තොරතුරු තාක්ෂණ ලෝකය හොල්ලන
තොරතුරු තාක්ෂණ ලෝකය හොල්ලන
අපේ විකී වික්‍රමරත්න
ලොකුම වෙබ් පෝටලය අයිති ශ්‍රී ලාංකිකයා
මේ වන විට ලෝකය එකම ගමක් වී අවසානය. මුළු ලොවම වෙබ් අඩවි තුළින් සිය පරිගණකය වෙත
ගෙන්වා ගත හැකි යුගයක ඒ වෙබ් අඩවි තුළින්ම ත්‍රස්තවාදීන් ද බිහිවී හමාරය. අවි ආයුධ
ගිනි අවි නැතත් මුළු ලෝකයත් මොහොතින් විනාශ කිරීමට හෝ ගිනි තැබීමට මේ වෙබ් අඩවි වලට
හැකියාව තිබේ.
තොරතුරු තාක්ෂණය ඔස්සේ ලෝකය එන්න එන්නම කුඩා වෙද්දී රාත්‍රියට ගෙදරට පනින සොරෙකු හෝ
මංකොල්ලකරුවකු පරිදි ඕනෑම කෙනකුගේ වෙබ් අඩවියකට වැදී ඒවායේ දත්ත අවුල් කරන්නටත්
අසත්‍ය තොරතුරුවලින් පුරවන්නටත් වෙබ් අඩවි පිළිබඳව පරිපූර්ණ දැනුමක් ඇත්තෙකුට කළ
හැකිය.
මේ පිළිබඳ තොරතුරු බොහෝමයක් සොයා ගන්නට අපට හැකි වූයේ ලොව විශාලතම වෙබ් පෝටලය
(Web Portal) හිමිකරුවා වන විකී වික්‍රමරත්නයන් ගෙනි. ලොවින් එකෙක් එක් දෙයකට වෙයි
සමත යන කියමන බොරු කරමින් විවිධ ක්ෂේත්‍රයන්හි දස්කම් පාන ඔහු ඡායාරූප ශිල්පියෙකි.
ගුවන් නියමුවෙකි.
ඊටත් වඩා පරිගණක ක්ෂේත්‍රයේ සුවිශේෂ වූ දස්කම් පාන අන්තර්ජාලයේ
සැරිසරන්නෙකි. දළදා මාලිගාවේ රන්වියන ඉදිකිරීමේ අන්තර්ජාතික ටෙන්ඩරයට ද හිමිකම් පෑ
ඔහු කලෙක දියමන්ති හා මැණික් ඔප දැමීමත් කළේය. ඒ සියල්ලට ම වඩා ඔහු වලිසිංහ
හරිශ්චන්ද්‍ර තුමාගේ මුණුබුරෙක් ද වන්නේ ය.
අද වන විට ඔහු ශ්‍රී ලංකා ඇල්මැනක් විද්‍යුත් කෝෂය (Sri lanka
Almanac Vidyuth Koshaya) නම් වූ වෙබ් පෝටලයේ හිමිකරුවා ය. සයිබර් අවකාශය ඔස්සේ විවිධ
Face book අතර සැරිසරමින් තොරතුරු හඹා යාමට දක්ෂකම් ඇති විකී සිය වෙබ් පෝටලය නිර්මාණය කළේ
මෙයට වසර දෙකකට පමණ ඉහත දී ය.
ඔහුගේ වෙබ් පෝටලයට ශ්‍රී ලංකාව පිළිබඳ සියලුම තොරතුරු ඇතුළත් වෙයි. ශ්‍රී ලංකාවේ
පළාත් නවය හා දිස්ත්‍රික් යටතේ ඒවායේ සියලුම ග්‍රාම නිලධාරී කොට්ඨාසයන් හා ඒවායේ
විශේෂ වැදගත් තැනක් ගනී.
අවශ්‍ය මොහොතක ශ්‍රී ලංකාව පිළිබඳ ඕනෑම තොරතුරක් මේ වෙබ් පෝටලයෙන් ලබාගත හැකිය.
ශ්‍රී ලංකාව පිළිබඳ විෂයයන් 520 කට වෙන වෙනම වෙබ් පිටු ප්‍රමාණයක් ඔහු අතින් සැකසී
ශ්‍රී ලංකා ඇල්මනැක් විද්‍යුත් කෝෂයට ඇතුළත්ව තිබේ.
ඔබ මෙවැන්නක් නිර්මාණය කළේ ඇයි?
මගේ පරමාර්ථය වූයේ අපේ රටේ පරිපාලනය එකම ස්ථානයක සිට පවත්වා ගත හැකි පරිදි සියලු
විස්තර ඇතුළත් කොට වෙබ් අඩවියක් නිර්මාණය කිරීමයි. එය පාසල් ශිෂ්‍යයන් දැනුම්වත්
කිරීම එහිදී මගේ එක් අරමුණක්. ඒ ඒ පළාත්වල දිස්ත්‍රික්කයන්හි විස්තර ඒවායේ ඇති
කර්මාන්ත, ගංගා, හෝටල් ස්වභාවික සම්පත් මහා විහාර දේවස්ථාන ආදි විවිධ තොරතුරු මේ
වෙබ් පෝටලයේ ඇතුළත් කර තිබෙනවා.
තවත් තොරතුරු ඇතුළත් කරමින් පවතිනවා. ඒ ඒ ඡන්ද
කොට්ඨාසවල හා පළාත් පිළිබඳ විෂයයන් 50 කට වැඩි දත්ත වෙන් වෙන් වශයෙන් මෙහි ඇතුළත්
කොට තිබෙනවා. ඒ ඒ දත්ත පිළිබඳ සැනෙකින් විස්තර ලබා ගැනීමට ඕනෑම කෙනෙකුට හැකියි.”
මේ වෙබ් පෝටලයට පිවිසිය හැක්කේ කෙසේ ද?
ඒ සඳහා ‘Google’ සෙවුම් යන්ත්‍රයට ගොස්
Sri Lanka Paripalanaya යන්න යතුරු
ලියනය කළ යුතුයි. එවිට එහි පටුන පරිගණක තිරයේ දිස් වෙනවා. එහි සියලු දේ සඳහන් වන්නේ
සිංහල වචන ඉංගී‍්‍රසි අකුරෙනුයි. එම නිසා අවශ්‍ය සිංහල වචනය සිංහලෙන් යතුරු ලියනය
කළ යුතුයි. ‘කොළඹ’ අවශ්‍ය නම් Colombg යනුවෙන් ද ගාල්ල ගැන තොරතුරු අවශ්‍ය නම්
Gaalle යනුවෙන් ද යතුරු ලියනය කළ යුතුයි.
යම් දරුවෙකුට රජවරුන් ගැන දත්ත අවශ්‍ය නම් Sri Lanka Kings
Portal වෙත පිවිසිය
යුතුය. මෙය ඉතා පහසුයි. එහිදී රජවරුන් සියලු දෙනාගේම විස්තර වෙන් වෙන් වශයෙන් වෙබ්
පිටුවල සඳහන් වෙනවා.
මේ වෙබ් පෝටලයේ විජය රජුගේ සිට මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා
දක්වා ශ්‍රී ලංකාවේ සියලුම පාලකයන් ගේ තොරතුරු ලබාගත හැකි වන පරිදි දත්ත තව තවත්
ඇතුළත් කිරීමට මා බලාපොරොත්තු වෙනවා. අන්තර් ජාලයේ මේ තොරතුරු ලබා ගැනීමට මුදල්
වැයවෙන්නේ නැහැ. මා ඕනෑම පාසලකට අන්තර්ජාලයේ සැරිසැරීමට නොමිලයේ පහසුකම් ලබාදීමට
සූදානම්.”
විකී ගේ ගෙදර දී මට ද මේ වෙබ් අඩවි නැරඹීමේ අවස්ථාව සැලසුණි. ඇත්තටම එය ඉතා වැදගත්
කටයුත්තකි. මෙහිදී සිංහල වචන ඉංගී‍්‍රසියෙන් යෙදීමේ ක්‍රමය ද සාර්ථකය.
“ඉදිරියේදී ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදින්ගේ ප්‍රයෝජනය තකා උණුසුම් පුවත් අන්තර් ජාලයට
සැපයීමට ඉඩ ලබාදීමට ද මා බලාපොරොත්තු වෙනවා.
අන්තර් ජාලය පිළිබඳ පුළුල් දැනුමක් ඇති ඔබට අන්තර් ජාල ත්‍රස්තවාදය ගැන කියන්න
පුළුවන් මොනවා ද?
අන්තර් ජාලයත් අද ත්‍රස්තවාදයට ගොදුරු වෙලා. අපේ රටේ විතරක් ;නවී ලොව බොහෝ රටවල
අන්තර් ජාලය හරහා පුද්ගලයන්ට රටවල්වලට තර්ජන එල්ල වෙනවා. මා අපේ රටට අන්තර් ජාලය
තුළින් එල්ල වන තර්ජන හා වැරැදි ප්‍රචාරවලට මගේ ඒ දැනුම තුළින් පිළිතුරු දී
තිබෙනවා. මා සතුව තියෙනවා Proud to be Sinhala (PTBS) (සිංහල අභිමානය) නම්
අන්තර් ජාලයේ ඇති විශාලතම හා ජනපි‍්‍රයතම සිංහල සංවිධානය. ඒ වෙබ් අඩවියේ අයිතිකරු
මමයි. මේ වෙබ් අඩවිය වටා සිංහල සාමාජිකයන් 6000 ක් පමණ ඉන්නවා.
ඒ තුළින් මට අපේ රටට
එරෙහි අන්තර්ජාල සාමාජිකයන්ට පිළිතුරු දිය හැකියි. මා වටා ඇති සාමාජිකයන් අන්තර්ජාල
ත්‍රස්තවාදයට එරෙහිව නැගී සිටිනවා. යුද හමුදා වෙබ් අඩවිය ‘කඩා වැටුණු’ දින එය නැවත
ස්ථාපිත කිරීමටත් මා ස්වේච්ඡාවෙන් උදව් කළා. ඒ සඳහා මට ස්තුති කොට ලිපියක් පවා එවා
තිබුණා. 2008 වසරේ දී ‘ශ්‍රී ලංකාවේ පාරම්පරික ගොඩනැගිලි ක්‍රම’ යන තේමාව යටතේ
අනුරාධපුරය ගොඩ නැගු ආකාරය පර්යේෂණ දත්ත මගින් ඩිජිටල් කරණය කොට අන්තර්ජාලයට මුදා
හැරියෙත් මමයි. ඒ ලෝක බැංකු ආධාර යටතේ.
ඒ වගේ ම පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල වෙබ් අඩවියේ පවා නොමැති දත්ත 100
ක් විතර ඇතුළත් කරන්නට මට හැකි වුණා. ශ්‍රී ලංකාව පිළිබඳ බොරු ප්‍රචාර කරන්නන්ගේ
වෙබ් අඩවි කඩාකප්පල් කරන්නට නම් ඔවුන් සමඟ මිතුරු වී ඒවාට පිවිසිය යුතුයි. එවැනි
ක්‍රියා නිසා මට මරණිය තර්ජන පවා එල්ල වී තිබෙනවා. මා විසින් එසේ බාධා කළ
(Hack) වෙබ් අඩවිවල බොහෝ අයිති කරුවන් එල්ටීටීඊ හිතවාදීන්.
ළඟදී මහත් ආන්දෝලනයක් ඇති කළ චැනල් 4 සිද්ධිය ගැන ඔබට කියන්නට පුළුවන් කුමක් ද?
එය මුළුමනින්ම ප්‍රෝඩාවක්. එහි ඇත්තේ රඟපෑමක් වන්නට පුළුවන්. එසේ නැතිව එල්ටීටීඊ
සාමාජිකයන් නම් වන්නට බැහැ. දැන් ඒ ගැන මුළු තොරතුරු සොයාගෙන අවසන්.
උදෑසන 6.30 පමණ සිටම සිය නිවසේ සිට අන්තර්ජාලයේ සැරිසරන විකී ශ්‍රී ලංකාවට හතුරු වන
වෙබ් අඩවි පිළිබඳ පරීක්ෂාවෙන් සිටී. ඔහු සිය රටට හිතැති ලෙස සිය වෙබ් පෝටලය සකස්
කරගෙන රජයට සේවයක් කිරීම ඔහුගේ බලාපොරොත්තුවයි.
2008 වසරේ ඉන්දියාවේ නවදිල්ලි නගරයේ පැවැති The Manthan Award
- 2008 තොරතුරු
තාක්ෂණය පිළිබඳ සම්මාන උලෙළට ජනාධිපති කාර්යාලයේ තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය
(ICTA) මගින් නිර්දේශ කරන ලදුව ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා නායකත්වය දුන්නේ තමා බව
ඔහු පවසයි.
දයා ඩී. ෆොන්සේකා
ඡායාරූපය - දුෂ්මන්ත මායාදුන්න
|