ඇනකොන්ඩලා සහ මාපිල්ලු

 
 

සන්ධානයට අති විශිෂ්ට ජයක්!

 
 

අන්තර්ජාතික කොටි ජාලය උත්සාහ කරන්නේ රාජපක්ෂ පාලනය අස්ථාවර කිරීමටයි

 
 

පුතේ, කාර් එක ඔයාම තියාගන්න ලොකු වුණාම මා බලන්න එන්න

 
 

ජනාධිපතිවරු හතරදෙනාටම ලැබුණු ආයෝජන ප්‍රමාණයම වත්මන් ජනාධිපතිතුමාට වසර හතරකදී ලැබුණා

 
 

හෝටල් ජීවිතයේ හැම අත්දැකීමක්ම දරුවන්ට උගන්වද්දි උදව් වෙනවා

 
 

අඬු මිටි රැගෙන පාරට බට ඕෆ් රෝඩ් ශූරයා

 
 

මොබිටෙල් උපහාර ලැබූවන්ගේ සෙනෙහෙවන්තයන්ටත් උපහාර

 
 

ළමයින් හික්මවීමට දඬුවම් වෙනුවට උපදෙස් දුන්නා

 
 

ටිකිරි හමුව

 
 

මධු කුසලානය

රසාංග දිසානායකගේ

රසාංග දිසානායකගේ
මංගල ඡායාරූප මංගල ප්‍රදර්ශනය

විවාහ මංගල උත්සවයක මනාල යුවළට නොදෙවැනි වැදගත්කමක් එහි නිල ඡායාරූප ශිල්පියාට හිමිව තිබේ.

එම සොඳුරුතම දිනයේ සුන්දර මතක සටහන් මනාල යුවළට නැවුම් බවින් යුතුව එක් කරන්නට ඡායාරූප ශිල්පීන් උත්සාහ දරන්නේ නිර්මාණශීලීත්වය පෙරටු කොට ගෙනය.

මෙකී ඡායාරූප කලාවේ සොඳුරු ඉසව් සොයා යමින් මංගල ඡායාරූපකරණයට නැවුම් මුහුණුවරක් ගෙන එන්නට වෙහෙසෙන නිර්මාණශීලී ඡායාරූප ශිල්පියකු ලෙස රසාංග දිසානායක හැඳින්විය හැකි ය.

රසාංගගේ කුලුදුල් මංගල ඡායාරූප ප්‍රදර්ශනය මේ මස 16, 17, 18 යන තෙදින පුරා කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම්.

රසාංග කැමරා ශිල්පයට අත්පොත් තබන්නේ පෞද්ගලික ආයතනයක ඡායාරූප ශිල්පියකු ලෙසයි. එහිදී ඔහුගේ ගුරුවරයා, විවේචකයා වන්නේ ද ඔහුමයි.

පසුකලෙක ප්‍රවීණ ඡායාරූප ශිල්පී ලාල් හෑගොඩ ගේ ගුරු හරුකම් මැද මංගල ඡායාරූපකරණයේ නව මං පෙත් සොයා යාමට රසාංගට අවකාශ ලැබේ. “මංගල ඡායාරූප කලාව කියන්නෙ නිවැරදිව ප්‍රගුණ කළ යුතු සියුම් විෂයක්.

මේ කලාව එකතැන පල්වෙන්නට නොදී එහි විවිධ මාන සොයා යමින් අලුත් දෙයක් ඉදිරිපත් කරන්න නිතරම මම උත්සාහ ගන්නවා.

ඒකාකාරී රටාවෙන් මිදී අනෙකුත් ඡායාරූප ශිල්පීන් නොගිය ඉසව් සොයමින් මංගල ඡායාරූප කලාවට අලුත් යමක් එක් කිරීමට මම නිතරම වෙහෙසෙනවා.

මගේ හැකියාව මගේ රසිකයින්ට, ගනු දෙනුකරුවනට, මුළු මහත් සමාජයටම ගෙන යාමට ගත් උත්සාහයක් ලෙස මෙම ඡායාරූප ප්‍රදර්ශනය හඳුන්වන්න පුළුවන්.