ඉවරයක් නැති දේවල්

 
 

සරත් ෆොන්සේකා සහ රජය අතර ගැටුමක් නෑ!

 
 

ඉතිහාසයට බොරු කරන්න බැහැ

 
 

බටහිර රටවල තණ්හාව ආසියාවේ අපටත් ප්‍රශ්න ඇති කළා

 
 

විපක්‍ෂයට යන්ඩ තරම් මොළේ කොළොප්පම් අය රජයේ නැහැ

 
 

ඔබාමාට නොබෙල් සාම තෑග්ග දුන්නේ ඇමෙරිකාවේ තැන රැක දීමටයි

 
 

‘ගම්පෙරළියේ’ නන්දා මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අක්කා වූ ජුලි නෝනා ද?

 
 

අලි කරදර මැද අකුරු කර ලොකු හපන්කමක් කළ පුංචි හපන්නු

 
 

සෙලාන් කොටස් නිකුතුවේ මිලදී ගැනීම් ප්‍රමාණය ඉක්මවයි

 
 

දරුවාගේ සෙල්ලම් බඩු ගොඩට ඉස්කුරුප්පු නියන්-ඇණ මුරිච්චිත් ඕනෑ

 
 

ටිකිරි හමුව

 
 

මධු කුසලාන

 
 

මස්සිනා ඇතුළට එන්න බැරිව පන්සලේ ගේට්ටුව ළඟ නතර වුණා

භීතියේ අඳුර සාමයේ ආලෝකයෙන් දිළේවා!

ජනපතිතුමාගේ දීපවාලී පණිවුඩය

භීතියේ අඳුර සාමයේ ආලෝකයෙන් දිළේවා!

දිගු කලක් ඔවුනොවුන් වෙන්කැර තැබූ වාර්ගික ආගමික හා වෙනත් භේද වලින් තොරව රටේ සමස්ත ජනතාව අතර වර්ධනය වී ඇති එකමුතුකම හා අවබෝධය අලෝක පූජාව ලෙස හැඳින්වෙන දීපවාලී උත්සවය සමරන මොහොතේ වඩාත් වැදගත් වන බව දීපවාලී උත්සවය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපතිතුමා සඳහන් කරයි.

දීපවාලී උත්සවය අයහපත පරදා යහපතත් අඳුර පරදා ආලෝකයත් මෝහාන්දකාරය පරදා දැනුමත් ජයග්‍රහණය කිරීම සංකේතවත් කැරේ. ලොව පුරා හින්දු බැතිමතුන් විසින් පවත්වනු ලබන දීපවාලී උත්සවය හින්දු දහමේ උතුම් සාරධර්මවලට අනුකූලව වඩා යහපත් ජීවිතයක් සඳහා නිරන්තර අරගලයක යෙදුණු මානව වර්ගයාගේ ප්‍රගතිය සනිටුහන් කරයි. මේ අර්ථයෙන් ගත්විට එය ජනතාවගේ ආධ්‍යාත්මික සෞභාග්‍ය උත්සවාකාරයෙන් සැමරීමකි.

දීපවාලී උත්සවයේ ප්‍රීතිමත් හැඟීමෙන් ශ්‍රී ලංකාවේ හින්දු භක්තිකයින් ලොව පුරා වෙසෙන තම සහෝදර බැතිමතුන් හා සමඟ එක්වන විට හින්දු ප්‍රජාව මුහුණදුන් දුක් ගැහැට අතීතයට හිමි කර අපි දැන් නව යුගයක එළිපත්තේ සිටිමු. දැන් ඔවුනට ඔවුන්ගේ නිවෙස්වල නිවිහිල්ලේ සාමයෙන් හා සමගියෙන් සුවසේ විසීම කෙරෙහි ස්ථිර බලාපොරොත්තු තැබිය හැකි ය.

රටේ කාලයක් තිස්සේ පැවැති භීතියේ අඳුර හා වෛරය හොඳ හිතේ හා සාමයේ ආලෝකයෙන් පහවේවායි පතන ජනාධිපතිතුමා හින්දු බැතිමතුනට ප්‍රීතිමත් සාමකාමී දීපවාලී උත්සවයක් පතමි.