මරණ දැන්වීම්

හපුගොඩ ඉව්ලින් (කේ.එස්. හපුගොඩ මහත්මිය) ඇයගේ ජීවිතය වෙනුවෙන් ස්තුතිදීමේ පූජාවක් 2009 සැප්තැම්බර් 20 වෙනි ඉරුදින උදේ 7.30 ට බද්දේගම ක්‍රිස්තු දේවස්ථානයේදී පවත්වනු ලැබේ. ඇය 2009 අගෝස්තු 29 දින ස්වර්ගස්ථවූ අතර ඇයගේ කැමැත්ත මත 2009 අගෝස්තු 30 දින දේහය ආදාහනය කරනු ලැබීය. ශේෂ ස්තුති පූජාවෙන් පසු දේවස්ථාන භූමියේ මිහිදන් කරනු ඇත. හිතාදර දරු පිරිස “සුරතිළිණ”, කේ.එස්. හපුගොඩ මාවත, බද්දේගම.

ඩී.ඩබ්ලිව්. විජේසිංහ - ප්‍රීති රංජනී විජේසිංහගේ ස්වාමිපුරුෂයා වූ ද, ඉත්තෑපාන, නැසීගිය විජේසිංහ හා විජේසිංහ මියගේ පුත්‍රයා වූද, චතුරි (ඇන්ගර් ලේනර් ජීඑම්බීඑච්) සහ කමලි, හර්ෂිණී (බ්‍රෑන්ඩ්ස් ඇලි (ප්‍රයිවට්) ලිමිටඩ්) යන අයගේ පියාණන් වූද, ඩී.ඩබ්ලිව්. විජේසිංහ මහතා අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 13 වන ඉරිදා ගල්කිස්ස සුසාන භූමියේදී සිදුකෙරේ. අවමගුල් පෙරහැර, අංක. 1/12, ධර්මරාජ මාවත, දෙහිවල, නිවසින් සවස 4.00 ට පිටත්වේ.

සාමවිනිසුරු ඇම්.ඇම්. සෙනෙවිරත්න මහතා - නැසීගිය සෝමා සෙනෙවිරත්න මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද අශෝකා, කුමාර යන අයගේ සුළුපියා වූද, දේශාංගී සහ සිසාර යන අයගේ සීයා වූ ද, කරුණා සිරිසේන (මඩපාත), ඇම්.ඇම්. හින්නිහාමි (බද්දේගම) යන අයගේ සොහොයුරා වූද, කම්කරු විනිශ්චයසභා වෘත්තීය වේදීන්ගේ සංගමයේ ප්‍රධාන සංවිධායක වූද, ශ්‍රී ලංකා එක්සත් වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් වූද, කම්කරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පඩිපාලක සභා නියෝජිත වූද, කම්කරු විනිශ්චයසභාවේ නීති උපදේශක වූද, සාමවිනිසුරු ඇම්.ඇම්. සෙනෙවිරත්න මහතා වසර 80 ක් ආයුවළඳා 2009.09.12 දින අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ ආදාහන කටයුතු 2009.09.14 වන සඳුදා සවස 3.30 ට බොරැල්ල කනත්තේ දී සිදුකරන බැව් සංවේගයෙන් දැනුම් දෙමු. ආගමික වතාවත් නිවසේදී. අවමංගල්‍ය පෙරහැර සවස 2.30 ට නිවසින් පිටත්වේ. සංවේගයට පත් ඥාති පිරිස.