ඉවරයක් නැති දේවල්

 
 

සරත් ෆොන්සේකා සහ රජය අතර ගැටුමක් නෑ!

 
 

ඉතිහාසයට බොරු කරන්න බැහැ

 
 

බටහිර රටවල තණ්හාව ආසියාවේ අපටත් ප්‍රශ්න ඇති කළා

 
 

විපක්‍ෂයට යන්ඩ තරම් මොළේ කොළොප්පම් අය රජයේ නැහැ

 
 

ඔබාමාට නොබෙල් සාම තෑග්ග දුන්නේ ඇමෙරිකාවේ තැන රැක දීමටයි

 
 

‘ගම්පෙරළියේ’ නන්දා මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අක්කා වූ ජුලි නෝනා ද?

 
 

අලි කරදර මැද අකුරු කර ලොකු හපන්කමක් කළ පුංචි හපන්නු

 
 

සෙලාන් කොටස් නිකුතුවේ මිලදී ගැනීම් ප්‍රමාණය ඉක්මවයි

 
 

දරුවාගේ සෙල්ලම් බඩු ගොඩට ඉස්කුරුප්පු නියන්-ඇණ මුරිච්චිත් ඕනෑ

 
 

ටිකිරි හමුව

 
 

මධු කුසලාන

 
 

මස්සිනා ඇතුළට එන්න බැරිව පන්සලේ ගේට්ටුව ළඟ නතර වුණා

අවසන් තීන්දුව ගන්නේ ඡන්ද පොළේ පුංචි කොටුවේ පැන්සල අතට ගන්නා ඡන්දදායකයෝයි

අවසන් තීන්දුව ගන්නේ ඡන්ද පොළේ පුංචි කොටුවේ පැන්සල අතට ගන්නා ඡන්දදායකයෝයි

දකුණු පළාත් හිටපු මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා

නොනිමි මෙහෙවර නිමා කරන්නට තමන් ඉල්ලා සිටි බලය දකුණු පළාතේ ජනතාව දී ඇති නිසා ඉදිරියේ ඒ සඳහා වඩ වඩාත් කැපවන බව දකුණු පළාතේ වැඩිම මනාප ඡන්ද ලබාගත් දකුණු පළාත් හිටපු මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතා පවසයි.

සිළුමිණ සමඟ ඡන්ද ප්‍රතිඵල පිළිබඳව විමර්ශනයක යෙදෙමින් සිල්වා මහතා ඒ ප්‍රකාශය කළේය. මනාප ඡන්ද ලබා ගැනීම ගැන එල්ල වන චෝදනා ගැන කතා කරමින් ඒ මහතා කීවේ යමෙකු බලාපොරොත්තු වන ඡන්ද නොලැබීම නිසා එවැනි චෝදනා කිරීම වැරැදි බවය. එහිදී අප ඇසූ ප්‍රශ්නවලට හිටපු මහ ඇමැතිවරයා දුන් පිළිතුරු මෙසේය.

* මනාප පොරයේ ඉදිරියේ සිටි බව නොපෙනුණත් ඔබ දකුණු පළාතේ ඉහළම මනාප ප්‍රමාණය ලබාගන්න සමත්වුණා..?

මම දකින්නේ කෝටි ගණන් වියදම් කරලා පෝස්ටර් ගහල මොන විදියේ මුදලක් වියදම් කරල ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගියත් අවසානයේ තීන්දුව ගන්නේ අර ඡන්ද මධ්‍යස්ථානයේ ගෝනි පඩංගුව ඇතුළට ගිහිල්ල පැන්සල අතට ගන්න ජනතාව.

ඒක ජනතාවගේ තීන්දුවක්. ඒ ගැන කාටද බලපෑම් කරන්න පුළුවන්. ඒ නිසා ජනතාවගේ ඡන්දය ඉතාම වැදගත්.

මං හිතන්නේ මේ තරම් මනාප ප්‍රමාණයක් මාත් අපේ පක්ෂයත් ලබාගත්තේ ගෙවී ගිය යුගයේ දකුණු පළාතට හෘදය සාක්ෂියට එකඟව අපි අපේ පළාත් සභාව උපරිමය කළ නිසයි.

සියයට සියයක් කියන්නේ නෑ. අඩුපාඩු දුර්වලකම් ඕන තරම් තියෙන්න පුළුවන් අපි ජනතාව වෙනුවෙන් කැපවුණ මිනිස්සු බව ජනතාව පිළිගැනීම තරම් දෙයක් දේශපාලනඥයන් විදියට අපට තවත් නැහැ.

* මේ පෝස්ටර් බැනර් මනාප පොරයට ඔබ මුහුණ දුන්නේ කොහොමද?

මේ කිියන ඡන්ද ක්‍රමය අනුව මනාප පොරය වළක්වන්න බැරි එකක් නේ. අනෙක් අය බිත්ති වහගෙන පෝස්ටර් ගහනකොට අපිත් පෝස්ටරයක් නොගැහුවොත් අපේ ළඟ ඉන්න හිතවත්තු ආධාරකාරයොත් මානසිකව වැටෙනවා.

සාමාන්‍යයෙන් ඡන්දදායකයා දකින දෘෂ්ඨි කෝනයක් තියනවා.

කොච්චර මැතිවරණ කාර්යාල සරසල හදල තියනවද? කොච්චර කටවුට් පෝස්ටර් ප්‍රමාණයක් ගහනවද කියන එකත් බලනවා.

පෝස්ටරයක්වත් නැතිනම්, පෝස්ටරයක්වත් නැති තරමට එයා වැටිල කියලා කල්පනා කරන්න පුළුවන්. මේව හැම දෙයක් ගැනම ඡන්ද ව්‍යාපාරයෙදි කල්පනා කරන්න වෙනවා.

* ඔබ පසුගිය පළාත් සභා මැතිවරණයෙදිත් ගාල්ල දිස්ත්‍රික්කයෙන් පළවැනියා වුණා නේද?

ගියවර මම ඡන්ද 59895ක් ගත්තා. මේ පාර ඒක දෙගුණයක් වැඩි වුණා ඡන්ද 90294ක් ගත්තා.

* මේ ජයග්‍රහණයට පසුබිම් වුන සාධක ලෙස ඔබ කල්පනා කරන්නේ කුමක්ද?

පළමුවැන්න පසුගිය ජනාධිපතිවරණයෙදි දුන් පොරොන්දු ඉෂ්ට කිරීම ගැන ජනාධිපතිතුමාට කෘතගුණ සලකන්න ජනතාවට මහා ඕනකමක් තිබුණා. ඒ නිසා ඡන්ද පොළට ගිහිල්ලා ඒ යුතුකම ඉෂ්ට කළා. මං හිතන්නේ මේ රට අලුත් සාමකාමී යුගයකට අපේ ජනාධිපති තුමා අර ත්‍රස්තවාදී මඩගොහොරුවෙන් ගෙන ඔසවා තැබුවා. ඒ සාමය ඒ බියෙන් තොරව ජීවත්වෙන්න පුළුවන් වාතාවරණය බාල මහලු හැමෝම අගය කරනවා.

එතැනින් පස්සේ මනාප ලකුණු කිරීමේදී තමයි අපේක්ෂකයාගේ පැටිකිරිය සේවය පිළිබඳ ඇගැයීමකට එන්නේ. නොයෙක් කාරණා එතැනදි සලකා බලන්න පුළුවන්. සේවය, හිතවත්කම, යාළු මිත්‍රකම් නෑදෑකම් ඒවා ඕනෑ දෙයක් සලකා බලන්න පුළුවන්. හැබැයි අන්තිමේ මෙයාට ඡන්දෙ දෙනවා කියල තීරණයකට එන්නේ තමන්ට විශ්වාසය තියන්න පුළුවන් කෙනාට තමයි.

* පක්ෂ විනය කඩකිරීම් ගැන කෙරෙන චෝදනා ගැන ඔබ කියන්නේ කුමක්ද?

කවුරුන් හෝ පක්ෂයක් තුළ ක්‍රියා කරනවා නම් තදින්ම පක්ෂ විනය ගැන සලකන්න ඕනෑ.

මම ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක හැටියට, මම ගහපු එකම ඡන්ද පත්‍රිකාවෙන් මගේ අනෙක් සහෝදර අපේක්ෂකයන්ගේ් මනාප අංකත් ඡන්ද දායකයා අතට පත්කරන්න කටයුතු කළා. මං හිතන්නේ අපි මේ මුළු ඡන්ද ව්‍යාපාරය පුරාම පක්ෂ විනයට අනුව පක්ෂ නායක ජනාධිපතිතුමාගේ් උපදෙස් අනුවම ක්‍රියා කළා. මම කිසිම අපේක්ෂකයකු එක්ක, විරුද්ධ පක්ෂයේවත් ගැටුමක් ඇතිකර ගත්තේ නැහැ. ඒ නිසා මට ඕනෑම අපේක්ෂකයකුගේ මුහුණ බලල ‘කොහොමද’ කියල කතා කරන්න පුළුවන්.

* විපක්ෂය ගැන මොකද කියන්නේ විපක්ෂය මුල ඉඳලම දකුණු පළාත් සභාව කිසිවක් නොකළ පළාත් සභාවක් බව චෝදනා කළා..?

විපක්ෂය ඒ කළ චෝදනා ඔක්කොම ඡන්දදායකයා ප්‍රතික්ෂේප කරල තියනවා. අපට නැවත වරක් ඡන්දදායකයා ඡන්දෙ දුන්නේ අපි වැඩක් කරල තියන පිරිසක් කියලා ඔවුන් විශ්වාස කරන නිසයි.

මං හිතන්නේ මුල ඉඳල විපක්ෂය මේ ඡන්ද ප්‍රතිඵලය අපේක්ෂා කළා. කවුරුවත් මේ ඡන්දෙදි විපක්ෂය දිනනව කිව්වේ නැහැ. එහෙම එක්කෙනෙක් දෙන්නෙක් හිටියා සටනක් දෙනවා කියපු. මේ ඡන්දෙ අපි මුල ඉඳලම දිනලයි තිබුණේ.

මේ ඡන්දෙ විපක්ෂය දිනනව කියල කවුරුහරි කිව්ව නම් ඒ දේශපාලනය නොතේරෙන මෝඩයෙක් වෙන්න ඕන. නැතිනම් ඇත්ත තත්ත්වය දැනගෙන බොරුව රජකරවන්න කතාකරන කපටියෙක් වෙන්න ඕන. එහෙමත් නැතිනම් ඒ පුද්ගලයා මොළේ අමාරුකාරයෙක් වෙන්න ඕන.

* දැන් මොකක්ද ඔබගේ් අනාගත බලාපොරොත්තුව?

අපි මේ මැතිවරණයේදී කිව්වේ නොනිමි මෙහෙවර නිමාකරන්න ඡන්දෙ දෙන්න කියලයි. අපට තවමත් පළාතේ කරන්න දැවැන්ත වැඩ කොටසක් තියනවා. ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන වැඩපිළිවෙළ අනුව දකුණේ ලොකු යෝජනා ක්‍රම දැනටමත් පටන් අරන් විශාල වැඩ කොටසක් කෙරිලත් තියනවා.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ගමේ නගරයේ බොහෝ කටයුතු පැවරිලා තියෙන්නේ පළාත් සභාවටයි. එම නොනිමි මෙහෙවර නිම කරන්න අපි ඉදිරි කාලය තුළ කැපවෙනවා.