දේශද්‍රෝහියා

 
 

ඓතිහාසික මැතිවරණ ජයක්!

 
 

ජී.එස්.පී.ප්‍රශ්නය පසුබිමෙහි දේශපාලන අබිරහසක් තිබෙනවා

 
 

දකුණම එළියයි

 
 

දකුණේ ජනතාව ජනාධිපතිතුමාට ඇති ගෞරවය ඡන්දයෙන් ප්‍රකාශ කරාවි

 
 

අපිත් පොත් ප්‍රදර්ශනේ බැලුවා මේ දවස්වල පොත් කියවනවා

 
 

එදා අපේ දරුවො කුරුල්ලො වගෙයි සැහැල්ලුයි නිදහස්

 
 

ජනශක්ති උතුරු නැ’හිර ශාඛා මඟින් තරුණ තරුණියන් දහසකට රැකියා

 
 

කරන්න බැරි දෙයක් නෑ කියන එක මට තාත්තාගෙන් උරුම වූ දෙයක්

 
 

ටිකිරි හමුව

 
 

මධු කුසලානය

 
 

මට පින් නොදුන්නොත් ආයිත් ඇඟට රිංගනවා


ටිකිරි හමුව

හෙළයේ එඩිතර කත

හෙළයේ එඩිතර කත විහාර මහා දේවිය යි. එතුමියගේ මුල් නම දේවී කුමරිය යි. දේවී කුමරියගේ පියා කැලණි තිස්ස රජතුමා ය. රජතුමා කළ වරදක් නිසා මුහුද ගොඩ ගැලුවේය. එම අවස්ථාවේදී දේවි කුමරිය සිය කැමැත්තෙන්ම මුහුදට බිලි වීමට කැමැති වූවාය.

දේවී කුමරිය සිටි රන් ඔරුව දකුණේ කිරින්ද ප්‍රදේශයට පාවී ගියේය. එම ප්‍රදේශයේ රජ කළ කාවන්තිස්ස රජු දේවී කුමරිය මාලිගාවට කැන්දන් ගියේය. රජතුමා දේවිය විවාහ කර ගත්තේය. විහාර මහා දේවිය ගේ දරුවන් දෙදෙනා ගැමුණු කුමාරයා හා තිස්ස කුමාරයාය.

ගැමුණු කුමාරයාට රට එක්සේසත් කිරීමට අවවාද හා උපදෙස් දුන්නේ විහාර මහා දේවියයි. එවැනි වීරවරියන් තව තවත් බිහිවේවා යැයි මම පතමි!
 

හසිඳු ප්‍රශාන් බණ්ඩාර

5 ශ්‍රේණිය ‘මානෙල්’,

සුජාතා ම.වි., රඹුක්කන
 


පොල් ගස

තිබහට රස වතුර දෙන්නෙ
හොද්දට කිරි රස කරන්නෙ
සම්බෝලය සාද ගන්නෙ
මමයි මේව ඔබට දෙන්නෙ

තෙල් ටික හින්දවා ගන්නෙ
කොප්පර ටික වේල ගන්නෙ
කටුයි අඟුරු වලට ගන්නෙ
මමයි මේව ඔබට දෙන්නෙ

අතු ටික වහළට බඳින්නෙ
පිති ටික ගිනි අවුලවන්නෙ
පරාල ටික කපා ගන්නෙ
මමයි මේව ඔබට දෙන්නෙ

සදීපා රසාංජලී කරුණාරත්න,

3 ශ්‍රේණිය,

නිවුන්හැල්ල කනිටු විදුහල, ඉඹුලාන.
 


නියඟය

හරිම තදට අහස් කුසේ ඉර මාමා පායනවා
පොළොව ඉරි තැලී වියළි යනවා
ගං ඇළ දොළ සිඳිලා යනවා
නියඟය එන බව අපට හැඟෙනවා

කොළ වියළී ගොස් ගහකොළ පාළුයි
වැස්ස නැවතීලා ජලය හිඟයි
වතුර සොයන්නට දුර යන්නයි
සත්තුත් අසරණ වුණා වගෙයි

ඩී.කේ. ගාවිත්‍රි දිලේෂා අමරසිංහ,

7 ශ්‍රේණිය ‘පී’,

ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය, තෝලංගමුව.
 


සැන්දෑවක අසිරිය

ඉර මාමා බැස යන්නේ
සඳ මාමා නැග එන්නේ
අලුත් රැයට පණ දෙන්නේ
මේ දෙදෙනා වෙන් වෙන්නේ

ඉසුරන්දි නවීනා අතුකෝරල,

6 ශ්‍රේණිය ඒ,

සාන්ත ජෝසප් බාලිකා විදුහල,

නුගේගොඩ.
 


පරිසරයට කළ ගුණ සලකමු

බැලූ බැලූ අත ඇති හරිත වර්ණ තුරු ලතාවනුත් දුඹුරු පැහැ නැවුම් පසත්, විටින් විට අප ස්පර්ශ කරන සුළඟත් නිල් පැහැයෙන් රටා මවන ගගනත්, ඉමක් කොනක් නොපෙනෙන සාගරයත්, කිරි සුදු පැහැ ග්ලැසියරත් අංගයන් කොටගත් පරිසරය, අප දරා සිටින මිහිමවගේ අමිල වූ දායාදයකි.

ජල පෝෂක ප්‍රදේශවලින් ආරම්භ වන ගංගා, දිය ඇළි හා වැව්, වර්ග කිලෝමීටර් ගණනින් පැතිර ඇති වැසි වනාන්තර වලත්, මහා වාලුකා කාන්තාරවල අල්ප වශයෙන් වුවත් ඇති ජෛව විවිධත්වය ද අයිති වන්නේ පරිසරයටයි. එහි භාරකරු මේ මහා මිහිතලයයි.

මේ පරිසරයේ ජීවත් වන ක්ෂුද්‍රජීවියාගේ සිට නිල් තල්මසා දක්වා සියලු ජීවීන් තමාගේ සෑම අවශ්‍යතාවක් ම සපුරාගන්නේ පරිසරයෙනුයි. කෝටි ගණනක් වූ ජීවීන්ගෙන් බුද්ධිමත් ම ජීවියා ලෙස සැලකෙන මනුෂ්‍යයාත් සියලු අවශ්‍යතාවන් සපුරා ගන්නේ පරිසරයෙනි.

මනුෂ්‍ය වර්ගයාටවත් පරිසරය අභිබවා යෑමට නොහැකි ය. වඳුරාගෙන් පරිණාමය වූ මිනිසුන්ගේ බුද්ධිමත් බව වැඩිවීම නිසාදෝ, මිනිස්සු දැන් විවිධ ක්‍රියාකාරකම් මගින් පරිසරය අපිරිසුදු කරමින් සිටිති.

කර්මාන්ත ශාලාවලින් ඉහළට නැඟෙන දුම් බට වලින් නික්මෙන අසීමිත ප්‍රමාණයක් වූ අහිතකර වායු මගින් සිදුවන වායු දූෂණයෙන් ලොව පුරා දිනපතා ගොඩනැඟෙන පොලිතින් කඳු වලින් ඇතිවන අසාරවත් පසෙනුත්, ගංගාවලට මුදාහැරෙන අපද්‍රව්‍යවලිනුත් සිදුවන්නේ පරිසරයේ සොඳුරු බව විනාශ වීමයි.

මනුෂ්‍ය වර්ගයා අතීතයේ සියයට සියයක්ම උපකාර ලැබුවේ පරිසරයෙනි. ආහාර, ඇඳුම් පැළඳුම්, ඖෂධ වර්ග සියලු දේ ලබාගත්තේ පරිසරයෙනි. නමුත් වර්තමානයේ විවිධ රසායනික වස විසට හුරු වූ මිනිසා බල ලෝභයෙන් මුදල් තණ්හාවෙන් හා තවත් විවිධ හේතු නිසා මිහිමවගේ දායාද විනාශ කරයි. එමගින් සූර්ය්‍යයාගේ අහිතකර කිරණ වලින් ජීවීන් රැක ගන්නා ඕසෝන් ස්තරය පළුදු වෙමින් පවතී.

පරිසරයේ උණුසුම ඉහළ ගොස් ධ්‍රැව ප්‍රදේශවල ග්ලැසියර් දිය වී කුඩා දිවයින් සාගරයෙන් යට වෙමින් පවතී. ආශ්වාස කළ හැකි පිරිසුදු වායු ජීවීන්ට අහිමි වෙමින් පවතී.

තවදුරටත් මේ ආකාරයට අප පරිසරයට එරෙහි වුවහොත් මිහිතලය අපට එරෙහි වීමට ඉඩ ඇත. මිහිතලය මේ සියලු දුක් කරදර ඉවසා සිටින්නේ තව කුඩා කාලයක් බව සියල්ලන්ටම පැහැදිලි ය.

එසේ නම් සාගරය අප මත තැබූ විශ්වාසය අපි රැකිය යුතු වෙමු. මිහිතලය අප දරා සිටිනවාට අපි කෘතඥතාවය පළ කළ යුතු වෙමු. තුරු ලතා අප සොයුරන් සේ සැලකූ ආකාරයට අපි ඔවුනට සහෝදරත්වය පෑ යුතු වෙමු.

මවක් මෙන් අප රැකගත් පරිසරයට එකම මවකගේ දරුවන් සේ සෙනෙහස ලබා දිය යුතු වෙමු. අපි සෑම එකට එක් වී පරිසර දූෂණය වළකමු. පරිසරයේ සදාකාලික සොඳුරු බව රඳවා ගනිමු. පරිසරය පිරිසුදුව තබා ගැනීමට කැපවෙමු.

කුලනි ලවින්දි ජයරත්න,

8 ශ්‍රේණිය ‘ඩී’,

රත්නාවලී බාලිකා විද්‍යාලය,

ගම්පහ.
 


අපේ ගම

වන රොද අතරින් පතර දම් පාටින් සැරසුණු දං ගස් මේ දිනවල අපේ ගමේ දැකිය හැකිය. ගමේ සිටින පුංචි ළමයින් නිවාඩු ලද හැම මොහොතකම දුව යන්නේ දම් පඳුරු වෙතය. යහළු ළමයි එකට එකතු වී දුව පැන සෙල්ලම් කරමින් දං ගෙඩි කඩාගෙන අනුභව කරති. මෙයින් මමත් පී‍්‍රති වන්නෙමි. කුඩා ළමයින්ගේ වන භෝජන අපේ ගමේ පිරී ඇත.

සුදු ඇඳුමෙන් සැරසුණු පුංචි ළමයි කොක්කු පෙළක් සේ පයින් ම පාසලට යති. දෙපස ඇති කුඹුරු යාය සුන්දර දසුන් මවයි. මැද සිටින පඹයා පුංචි ළමයි සහ කුරුල්ලන් බිය වද්දයි. ඈතින් පෙනෙන කඳු පන්තිය අතරින් හිරු එබී බලයි.

දිනෙන් දිනම විනාශ වන පරිසරයේ සුන්දරත්වය අපි අපේ ගම තුළින් රැක ගන්නෙමු. ගමක ඇති සුන්දරත්වය නගරයේ දැකිය නොහැකිය.

අපේ ගමේ වැඩිහිටියන් ගමේ ඇති වටිනාකම පුංචි කතා ඇසුරෙන් කියා දී ඇත.

ගමෙහි උපන් අපි ගම රැක ගත යුතු වෙමු.
 

ලිත්මි කිසාරා සේමිණි ලියනගේ

4 ශ්‍රේණිය ‘ඩී’,

සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය,

නුගේගොඩ
 


සිතක මහිම

ගෙවෙන ගෙවෙන හැම මොහොතම
නැත ආපසු හිමිවන්නේ...
වැඩකට නොයෙදූ විට සිත
නරකටමය යොමුවන්නේ
කිමෙක්ද සිදුවන යහපත
අකුසලමය සිදුවන්නේ
වැඩකට සිත යොමු කළ විට
අකුසල නෑ එක්වෙන්නේ

කේ.ඩී. අචලා දිල්රුක්ෂි,

11 ශ්‍රේණිය ‘ඩී’,

කිරිඇල්ල මධ්‍ය මහා විද්‍යාලය, රත්නපුර.
 


ඇතා

ඇතා ලොකු සතෙකි. පුදුම අතක් ඇති හෙයින් ඌට මේ නම කියනු ලැබේ. ඒ පුදුම අත නම් ඌගේ සොඬවැලය.

ඇතාගේ ශරීරය විශාලය. එය ඇවිදින කළු ගලක් වැනිය. පා සතර වංගෙඩි කොටවලට දෙවැනි නොවේ. ඌගේ හම ගොරෝසුය. වලග කොටය. කන් දෙක මහත් වුවත් ඇස් දෙක නම් කුඩා ය.

ඇතාට දිනපතාම ආහාර රාශියක් වුවමනාය. එහෙත් හේ මස් අනුභව කරන්නෙක් නොවේ. ඌගේ ප්‍රධාන ආහාරය වනුයේ කොළ වර්ග යි.

බුදුරජාණන්වහන්සේ ජීවමානව සිටි අවදියේ සිට පැවත ආ මේ සතා ඉතාමත් වටිනා සතෙකි. ඒ හෙයින් ධාතු කරඬුව ද පෙරහරින් ඇතාගේ පිට මතින් ගෙන යනු ඇත. ඇතාගේ දළ ඉතාමත් වටිනා දෙයකි.
 

එච්.එච්. දුෂාන් චානුක පෙරේරා

6 ශ්‍රේණිය ‘ඒ’,

සාන්ත ජෝන් විදුහල, නුගේගොඩ.


පොත්පත් අපේ මිතුරෝය

පොතකින් අපට ලබාගත හැකි දැනුම අනන්තය. අප්‍රමාණය. එහි එක් වචනයක් පාසා මහා දැනුම් සම්භාරයක් ගැබ් වී ඇත. යම් ශ්‍රේෂ්ඨ පුද්ගලයකුගේ ජීවිත ගමන, ජීවිත බාධක ජය ගත් ආකාරය ඇති පොත් කියවීමෙන් ගත හැකි ආදර්ශ බොහෝ ය.

සමහර පොත්පත්වල ලංකා ඉතිහාසය, ශ්‍රේෂ්ඨ රජවරු, වීරවරු, සාමාන්‍ය දැනීම, සිත් ඇද ගන්නා කතන්දර, කවි, තේරවිලි ප්‍රස්තා පිරුළු වැනි දේ අන්තර්ගත ය. ලංකා ඉතිහාසය, රජවරු, වීරවරු ගැන ඇති ග්‍රන්ථ මෙන් ම අනෙක් පොත්පත් ද පරිශීලනය කළ යුතුය. පොත්පත්වල ඇති විශේෂ කරුණු මතකයේ තබාගෙන තම දැනුම වර්ධනය කර ගත යුතු ය.

පොත්පත් අපේ මිතුරන් බව හැඟවීමට මෙම කරුණු ම ප්‍රමාණවත් ය.

සසිනි තක්ෂලා කුමාරි,

8 ශ්‍රේණිය ‘බී’,

තක්ෂිලා ම.වි.,

ගම්පහ.
 


දුම්රිය ගමනක්

හූ...හූ... හඬ දෙන්නේ
කුසු කුසු ගාමින්නේ
යකඩ ගොඩක් උඩ යන්නේ
පෙට්ටි ගොඩක් මේ එන්නේ

එස්.මලීෂා සඳරුවනි සිල්වා,

3 ශ්‍රේණිය එෆ්,

ආරක්ෂක සේවා පාසල,

කොළඹ.
 


ශිෂ්‍යත්ව විභාගය අවසානයි

ශිෂ්‍යත්ව විභාගය යනු ශ්‍රී ලංකාවේ තරගකාරී ම රජයේ විභාගයකි. තුන් වැනි ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා ඉගෙන ගත් සියලු දේ අගෝස්තු 23 වැනිදා ප්‍රයෝජනයට ගැනීමට සිදුවිය. එදින මධ්‍යහ්නට මිටින් හළ කුරුල්ලකු මෙන් විභාග ශාලාවෙන් පිටතට පැමිණි මට නිවාඩු කාලයේදී කළ හැකි දේ මතක් වී සිත සතුටින් පිරී ගියේ ය.

මේ නිවාඩු කාලයේදී, වෙනදා මෙන් නොව මගේ සිත ඉතා නිදහස් ය. වර්ෂ දෙකක් පුරා පාඩමට සිත යෙදවූ මම දැන් මගේ මලණුවන් සමඟ කෙළි සෙල්ලමේ යෙදුණෙමි. වසර දෙකකට පෙර මට හුරු පුරුදු වූ ජීවන රටාවට සමාන ජීවන රටාවකට දැන් මා හුරු වී ඇත. එහෙත් කෙතරම් සෙල්ලමේ යෙදුණත් මගේ සිතින් බැහැර නොවන සිතුවිල්ලක් වෙයි. ඒ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කෙසේ වේදැයි යන සිතුවිල්ල යි.

මොනවා කළත් මට මගේ අධ්‍යාපන කටයුතු අමතක නොවේ. එහෙත් මා දැන් රාත්‍රියට කරන්නේ ශිෂ්‍යත්වයට පාඩම් කිරීම නොව, හය වැනි ශ්‍රේණියේ දී උගන්වන ඉතිහාසය, ගණිතය, සමාජ අධ්‍යයනය, ජ්‍යාමිතිය හා විද්‍යාව වැනි විෂයයන් පාඩම් කිරීමයි.

රුවිමාල් යසන්ත පතිරාජ,

5 ශ්‍රේණිය,

ශ්‍රී බුද්ධදත්ත ආදර්ශ විද්‍යාලය,

අම්බලන්ගොඩ.
 


මගේ සුරතලා

මගේ සුරතලා බළලෙකි. උගේ නම සුමුනු. සුමුනු සුදු පාටයි. මම බත් කන කොට සුමුනු ළඟට වෙලා ඉන්නවා. සුමුනු මම යන යන තැනට එනවා. ඌ මාළු කන්න කැමැතියි. සුමුනුට මම ගොඩක් ආදරෙයි.
 

සනුදි අමරසේකර

2 ශ්‍රේණිය ‘මැණික්’,

පරාක්‍රම මහා වි., බණ්ඩාරවත්ත, ගම්පහ
 


දවස ගෙවී යයි

කුරුලු රෑන් අහසට පියඹනවා
කණාමැදිරි එළි දසත සරනවා
හ්ම් හ්ම් බකමූණා නද දෙනවා
කළුවර ඇවිදින් වෙලා ගන්නවා

පොඩි ළමයින්ගේ දඟ නවතීවී
බුදු පහනේ ආලෝකය විහිදේවී
සඳ පායා අහසට නැඟ ඒවී
දවස ගෙවී යයි රැයක් උදාවී

අසන්ති නාලිකා

9 ශ්‍රේණිය ‘ඩී’,

මාපලගම සිරිසුනන්ද නවෝද්‍යා පාසල,

මාපලගම, ඇතුමලේ
 


රට නැඟුමට අපිත් වවමු

අයියේ, අක්කේ, නංගි, මල්ලි පුංචි අපට එකට එකතු වීමෙන් රට ගොඩනැඟීමට උදව් විය හැකියි. රටේ විශාල ළමා පිරිසක් සිටිති. අප එකතු වූ විට කොපමණ වැඩ කොටසක් කළ හැකි ද? ඒ සඳහා අප කළ යුත්තේ කුමක් ද?

පළමුව අපේ පාසල්වල සිටින කෘෂිකර්ම ගුරුතුමන්ගෙන් උපදෙස් ගෙන පාසල් වත්තේ හොඳ ගොවිපොළක් හදමු. පොහොර සෑදීමට වත්තේ ශාක කොටස් සහ සත්ත්ව කොටස් එකතු කර කොම්පෝස්ට් වළක් සාදමු.

එවිට පාසල් වත්ත ද පිරිසුදු වේ. ඒ වගේ ම පැළවලට වියදමක් නැතුව පොහොර ද ලබාගත හැක. ඉඩකඩ ඇති ස්ථානවල රඹුටන්, අඹ වැනි ප්‍රයෝජනවත් පැළෑටි සිටුවිය හැකියි. ඒ සඳහා ගුරු මාපියන්ගෙන් උපදෙස් ලබාගැනීමට පුළුවන. පාසල් වත්තේ අලංකාරයත් අවට පරිසරය සුරැකීමත් අපගේ යුතුකමකි.

එසේ ම අපගේ ගෙවල්වල ද වත්තේ ඉඩකඩ ඇති හැටියට ප්‍රයෝජනවත් දෑ වවාගත හැකිය. මල් පෝච්චිවල මල් වගේ එළවුළු ජාති වවාගත හැකිය. අපට පොහොර සදා ගැනීමට ද අපහසුවක් නැත. මුළුතැන්ගෙයින් ඉවතලන දෑ එකතු කොට පොහොර සාදා ගැනීමට පුළුවන.

වළක් නැතුවට කෝටුවලින් කූඩුවක් තනා ඉවතලන දෑ දැමිය හැකිය. එසේ කිරීමෙන් පොහොර සපයාගෙන ගෙවත්තේ මිරිස්, වම්බටු, තක්කාලි වැනි දෑ වගා කර ගනිමු. එවිට ගෙවත්තෙන් අලුත්, පිරිසුදු, පෝෂ්‍යදායි එළවුළු ලැබෙනු ඇත. අපට මුදල් ද ඉතුරු වේ. එපමණක් නොව අපද්‍රව්‍ය ඉවතලෑමෙන් පරිසර දූෂණය ද සිදු නොවේ.

ලොකු ඉඩමක් ඇති අයට මේ මඟින් මුදල් ද උපයා ගත හැකියි. අපේ ගෙවත්ත කුඩා වුණත් අපට හැකි දේ වගා කර ගනිමු. පුංචි වුණත් එකතු වුණොත් ලොකු හයියක් අපටත් ඇති බව පෙන්වමු. පාසල් යන ලොකු අයියලා, අක්කලාට ගෙවතු හොඳින් සෑදීමට පුළුවන. මළුවල පස් පුරවා අල වර්ග ද සාදා ගත හැකියි.

එසේ කිරීමෙන් (පාන් පිටි) තිරිඟු පිටි වලට යන මුදල් ද ඉතුරු වේ. විදේශිය ආහාර නොමැතිව දේශිය ආහාර ගැනීමේදී පිටරට යන මුදල් ද ඉතුරු කර ගත හැකය.

ගරු ජනාධිපතිතුමාගේ සිතුම් පැතුම් වලට එකතු වී අපිත් හැකි අයුරින් වවා රට ගොඩනැගීමට දායක වෙමු.
 

මිලිඳු චාමන් සමරසේකර

5 ශ්‍රේණිය ‘ඒ’,

ඌරාපොළ කනිටු විදුහල,

ඌරාපොළ
 


වනාන්තරයක අතරමංවී....

අපේ පන්සලේ චෛත්‍යය

ලක්මිණි කෞශල්‍යා
10 ශ්‍රේණිය,
ගුරුදොල ක.වි., මතුගම

තෂ්මිණි හිරුෂිකා
ලිට්ල් ෆ්ලවර්ස් පෙර පාසල,
බුලත්සිංහල.

අපි සෙල්ලම් කරනවා

මල් මල් සමනල්ලු

රවිඳු ප්‍රභාශ්වර පතිරාජ
1 ශ්‍රේණිය,
ලීඩ්ස් ජාත්‍යන්තර පාසල, අම්බලන්ගොඩ

සිතිර සස්මිණ දහනායක යාපා
ජාත්‍යන්තර ගාර්ඩ්න් පෙර පාසල,
පානදුර.

දිය ඇල්ලේ සෙල්ලම් කරන ළමයි

අපේ පාර හදපු දා
 

කිත්මිණි සුදේශ විජේසිංහ
5 ශ්‍රේණිය ‘බී’,
සුජාතා බාලිකා ප්‍රා.වි., මාතර.

ජී.එල්.තත්සරණි දිල්හාරා
6 ශ්‍රේණිය,
ආනන්දාලෝක දහම් පාසල, තිඹිරිගස්කටුව, මීගමුව.

සැන්දෑවේ අපූරුව

නේත්‍රා ශ්‍රීමාලි ධනසේකර
7 ශ්‍රේණිය ‘ඊ’,
සරසවි උයන ම.වි., පේරාදෙණිය.