඒ’,

දේවි බාලිකා මහා විද්‍යාලය, දොම්පේ.
 


රට දැය වෙනුවෙන් දිවි පිදූ පුරන් අප්පු

කුරුතුම්පාල හැන්නැදිගේ ප්‍රැන්සිස්කු ප්‍රනාන්දු නම් කුඩා දරුවා මොරටුව ප්‍රදේශය තුළ උපන් අයෙකි. කුඩා කල සිටම අසාධාරණය නොඉවසූ මොහු දහතුන් හැවිරිදි වියේ දී ගම්මුලාදෑනි මහතාගේ අසාධාරණ ක්‍රියා දැක ඔහුට ගල්වලින් පහර දී උඩරටට පැන ගියේය. බොහෝ කලක් උඩරට රහසිගතව වාසය කළ ප්‍රැන්සිස්කු ප්‍රනාන්දු වයස අවුරුදු තිස්පහේ දී හාරිස්පත්තුවේ වාසය කළ බණ්ඩාර මැණිකේ ආවාහ කර ගත්තේය.

එකල පැවැති ඉංගී‍්‍රසි පාලනයට විරුද්ධ වූ ප්‍රැන්සිස්කු 1848 ජූලි 26 වැනි දින දඹුල්ලේ දී ඉංගී‍්‍රසින්ට විරුද්ධව කැරැල්ලක් සංවිධානය කිරීමට මොහු සමත් විය. එම කැරැල්ලත් සමඟම මොහුගේ නම පුරන් අප්පු බවට හැරවිණි. 1848 ජූලි 28 වැනි දින දඹුලු විහාරයේදී උඩරට රජු ලෙස මොහු අභිෂේක ලැබීය. 1848 අගෝස්තු 6 වැනි දින තම සෙන්පතිවරුන් නව දෙනකු සමඟ වාරියපොළ කඳවුරේ රාත්‍රිය ගත කළ පුරන් අප්පු, අනෙක් සෙන්පතිවරුන් විසින් ඉංගී‍්‍රසින්ට අල්ලා දෙන ලදී. 1848 අගෝස්තු 8 වැනි දින සවස 2.30 ට පුරන් අප්පු මහනුවර දී වෙඩි තබා මරා දමන ලදී.

“මා වැනි පුතුන් දස දෙනෙකු මාගේ අම්මා ලැබුවා නම් මේ සුද්දන් ගෙන් ශ්‍රී ලංකාව නිදහස් කර ගන්නවා” යන්න පුරන් අප්පුගේ අවසන් කියමන විය.
 

මොවින්ද්‍යා සජිනි

8 ශ්‍රේණිය ‘ඩී’,

සමුද්‍රදේවී බා. විදුහල, නුගේගොඩ
 



 

පීනනා මාළුවෝ

මාළු බානවා

යූ.පී. පූර්ණී අමාෂා
1 ශ්‍රේණිය,
රත්නාවලී බා.ම.වි., කොළඹ.

නවෝද් ගයම්පත්
3 ශ්‍රේණිය ‘බී’,
සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර ම.ම.වි., මතුගම.

මගෙ පොඩි තාරා

අපේ කාර් එක

ඉමායා සන්දීපනී රුවන්පතිරණ
1 ශ්‍රේණිය ‘පිණිබිඳු’,
හොරගස්මුල්ල ප්‍රාථමික වි., දිවුලපිටිය.

ශෂිප්‍රිය ගීමින්ද විතානාරච්චි
2 ශ්‍රේණිය ‘බී’,
සිරිධම්ම වි., ගාල්ල.

අපේ වත්තේ පොකුණ

අලි අම්මයි අලි පැටියයි

දිල්මි ඩිල්ශානි
7 ශ්‍රේණිය,
ඊරියතොට ම.වි., කඹුරුපිටිය.

අනුදි දිසාරා තෙන්නකෝන්
4 ශ්‍රේණිය ‘ඊ’,
සිරිකුරුස වි. ගම්පහ.


 

මං පාසල් යනවා

සිතිර සස්මිණ දහනායක
ජාත්‍යන්තර ගාර්ඩන් පෙර පාසල,
පානදුර.