මට පින් නොදුන්නොත් ආයිත් ඇඟට රිංගනවා
මට පින් නොදුන්නොත්
ආයිත් ඇඟට රිංගනවා
ඇය හුරුබුහුටි නෝනා කෙනෙකි. විසි හතර හැවිරිදය. එහෙත් මාස හයක පමණ කාලයක සිට ඇගේ
උදරයේ දරුණු වේදනාවක් හට ගැනී සිය දිවි හානි කැර ගන්නා තරම් මානසිකත්වයකට පත්ව ඇත.
එසේ ම ඇය මුත්‍රා පිට නොවන නිසා මුත්‍රා වේදනාවකින් ද පෙළිණි.
බටහිර ප්‍රතිකාර
විධිවලට යොමු වී රුපියල් තිස් හතළිස් දහසක් වැය කොට බැරි තැන දේශීය ප්‍රතිකාරවලට ද
යොමු වී එයින් ද සුවයක් නැති තැන ඇයට දෙයියනේ බුදුන් පිළිබඳ සිහි පත් විය. අවසානයේ
ගස්නාවේ ඤාණානන්ද හිමියන් වෙතට යොමු වූවා ය.
ඤාණානන්ද හිමියෝ ඇය සමඟ සාකච්ඡා කොට පිරිත් සූත්‍ර පාඨ කීපයක් දේශනා කරන විට ඇය තුළ
සිටි භූතයා අවදි විය. මෙතෙක් ඍජුව හිඳගෙන හිටි මේ තරුණ කාන්තාව කුදු ගැසුණා ය.
“මත කුලුත්තුවක් ඕනෑ”
“මොන කුලුත්තු ද?” හාමුදුරුවෝ ඇසූහ.
“කුලුත්තු, කුලුත්තු” යි කියමින් ඇය අතේ දබරැඟිල්ලත් මැදඟිල්ලත් කරුවක් සේ දෙතොලට
තබා පෙන්නුවා ය.
“ආ... සුරුට්ටු, පන්සල්වල කොයින් ද සුරුට්ටු”
“එහෙනම් බුලත් විටක් දෙන්න”
“මෙහේ තමුන්ට බුලත් විට හදන්න කෙනෙක් නෑ. ඕනෑ නම් මෙන්න මේ බුලත් කොලය දෙන්නම්”
යැයි උන්වහන්සේ අසල කනප්පුව මත තිබූ බුලත් හුරුල්ලකින් කොළයක් දුන්හ. ඇය බුලත් කොළය
කටේ රුවාගෙන හපන්නට වූවා ය.
“කව්ද මේ ශරීරයට රිංගලා හිරිහැර කරන්නේ” යි හාමුදුරුවෝ ඇසූහ.
“මම... මම... හෙඞ...හෙඞ...හේ” යි ලොබු ගැසුණු කටක ස්වරූපයක් පෙන්වමින් භූ®තයා නිහඬ
විය.
“හා... හා... කතා කරමු. කතා කරමු. මෙතන කාලෙ නාස්ති කරන්න බැහැ. ඉක්මනින් කියමු
බලන්න. කවුද මේ”
“මම ද?”
“ඔව් ඔව් තමුන් තමයි”
“මේ මාව පන්නන්න නේද හදන්නේ, මට යන්න බෑ” මං මේකිගෙ ශරීරෙට වෙලා ඉන්නම්, මට යන්න
බෑ”
“පන්නන්න නෙමෙයි හදන්නේ, මීට වඩා හොඳ තැනකට යවන්නයි හදන්නේ. නමුත් ඔය හොඳයි කියලා
රැවටිලා බදාගෙන රිංගා ගෙන ඉන්නේ අසූචි වළක්. මෙයා ඔය සැන් පවුඩර් ගහගෙන හිටියට
ගඳයි. එක දවසක් නොනා හිටියොත් මහා දහඩිය ගඳයි. පිට පොත්ත සුදු වුණාට ඇතුළ බලන්න.
හොඳට බලන්න. ලේ සැරව දහදිය පිරිලා. අසූචි පිරුණු කුණු වළක්. ඔය අසූචි බොක්කට වෙලා
මොකටද දුක් විඳින්නේ?”
“ඒ වුණාට හාමුදුරුවනේ, මුන් මගේ දේපළ කනවා. මට පින් දෙන්නේ නෑ. පිනක් දහමක් කරන්නේ
නෑ. දානයක් දෙන්නේ නෑ. ඒ වුණාට පාටි දානවා. මේකි ඒකිගෙ අම්මට අප්පට වඩා බල්ලට
ආදරෙයි.
“හරි හරි දැන් කියන්න මේ කවුද කියලා”
“හාමුදුරුවනේ, මං මේකිගෙ සීයා. පීටර්”
“හා... හොඳයි දැන් පීටර් මේ ළමයගෙ ශරීරය අතහැරලා අනුරාධපුරයට යන්න. ශ්‍රී මහා
බෝධීන් වහන්සේ ළඟට ගිහින් පින් දහම් වලට හිත යොමු කරන්න.”
“අනේ! හාමුදුරුවනේ! මම හරිම දුරුවලයි, මට ඕවයෙ යන්න හයි හත්තිය නෑ.”
“නෑ... නෑ... තමුන් බය වෙන්න එපා. මේ අය ලවා දානයක් දීලා පින් දෙන්නම්. එතකොට
තමුන්ට ශක්තිය ලැබේවි.”
“හැබැයි හාමුදුරුවනේ! ඔබ වහන්සේ කියන නිසා මම මේකිගෙ ශරීරයෙන් අයින් වෙන්නම්, මුන්
දානයක් දීලා... ඔව් හොඳට දානයක් දීලා පින් නොදුන්නොත් මම ආයෙත් මේකිගෙ ඇඟට රිංගනවා.
මම දැනට ඔබ වහන්සේගෙ කීමට ගරු කරලා මේකිගෙ ශරීරෙන් පිට වෙලා පන්සලේ ගේට්ටුව ළඟට
යනවා” යි භූතයා ශරීරයෙන් නික්ම ගියේ ය.
ඒ සමඟම මේ තරුණ කාන්තාව ස්වාමීන් වහන්සේ ඉදිරිපිට වාඩි වී සිටි පැදුරේ හතර ගාතෙන්
නැගී සිටියා ය. ඉහළ බලාගෙන උඩු බුරලන්නට වූවා ය. කූං... කූං... යන හඬක් පිට කරමින්
දෑතින් හා දෙපයින් (හතර ගාතෙන්) බිම පහුරු ගාන්නට වූවා ය.
“හා... හා... ඔය පැදුර ඉරන්නෙ එහෙම නෑ” මොකා ද බල්ලෙක් ද බැල්ලියෙක් දැ” යි
හාමුදුරුවෝ ඇසූහ.
එයින් මඳක් දැඟලිල්ල නතර කොට උන්වහන්සේ දෙසට මුහුණ දික් කැරගෙන හිඳ ගත්තා ය.
“කවුද මේ බල්ලෙක් වෙලා ඇවිත් සිටින්නේ?” යි හාමුදුරුවෝ ඇය සමඟ පැමිණ සිටි
කෙනෙකුගෙන් ඇසූහ.
“හාමුදුරුවනේ මෙයා බොහොම ආදරෙන් බල්ලෙක් හැදුවා. වෙලාවට නාවනවා. බ්‍රෂ් කරනවා.
පව්ඩර් දානවා. බල්ලාට වෙන ම මස් මාළු විටමින් වර්ග ගෙනත් දුන්නා. ඒ බල්ලත් රෑ දවල්
දෙකේ ම ගේ ඇතුළේ. වයසක අම්මට තාත්තට නොදීපු සැප සාත්තු ඒ බල්ලාට දුන්නා. දැනට මාස
දෙක තුනකට කලින් ඒ බල්ලා මළා. මෙයා බල්ලා වෙනුවෙන් දන් පින් කළා. සුමානයක් දෙකක් අඬ
අඬා හිටියා හාමුදුරුවනේ”
“හැබෑද? එහෙනම් බල්ලෙක්. උඹට මොනවාද බල්ලො වුවමනා” යි ඇසූ විට යළිත් බිම පහුරු
ගාන්නට වූවාය.
“නවත්තපං. නවත්තපං ඕක. දැන් මේ ශරීරයේ හිටපු සීයව අනුරාධපුරේ යවන්න කටයුතු කළා.
ඉතින් බල්ලව කොහේට යවන්නද? මම දැන් පොල්ලක් අරගෙන දුප්... පර බල්ලා කියලා පොලු
පාරක් දෙනවා. ඊට කලින් තෝ කැරකොප්පුවට පල...” කියනවාත් සමඟ ම බලු සෙයියාවෙන් මිදුණු
කාන්තාව ප්‍රකෘති සිහිය ලැබ වට පිට බලන්නට වූවා ය.
“නෝනා, නෝනා ජීවත් වෙන ඉඩම ගෙවල් දොරවල් සීයගේ නම් සීයා ඒවාට ඇල්මකින් මැරුණා නම් ඒ
ආශාව නිසා සීයා ප්‍රේතාත්මයක ඉපදිලා. අපි අපේ පැරැන්නන් ගේ දේපළ භුක්ති විඳිනවා නම්
ඒ අයට පින් පෙත් දෙන්න ඕනෑ. බොහොම ලාබෙට තියෙන නිසා පාරක් අයිනෙන් මල් ටිකක් කඩාගෙන
ගිහින් පූජා කරන පින්කම විතරක් මදි. ඉඩකඩම් භුක්ති විඳින නිසා ඊට ගැලපෙන පින්කම්
කරන්න ඕනෑ. දුප්පතෙකුට ඉඩමක් ගන්න ගෙයක් දොරක් හදා ගන්න උදව් කරන්න ඕනෑ. දන් දෙන්න
ඕනෑ. ඊට අමතරව අමනුෂ්‍ය බලපෑම්වලින් මිදෙන්න නම් තමන් ශක්තිමත් වෙන්න ඕනෑ. තමන්ගේ
ආධ්‍යාත්මය ශක්ති කැර ගන්න ඕනෑ. ඒකට දාන - ශීල - භාවනා වඩන්න ඕනෑ.
දැන් අපි සීයව
යවන්න සීයා වෙනුවෙන් දන් පින් කරන්න ඕනෑ. ඒක අපට කරන්න බැහැ. ඒක නෝන ම කරන්න ඕනෑ.
නෝනාගෙ සීයාට නෝනා පින් පෙත් දීලා සුගතියකට යවන්න ඕනෑ. නෝනා ඒ පිළිවෙත් කරන කොට ඔය
භූත දෝෂ ඉවත් වේවි. එහෙම නොකළොත් ආයෙත් තමුන්ගෙ ඇඟට ඒවි. ඉතින් බලු භූතයත් දැනට
යන්න ගියා. නෝනා ඒ බල්ලව නිතර සිහි කර කර ආදරේ කළොත් ආයෙත් එන්න බැරි නැහැ. කලින්
කීවා වගේ දාන... ශීල... භාවනා... කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවලින් තමුන්ගේ
ආධ්‍යාත්මය ශක්තිමත් කැර ගත්තොත් ඔය එක භූතයෙක්වත් රිංගන්න එන්නේ නැහැ යි
හාමුදුරුවෝ පැවසූහ.
මෙයින් පැහැදිලි වන්නේ සියල්ලට සිත මූලික වන බව. සිත ප්‍රධාන වන බවය. සීයා මිය
ගියත් තම දේපළ පිළිබඳ ඇල්ම අතහැර නැත. මිණිපිරිය සීයාගේ දේපළ භුක්ති වින්දත් සීයාට
යුතුකම් ඉටු කොට නැත. සීයාටත් වඩා, තමන් හදා වඩාගත් මව්පිය දෙදෙනාටත් වඩා බල්ලාට
ආදර සැලකිලි පවත්වා ඇත. තමන්ට ලැබුණු ආදර සැලකිලි නිසා බල්ලා ද නීච ප්‍රේතාත්මයක
ඉපිද ඇගේ සිරුරට රිංගාගෙන ඇත. සිතේ මූලික බව, තියුණු බව මෙයින් ම පැහැදිලි වෙයි.
එසේ ම සිතේ වෙනස්වීම ක්ෂණිකව සිදුවෙයි. අනිච්ඡතාව අනිත්‍යතාව හෙවත් අනිත්‍යය
යනුවෙන් හඳුන්වන්නේ ද මේ වෙනස්වන ස්වභාවයයි. සිත වෙනස් වන්නට වැඩි වේලාවක් ගත වන්නේ
නැත. මේ එවැනි කතාවකි.
යමුනා 25 හැවිරිදි තරුණියකි. රැකියාවක් සොයා විදේශ ගත වී සයිප්‍රස් හි ගෘහ සේවිකාව
සේ කටයුතු කළා ය. ඇයට විශේෂ වශයෙන් ම පැවරී තිබුණේ ගෙහිමියා ගේ වයස් ගත මවට සාත්තු
සප්පායම් කිරීම ය. මාරියච්චි නම් වූ එම ග්‍රීක ජාතික කාන්තාව ගේ සිත දිනා ගෙන සේවය
කිරීමට යමුනාට හැකි විය. එසේ ම මාරියච්චි වියරු වූ අවස්ථා ද නැත්තේ නොවේ. මාරියච්චි
මිය ගියා ය. එයින් පසුව ද යමුනා ඒ නිවසේ ම සේවයේ යෙදිණි. යමුනාට විවිධ වූ අසනීප
තත්ත්වයත් එළඹෙන්නට වූයෙන් ඇය ආපසු ලංකාවට ආවා ය.
උදරය, පිටකොන්ද හා බෙල්ල ආශ්‍රිතව නිතර වේදනාව හට ගැනීමත්, හිසරදය, ආශ්‍රිතයින්
නුරුස්සන බව, නිතර නිදිමත හා හන්දිපත් වේදනා ඬතර නිතර හට ගැනීම නිසා විවිධ වෛද්‍ය
ප්‍රතිකාර ලබා සුවයක් නොලද බැවින් ගස්නාවේ ඤාණානන්ද හිමියන් වෙත පැමිණියා ය.
උන්වහන්සේ යමුනාට බුද්ධානුස්සතිය වඩන හැටි පැහැදිලි කර දුන්හ. ඒ සැණින් කෝපාවිෂ්ට
බවක් පෙන්වමින් දෑත් ඉහට මුදුනින් තබා දත් විළිස්සා ගෙන දෙවුර හා හිස දෙපසට
පද්දමින් නාග ස්වරූපයක් දැක්වූවා ය.
“මොකෙක්ද? මේ. මළ පෙරේතයෙක් නේද? විකාර කරන්න හදන්නේ. දඬුවම් විඳින්න ඕනෑ ද? එහෙම
නැත්නම් කතා කරල අවශ්‍ය දෙයක් තියෙනවා නම් කියනවාදැයි හාමුදුරුවෝ ඇසූහ. ඒ සමඟම
තරුණිය ආරාමයේ ඉස්තෝප්පුව දිගේ බඩ ගාන්නට වූවා ය.
“හා... හා... දැන් ඇති. ආපහු එමු බලන්නැ” යි හාමුදුරුවෝ නැවතත් කීහ.
ඒ අනුව ආපසු බඩ ගාගෙන පැමිණ දණ ගසා හිඳ ගත්තා ය.
“මේ කවුද? ඇඟට ඇතුල් වී ඉන්නේ?”
“මරියාච්චි.... මරියාච්චි”
“මේ යමුනා හිටපු ගෙදර වයසක අම්මා. ග්‍රීක් ජාතික ගැහැනු කෙනෙක්. යමුනා එයාට තමයි
සාත්තු කළේ” යි යමුනා ගේ අක්කා විස්තර කළා ය.
“මරියාච්චි, මොකද මේ ළමයාට කරදර කරන්නේ?”
“ජම්නා... ජම්නා... මේකි හොඳ නෑ. මේකි මං මැරෙන වෙලාවේ මට වතුර ටිකක් දුන්නේ නෑ...
නිදි... නිදි... නිදි...” මං මේකි එක්ක තරහයි”
“එහෙම කියන්න එපා. මරියාච්චිට කැව්වේ පෙව්වේ නෑව්වේ සාත්තු කළේ යමුනා නේද?”
“ඔව් ජම්නා ඒ වැඩ හොඳට කළා”
“ඇයි ඉතින් මේ කරදර කරන්නෙ?”
“ඒ වුණාට මං මැරෙන වෙලාවේ මම වතුර ඉල්ලලා කෑ ගැහුවා. මේකි නිදි... නිදි... නිදි”
“උන්දෑ මැරිලා තියෙන්නේ මහ පාන්දර. ඒ වෙලාවේ යමුනා නංගිට නින්ද ගිහින් තිබිලා” යි
ඇගේ අක්කා පැහැදිලි කළා ය.
“මරියාච්චි... දැන් ඔය වෛර හිතේ තියාගෙන වැඩක් නෑ.”
“බෑ... බෑ... මං ජම්නව අත හැරලා යන්නේ නෑ”
එදා මගේ ශරීරෙන් පණ ගිය හැටියෙ මම ගියා ජම්නව හොයා ගෙන. ඒකිගෙ කාමරේට. ඒකි හොඳටෝ ම
නිදි. මම ඒකිගෙ ඇඟට රිංගා ගත්තා. මං මේකිව අත හැරලා යන්නේ නෑ”
“මරියාච්චි! එදා සයිප්‍රස් රටේ ජීවත්ව ඉන්න කොට ඔයාට තිබුණු ශරීරය කෝ? ඒක නෑදෑයො වළ
දැම්මා. ඊට පස්සෙ ඒ ශරීරය කුණු වෙලා පණුවො දාලා දිරලා ගියා නේද?
“ම්...ම්... ම්...ම්...” ඇය එය තේරුම් ගත් බව හිස වනමින් අඟවයි.
“ඉතින් මරියාච්චි ඔය යමුනාගෙ ශරීරෙත් ඒ වගේ තමයි. යමුනාත් මැරිච්චි දවසට ඒ වගේ ම
ශරීරය කුණු වෙලා යනවා. ඊට පස්සෙ මරියාච්චිට මොකද වෙන්නේ. අවීචි මහා නරකාදියට ගිහින්
අනන්ත කාලයක් දුක් විඳින්න වෙනවා.
දැනුත් ඔය කුණු ශරීරයකට වෙලා අසූචි කකා දුක් විඳිනවා නේද? ඒ නිසා ඔය ශරීරයෙන් පිට
වෙලා තමුන්ගෙ රටට යන්න. තමුන්ගෙ දූ දරුවන් හොයා ගෙන යන්න. මේ රටේ ඉඳල අතර මං වෙනවාට
වඩා ඒක හොඳයි. දැන් මරියාච්චි ඉතිපිසෝ භගවා ගාථාව කියන්න.
“බෑ... බෑ... බෑ... පන්නයියා... පන්නයියා” යි ඇය අහසට දෑත් ඔසවා ගත්තා ය.
“හාමුදුරුවනේ! පන්නයියා කියන්නේ ඒ ගොල්ලන්ගෙ භාෂාවෙන් ජේසුතුමාට” යැයි යමුනා ගේ
සහෝදරිය පැහැදිලි කළා ය.
“ආ... එහෙමද? එහෙම නම් දැන් පන්නයියාට වැඳලා තමුන්ගේ රටට යන්නැ” යි හාමුදුරුවෝ
පැවසූහ.
මෙතෙක් රතු කැර ගත් රෞද්‍ර දෑසින් හා අයාගත් මුවින් ද ඉනට උඩින් නයි පෙනයක් මවා
පෙන්වූ දෑතින් ද විකෘතිව සිටි යමුනා දෑත් පහළට දමා පපුවේ කුරුසිය සටහන් කරමින්
සිහිසුන්ව වැටුණා ය. ඉන් පසු පිරිත් පැන් ඉස පිරිත් පැන් පොවා මරියාච්චිගේ නාග
දිෂ්ටියෙන් ඉවත් කළ පසු ප්‍රකෘති තත්ත්වයට පත්වූවාය.
මේ සිද්ධියෙන් සිතේ තියුණු බවට හා ක්ෂණයකින් එක් සිතක් නැති වී අලුත් සිතක් පහළ වන
බවට සාධකයකි. යමුනා මරියාච්චිට කවා පොවා කොයි තරම් සාත්තු සප්පායම් කළත් ප්‍රාණය
නිරුද්ධ වන මොහොතේ ඇති වූ දැඩි පිපාසය නිවා ගැනීමට යමුනාගෙන් වතුර ඉල්ලා කෑගැසුවත්,
යමුනා තද නින්දේ සිටි බැවින් ඇයට එය ඇසුණේ නැත.
කලින් සිදු කළ සාත්තු සප්පායම්, සියල්ල යටපත් වී වතුර නුදුන්නා යැයි දැඩි වෛරයක්
මරියාච්චිගේ සිතේ හට ගැනිණි. ඒ කෙලෙස් බරිත සිතේ ස්වභාවයයි.
මතුගම
මහින්ද විජේතිලක
|