75 වැනි පොලිස් ක්‍රීඩා උලෙළ

75 වැනි පොලිස් ක්‍රීඩා උලෙළ මෙවරත් අභිමානවත් අයුරින් පැවැත්විණ. මෙහි සමාප්ති උත්සවය පැවතුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි. එම අවස්ථාවට එක්වූ ජනාධිපතිතුමාට පොලිස්පති විසින් පොලිස් ක්ෂේත්‍ර බලකා ක්‍රීඩා මණ්ඩපයේ අනුරුව සහිත සිහිවටනයක් පිළිගැන්වූ අයුරු. මේ අවස්ථාවට ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, නාවික හමුදාපති තිසර සමරසිංහ, පොලිස්පති ජයන්ත වික්‍රමරත්න යන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තෝ විශාල පිරිසක් එක්ව සිටියහ.

ඡායාරූපය - සුදත් සිල්වා

ප්‍රභූ ඝාතන සැලැසුමට උදවු දුන් බව කියන...

කුරේ පසුපස විදෙස් හස්තයක්!

ජනාධිපතිතුමා ඇතුළු ඉහළ පෙළේ ප්‍රභූවරුන් ඝාතනය කිරීම සඳහා ත්‍රස්තවාදීන්ට උදවු කළ බව කියමින් ත්‍රස්ත විමර්ශන ඒකකය මඟින් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් අධිකාරිවරයා ඒ සඳහා මෙහෙයවා ඇති අන්තර්ජාතික මොළකරු සොයා ගැනීමට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙක් ‘සිළුමිණ’ට පැවැසීය. මෙම පොලිස් නිලධාරියා සතුව විදේශ රටවල ඇති දේපළ හා බැංකු ගිණුම් මෙන්ම ඊට මුදල් ආයෝජනය කෙළේ කවුරුන් ද යන්න සෙවීම පරීක්ෂණයේ අරමුණ වී තිබේ.

විස්තර »

 
deakin.edu.au


වෙළඳ දැන්වීම් . . . .
 

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

www.apiwenuwenapi.co.uk

www.defence.lk

www.news.lk

www.army.lk