දේශද්‍රෝහියා

 
 

ඓතිහාසික මැතිවරණ ජයක්!

 
 

ජී.එස්.පී.ප්‍රශ්නය පසුබිමෙහි දේශපාලන අබිරහසක් තිබෙනවා

 
 

දකුණම එළියයි

 
 

දකුණේ ජනතාව ජනාධිපතිතුමාට ඇති ගෞරවය ඡන්දයෙන් ප්‍රකාශ කරාවි

 
 

අපිත් පොත් ප්‍රදර්ශනේ බැලුවා මේ දවස්වල පොත් කියවනවා

 
 

එදා අපේ දරුවො කුරුල්ලො වගෙයි සැහැල්ලුයි නිදහස්

 
 

ජනශක්ති උතුරු නැ’හිර ශාඛා මඟින් තරුණ තරුණියන් දහසකට රැකියා

 
 

කරන්න බැරි දෙයක් නෑ කියන එක මට තාත්තාගෙන් උරුම වූ දෙයක්

 
 

ටිකිරි හමුව

 
 

මධු කුසලානය

 
 

මට පින් නොදුන්නොත් ආයිත් ඇඟට රිංගනවා

අපිත් පොත් ප්‍රදර්ශනේ බැලුවා

අපිත් පොත් ප්‍රදර්ශනේ බැලුවා
මේ දවස්වල පොත් කියවනවා

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී හමුවූ ජනපි‍්‍රය නළු නිළියන් කීිප දෙනකුගේ අදහස්

‘පොදු පුරුෂයා’ පොත විශේෂයෙන් මිලට ගත්තා

සබීතා පෙරේරා

පොත් පත් ගැන මගේ උනන්දුව හා ආසාව ඇතිවුණේ බොහොම දීර්ඝ කාලෙක ඉඳලා. සාහිත්‍ය මාසයට කියලා විශේෂයෙන් පොත් පත් ගන්න යන්නෙ නැතිවුණාට මම නිතරම පොත් සාප්පුවල රැඳෙන කෙනෙක්. මට අවශ්‍ය පොත් පත් කොහෙන් හරි හොයාගෙන කියවන කෙනෙක් මම.

මම පොතපතට නැඹුරුයි කියලා දන්න හින්ද වෙන්නැති පසුගිය කාලේ මට ස්වර්ණ පුස්තක සම්මානය වෙනුවෙන් පොත් කියවල අදහස් දක්වන්නත් අවස්ථාව හිමිවුණේ. මට ඕන වුණේ මෙවර ස්වර්ණ පුස්තක සම්මානය හා රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනාගත්ත සුනේත්‍රා රාජකරුණානායකගේ ‘පොදු පුරුෂයා’ පොත ගන්න. ඒත් එක්කම මම තාරකා වාසලමුදලිආරච්චිගේ ‘කළු’ කියන නවකතාව විශේෂයෙන් ගත්තා. මේ දිනවල කියවගෙන යන්නේ ඒ පොත.

කොයි තැනකට ගියත් පොත් පත් ටිකක් දැක්කොත් මම නතර වෙන්නේ එතැන. මේ ළඟදි බෙල්ලන්විල පන්සලට ගියාමත් පොතක් දැකලා ඒක දිහා බල බල ඉන්නකොට හාමුදුරුවෝ ඒක මට කියවන්න දුන්නා. ‘ශ්‍රී පාදය’ ගැන තමයි ලියැවිලා තිබුණේ. අද කොයිතරම් ලෝකෙ දියුණුවෙලා, තාක්ෂණය දියුණුවෙලා කොම්පියුටර් ඇවිත් තිබුණත් පොත් කියවලා ලබන සුවය මට වෙන විදියකින් කොහෙත්ම ලබාගන්න බෑ.

අද වෙන විට සාහිත්‍ය මාසයත් සමඟ ලංකාවේ ලොකු ප්‍රබෝධයක් පොත් පත් හා සම්බන්ධව ඇතිවෙලා තිබෙනවා. ඉතාම හොඳ දෙයක් විදියට තමයි මම මේක දකින්නේ. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක වැඩිහිටියන් පවා උනන්දු වෙලා තිබෙනවා තමන්ගේ දුවා දරුවන් සමඟ ඇවිත් පොත පත මිලදී ගන්න සහ ඔවුන්ට ඒ අවස්ථාව හිමි කර දෙන්න.

රංගන ශිල්පීන් විදියට අපේ ක්ෂේත්‍රයට විතරක් අපි සීමාවෙලා හරියන්නෙ නෑ. සම්මුඛ සාකච්ඡාවකදි වුණත් අපි කතාකරන කොට අපි පොත පත කියවල දැනුම රැස්කරගෙන ඉන්න කොට කතා කරන්න පහසුයි. ඉතින් ඇත්තටම මම නම් අද මේ ඇතිවෙලා තිබෙන පොත පත පිළිබඳ උනන්දුව ප්‍රබෝධයට හරිම කැමැතියි. අපේ අනාගත පරපුර උගත් බුද්ධිමත් ගුණයහපත් අය කරන්න ඒ තරමටම පොත පත කියවීම වැදගත්.


මම දැන් කියවන්නේ ‘කාන්තාරයේ කුසුම’

රොෂාන් පිලපිටිය

ද සාහිත්‍ය මාසය කිව්වම අපේ රටේ ලොකු පිබිදීමකින් ක්‍රියාකරන මාසයක් බවට පත්වෙලා තිබෙනවා. විශේෂයෙන්ම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නිසා ඒක වෙනම සංස්කෘතියක් බවට පත්වෙලා. ලොකු කුඩා, බාල මහලු පවුලේ සියලුදෙනාම පැමිණෙන තැනක් බවට පත්වෙලා. ඇත්තටම ඒ ප්‍රවණතාව ඉතාම හොඳයි.

අපේ රටේ අනාගත පරපුර කියවන්න උනන්දු කරනවා කියන්නේ යහපත් පුරවැසියන් රැසක් බිහිවෙනවා කියන එකයි. තව ටිකක් පාසල් මට්ටමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ සම්බන්ධව උනන්දු කරනවා නම් හොඳයි කියලා මට හිතෙනවා. මම නම් කොහොමත් ඉස්සර ඉඳලම පොත පත කියවන්න උනන්දු වුණු කෙනෙක්. මම හිතන්නේ මෙතෙක් වැඩිම ජනකායක් පැමිණ හිටියේ මේ පොත් ප්‍රදර්ශනයට වෙන්න ඕන.

මම පොත් රාශියක්ම ගත්තා. ඒ අතරින් මේ දිනවල මම කියවගෙන යනවා රංජිත් කුරුප්පු පරිවර්තනය කළ ‘කාන්තාරයේ කුසුම’ කතාව. ටෙලිනාට්‍ය රූගත කිරීම් සහ මගේ අනෙකුත් වැඩ කටයුතු අතර තුර ලැබෙන විවේකයේදී තමයි මම පොත් කියවන්නේ.

ඇත්තටම නළුවෙක් විදියට රංගන ක්‍ෂේත්‍රය ගැන පමණක් නොවෙයි අපි දැනුවත් විය යුත්තේ සාහිත්‍ය දැනුම වගේම, රට තොට ගැන ලෝකය ගැන අපි අවදියෙන් සිටිය යුතුයි. අද ලෝකයේ තාක්ෂණය කොයිතරම් දියුණුවෙලා තිබුණත් ඒ මඟින් දැනුම කොයි තරම් ලබාගත හැකි වුණත් පොතක් කියවීමෙන් ලැබෙන සංයමය හා දැනුම වෙනස් ආකාරයකින් ලබාගන්න බෑ කියලා මම විශ්වාස කරනවා.

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වගේ තැනකට යන එක නළුවෙක් විදියට මං වගේ කෙනෙකුට තවත් ලොකු අත්දැකීමක් කියලා මට හිතෙනවා. එතැනට එන්නේ සාහිත්‍යයට කැමැති, පොත පතට කැමැති පිරිසක්. නළුවෙක් විදියට සාමාන්‍ය මිනිස්සු අතර ගැවසීමත් එක්තරා ආකාරයක අත්දැකීමක් මට.


මැක්සිම් ගෝර්කිගේ ‘අම්මා’ මට වටිනවා

ධනංජය සිරිවර්ධන

පේ අම්මගේ, තාත්තගේ, සීයාගේ, ආච්චිගේ පටන් පොත් පත් ඇසුරේ වැඩුණු පවුලක තමයි මම හැදුණේ. මට මතකයි පුංචි කාලේ සෙල්ලම් කරන කොට මම මහගම සේකරයන්ගේ ‘ප්‍රබුද්ධ’ පොත කියවන්න ගන්නේ. ඊට පස්සෙ උසස් පෙළ පන්තියේ ඉගෙනගන්න කොට සාහිත්‍ය රසයත් එක්ක ඒක කියවන්න මම පෙලැඹුණා.

මේ ඇසුර නිසා නිතරම අතට අහුවෙන පොත පත මම කියවන්න ගත්තා. අපේ ගෙදර අනෙක් හැමදෙනාමත් පොත පතට නැඹුරු නිසා ඒ අය ගේන ඒවත් කියවනවා. මම දැකලා තියනවා සමහර වෙලාවට පදික වේදිකාවේ කිලෝ ගාණට පොත් විකුණනවා. සමහර වෙලාවට අරන් බැලුවම ඒවායේ අන්තර්ගතය මිල කරන්න බෑ.

සමහර වෙලාවල්වලට මට පොත් සාප්පුවට යන්න බැරි වුණත් අපේ අම්ම ලව්ව හරි පොත් ගෙන්වගෙන කියවනවා. මැක්සිම් ගෝර්කිගේ ‘අම්මා’ පොත මගේ ළඟ තිබුණේ නෑ. ඒ පොත මට වටිනවා. මේ නිසා මම ඒක ගත්තා. ඒ එක්කම ගත්තා මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන හා ස්වර්ණ පුස්තක සම්මාන දිනූ සුනේත්‍රා රාජකරුණානායකගේ ‘පොදු පුරුෂයා’ නවකතාව.

මේ දිනවල මම කියවමින් ඉන්නේ ඒක. කියමනක් තියනවානේ මිනිසෙක් ජීවිතේ සාර්ථක වෙන්න නම් ගෙයක් හදලා, පුතෙක් හදලා, පොතක් ලියන්න ඕන කියලා. පොත් පත්වලට මෙච්චර ඇලුම් කරන මමත් අනාගතේ කවදාහරි පොතක් ලියන්න බලාපොරොත්තු වෙනවා.


අහුවෙන ඕනෑ දෙයක් කියැවීම මගේ පුරුද්දක්

ඕෂධී හේවාමද්දුම

’කියවීම මිනිසකු සම්පූර්ණ කරයි’ කියන කියමන පුංචි කාලේ ඉඳන්ම මගේ හිතේ තැන්පත් වුණු අදහසක්. එක දිගටම ඉඳගෙන පොත්පත් කියවන්න අද වන විට මට කාලවේලාව අඩු වුණත් ලැබෙන හැම විවේකයකදීම කුමක් හෝ කියවන්නට යොමුවෙන එක මගේ පුරුද්දක්. ඒක සමහර වෙලාවට පොත්වලට පමණක්ම සීමා වෙන්නෙත් නෑ.

පුවත්පතක සඟරාවක හෝ හදිස්සියේ දකින කොළ කෑල්ලක හරි අතට අහුවන යමක් කියවන්න මම පුරුදු වෙලා ඉන්නවා.

ඒ වගේම තමයි මට කියවන්න අවශ්‍ය පොත පත මම මිලදී ගන්නවා. අපි නළු නිළියන් වශයෙන් නිරන්තරවම මාධ්‍ය හමුවට යන අය. එහෙම වුණහම මාධ්‍ය ඔස්සේ අපට නිතරම කතාකරන්න සිද්ධ වෙනවා.

අපි ලෝකය ගැන සමාජය ගැන දැනුම්වත් භාවයක් නැතුව හිටියොත් අපට හරියට කතාකරගන්න බැරි වෙනවා. අපි කියවනවා කියලා විෂයට අදාළ දේ විතරක්ම කියවල හරියන්නෙ නෑ. එදිනෙදා ජීවත්වෙන්න

දැනුම්වත් වෙන්න අපේ බුද්ධිය දියුණු කරගන්න කියැවීම සහ

පොත් පත් ඇසුර අත්‍යාවශ්‍ය දෙයක් විදියට මම දකිනවා.