මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහ ශිරන්ති රාජපක්ෂ ජනපති ආර්යාව ඊයේ මැදමූලන ඩී.ඒ. රාජපක්ෂ විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය පාවිච්චි කළ අයුරු. සහ ජනාධිපතිතුමා සූරියවැව දී ඉකුත්දා පැවැති ජනරැළියට ගිය අවස්ථාවේදී රැස්ව සිටි ලක්ෂ සංඛ්‍යාත ජනතාව ජයඝෝෂා කළ අයුරු.

ඡායා - සුදත් සිල්වා

සන්ධානයට අති විශිෂ්ට ජයක්!

විජයග්‍රහණය සුරැකීමට ජනතාව පෙළ ගැසෙති

මෙතෙක් ප්‍රකාශයට පත් වූ ඡන්ද ප්‍රතිඵල අනුව දකුණු පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය අති විශිෂ්ට ජයග්‍රහණයක් අත්කැර ගන්නා ලකුණු පහළ වී තිබේ. මේ මැතිවරණයෙන් දකුණු පළාතේ සියලු මැතිවරණ කොට්ඨාසවල බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවනු ඇති බවත් පැවසේ. විජයග්‍රහණය සුරකින ප්‍රබල ජනතා තීන්දුවක් ලබා දීම කෙරෙහි දකුණේ ජනතාව අතර මහත් උනන්දුවක් පළවූ බවත්, ඒ සඳහා මේ දකුණු පළාත් සභා ඡන්දය මෙරට දේශපාලන ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවක් වූ බවත් දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

විස්තර »


වෙළඳ දැන්වීම් . . . .
Navayugaya
 

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

www.apiwenuwenapi.co.uk

www.defence.lk

TRC