මේ සතුටු සිනා නැඟුණේ නැවත ගම් රට දකින්නට ලැබෙන නිසා ය. සහන ගම්මානවල සිටි පුද්ගලයන් දහස් ගණනකට ඉකුත් සිකුරාදා නැවත තම ගම් බිම් වෙත නව ජීවිතයක් ගොඩ නැඟීමේ වරම ලැබිණ. මේ නැවත පදිංචි කිරීම් සිදු කෙරුණේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා ගේ මූලිකත්වයෙන් ක්‍රියාවට නැඟුණු උතුරු වසන්තය වැඩ සටහන යටතේ ය. මෙහිදී නැවත ගම්රට බලා යෑමට සූදානම් වෙමින් සිටි ළමා ළපටි සිළුමිණ කැමරාවට හසුවූයේ මෙසේ ය.

 

ඡායා - චමින්ද හිත්තැටියගේ

මාධ්‍යයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙක් හවුල්....

චැනල් 4 මඩ වීඩියෝව හැදූ ශ්‍රී ලාංකික ‘කෙරුමෝ’ අතුරුදන්

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් අපකීර්තියට පත්කිරීම සඳහා සකස් කරන ලද ව්‍යාජ වීඩියෝ පටය චැනල් 4 රූපවාහිනී ආයතනයට ලබා දුන් බව කියන “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ” නම් සංවිධානයේ ක්‍රියාකාරීන් මේ වනවිට උන්හිටි තැන්වලින් අතුරුදන්ව ඇතැයි දැනගන්නට තිබේ. මේ ව්‍යාජ වීඩියෝ පටය සකස් කළ අයටත්, එය විකාශය කළ චැනල් 4 රූපවාහිනියටත් එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වනවිට කරුණු සොයා බලමින් සිටින්නේ යැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා සිළුමිණට පැවැසීය.දැනට හෙළිදරව් වී ඇති ආකාරයට “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ” නම් සංවිධානයේ ලිපිනය ලෙස

විස්තර »


වෙළඳ දැන්වීම් . . . .

Navayugaya

 

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

www.apiwenuwenapi.co.uk

www.defence.lk

www.news.lk