ඉවරයක් නැති දේවල්

 
 

සරත් ෆොන්සේකා සහ රජය අතර ගැටුමක් නෑ!

 
 

ඉතිහාසයට බොරු කරන්න බැහැ

 
 

බටහිර රටවල තණ්හාව ආසියාවේ අපටත් ප්‍රශ්න ඇති කළා

 
 

විපක්‍ෂයට යන්ඩ තරම් මොළේ කොළොප්පම් අය රජයේ නැහැ

 
 

ඔබාමාට නොබෙල් සාම තෑග්ග දුන්නේ ඇමෙරිකාවේ තැන රැක දීමටයි

 
 

‘ගම්පෙරළියේ’ නන්දා මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අක්කා වූ ජුලි නෝනා ද?

 
 

අලි කරදර මැද අකුරු කර ලොකු හපන්කමක් කළ පුංචි හපන්නු

 
 

සෙලාන් කොටස් නිකුතුවේ මිලදී ගැනීම් ප්‍රමාණය ඉක්මවයි

 
 

දරුවාගේ සෙල්ලම් බඩු ගොඩට ඉස්කුරුප්පු නියන්-ඇණ මුරිච්චිත් ඕනෑ

 
 

ටිකිරි හමුව

 
 

මධු කුසලාන

 
 

මස්සිනා ඇතුළට එන්න බැරිව පන්සලේ ගේට්ටුව ළඟ නතර වුණා

ඉවරයක් නැති දේවල්

ඉවරයක් නැති දේවල්

තමිල්නාඩු මන්ත්‍රී කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ යාපනයට ගොස් තත්ත්වය දැක බලා සෑහීමකට පත්ව ආපසු ගියහ.

වරෙක ඇමෙරිකාවෙන් එති. තවත් වරෙක යුරෝපයෙන් එති. එක්සත් ජාතීන් ගේ සංවිධානයෙන් ද එති. ඉන්දියාවේ දකුණෙන් මෙන් ම උතුරෙන් ද එති.

මේ යාම් ඊම්වල ඉවරයක් නැත.

හැම දෙනාම එන්නේ හිතේ මොනවා හෝ සඟවාගෙන ය. ගමේ භාෂාවෙන් කියනවානම් බඩේ බිත්තර තියාගෙන ය. එහෙත් මෙතෙක් හැම දෙනාම ගියේ බඩේ බිත්තර පමණක් නොව ආමාශය සහ උණ්ඩුක පුච්ඡය ද මෙහි දමලා ය.

කොටි හිතවාදී මාධ්‍ය මඟින් මෙන්ම රට රටවල රස්තියාදු ගසන අපේ උන්නැහේලා ද මානුෂික මෙහෙයුම ඇතුළු ඒ ක්‍රියාකාරකම් පිළිබඳ වැරැදි තොරතුරු පීප්ප ගණනින් විසුරුවා හැරීම නිසා අන්තර්ජාතික ප්‍රජාව කෙසේ වෙතත් ඒ ඒ රටවල ඇතැම් දෙනා අතර වැරැදි මත ගොඩනැඟී ඇත.

ඇතැම් අය දෙමළ ජනතාවට ඇත්තටම අසාධාරණයක් සිදුවේ දැයි සොයා බැලීමට පැමිණෙති. ඇතැම් අය පැමිණෙන්නේ කොටි ගැති මාධ්‍ය මඟින් විසුරුවා හරිනු ලබන පච තොරතුරුවලට පිළිගැනීමක් ලබා දී අපේ ස්වාධිපත්‍යයට බලපෑම් කරනු පිණිස පසුබිම සකසන්නට ය.

එහෙත් “සැබෑවට” පිටුපා යා හැකි නොවේ. නිර්ලජ්ජිත ඒජන්තයන් කිහිප දෙනකු හැර අන් සියලු දෙනාම ආපසු ගියේ රජය ගෙන යන වැඩ පිළිවෙළට සුබපැතුම් ද එක් කරමිනි.

තමිල්නාඩුවෙන් පැමිණි මන්ත්‍රී කණ්ඩායම ද ආපසු ගියේ එවැනි හැඟීමකිනි. මාධ්‍ය මඟින් අප සිත් වල ඇති කරනු ලැබූ චිත්‍රය සම්පූර්ණයෙන්ම වැරැදි එකක් යැයි ඔවුහු කීහ. ආපසු තමිල්නාඩුවට ගිය ඔවුහු මහ ඇමැති කරුණානිධිට සියලු තත්ත්වයන් පිළිබඳ ඇත්ත කරුණු පැහැදිලි කර ඇතැයි දැනගන්නට තිබේ.

මේ ඉවරයක් නැති යාම් ඊම් ගැන සටහනකි.

ඉවරයක් නැති තවත් දෙයක් ද තිබේ. ඒ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති ප්‍රශ්නයක් ය.

එහෙත් මේ සටහන රුබෙල්ලා එන්නත ගැන නම් නොවේ. ඩෙංගු ගැන ද නොවේ. දරුවකු මිය යාම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එක් සිද්ධියකි. දරුවන් ලක්ෂ ගණනකට රුබෙල්ලා එන්නත දී ඇති පසුබිමක් තුළ එක් දරුවකු මියගොස් තිබේ.

එහෙත් ඒ දරුවා මවුපියන්ගේ සම්පත යි. ඇතැම් විට අත්වැරැද්දකින් රෝගීහු මිය යති. එන්නතක් වැරැදීමකින් දරුවකුගේ අත කපා දැමීමට සිදුවේ. අත් වැරැද්දක් යනු සිතාමතා කරන්නක් නොවේ.

ඒවා ගැන එසේ තර්ක කළ හැකි නමුත් ඒ දරුවා ඒ මවුපියන්ගේ එකම දරුවා විය හැකිය. ජීවිතයේ එකම බලාපොරොත්තුව විය හැකිය. ඒ දරුවාට ඒ අත මොනතරම් වැදගත් වන්නේ ද?

වරද කාගේ දැයි නිශ්චය කිරීමට අපි උත්සාහ නොකරමු. එහෙත් මනුෂ්‍යත්වයේ නාමයෙන් මේවා නිමා කළ යුතු අත්වැරැදි ය. අත්වැරැද්දකට හේතු කාරණා දැක්වීමෙන් ඒ දරුවනට හෝ මවුපියනට කිසිදු පලක් නැත. ඒවා සුළඟේ පාවී යන වචන පමණි.

ඩෙංගු යම්තමින් යටපත් වන විට අපේ අවධානය අඩුවෙයි. ඉන්පසු වතුර එක්රැස් වන තැන් ගැන හෝ රෝග ලක්ෂණ ගැන අවධානයක් නැත. ඒ අපේ මිනිසුන්ගේ හැටි ය.

එහෙත් මේ සටහන ඒ කිසිවක් ගැන නොවේ.

දොස්තර මහත්තුරුන්ගේ ඇතැම් ක්‍රියාවන් ගැන ය. ඖෂධීය නාමයෙන් බෙහෙත් ලියන්නට දොස්තර මහත්තුරු කැමැති නැතුවා වාගේ ය. බහු ජාතික ඖෂධීය සමාගම් වලින් ඔවුන් සන්තෝසම් ගන්නවා යැයි අපි නොකියමු.

මින් වසර කිහිපයකට පෙර පිලිපීනයේ මැනිලා නගරයේදී “බහුජාතික ඖෂධ සමාගම්වලට එරෙහිව මාධ්‍යය” නම් වූ වැඩමුළුවක් පැවැත්විණි. රටවල් හැට හැත්තෑවකින් පැමිණි මාධ්‍යවේදීහු සිය ගණනක් ඊට සහභාගි වූහ.

ශ්‍රී ලංකාවෙන් ද මාධ්‍යවේදිහු කිහිප දෙනෙක් එම සමුළුවට සහභාගි වූහ.

එහි දී අවධාරණය වූ වැදගත් කරුණක් වූයේ ඖෂධ සමාගම් කෙතරම් අමානුෂික ලෙස ලොව පුරා සිටින රෝගීන් ගසා කනවා ද යන්නයි. එසේ ම මේ ගසාකෑම සිදුකිරීම සඳහා ඒ ඒ රටවල වෛද්‍යවරුන් කොතරම් සහයෝගයක් දක්වනවා ද යන්නයි.

මේ සමුළුව පැවැත්වූ ශාලාවේ ඉදිරිපස විශාල ඡායාරූපයක් තිබිණි. ඒ කාගේවත් නොව ශ්‍රී ලංකාවේ මහාචාර්ය සේනක බිබිලේ ගේ ය. බංගලාදේශයෙන් පැමිණි එක් මහාචාර්යවරයෙකු කියා සිටියේ ඖෂධ සමාගම්වලට එරෙහිව තමන් ගෙන යන අරගලය නිසා තම රටේ මිනිසුන් “ලෝකල් බිබිලේ” නමින් තමා හඳුන්වනු ලබන නමුත් තමා ඒ සැම විටම කියා සිටියේ ශ්‍රී ලංකාවේ මහාචාර්ය සේනක බිබිලේ නාමයට සමීප වන්නටවත් තමාට නොහැකි වී ඇති බවයි.

මහාචාර්ය සේනක බිබිලේ ගේ මරණය අදටත් අබිරහසකි. ඖෂධ ප්‍රතිපත්තියක් වෙනුවෙන් ඔහු ජීවිතය පූජා කළා යැයි දැන් දැන් බොහෝ දෙනා පවසති.

හිපොක්‍රටීස් ගේ ගෝල බාලයන් වූ දොස්තර මහත්වරුන්ගෙන් අප ඉල්ලා සිටින්නේ තමුන්නාන්සේලාට දොස්තර මහත්තයකු වන්නට විය පැහැදම් කළ අහිංසක ජනතාව ගසා කන්නට ඖෂධ සමාගම්වලට ඉඩ නොදෙන ලෙසයි. හිතක් පපුවක් නැති ඉත්තන් නොවිය යුතු බව යි. හිතක් පපුවක් ඇති මනුෂ්‍යයන් විය යුතු බව යි.

ඉවරයක් නැති බොහෝ දේවල් අතරට අලුතින්ම එකතු වී ඇත්තේ තවමත් විවෘත කිරීමට අපහසු වී ඇති වකුගඩු ආරෝග්‍ය ශාලාවේ සිද්ධියයි. මෙහිදී පරස්පරය මතුවී ඇත්තේ වෛද්‍ය සංගමය සහ මහාචාර්යවරුන් අතර ය.

මහාචාර්යවරුන්ට වකුගඩු රෝගය පිළිබඳ පර්යේෂණ පැවැත්වීමට ඉඩකඩක් පරිපාලනමය අවස්ථාත් අවශ්‍ය වී තිබේ. වෛද්‍ය සංගමය කියන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වියදමින් තැනූ සත් මහල් රෝහල උසස් අධ්‍යාපන අමාත්‍යංශය පැවරීමට ඉඩ දිය නොහැකි බවයි.

වරද කා අත දැයි නොදනිමු. අප දන්නේ අධික වියදමක් දරා ඉදිකළ නවීනතම පහසුකම්වලින් යුත් වකුගඩු රෝහල අහිංසක රෝගීන් වෙනුවෙන් තවමත් විවෘත වී නැති බව පමණි.