ඇනකොන්ඩලා සහ මාපිල්ලු

 
 

සන්ධානයට අති විශිෂ්ට ජයක්!

 
 

අන්තර්ජාතික කොටි ජාලය උත්සාහ කරන්නේ රාජපක්ෂ පාලනය අස්ථාවර කිරීමටයි

 
 

පුතේ, කාර් එක ඔයාම තියාගන්න ලොකු වුණාම මා බලන්න එන්න

 
 

ජනාධිපතිවරු හතරදෙනාටම ලැබුණු ආයෝජන ප්‍රමාණයම වත්මන් ජනාධිපතිතුමාට වසර හතරකදී ලැබුණා

 
 

හෝටල් ජීවිතයේ හැම අත්දැකීමක්ම දරුවන්ට උගන්වද්දි උදව් වෙනවා

 
 

අඬු මිටි රැගෙන පාරට බට ඕෆ් රෝඩ් ශූරයා

 
 

මොබිටෙල් උපහාර ලැබූවන්ගේ සෙනෙහෙවන්තයන්ටත් උපහාර

 
 

ළමයින් හික්මවීමට දඬුවම් වෙනුවට උපදෙස් දුන්නා

 
 

ටිකිරි හමුව

 
 

මධු කුසලානය

“ඔන්න මහත්වරුනී බලාගන්ඩ අලියා-හංසයා කරන්නයි යන්නේ”

“ඔන්න මහත්වරුනී බලාගන්ඩ අලියා-හංසයා කරන්නයි යන්නේ”

ගිය ඉරිදා ජනාධිපතිතුමා මාතර රාහුල විද්‍යාලයට ගියේය. ඒ මාතර රාහුලයේ පිහිනුම් තටාකය විවෘත කිරීමටය. පිහිනුම් තටාකය විවෘත කිරීමේ උත්සවයට රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ආරිය රූබසිංහ සහ හිටපු ජනපති ලේකම් වරයකු වූ බාලපටබැඳි ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මාතර රාහුලයේ ආදි ශිෂ්‍යයන් ලෙස ආරිය රූබසිංහ සහ බාලපටබැඳි මේ අවස්ථාවට එක්ව සිටියහ.

මාතර රාහුල විද්‍යාලයේ පිහිනුම් තටාකය විවෘත කිරීමෙන් පසුව ජනාධිපතිතුමා කීවේ පිහිනුම් තටාකය ඉදිකිරීමට මුල් වූයේ කවුද යන්න ගැනය. “ආදි ශිෂ්‍යයෝ හැටියට කවුරු හිටියත් අන්තිමට පිහිනුම් තටාකය හදන්න මුල් වුණේ චන්ද්‍රනාත මහත්මයා.

එතුමා මා හමුවෙලා පිහිනුම් තටාකය හදලා දෙන ලෙස ඉල්ලුවා. මම කිව්වා ආණ්ඩුවේ මුදල් මේවාට දෙන්න බැහැ කියලා. මම කිව්වා මගේ තාත්තා වෙනුවෙන් වන ඩී.ඒ.රාජපක්ෂ අරමුදලින් මුදල් දෙන්නම් කියලා” ජනාධිපතිතුමා කියා සිටියේය.

මේ අතරතුර එම ස්ථානයේ සිටි අයකු කියා සිටියේ එවකට චන්ද්‍රිකා ජනපතිනිය සමයේ මාතර රාහුලයේ පිරිසක් හිටපු ජනපතිනිය සමඟ සිටි බවය. ඒක හරියට රාහුලයේ මාෆියාවක් වගේ. ඒත් රාහුල විද්‍යාලයේ අඩුපාඩු ගැන ඒ අය සොයා බලා තිබුණේ නැහැ.” ජනාධිපතිතුමාට මාතර දිසාවේ හිතවතකු කියා සිටියේය.

මාතර රාහුලේ ඇත්තෝ

”මාතර පිහිනුම් තටාකය විවෘත කිරීමේ උත්සවයේදී ජනාධිපතිතුමා අදහස් දැක්වූයේ නැත. ඒ වෙනුවට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සභාව ඇමැතුවේය. “මගේ තාත්තා රාහුල විද්‍යාලයෙන් ඉගෙනගෙන පස්සේ මේ පාසලේම ගුරුවරයෙක් විදියට සේවය කළා. මගේ අම්මා මේ පාසලේ අවුරුදු 30ක් ඉගැන්නුවා.

මාත් රාහුල විද්‍යාලයේ ඉගෙන ගත්තේ. ජනාධිපති සහකාර ලේකම් ගාමිණී සෙනරත් ඉගෙන ගෙන තියෙන්නේ මාතර රාහුල විද්‍යාලයෙන්. ඒ විතරක් නෙමෙයි අපේ ජනාධිපතිතුමාගේ පෞද්ගලික ආරක්ෂක ප්‍රධාන නිලධාරී මහත්තයත් රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්” ජනපති ලේකම් ලලිත් වීරතුංග කියා සිටියේය.

ජනාධිපති ලේකම්වරයාගේ කථාව ජනාධිපතිතුමා සාවධානව අසාගෙන සිටියේය. “බලාගෙන යනකොට චන්ද්‍රිකාගේ රාහුල විද්‍යාලයේ මාෆියාව වගේ මගේ වටේ ඉන්නෙත් රාහුල විද්‍යාලයේ මාෆියාවක් නේද” කියමින් ජනාධිපතිතුමා කීවේ සිනහසෙමිනි.

මාතර රාහුල විද්‍යාලයේ උත්සවයට පසුව ජනාධිපතිතුමා ගියේ මාතර අකුරැස්ස පාරේ පිහිටි පාලටුව ගුණරතන මධ්‍ය මහා විද්‍යාලයටය. එම විද්‍යාලයේ භික්ෂූන් වහන්සේ හත්සිය නමකට දානමය පිංකමක් සංවිධානය කැර තිබිණි. ජනාධිපතිතුමා භික්ෂූන් වහන්සේ උදෙසා දානය පිළිගැන්වූයේය.

මේ අතර කැබිනට් මණ්ඩලයේ ලේකම් සුමිත් අබේසිංහ සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර දානමය පිංකම පැවති ස්ථානයට පැමිණ සිටියහ. ඒ මෙවර අය-වැය ඉදිරිපත් කරනවාද නැද්ද යන්න ගැන ජනාධිපතිතුමාගෙන් දැන ගැනීමටය.

ඉන්පසුව ජනාධිපතිතුමා ගියේ පාලටුව ගැටමාන්නේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ අධිපතිත්වය දරන පාලටුව විහාරස්ථානයටයි. ජනාධිපතිතුමා කෙලින්ම ගියේ ස්වාමීන්වහන්සේලාට දානය සකස් කෙරෙන දාන ශාලාවටයි. “මම ස්වාමීන් වහන්සේලාට දානය එළියේ පිළිගන්වන දංගෙට ආවා” ජනාධිපතිතුමා ජනපති කාර්යාලයේ ඉහළ නිලධාරියකුට කීවේය.

ඉන්පසුව ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහට සහ මුදල් අමාත්‍යංශ ලේකම් පී.බී.ජයසුන්දරට කියා සිටියේ අය වැය ඉදිරිපත් කරනවාද නැද්ද යන්න ගැන කැබිනට් මණ්ඩලයෙන් විමසීමට සිදු වෙන බවය.

ලැයිස්තුවට අනුව කටයුතු කිරීම

අනතුරුව ජනාධිපතිතුමා ගියේ මාතර නගරයේ සංවිධානය කැර තිබූ එ.ජ.නි.ස. අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ රැළියටය. ජනාධිපතිතුමා වේදිකාවට ගොඩ වෙනවාත් සමඟම නිශාන්ත මුතුහෙට්ටිගම වේදිකාවේ සිටිනු දුටුවේ ය. “ඔයා ඡන්දෙ ඉල්ලන්නේ ගාල්ලට ද මාතරටද” ජනාධිපතිතුමා නොරිස්සුම්සහගතව නිශාන්ත මුතුහෙට්ටිගමගෙන් විමසා සිටියේ ය. ඊට මොහොතකට පසුව මුතුහෙට්ටිගම වේදිකාවෙන් නික්ම ගියේ ය.

ගිය සතියේ ගාල්ල නගරයේදී ද එ.ජා.නි.ස අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා රැළියක් සංවිධානය කැර තිබිණි. එම රැළියට සහභාගි වීමට පෙර ජනාධිපතිතුමා ගාලු කොටුවේ පිහිටි හිතවතකුගේ නිවෙසකට ගියේ ය.

“සර් ඡන්දෙ නම් ඔබතුමා නිසා උඩින් ම දිනනවා. හැබැයි මනාප නම් අඩුවේවි. මනාප දෙන්න කෙනෙක් නැහැ මේ පැත්තේ” ජනාධිපතිතුමා ගේ හිතවතා කියා සිටියේ ය.

ඉන් අනතුරුව ජනාධිපතිතුමා ගාලු නගරයේ පැවැති රැළියට ගියේ ය. “පක්ෂයේ අයගේ වගකීම තමයි අපි ලයිස්තුවක් දුන්නා ම ඒකට අනුව වැඩ කිරීම. ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුත් තමන්ගේ ළමයි ඉදිරියට දාගෙන වැඩ කරනවා. ඒවා ගැන හිතන්නේ නැහැ. ඒ හැම දෙයක් ම අමතක කරලා මනාප තුනම දෙන්න. ජනාධිපතිතුමා ගාලු දිසාවේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

ගාලු නගරයේ රැළිය අවසන් වෙනවාත් සමඟම ඇමැති ඩිලාන් පෙරේරා ජනාධිපතිතුමා හමුවීමට පැමිණියේ ය. “සර් අපි ඔබතුමාගේ නංගිගේ ගෙදරට ගියා තේ බොන්න, තිස්ස, රංගේ, සාගල ඔබතුමාගේ නංගිගේ ගෙදරට බලෙන් ඇතුළු වෙන්න හදනවා. එතන මහ රණ්ඩුවක්. මම ඒක යන්තම් ෂේප් කළා” ඇමැති ඩිලාන් ජනාධිපතිතුමාට කියා සිටියේ ය.

“මම කොහොමටත් හවස නංගිලාගේ ගෙදර නතර වෙන්නේ. හවසට එහාට එන්න ඩිලාන්. අපි එහෙදි කථා කරමු” ජනාධිපතිතුමා ඇමැති ඩිලාන්ට කියා සිටියේ ය.

ඇමැති ඩිලාන් පෙරේරා ජනාධිපතිතුමා කියූ පරිදි සවස ජනාධිපතිතුමාගේ නැගනියගේ නිවෙසට ගියේ ය. එහිදී ඇමැති ඩිලාන් කියා සිටියේ දහවල් සිදුවූ දේ ගැන ය. මම මෙහාට එනකොට රංගේ බණ්ඩාර, තිස්ස අත්තනායක, සාගල ඉන්නවා දැක්කා. පච්ච කොටාගත් අයත් වාහන කීපයක ඉන්නවා දැක්කා. ඒ වාහන පාරේ හරස් අතට දාලා පාර වහගෙන හිටියේ. මම ඒ පිරිසට කිව්වා පාරෙන් අයින් වෙන්න කියලා” ඇමැති ඩිලාන් ජනාධිපතිතුමාට කියා සිටියේ ය.

“එතන තිස්සලා සමඟ හිටිය කෙනෙක් මගෙන් ඇහුවා මාළිගාවට ද යන්නේ කියලා. තව කෙනෙක් මගෙන් ඇහුවා ජාතික සවියෙන් ද පාර හැදුවේ කියලා” ඇමැති ඩිලාන් කියා සිටියේ ය.

එජාපය චණ්ඩිකම් කරන්න ඇවිත් ගුටි කයි

ඇමැති ඩිලාන් පෙරේරා

ඇමැති ඩිලාන්ගෙන් එ.ජා.ප යේ පිරිස යම් යම් දේ විමසද්දී දෙනියාය ප්‍රදේශයේ ජනතාව එතැනට රැස්වී තිබිණි. ඒ ආගන්තුක පිරිස සිදු කරන ගාල ගෝට්ටිය නිසා ය. ඒ සමඟම තරුණ කාන්තාවක් එ.ජා.ප යේ පිරිසට බැන වැදුණේය. “මේ පාර අපේ ගමට යන පාර. මේ ගමේ පවුල් 640 ක් ඉන්නවා. සිය ගණනක් මිනිස්සු යන එන පාර හැදුවට ද තමුසෙලා කෑගහන්නේ.

එම කාන්තාව ඇතුළු පිරිස තිස්ස අත්තනායක දෙසට යද්දී තිස්ස කියා සිටියේ “මේ රණ්ඩුව බේරන්න ඩිලාන්” කියාය.

”කරන්න දෙයක් නැහැ මෙතනින් යන්න” ඇමැති ඩිලාන් කෑගසා කීවේය. “ඔයා ඇමැති වෙලා අපිට ගහනකං බලාගෙන හිටියා. කැත වැඩේ කළේ” සාගල රත්නායක කියා සිටියේය.

”කරන්න දෙයක් නැහැ. ඔයාලා පිටින් මැරයෝ ගෙනාවම ගමේ අය බලාගෙන ඉන්නවාද? ඔයාලා දෙන්නම එ.ජා.ප යේ ඡායා කැබිනට් එකේ ආරක්ෂාව බාර ඇමැතිවරු නේද?

ඇමැති ඩිලාන් සිදුවූ සියල්ල ජනාධිපතිතුමාට කියද්දී ජනාධිපතිතුමා විමසා සිටියේ “මාධ්‍යවේදින්ටත් ගමේ අය ගැහුවාද” කියාය.

”වාහනවල කවුරු හිටියද දන්නේ නැහැ. හැබැයි එතැන මාධ්‍යවේදින් නම් හිටියේ නැහැ. කවුරු හරි කොළඹින් මාධ්‍යවේදීන් ගෙනාවද දන්නේ නැහැ. පොට්ටු තියාගෙන හිටිය දෙමළ අයත් එ.ජා.ප යේ පිරිසට ගැහුවා.” ඇමැති ඩිලාන් කියා සිටියේය.

ඒ වෙන විට ජනාධිපතිතුමාගේ නැගනියගේ නිවෙසට විජය දහනායක පැමිණ සිටියේය. “සර් ඔය කොළඹින් ආපු උදවිය දන්නේ නැද්ද? මුල්කිරිගල අතුරු මැතිවරණය වෙලාවේ සොත්ති උපාලි ගෙනත් වෙච්ච දේ. එදා ඒ මැරයෝ හම්බන්තොටින් දෙනියායේ කැලෑවට පැනලා බේරුණේ. එදා මිනිස්සු මැරයන්ට ගහපු හැටි එ.ජා.ප යට මතක නැහැ. අවුරුදු කීපයක් ගියත් එ.ජා.ප යේ අය මේ පැත්තට ඇවිත් චණ්ඩිකම් දාන්න ඇවිත් ගුටි කනවා” විජය දහනායක කියා සිටියේය.

කැබිනට් රැස්වීම කොළඹින් බැහැර

රජයේ මැති ඇමැතිවරු බොහෝ දෙනා පසුගිය සති කිහිපයේ සිටියේ දකුණු පළාතේ ය. ඒ දකුණු පළාතේ එ.ජ.නි.ස අපේක්ෂකයන්ගේ මැතිවරණ ව්‍යාපාරයට සහයෝගය ලබා දෙමිනි.

මේ අතරතුර භික්ෂුන් වහන්සේ දහස් නමක් උදෙසා ජනාධිපතිතුමාගේ මැදමූලන නිවෙසේ දානමය පිංකමක් පැවැත්විණි. ඉන් අනතුරුව ජනාධිපතිතුමා මැති ඇමැතිවරු සමඟ කථා බහක නිරතව සිටියේ ය.

ඒ අතරතුර ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් ජනාධිපතිතුමාට යෝජනාවක් කළේ ය. “සර් අපේ කැබිනට් එකේ මැති ඇමැතිවරු වැඩි පිරිසක් හම්බන්තොට ඉන්න නිසා කැබිනට් රැස්වීම මේ පැත්තේ ම පවත්වමු” ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් යෝජනා කෙළේ ය.

ඒ අනුව ගිය සතියේ කැබිනට් රැස්වීම පැවැතියේ ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව් ඉස්මත්තේ ය. “කැබිනට් රැස්වීම දකුණු පළාතේ තියන්න යෝජනා කළේ ජී.එල්. ඇමැතිතුමා මේ විදියට කැබිනට් රැස්වීම කොළඹින් බැහැරව තිබීම වටිනවා.

එතකොට විවිධ ප්‍රදේශවල පවතින අඩුපාඩු සහ සංවර්ධන කටයුතු ගැන ඇමැතිවරුන්ගේ අවධානය යොමු කරන්න ඉඩ ලැබෙනවා” ජනාධිපතිතුමා කැබිනට් රැස්වීම අතරතුර කීවේ ය. මුලින් ම කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමුවූයේ ඉදිරි වසර සඳහා අයවැයක් ඉදිරිපත් කරනවාද නැද්ද යන්න ගැනයි.

”පාර්ලිමේන්තුවේ නිල කාලය සම්පූර්ණ වන්න ඉදිරියට මාස තුනක් ඇති ආණ්ඩුවකට අයවැයක් ඉදිරිපත් කරන්න බැහැ. අලුත් පාර්ලිමේන්තුව යටපත් කරන්න අපිට බැහැ. එ.ජා.ප යත් අතුරු සම්මත ගිණුම් ඉදිරිපත් කරලා රජය පවත්වාගෙන ගිහින් තියෙනවා. ප්‍රාග්ධන වියදම් සහ පුනරාවර්තන වියදම් විතරයි අතුරු සම්ත ගිණුමෙන් ඉදිරිපත් කෙරෙන්නේ.” ඒ නිසා අපි අතුරු සම්මත ගිණුමෙන් වැඩ කරමු” කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කෙළේය.

රාජ්‍යතන්ත්‍රික යුද්ධයක්

මෙරට ආරක්ෂක හමුදා කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද මෙහෙයුම් සිදුකිරීමේදී සාමාන්‍ය ජනතාවගේ මානව හිමිකම් කඩවූ බවට අසත්‍ය චෝදනා ඇතැම් බටහිර රටවල් ගොනු කොට තිබිණි.

එක්තරා බටහිර රටක රාජ්‍ය දෙපාර්තමේන්තුවක් ශ්‍රී ලංකාවට එරෙහිව සකස් කළ වාර්තාවක් එරට කොන්ග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව හෙළ උරුමයේ මහ ලේකම් ඕමල්පේ සෝභිත හිමියන්ට පසුගියදා දැනගන්නට ලැබිණි. ඊට අමතර ව එම බටහිර රටේ සිටින ශ්‍රී ලාංකික පිරිස් ද ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක කැර ඇති රාජ්‍යතාන්ත්‍රික සහ දේශපාලනික මෙහෙයුම් පිළිබඳ තොරතුරු ඕමල්පේ සෝභිත හිමියන්ට අන්තර්ජාලය මඟින් එවා තිබිණි.

ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව ගිය සතියේ එල්ලාවල මේධානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් රැස්විණි. එහිදී මුලින්ම සාකච්ඡාවට ගැණුනේ පසුගියදා හෙළ උරුමය බටහිර රටක මෙරට තානාපති කාර්යාලයක් ඉදිරිපිට සිදු කළ උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගැනය. “ධාරානිපාත වර්ෂාව වුණත් උද්ඝෝෂණය සාර්ථක වුණා.

කවුරුත් ආපස්සට හැරුණේ නැහැ. සංඝයාවහන්සේලාගේ කැපවීම ගැන අපේ නමස්කාරපූර්වක ස්තුතිය පුද කරන්න ඕන” පළාත් ඇමැති උදය ගම්මන්පිල කියා සිටියේය.

”වැස්ස නිකං වැස්සක් නෙමෙයි. ඒකත් කුණාටු එක්ක ආ වැස්සක්. ඒකත් අලුත් තානාපති නෝනගේ කාලගුණ මෙහෙයුමක් ද දන්නේ නෑ” බස්නාහිර පළාත් ඇමැති උදය ගම්මන්පිල කීවේ සියලුදෙනාම හිනස්සමිනි.

”සමහර බටහිර රටවල චෝදනාවලට එරෙහිව අපි හැම පෙරමුණකින්ම මතවාදී සටනක් කරන්න ඕනැ” අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ. ඉන් අනතුරුව හෙළ උරුම මධ්‍යම කාරක සභාවට අදහස් දැක්වූයේ ඇමැති චම්පික රණවකය.

“මේ වෙනකොට අන්තර්ජාතික තලයේ චෝදනා සහ අභියෝග කරුණු තුනක් මත පෙළ ගැහිලා තියෙනවා. යුද අපරාධ චෝදනා ජී.එස්.පී. ප්ලස් සහනය සහ අවතැන්වූවන්ගේ ප්‍රශ්න ඒ තුන් වර්ගයයි. මේවාට මුහුණ දෙන්න පක්ෂ භේදයෙන් තොරව පක්ෂ අතර කුළල් කා ගන්නේ නැතිව එක හඩින්ම අන්තර්ජාතික ප්‍රජාවට කියන්න ඕනෑ. නැත්නම් මේ ගෝරනාඩුව දිගටම කරයි.” ඇමැති චම්පික හෙළ උරුම මධ්‍යම කාරක සභාවේදී අවධාරණය කෙළේය.

”බටහිර රටවල අසත්‍ය චෝදනාවලට පිළිතුරු දෙන්න නම් පසුගිය කාලේ ඇතැම් බටහිර රටවල් කරපු අපරාධ ලෝකයට හෙළි කරන්න ඕනෑ. ස්වදේශික රතු ඉන්දියානුවන් අප්‍රිකාවේ කළු මිනිසුන්ට කරපු අපරාධ ඒ වගේම දෙවෙනි ලෝක යුද්ධයේදී ජර්මනියට, ජපානයට, වියට්නාමයට, කොරියාවට කරපු අපරාධ ඒ වගේම ඉරාකයේ සහ ගුවන්තමෝනෝ සිර කඳවුරුවල කළ අපරාධ ලෝකයට හෙළි කරන්න ඕන” ඇමැති චම්පික අවධාරණය කෙළේය.

ඉන් අනතුරුව හෙළ උරුමයේ මධ්‍යම කාරක සභික නිශාන්ත වර්ණසිංහ මධ්‍යම කාරක සභාව හමුවේ අදහස් දැක්වූයේය. “හාමුදුරුවනේ මේ ප්‍රශ්නයේදී අපි ප්‍රවේසම් වෙන්න ඕන. මේක ආයුධවලින් කරන යුද්ධයක් නෙමෙයි. රාජ්‍යත්‍රාන්ත්‍රික යුද්ධයක්. ඒ නිසා අපි කඩු පොලු අරගෙන වගේ වැඩ කරලා හරියන්නේ නැහැ. හැඟීම්බර ආවේගශීලී ගැලරි කථා වැඩක් නැහැ. ආණ්ඩුව පැත්තෙන් තර්කානුකූලව ප්‍රඥාවන්තව කරුණු ඉදිරිපත් කරන්න ඕන”.

මධ්‍යම කාරක සභික නිශාන්ත වර්ණසිංහ කියා සිටියේය.

”බටහිර ඇතැම් රටවල සියලුම යුද අපරාධ තොරතුරු රැස් කරමු. මේ තොරතුරු ගන්න පුළුවන් වෙබ් අඩවි තොරතුරු මම දෙන්නම්. හෙළ උරුමයේ මහ ලේකම් ඕමල්පේ සෝභිත හිමියෝ ජාතික හෙළ උරුමයේ අධ්‍යාපන ලේකම් අනුරුද්ධ ප්‍රදීප් වෙත යුද අපරාධ තොරතුරු රැස්කිරීමේ වගකීම පවරමින් කීහ.

ජවිපෙ බලකොටුවට විමල් ඇතුල්වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දකුණු පළාත් සභාවට තරග වදින ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂකයන් තිදෙනාගේ ජයග්‍රහණය ආපස්සට හැරවීමට ජනතා විමුක්ති පෙරමුණ පසුගිය දිනවල නොගත් උත්සාහයක් නැත.

අපේක්ෂකයන්ගේ ඥාතීන් පැහැර ගැනීම සාමාජිකයන්ට පහරදීම, මරණ තර්ජන කිරීම සහ පෝස්ටර් ඉරා දැමීම ඔවුන් සිදු කරන බාධා කිරීම් අතර ප්‍රමුඛ තැනක් ගත්තේ ය. මේ බාධා කිරීම් වැඩි වශයෙන් ම සිදු වූයේ මාතර දිස්ත්‍රික් ජා.නි.පෙ නායක සරත් වීරවංශට ය.

මාතර දිස්ත්‍රික්
පළාත් සභා අපේක්ෂක
සරත් වීරවංශ

සරත් වීරවංශ පසුගියදා පක්ෂ සාමාජිකයෝ පිරිසක් සමඟ දවසේ වැඩ නිමා කොට පක්ෂ කාර්යාලය වෙත යමින් සිටියේ ය.

ඒ මොහොතේ මොරවක ප්‍රදේශයේ දී මඟ හරස් කළ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික පිරිසක් ඔවුන් ගමන් ගත් වාහන දෙකට පහර දුන්හ. වාහනවලට සිදුවූ අලාබ නොතකා පැමිණි සරත් වීරවංශ ඇතුළු පිරිස ඒ පිළිබඳ පිටබැද්දර පොලිසියට පැමිණිලි කළහ.

මේ සිදුවීමෙන් පසුව සරත් වීරවංශ පක්ෂ නායක විමල් වීරවංශගේ උපදෙස් මත තම ජීවිතයට එල්ල වී ඇති ජවිපෙ තර්ජන පිළිබඳව පොලිස්පතිවරයාට ලිපියකින් දැනුම් දුන්නේ ය.

පසුගිය 03 වැනිදා ගාල්ල දිස්ත්‍රික් ජා.නි.පෙ අපේක්ෂක ප්‍රියන්ත බෙල්ලන විසින් සංවිධානය කළ ජනහමු රැසකට සහභාගි වූ විමල් වීරවංශ 05 වැනිදා ගත කළේ මාතර දිස්ත්‍රික්කයේ ය. එදින මොරවක, දෙවිනුවර, අකුරැස්ස හා වැලිගම යන ප්‍රදේශවල පැවැති ජනහමු සංවිධානය කර තිබුණේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක සරත් වීරවංශය.

ජනතා විමුක්ති පෙරමුණේ නිජබිම ලෙස සැලකෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයයි. එමෙන් ම මේ වනවිට ජවිපෙ බලකොටුව ලෙස සැලකෙන්නේ හම්බන්තොට තිස්සමහාරාමයයි. තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව තනිව තරග වැද ජයගැනීමට ද ජවිපෙ සමත් විය.

එම බලකොටුවට අඩිය තැබීමටත් විමල් ඇතුළු ජාතික නිදහස් පෙරමුණට ඉඩ නොදෙන බවට ජවිපෙ නායකත්වය පසුගියදා වහසි බස් කියා තිබිණි. ඒ සියල්ල පුස්සක් බවට පත්වූයේ පසුගිය 06 වැනිදා, හම්බන්තොට හා තිස්සමහාරාමයේ පැවැති ජාතික නිදහස් පෙරමුණේ ජනහමුවලට මහ සෙනඟක් සහභාගි වීමෙනි.

හම්බන්තොට අන්තර්ජාතික වරායේ ඉදිකිරීම් කටයුතුවල දෙවැනි අදියර පසුගිය 07 වැනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරමිභ කෙරුණු අතර විමල් වීරවංශ ද ඊට සහභාගි විය.

අනතුරුව මැදමූලන නිවෙසට පැමිණ ජනාධිපතිතුමා ඇතුළු පිරිස දිවා භෝජනය ගෙන සවස සූරියවැව මුවන්පැලැස්ස ක්‍රීඩාංගනයේ පැවැති ජනහමුවට සහභාගි වූහ. අතිවිශාල ජනකායකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම විජයග්‍රාහී ජනහමුවෙන් අනතුරුව එදින රාත්‍රියේ ම ජනාධිපතිතුමා කොළඹ බලා පැමිණි අතර විමල් වීරවංශ ද කොළඹ පැමිණියේ ජනාධිපතිතුමාත් සමඟ ය.

ඇයි හුළං බොන පක්ෂ සමඟ සන්ධාන ගහන්නේ

ගිය සතියේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එජාප නව සන්ධානය සඳහා අනුමැතිය ලබා ගැනීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ සමත් විය. කෙසේ වෙතත් ගිය සතියේ පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ද අතිශය උණුසුම් විය. සන්ධානයට එරෙහිව සිටි එජාප කැරැළිකාර මන්ත්‍රී පිලේ අපේක්ෂා බිඳ දැමීමට එජාප නායකයා සමත් වුවද මේ වන විට එජාපයේ අභ්‍යන්තර ගැටුම උච්චතම තැනට පත්ව තිබේ.

ගිය සතියේ පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී නව සන්ධානයට එරෙහිව එජාප ජාතික සංවිධායක එස්.බී. දිසානායක, අබ්දුල් කාදර්, එජාප භාණ්ඩාගාරික ස්වාමිනාදන්, නැඟෙනහිර පළාත් මන්ත්‍රි ශෂිදරන්, නැඟෙනහිර පළාත් මන්ත්‍රි දයා ගමගේ, නියෝජ්‍ය මහ ලේකම් ලක්ෂ්මන් සෙනෙවිරත්න, රංජිත් මද්දුම බණ්ඩාර, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරු අදහස් දැක්වූහ.

මධ්‍යම පළාත්
විපක්ෂ නායක
එස්.බී. දිසානායක

“මෙහෙම කඩිමුඩියේ සන්ධාන ගහන්න බැහැ. නායකතුමනි, අලියා කොහොමටත් වෙනස් කරන්න බැහැ.” එජාප ජාතික සංවිධායක මධ්‍යම පළාත් විපක්ෂ නායක එස්.බී. දිසානායක කියා සිටියේය.

“මේ එජාප සන්ධානයේ ප්‍රතිපත්තිවල අඩුපාඩු තිබෙනවා. සන්ධානයට රටේ ආර්ථිකය හදන්න වැඩපිළිවෙළක් නැහැ. ධීවරයෝ ගොවියෝ සහ රටේ කම්කරුවන් ගැන මේ සන්ධාන ප්‍රතිපත්තිවල නැහැ.” එජාප ජාතික සංවිධායක එස්.බී. එජාප නායක රනිල්ට දොස් පැවැරුවේය.

ඉන් අනතුරුව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට අදහස් දැක්වූයේ නැඟෙනහිර පළාත් මන්ත්‍රී දයා ගමගේ ය. “නායකතුමනි ඇයි ඡන්ද පදනමක් නැති හුළං බොන පක්ෂ එක්ක සන්ධාන ගහන්නේ.

එජාපය වගේ පක්ෂයකට මේව මහ නින්දාවක්.” දයා ගමගේ එජාප නායක රනිල්ට පෙන්වා දුන්නේය.

“නායකතුමනි සන්ධානයට අපේ සහයෝගයක් නැහැ. මොන සන්ධාන ගැහුවත් අලියා ලාංඡනය වෙනස් කරන්න බැහැ.” එජාප උප නායක රුක්මන් කියා සිටියේය.

ඉන් පසුව එජාප නායක රනිල් අදහස් දැක්වූයේ එජාප මන්ත්‍රීවරුන්ගේ බාධා කිරීම් මධ්‍යයේය. සන්ධානයේ නායකත්වය මට ලැබෙන්නේ. ඒ වගේම මහ ලේකම් භාණ්ඩාගාරික ධුරත් එජාපයට තියෙනවා. මධ්‍යම බල මණ්ඩලයට එජාපයෙන් 31 ක් පත් කෙරෙනවා. අනෙක් සුළු පක්ෂ තුනට මධ්‍යම බල මණ්ඩලයට සාමාජිකයෝ 10 බැගින් ලබා දෙනවා.

එජාපයට බහුතර බලයක් සන්ධානය ඇතුළේ තියෙනවා.” එජාප නායකයා කීවේය. එහෙත් එජාප නායකයා සන්ධානයේ ලාංඡනය ගැන කීවේ නැත. ඒ ගැන ප්‍රශ්න කළේ ජෝශප් මයිකල් පෙරේරා ය. සන්ධානයේ ලාංඡනයට හංසයා දාන්න ඉඩ තියෙනවා.” එජාප නායකයා සිනහ වෙමින් කීවේය.

“මම දන්න විදියට නායකතුමනි අලුතෙන් පක්ෂයක් ලියාපදිංචි කරන කොට දැනට තිබෙන පක්ෂයක ලාංඡනයක් ඒ නව පක්ෂයට නැතිනම් සන්ධානයට වලංගු නැහැ. ඒ නිසා මේ පුහු වැඩවලින් වෙන්නේ අලියා ලකුණ අහිමි වීමයි.” එජාප නියෝජ්‍ය මහ ලේකම් ලක්ෂ්මන් සෙනෙවිරත්න කෘත්‍යාධිකාරී මණ්ඩලයට පෙන්වා දුන්නේය.

සමීක්ෂණ වාර්තා සන්ධාන ජය හෙළිකරයි

ගිය සතියේ දකුණු පළාත් මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ සමීක්ෂණ වාර්තාවක් නිකුත් වී තිබිණි. දකුණු පළාත් ජනතාව අතරින් නියැදි ලබා ගනිමින් විද්‍යානුකූලව එම ජනමත සමීක්ෂණය ස්වාධීන විද්වත් මණ්ඩලයක් මගින් සිදු කැර තිබිණි.

ඒ අනුව මෙවර මැතිවරණයේදී පළාත් සභාවේ මන්ත්‍රී ආසන 53 න් 40 ක් පමණ එ.ජ.නි.ස යට හිමිවනු ඇති බව එම සමීක්ෂණ වාර්තාව හෙළි කැර තිබිණි.

එ.ජ.නි.ස. හම්බන්තොට කණ්ඩායම් නායක
වී. කේ. ඉන්දික

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික් කණ්ඩායම් නායක හිටපු පළාත් ඇමැති වී.කේ ඉන්දික පසුගිය සතියේ හදිසියේ ම ජනාධිපතිතුමා ගේ කාල්ටන් නිවෙසට ගියේය. හිටපු ඇමැති ඉන්දික එහි යන විට ජනාධිපතිතුමා සමඟ රෝහිත අබේගුණවර්ධන සහ ඇමැති ෆීලික්ස් පෙරේරා මැතිවරණ කටයුතු ගැන සාකච්ඡා කරමින් සිටියහ.

“මෙයාගෙන් විතරයි කරදර නැත්තේ” හිටපු ඇමැති වී.කේ ඉන්දික එනවාත් සමඟම ජනාධිපතිතුමා කීවේය.

”ඒ විතරක් නෙමෙයි සර් මෙයා තමන්ට මනාප දෙන්න කියන්නෙත් නැහැ. පක්ෂයට ඡන්දය දෙන්න කියන්නේ” ඇමැති රෝහිත අබේගුණවර්ධන ජනාධිපතිතුමාට කීවේය.

ගිය සතියේ එ.ජා.ප ගාලු දිසා නායක වජිර අබේවර්ධන ගාලු දිසාවේ එ.ජා.ප ඡන්දපොල නියෝජිතයෝ 2500 දෙනකු මුණ ගැසුණේය. ඉන් අනතුරුව ඡන්ද පොල 670ක් සඳහා මුදලින් උපකාර කිරීමට ද මන්ත්‍රී වජිර කටයුතු කෙළේය.