දේශද්‍රෝහියා

 
 

ඓතිහාසික මැතිවරණ ජයක්!

 
 

ජී.එස්.පී.ප්‍රශ්නය පසුබිමෙහි දේශපාලන අබිරහසක් තිබෙනවා

 
 

දකුණම එළියයි

 
 

දකුණේ ජනතාව ජනාධිපතිතුමාට ඇති ගෞරවය ඡන්දයෙන් ප්‍රකාශ කරාවි

 
 

අපිත් පොත් ප්‍රදර්ශනේ බැලුවා මේ දවස්වල පොත් කියවනවා

 
 

එදා අපේ දරුවො කුරුල්ලො වගෙයි සැහැල්ලුයි නිදහස්

 
 

ජනශක්ති උතුරු නැ’හිර ශාඛා මඟින් තරුණ තරුණියන් දහසකට රැකියා

 
 

කරන්න බැරි දෙයක් නෑ කියන එක මට තාත්තාගෙන් උරුම වූ දෙයක්

 
 

ටිකිරි හමුව

 
 

මධු කුසලානය

 
 

මට පින් නොදුන්නොත් ආයිත් ඇඟට රිංගනවා

දකුණම එළියයි

දකුණම එළියයි

පසුගිය වකවානුවල දකුණේ බොහෝ ගම්මාන අඳුරේ පැවතිනි. එසේ වුවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ් උපදෙස් පරිදි විදුලි බල ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනවිරත්න මහතා ඉදිරි වසර ඇතුළත දකුණේ සියලු විදුලිය නැති නිවාසවලට ප්‍රදේශවලට විදුලිය ලබාදීම පිණිස නව විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇත. ඒ අනුව 2010 අවසන් භාගය වනවිට දකුණු පළාතේ විදුලිය නැති එකම නිවසක්වත් තිබීමට ඉඩ කඩ නැති බවත් නව කර්මාන්ත ඉදිකිරීමට අවශ්‍ය විදුලිබලය ලැබෙන බවත් විදුලි බල මණ්ඩලය පවසයි. 2010 වනවිට දකුණේ සියලු නිවාසවලට විදුලිය ලබාදීමේ වැඩ පිළිවෙළ ආරම්භ වූයේ 2005 වසරේ සිටය. එනම් ජනාධිපතිතුමා පදවිප්‍රාප්ත වූ වසරේ සිටය. මේ වැඩපිළිවෙළට ජනාධිපතිතුමා නායකත්වය දුන්නේය.

මහත්තයෝ අපිට ආණ්ඩුවෙන් පාර හදලා ලයිට් දාලා දුන්නා. දැන් මේ පැත්තේ ගෙවල් සේරටම ලයිට් ලැබුණා. ඒ හොඳටම ඇති ”

අද අපේ රටේ ග්‍රාමීය ජනතාව ඉල්ලන ප්‍රධාන යටිතල පහසුකම් දෙකක් ඇත. ඒ පාරවල් හා විදුලිය ලබාදීමයි. ජාතික සවිය මග නැඟුම, ගම නැඟුම ආදිය මඟින් අද දකුණේ ග්‍රාමීය පාරවල් සියල්ලම වාගේ කොන්ක්‍රීට් කර අවසනය. ප්‍රධාන පාරවල් සියල්ල කාපට් කර තිබේ.


විදුලි බල ඇමැති සෙනෙවිරත්න මහතා නව ග්‍රාමීය විදුලි බල යෝජනා ක්‍රමයක් විවෘත කරමින්

එසේ වුවත් විදුලිය ඉල්ලුම් සපිරීම එවැනි ලෙහෙසි පහසු දෙයක් නොවේ. පසුගිය වකවානුවල දකුණේ බොහෝ ගම්මාන අඳුරේ පැවතිනි.

එසේ වුවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි විදුලි බල ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනවිරත්න මහතා ඉදිරි වසර ඇතුළත දකුණේ සියලු විදුලිය නැති නිවාසවලට ප්‍රදේශවලට විදුලිය ලබාදීම පිණිස නව විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇත.

ඒ අනුව 2010 අවසන් භාගය වනවිට දකුණු පළාතේ විදුලිය නැති එකම නිවසක්වත් තිබීමට ඉඩ කඩ නැති බවත් නව කර්මාන්ත ඉදිකිරීමට අවශ්‍ය විදුලිබලය ලැබෙන බවත් විදුලි බල මණ්ඩලය පවසයි.

2010 වනවිට දකුණේ සියලු නිවාසවලට විදුලිය ලබාදීමේ වැඩ පිළිවෙළ ආරම්භ වූයේ 2005 වසරේ සිටය. එනම් ජනාධිපතිතුමා පදවිප්‍රාප්ත වූ වසරේ සිටය. මේ වැඩපිළිවෙළට ජනාධිපතිතුමා නායකත්වය දුන්නේය.

ඒ අනුව 2005 සිට 2009 අගෝස්තු මාසය අවසන් වනවිට නව නිවාස 150000කට පමණ විදුලි බලය ලබා දී ඇත. මේ කාලය තුළ නව විද්‍රලි යෝජනා ක්‍රම 2472ක් ක්‍රියාවට නංවා ඇත. මේ විදුලි සංවර්ධනය නිසා අද දකුණු පළාතේ මුළු නිවාස සංඛ්‍යාවෙන් සියයට 90කට පමණ විදුලිය ලබා දී ඇතැයි විදුලිබල මණ්ඩලයේ දකුණු පළාතේ් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එච්.ඒ.ජී.පුෂ්පකුමාර මහතා පවසසයි.

මේ අතර විදුලිබල ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා පැවසුවේ දකුණු පළාතේ සියලුම නිවාසවලට 2010 වසර මැද වන විට විදුලිය ලබාදීමට රුපියල් කෝටි 900ක් ලබාදෙන බවයි. දකුණේ විදුලි සංවර්ධනයට විශේෂ ව්‍යාපෘති කිහිපයක් ද ක්‍රියාවට නංවා තිබේ.

මින් ප්‍රධානම ව්‍යාපෘතිය ‘ලයිටිං හම්බන්තොට’ ව්‍යාපෘතියයි. 2007 ඇරඹුණු මේ ව්‍යාපෘතිය මඟින් හම්බන්තොට විදුලිය නැති නිවාස 40000ක් හා විදුලිය නැති ප්‍රදේශ සියල්ලටම සඳහා විදුලිය ලබාදීමට සැලසුම් කර ඇත.


 කරන්දෙණිය නව ‘ගි‍්‍රඩ්’ උප පොළ

’ලයිටිං හම්බන්තොට’ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ එස්.බෝගහවත්ත මහතා පවසන ආකාරයට මෙම ‘ලයිටිං හම්බන්තොට’ ව්‍යාපෘතියේ සියලු වියදම රුපියල් කෝටි 400කි.

‘මහින්ද චින්තනය’ යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විදුලිය නැති සියලු නිවාසවලටත් ඉදිරි සංවර්ධන කටයුතුවලටත් විදුලිය හිඟයකින් තොරව ලබාදීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ. මෙහි ප්‍රධානම වැඩසටහන් කීපයක් ඇත.

ඉන් ප්‍රධානම ව්‍යාපෘතිය බෙලිඅත්තේ නව ග්‍රීඩ් උප පොළක් පිහිටුවීමයි. දෙවැන්න නව විදුලි උපපොළ 230ක් ඉදිකිරීමයි. අධිසැර (33000) විදුලි කම්බි කිලෝ මීටර් 350ක් ඇදීම හා අඩු සැර විදුලි බල කම්බි කිලෝමීටර් 1250 දිගට ඇදීම ද මෙහිදී සිදු කෙරී ඇත.

මීට අමතරව බෙලිඅත්තේ සිට තිස්සමහාරාම දක්වා කිලෝමීටර් 108ක් දුර ප්‍රදේශයක වෝල්ට් 33000ක ප්‍රධාන විදුලි බල මාර්ගයේ ඇදීම ද මෙම ‘ලයිටිං හම්බන්තොට’ ව්‍යාපෘතියට ඇතුළත් වේ.

‘ලයිටිං හම්බන්තොට’ ව්‍යාපෘතියේ සියලු කටයුතුවලින් 76%ක් පමණ අවසන්වී ඇතැයි ව්‍යාපෘති අධ්‍යක්ෂ බෝගහවත්ත මහතා පවසයි. මෙම ව්‍යාපෘතිය මඟින් 2009 සැප්තැම්බර් වනවිට දකුණේ නව නිවාස 23000කට විදුලිය ලබාදී ඇත. ඒ සමඟම වෙනත් විදුලිබල සංවර්ධන වැඩසටහන් යටතේ ද පසුගිය වසර 5 ඇතුළත හම්බන්තොට නව නිවාස 27000කට පමණ නව විදුලි බල සම්බන්ධතා ලබාදී ඇත. ඒ අනුව මුළු එකතුව නිවාස 50000ට අධිකය.

තවත් නිවාස ගණනාවකට විදුලි කම්බි ඇද තිබේ. විදුලිය ලබාදී ඒවා ආලෝකවත් කිරීම අද හෙටම සිදුවේ.

මීට අමතරව අලුතින් ඉදිවන හම්බන්තොට වරාය, ගුවන්තොටුපොළ, පරිපාලන සංකීර්ණය හා නව සම්මන්ත්‍රණ ශාලාව යන යෝධ ව්‍යාපෘති සඳහා අවශ්‍ය විදුලිය ‘ලයිටිං හම්බන්තොට’ යටතේ අඩුවක් නැතිව ලබාදෙන බව ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පවසයි.

2007 දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිබුණු මුළු නිවාස සංඛ්‍යාවෙන් විදුලිය තිබුණේ සියයට 75කට පමණි. මේ ව්‍යාපෘතිය මඟින් ඒ ප්‍රමාණය සියයට 85 දක්වා වැඩිකර ඇත.


උප පොළ ඇතුළත ඉලෙක්ට්‍රොනික උපකරණ

මාතර දිස්ත්‍රික්කයේ ද විදුලිය නැති සියලු නිවාසවලට ලබන වසර මැද වන විට විදුලිය ලබාදෙන බව විදුලිබල මණ්ඩලයේ දකුණු පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එච්.ඒ.ජී.පුෂ්පකුමාර මහතා පවසයි.

ඒ අනුව දැනටම ඒ වැඩ පිළිවෙළ ක්‍රියාවට නංවා තිබේ. 2005 දී මාතර දිස්ත්‍රික්කයේ විදුලිය තිබුණේ මාතර ඇති නිවාසවලින් සියයට 78කට පමණි.

නමුත් මේ දිස්ත්‍රික්කයේ සිදුකළ විදුලි බල සංවර්ධන කටයුතු නිසා දැන් ඒ ප්‍රමාණය සියයට 86.2 දක්වා වැඩි වී තිබේ. විදුලි බල මණ්ඩලය කළ විදුලි බල සංවර්ධන කටයුතු නිසා පසුගිය වසර 4 ඇතුළතදී නව නිවාස 46735කට අලුතින් විදුලිය ලබාදී ඇත.

මේ සඳහා සම්පූර්ණ වියදම රුපියල් කෝටි 45කට ආසන්නය. මේ කාලයේදී මාතර දිස්ත්‍රික්කයේ නව විදුලි උප පොළවල් 79ක් ස්ථාපිත කර තිබේ. දෙණියායේ ග්‍රීඩ් උප පොළේ ධාරිතාව වැඩිකර ඇත. ඉදිරි සංවර්ධන කටයුතුවලට ද විදුලිය ලබාදීමට ද මාතර සම්ප්‍රේෂණ ධාරිතාව තිබේ.

ලබන වසර මැද වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ විදුලිය නොමැති සියලු නිවාසවලට විදුලිය ලබාදීමේ ඉලක්කය සපිරීමට විදුලි බල මණ්ඩලයේ ගාල්ල නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කාර්යාලය සූදානම්ව සිටී.

පසුගිය වසර හතර ඇතුළත ගාල්ලේ අලුත් නිවාස 50830 කට පමණ විදුලිය ලබාදී තිබේ. එමෙන්ම පසුගිය වසර හතර ඇතුළත දිස්ත්‍රික්කයේ විදුලි බල පාරිභෝජනය කරන පවුල් ප්‍රතිශතය සියයට 82 සිට සියයට 92 දක්වා වැඩිවී තිබේ.

උප විදුලි පොළවල් 200 ක් අලුතින් ඉදිකර ඇත. අවබල විදුලි පරිපථ කම්බි කිලෝමීටර් 436 ක් දුර අලුතින් ඇද ඇති අතර අධිබල (වෝල්ට් 33000) විදුලි කම්බි කිලෝමීටර් 114 ක් දුර අලුතින් ඇද තිබේ.

මේ ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට ගාල්ල දිස්ත්‍රික්කය සඳහා විදුලි බල මණ්ඩලය පසුගිය වසර 4 ඇතුළත වියදම් කර ඇති මුදල රුපියල් කෝටි 300 කට ආසන්නය. ඉන් වැඩිම මුදලක් වැයවී ඇත්තේ කරන්දෙණියේ අලුතෙන් ඉදිකළ නව ‘ගී‍්‍රඩ්’ උප පොළ සඳහාය.

ඒ සඳහා සම්පූර්ණ වියදම රුපියල් කෝටි 200 ක් පමණ වන බව කරන්දෙණිය ‘ගී‍්‍රඩ්’ උප පොළේ අරමුණු කළමනාකාර සුසන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු පවසන පරිදි නව ගී‍්‍රඩ් උප පොළේ ධාරිතාව මෙගා වොට් ඇම්පියර් 63  (MVA)  කි. 2005 ජුලි ආරම්භ කළ මේ ඉදිකිරීම 2009 මැයි මස අවසන් විය. මේ ගී‍්‍රඩ් උප පොළට අවශ්‍ය අධිබල විදුලිය මතුගම සිට සුවිශේෂි විදුලි කම්බි මඟින් කරන්දෙණියට ගෙන එනු ලැබේ. පසුව මේ ගී‍්‍රඩ් උප පොළ මගින් කිසිම අමතර බලයක් නැතිව මේ බලය මෙගා වොට් 63 දක්වා වර්ධනය කරනු ලැබේ. මතුගම සිට මේ ස්ථානයට එන විදුලියේ වෝල්ටියතාව වෝල්ට් 132000 කි.

නිවාස වලට විදුලිය ලබා දෙන විට එය වෝල්ට් 400 දක්වා අඩු කර ලබා දෙනු ලබන බවත් මේ ගී‍්‍රඩ් උප පොළ මගින් නව නිවාස 50000 කට හා කර්මාන්ත වෙළෙඳ ව්‍යාපාර රැසකට අලුත් විදුලිය මාර්ග ලබාදිය හැකි බවත් සුසන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

මේ අනුව ගාල්ලේ ඉදිරි විදුලි ඉල්ලුම සපිරීමට මේ කොටුමා (ගි‍්‍රඩ්) උප පොළ ඉමහත් පිටුබලයකි. මෙගා වොට් ඇම්පියර් 63 ක් දක්වා විදුලිය ලබාදිය හැකි මෙය මඟින් තවම ලබාදී ඇත්තේ මෙගා වොට් ඇම්පියර් 10 ක ධාරිතාවක් පමණි.

මෙම කරන්දෙණිය ‘ගි‍්‍රඩ්’ උප පොළේ සිට කිලෝ මීටර් 25 ක වක්‍රාකාර ප්‍රදේශයක් පුරා මේ උප පොළ මඟින් විදුලිය ලබාදිය හැකිය.

මෙවැනි ‘ගි‍්‍රඩ්’ උප පොළක් ඉදිකිරීම බලාගාරයක් ඉදිකිරීමට පමණයි දෙවැනි වන්නේ. මෙය ඉදිකිරීමට කටයුතු කළ ඉංජිනේරුවරුන් වැඩිම පිරිසක් අපේ අය. තාක්ෂණය අපේ. මේ අනුව මෙය අපේම එකක්. ‘බලාංශ සංවර්ධන අරමුණු’ ලෙස මේ වැඩ සටහන අපි හඳුන්වනවා.

මේ යටතේ තවත් ‘ගි‍්‍රඩ්’ උප පොළක් දෙනියායේ ඉදිකර තිබෙනවා. එය මගිනුත් දකුණේ විදුලිය සංවර්ධන කටයුතු වලට ඉමහත් මෙහෙයක් ලැබෙනවා” සුසන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

මේ අතර ඉදිරියේදී හම්බන්තොට මාතර ගාල්ල දිස්ත්‍රික්කවල සිදුවන නව සංවර්ධන වැඩ කටයුතු සඳහා අවශ්‍ය විදුලිය අවශ්‍ය පරිදි ලබාදීමට ද කටයුතු කිරීමට විදුලි බල ඇමැති සෙනෙවිරත්න මහතා උපදෙස් දී ඇත.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ විදුලිය නොමැති සෑම ගම්මානයකටම විදුලිය ලබාදීමට ආරම්භ කළ ‘ලයිටිං හම්බන්තොට’ විදුලි ව්‍යාපෘතිය ගාල්ල හා මාතර දක්වා ද ව්‍යාප්ත කරන ලෙස අමාත්‍යංශය උපදෙස් දී තිබේ.

දකුණු පළාතේ කඩිනම් විදුලි සංවර්ධන ව්‍යාපෘති යටතේ ඉදිරි මාසය ඇතුළත ගාල්ල දිස්ත්‍රික්කයේ විදුලි බල සැපයුම් සියයට 94 දක්වා ද මාතර දිස්ත්‍රික්කයේ විදුලිබල සැපයුම් සියයට 91 දක්වා ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ විදුලි බල සැපයුම සියයට 87 දක්වා ද වැඩි කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කරනු ලැබේ.

දකුණු පළාතේ ග්‍රාමීය විදුලි ව්‍යාපෘතිය සඳහා ගාල්ල දිස්ත්‍රික්කය සඳහා රුපියල් කෝටි 68 ක්ද, මාතර දිස්ත්‍රික්කය සඳහා රුපියල් කෝටි 150 ක්ද, හම්බන්තොට දිස්ත්‍රික්කයට රුපියල් කෝටි 232 ක මුදලක් ද වැය කරන බව ද විදුලි බල අමාත්‍යංශය පෙන්වා දෙයි.

මේ අනුව මීට වසර 4 - 5 කට පෙර කළුවරේ සිටි දකුණේ පවුල් ලක්ෂ 1.5 කට ආසන්න ගණනකට ජාතික විදුලි බල පද්ධතියෙන් පසුගිය වසර 4 ඇතුළත ජීවන ආලෝකය ලැබී ඇත. දකුණේ ඉදිරි සංවර්ධන කටයුතු වලට අවශ්‍ය විදුලි ඉල්ලුම ද සපිරීමට විදුලි බල මණ්ඩලය අපේක්ෂාවෙන් සිටින බව විදුලි බල මණ්ඩලයේ සභාපති ඊ.ඒ.එස්.කේ. එදිරිසිංහ මහතා අවධාරණය කරයි.

ඒ සමඟම දකුණු පළාතේ දිස්ත්‍රික්ක තුනේ දැනට ක්‍රියාත්මක විදුලි ව්‍යාපෘතිවලට අමතරව කුඩා විදුලිය දිගු කිරීම් කඩිනමින් ක්‍රියාවට නැංවීම දැන් සිදු කරනු ලැබේ. ඒ සඳහා විදුලි බල අමාත්‍යංශය රුපියල් කෝටි 30 ක් වෙන් කර තිබේ.

“දැන් ඉතින් අපිට විදුලිය තිබෙනවා, පාර තිබෙනවා, වතුර හිඟයක් නැහැ. අපට ඉතින් හිටියට වඩා දහස් ගුණයක් හොඳයි” ගාල්ලේ තවලමදී අපට හමුවූ සරත් විජේසිංහ මහතා කියූ වදන්වලින් පළාතේ යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව හැඟීමක් ලැබෙනු ඇතැයි සිතමි.