අහෝ... ජ වි පෙ !

 
 

චැනල් 4 මඩ වීඩියෝව හැදූ ශ්‍රී ලාංකික ‘කෙරුමෝ’ අතුරුදන්

 
 

ලක්ෂ 27ක මත්කුඩු සමඟ පාකිස්තානුවා ගුවන් තොටේදී දැලේ

 
 

රනිල් ළමා තැනකින් පටන් ගනී

 
 

සෙනසුරු මාරුව හැමෝටම හොඳයි

 
 

භාරතයට කඳුළක් එක්කළ රෙඩ්ඩි

 
 

වඩුවාගෙන් දොස්තර වැඩෙත් දොස්තරගෙන් වඩු වැඩෙත් ගන්ඩ ගියාම මෙහෙම තමයි

 
 

රැලි පිට රැලි පෙරළි ගසන ‘සුපර් ස්ටාර්’ රැල්ල

 
 

පැදුරේ උඩු බැලි අතට වැතිරී මල් වෙඩි බලද්දී...

 
 

ජගත් වෙළෙඳ ප්‍රදර්ශනයට එක්වී

 
 

සිස්ටර් කෙනෙකුට පලක් නැති නිසා ඉංජිනේරු උපාධිය අතහැරියා

 
 

ටිකිරි හමුව

 
 

මධු කුසලාන

 
 

ඕවා මොන බොරුද ඔහොම භූතයො කොහෙද ඉන්නෙ

අහෝ... ජ වි පෙ !

“මවුබිම නැතිනම් මරණය” කියා සටන් පාඨයක් මීට බොහෝ කලකට පෙර තාප්ප පෝස්ටර්වල දකින්නට ලැබිණි.

ඒ සටන් පාඨයේ අයිතිකරුවා ජනතා විමුක්ති පෙරමුණ ය. තාප්ප පෝස්ටර්වල නොලියූ නමුත් පුරන් අප්පුලා ගේ, ගොන්ගාලෙ ගොඩ බණ්ඩලා ගේ සටන් පාඨය වූයේ ද එය මැයි. ඒ මතු නොව දුටුගැමුණුලා ගේ කීර්ති විජේබාහුලාගේ ජීවිතයේ තේමාව වූයේ ද එය මැයි.

එවැනි සටන් පාඨයක් අතින් දරා උපන් ජේ.වී.පී. ය පසුගිය දා හදිසි නීතියට පක්ෂව ඡන්දය නොදී යූ.ඇන්පී. ය සමග පාර්ලිමේන්තුවෙන් එළියට බැස්සේ ය.

මේ පියවර එක්වරම ඇතිවූවක් නොවේ. “මවුබිම නැත්නම් මරණය” යන සටන් පාඨයේ සිට ජේ.වී.පී. ය පසුබසින්නට පටන් ගත්තේ දැන් කාලයක සිට ය.

බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ට එරෙහිව සොල්දාදුවන් ලේ හළමින් සටන් වැද සිටියදී ජනතා විමුක්ති පෙරමුණ “බඩ පුරවන” සටන් පාඨ ජනතාව අතට දී විරෝධතා ව්‍යාපාර ක්‍රියාත්මක කෙළේ ය.

“මවුබිම නැත්නම් මරණය” සටන් පාඨයේ සිට යූ.ඇන්.පී සටන් පාඨය වූ “බඩ වෙනුවෙන් වීදි බසිව්” අතට ගැනීමට තරම් හෑල්ලු වී ගියේ ය. පෙර කල සිට ම යූ.ඇන්.පී. කාරයන්ට ජනතාව කීවේ බත් ගොට්ටන් කියා ය.

එහෙත් පසුගිය කාලයේ ජනතාව “බඩ වෙනුවට මවුබිම” තෝරාගත් කල්හි වඩාත්ම ජනාදරයට පත්විය යුතු ව තිබුණේ ජනතා විමුක්ති පෙරමුණ යි. අහෝ... අවාසනාවක හැටි...! ඒ වන විට ජ.වි.පෙ. ඒ සටන් පාඨය පසෙකට දමා “බඩ වෙනුවෙන් වීදි බසිව්” සටන් පාඨය අතට ගෙන තිබිණි.

කාලකණ්ණි කොටි මිනිමරුවන් එකි නෙකා පොළොව මතට ඇද දමමින් සොල්දාදුවන් අත් පා සිඳගෙන ඉදිරියට යද්දී ජ.වි.පෙ. නායකයෝ “බඩ කට පුරවව්” සටන් පාඨය ජනතාව අතට දී මංමාවත් හරස් කොට දකුණේ පාලනය අඩපණ කොට අවුලක් ඇති කරන්නට උත්සාහ කළහ. එවැන්නක් කෙළේ දකුණේ කලබලය උතුරේ කොටින්ට උපරිම වාසියක් බව නොදැන සිටි නිසා විය නොහැකි ය.

එ.ජා.ප. යෙන් ණයට ඉල්ලා ගත් මේ සටන් පාඨයත් ඔසවාගෙන ජ.වි.පෙ. මේ ගමන් ගන්නේ කොහේට දැයි දැන් දැන් හෙළිදරව් වෙමින් පවතී.

ද්‍රවිඩ සන්ධානය මෙන් ම එ.ජා.ප. ය ද පසුගිය කාලයේ හදිසි නීතියට පක්ෂව ඡන්දය දුන්නේ නැත. දැන් ඒ ගොඩට ජ.වි.පෙ. ද වීසිවී ඇත්තේ ය.

කොටි ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා සියලු සැලසුම්, සියලු සෝදිසි කිරීම් සියලු විමර්ශන පැවැත්වෙන්නේ හදිසි නීතිය යටතේ ය. අන්තර් ජාතික ත්‍රස්තවාදියා වන කේ.පී. රඳවා ගෙන සිටින්නේ ද හදිසි නීතිය යටතේ ය. ජ.වි.පෙ. නව ස්ථාවරය අනුව හදිසි නීතිය ඉවත් කිරීමට සිදුවුවහොත් මේ ත්‍රස්තවාදීන් සියලු දෙනා ම නිදහස් කර යැවීමට සිදුවනු ඇත.

ජ.වි.පෙ. නායකයෝ “කරුණාගේ ඇමැතිකම” ගැන ද කතා කරති. ඝාතන ඉතිහාසයක් ජ.වි.පෙ. ට ද තිබේ. ජ.වි.පෙ. මන්ත්‍රීවරුන්ට ද ඇමැතිකම් ලැබුණේ ඒ ඝාතන ඉතිහාසය අමතක කර දැමූ නිසා ය. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිසි පසු තවදුරටත් ඝාතන ඉතිහාසය කරපින්නා ගෙන යාම නොවටී.

කරුණා ද දැන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට අවතීර්ණව සිටී. එහෙයින් ජ.වි.පෙ. ටත් බලපාන “ඝාතන ඉතිහාස සාධකය ඉදිරිපත් කිරීම උඩ බලා ගෙන කෙළ ගැසීමක් නොව මුහුණට වැටෙන සේ උල් ආයුධයක් උඩට වීසි කිරීමක් බඳු ය.

මේ ත්‍රස්තවාදය අවසන් වූ සමයයි. පූර්ණ සාමය උදාවන්නට පෙර ඇතිවන සංක්‍රාන්ති සමයයි. ත්‍රස්තවාදයට එරෙහි ව පැනවූ අණපණත් සංක්‍රාන්ති සමයේ දී කිසියම් පරිමාවකින් ක්‍රියාත්මක කළ යුතු වේ. ඒ සියල්ල ඉවත් කළ හැක්කේ පූර්ණ සාමයක් ඇතිවූ පසුව ය.

හදිසි නීතිය ද එවැන්නකි. එහෙත් බලය පිළිබඳ කඩිකුලප්පුවකින් පීඩා විඳින එජාපයට නම් “බලයේ සිහිනය” හැරෙන්නට අන් කිසිවක් පෙනෙන්නේ නැත.

එ.ජා.ප. කඩි කුලප්පුවට ජ.වි.පෙ. මුක්කු ගසන්නේ ඇයි ද යන්න දැන් දැන් ජනතාවට ප්‍රශ්නයක් නොවන තරමට කරුණු කාරණා හෙළිදරව් වෙමින් පවතී.

අසඩක් එන්න!

පොලොන්නරුවේ පැවැති ජාතික කලා මහෝත්සවය අවසාන විය. ඒ නිසා දැන් අපි එක්ව “හුණුවටය” දෙසට හැරී පොතේ ගුරු ගීතය තාලයට ගායනා කරමු.

“දෙයක් වේ නම් යම්
සුදුස්සාට ම අයිති විය යුතු
ගොවි දන මනා වූ
ලැබිය යුතු වූ සේම ගොවිබිම්
නැණ දන මනා වූ
ලැබිය යුතු වෙයි සකල නිලතල