දේශද්‍රෝහියා

 
 

ඓතිහාසික මැතිවරණ ජයක්!

 
 

ජී.එස්.පී.ප්‍රශ්නය පසුබිමෙහි දේශපාලන අබිරහසක් තිබෙනවා

 
 

දකුණම එළියයි

 
 

දකුණේ ජනතාව ජනාධිපතිතුමාට ඇති ගෞරවය ඡන්දයෙන් ප්‍රකාශ කරාවි

 
 

අපිත් පොත් ප්‍රදර්ශනේ බැලුවා මේ දවස්වල පොත් කියවනවා

 
 

එදා අපේ දරුවො කුරුල්ලො වගෙයි සැහැල්ලුයි නිදහස්

 
 

ජනශක්ති උතුරු නැ’හිර ශාඛා මඟින් තරුණ තරුණියන් දහසකට රැකියා

 
 

කරන්න බැරි දෙයක් නෑ කියන එක මට තාත්තාගෙන් උරුම වූ දෙයක්

 
 

ටිකිරි හමුව

 
 

මධු කුසලානය

 
 

මට පින් නොදුන්නොත් ආයිත් ඇඟට රිංගනවා


ජනශක්ති උතුරු නැ’හිර ශාඛා මඟින්

ජනශක්ති උතුරු නැ’හිර ශාඛා මඟින්
තරුණ තරුණියන් දහසකට රැකියා
 

ජනශක්ති යාපනය දිසාවේ අලෙවි කළමනාකරු එම්මානුවෙල් ආනෝල්ඩ් මහතා චාවකච්චේරි ශාඛාවට පැමිණි ගනුදෙනුකරුවකු පිළිගත් අයුරු.

ලැයිස්තුගත ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගම් පහ අතුරින් පළමු මාස 6 තුළ බදු පියවීමෙන් පසු වැඩි ලාභයක් වාර්තා කළ ජනශක්ති ඉන්ෂුවරන්ස් සමාගම සිය 15 වැනි සංවත්සරය සැමරීය. ඊට සමගාමීව ක්‍රියාත්මක කොට ඇති සේවා ව්‍යාප්ති කිරීමේ පුළුල් වැඩ සටහන මඟින් උතුරු නැඟෙනහිර පළාත්වල තරුණ තරුණියන් දහසකට අධික පිරිසකට රැකියා අවස්ථා උදා කර දී තිබේ.

උතුරු වසන්තය වැඩසටහනට සමගාමීව ජනශක්ති ආයතනය සිය සේවා තවත් ව්‍යාප්ත කරනු වස් ඉකුත් සතියේ චාවකච්චේරිය හා චුන්නාකම් යන නගරවල අලුතින් ශාඛා කාර්යාල දෙකක් විවෘත කළේය.

“මේ නව කාර්යාල දෙක මගින් අනාගතයේ සෘජුවම දෙසිය දෙනකුට රැකියා අවස්ථා උදාවන අතර උතුරු හා නැගෙනහිර පළාත්වල සමස්ත ජනශක්ති රැකියා සංඛ්‍යාව දහසක් ඉක්මවනු ඇත. මේ ශාඛා ජනශක්ති සේවා උපරීම අන්දමින් උතුරු නැඟෙනහිර ජනතාවට ලබාදීමට කැප වී සිටින අතර රටේ සෙසු ප්‍රදේශවල ජනතාව භුක්ති විඳින වරප්‍රසාද ඒ අයුරින්ම උතුරු නැඟෙනහිර ජනතාවට ද සලසාදීමට සැදී පැහැදී සිටින බව ජනශක්ති ඉන්ෂුවරන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රකාශ් ශාෆ්ට මහතා පවසයි.

“මෙය ඇත්ත වශයෙන්ම අප සමාගමේ දැනට පවතින ශාඛා වලින් හා අනාගත ව්‍යාපෘති මඟින් සැලැසෙන සේවා තවත් පුළුල් කිරීමේ දීර්ඝ කාලීන සැලැස්මේ එක් කොටසකි. ජනවර්ගය, කුලය ආදි කිසිදු බේදයකින් තොරව සමස්ත ජනතාවගේ ජීවිත කෙරෙහි රක්ෂණයේ වරප්‍රසාද බලපැවැත්විය යුතුය. ඒ සඳහා අප සමාගම දැන් ක්‍රියාත්මක වී සිටි” යැයි ද ඒ මහතා කීය.

දැනට දිවයින පුරා විහිදුණු ශාඛා සියයකට අධික ජාලයක් සමඟ වැඩිම වර්ධන වේගයක් සනිටුහන් කරමින් ජනශක්ති සමාගම රක්ෂණ ක්ෂේත්‍රයේ නමක් දිනා සිටී. මඩකලපුව, කල්මුණේ, අක්කරෙයිපත්තුව, යාපනය, නෙල්ලියාඩි, කන්තලේ, ත්‍රිකුණාමලය, මන්නාරම, වව්නියාව, කිලිනොච්චි හා තවත් ශාඛා සමඟ ජනශක්ති සමාගම උතුරු නැගෙනහිර ප්‍රදේශවල එම සේවා තවත් පුළුල් කිරීමට කැප වී සිටී. පසුගිය පසළොස් වසරක කාලය පුරා ජනතාවට සේවය කිරීමට හැකිවීම පිළිබඳව අපි උදක්ම සතුටු වෙමු.

අපේ ශක්තිමත් පදනම හා කැපවීම සමඟ පූර්ණකාලීන සේවය නිසා නිසැක ලෙස මහජනතාව අතර විශ්වාසය ගොඩනගාගැනීමට හැකි වී තිබේ. ඒ නිසාම රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පාර්ශ්වකරුවෙකු වීමට අප සමාගමට හැකි වී ඇති බව ද ශාෆ්ටර් මහතා කියා සිටී.

1992 වසරේදී පිහිටුවනු ලැබූ මෙම සමාගම 1994 දී සිය සේවා ආරම්භ කළේය. එය මේ වන විට දැවැන්ත ආයතනයක් ලෙස පුළුල් වර්ධනයක් ලබා ඇති අතර, ජාතික රක්ෂණ සංස්ථාව ද ඊට පවරා ගන්නා ලදී. පහළොස් වසරක සුළු කාලය තුළ රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු බවට පත් වී සිටීමට ජනශක්ති ආයතනය සමත් වී ඇත.

ජනශක්ති රක්ෂණ සමාගමේ සභාපති ඩබ්ලිව්. ටී. එල්ලාවල මහතා පවසන්නේ ඉකුත් වසර කිහිපය තුළ සමාගම පාරිභෝගික සේවා සැලැසීමේදී සියලු අංශයන්හි නැවුම් වෙනසක් සිදුකර ඇත.

සමාජ වගකීමකින් යුතුව කටයුතු කරන සමාගමක් ලෙස අප දැඩි කැපවීමකින් සමාජයට යහපත සලසන අන්දමින් ක්‍රියාකිරීමට කැපවී සිටින බව සභාපතිවරයා පවසයි.

15 වැනි සංවත්සරය සැමැරීමේ අංගයක් ලෙස මධ්‍ය වාර්ෂික සම්මාන ප්‍රදාන උලෙළක් ඉකුත් සති අන්තයේ මාලදිවයිනේදී පැවැත්වුවා.

ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ එවැනි උලෙළක් විදේශයක ප්‍රථම වරට පවත්වමින් අපගේ කාර්ය මණ්ඩලය සාමාජිකයන් 60 කට වැඩි පිරිසක් එම සම්මාන ප්‍රදානය සඳහා මාලේ නගරයේදී සහභාගි වුණා” යැයි සමාගමේ සභාපති ඩබ්ලිව්. ටී. එල්ලාවල මහතා කීය.