තදියමේ රහස

 
 

කුරේ පසුපස විදෙස් හස්තයක්!

 
 

මට ටිකක් අමාරුයි පැන්ෂන් එක වැඩි කරලා දෙන්න

 
 

මම තොරතුරු තාක්‍ෂණය උපරිම ලෙසින් යොදා ගන්නවා

 
 

කොළඹින් පිටට යන්නේ පිටින් කොළඹට ආ කුණු

 
 

කලාවට මං හරිම කැමැතියි

 
 

ජපන් ගොවීන් සමග අපි ගොයම් කැපුවා

 
 

තොරතුරු තාක්ෂණ සිසුනට EXETEL ශිෂ්‍යත්ව

 
 

වසන්තය මුලතිව් දෙසට

 
 

ටිකිරි හමුව

 
 

මධු කුසලාන

 
 

දේපළ තණ්හාවට නංගී අයියාට වින කරලා

තදියමේ රහස

යුද්ධ කළෝ මහින්ද රාජපක්ෂ සේනාධිපතිවරයාගේ අනුහස යටතේ ආරක්ෂක ලේකම් ප්‍රමුඛ සෙන්පතියෝය. රණවිරුවෝය.

යුද්ධය ද රණවිරුවන් ද හෑල්ලුවට ලක් කළෝ රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල ආදීහුය.

තොප්පිගල කැලෑවක් යැයි ද, කැලෑවක් අල්ලා ගැනීමෙන් ඇති ඵලය කුමක් දැයි රනිල් විමසීය.

මංගල කීවේ සරත් ෆොන්සේකා සුදුසු යුද හමුදාවට නොව ගැලවීමේ හමුදාවට බවය.

රණවිරු ජයග්‍රහණ හෑල්ලු කරමින් රවී කීවේ කිලිනොච්චි යනවා කියා මැදවච්චි යන බවය.

ලක්ෂ්මන් කිරිඇල්ලට අනුව ආයුධ තිබෙනවා නම් ඕනෑම ගොනකුට යුද්ධ කරන්න පුළුවනි.

මේ කල්ලිය යුද්ධය වෙනුවෙන් වචනයකින් තබා ඉස්පිල්ලකින්වත් සහයෝගයක් දුන්නේ නැත. අවසාන යුද්ධය ආරම්භ වූයේ කොටින් විසින් සිරකරගෙන සිටි ලක්ෂ සංඛ්‍යාත අහිංසක දෙමළ වැසියන් තිරිසන් යක්ෂයාගෙන් බේරාගන්නටය.

ඒ තිරිසන් යක්ෂයාගේ රුදුරු දෑත් අතර සිරවී සිටි අහිංසක වැසියන් වෙනුවෙන් එක ඉස්පිල්ලක්වත් පිට නොකළ රනිල් ඒ වෙනුවට ප්‍රභාකරන් වෙනුවෙන් ලෝකය වටේ කඩේ ගියේය.

මංගල උත්සාහ ගත්තේ ප්‍රභාකරන්ට එරෙහි වූ මහින්ද රාජපක්ෂ ප්‍රධාන සෙන්පතියන් අන්තර්ජාතික පෝරකයට දැක්කීමටය. ඒ කුමන්ත්‍රණ හෙළිදරව් කළේ එක්සත් ජාතික පාක්ෂිකයන් විසින්මය.

මේ කල්ලිය දේශද්‍රෝහී නාඩගමක චරිත රඟපාද්දී නන්දිකඩාල් කලපුවේදී ප්‍රභාකරන් ප්‍රමුඛ මහ කොටි රැළම ඝාතනය විය. තිස් වසරක සාපලත් යුද්ධය අවසාන විය.

රනිල්, මංගල, රවි, ලක්ෂ්මන් කල්ලිය නිරුත්තර විය. එහෙත් දැන් ඔවුන්ට සහන ගම්මාන පිළිබඳව මහා කැක්කුමක් ඇතිවී තිබේ. ඒ කැක්කුම එන්නේ ප්‍රභාකරන් ඝාතනය කර දැමීම නිසා ඇතිවූ කේන්තියත් පදනම් කරගෙන දැයි සොයා බැලිය යුතුය. ඔවුන් පවසන්නේ අද අදම, වහ වහාම සහන ගම්මානවල සිටින ජනතාව ගම්බිම්වලට යැවිය යුතු බවය. ඒ පිළිබඳව රනිල්ලාට මංගලලාට ඇත්තේ තදියමකි. කුලප්පුවකි.

ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා පමණක් නොව සාමාන්‍ය රණවිරුවා පවා පවසන්නේ කොටින් සහන ගම්මානවල සාමාන්‍ය වැසියන් අතර තවමත් සැඟවී සිටින බවය. තුන් හතර දෙනා බැගින් දිනපතාම පාහේ මේ කොටි හඳුනාගනු ලබති.

එසේම දිනපතාම වාගේ භූ®ගත ආයුධ ගබඩා හමුවේ. ඒවා එසේ මෙසේ ආයුධ නොවේ. අති නවීන පන්නයේ ඒවාය. ලංකාවට පමණක් නොව ඉන්දියාව ඇතුළු දකුණු ආසියාවට ම ප්‍රහාර එල්ල කරන්නට තරම් වූ ආයුධ ගොන්නකි.

එසේ ආයුධ සඟවා ඇත්තේ පොළොවට පස්වී ගස්වලට පොහොර වීමට නම් නොවේ. මතුයම් දවසක ප්‍රයෝජන ගැනීමටය. ඒ නිසා කෙතරම් අසීරුවෙන් වුවද ඉවසීමකින් යුක්තව ඒවා සියල්ල ගොඩ දමා ඒ ප්‍රදේශය මිනිස් වාසයට සුදුසු එකක් බවට පත් කළ යුතුය.

මුළු වන්නිය පුරාම බිම්බෝම්බ අතුරා තිබේ. එසේ තිබියදී සාමාන්‍ය වැසියන් ඒ ගම්බිම්වල පදිංචි කරවිය හැකි නොවේ.

එසේ නම් රනිල්ලාට මංගලලාට ඇති මේ තදියම කුමක්ද?

සහන ගම්මානවල සැඟවී සිටින කොටින් නිදහස් කොට සඟවා ඇති ආයුධ ඔවුන් අතට පත්කිරීමටද?

ඉන්පසු ඇතිවිය හැකි ත්‍රස්ත ක්‍රියා විමුක්ති අරගලය යැයි කියමින් ලෝකය පුරා යාමටද?

එසේත් නැත්නම් බිම් බෝම්බ අතුරා ඇති ගම්බිම්වලට සාමාන්‍ය වැසියන් යවා ඔවුන් බිම් බෝම්බ වලට හසුව මිය ගිය විට ඒ සිරුරු ඔසවාගෙන රජයට දොස් පවරමින් ලෝකය පුරා යාමට ද?

වසර තිහක් තිස්සේ උතුරේ මෙන්ම දකුණේ ජනතාව ද සිටියේ ඒ තිරිසන් යක්ෂයාගේ ඇඟිලි අතර සිරවී ගෙනය. පාසල් ගේට්ටු ළඟ මවුපියන් මුර කළ යුගය රනිල්ලාට මංගලලාට අමතක වුවද මවුපියන්ට අමතක නැත.

සහන ගම්මානවල ප්‍රශ්න නැත්තේ නොවේ. දුෂ්කරතා නැත්තේ නොවේ. ඒවා සාමාන්‍ය ගම්බිම් ද නොවේ. හැකි ඉක්මනින් ඔවුන්ගේ ගම්බිම්වල පදිංචි කරවිය යුතු බවට තර්කයක් ද නැත. රජය සියලු වෙර දරන්නේ ද මහා ධනස්කන්දයක් වියදම් කරන්නේ ද ඒ සඳහාය. එහෙත් එය කඩි කුලප්පුවකින් කළ හැක්කක් නොවේ.

මනා ඉවසීමකින් යුක්තව මානුෂික මෙහෙයුම ජයගත්තාක් මෙන් ඉතිරි ජයග්‍රහණ ද ලබාගැනීමේ දී ද ඉවසීම සහ සංයමය අත්‍යාවශ්‍ය වේ. වගකීමකින් තොරව ‘පිස්සු කෙළින්නට’ වගකිව යුතු රජයකට නොහැකිය.

අනෙක් අතට බලය පිළිබඳ ප්‍රශ්නයක් ද රජයට නැත. ඒ නිසා සියල්ල සැලසුම් සහගතව ක්‍රියාවට නංවනවා විනා රනිල්ලාට මංගලලාට හෝ ලක්ෂ්මන්ලාට ඇති මුග්ධ කඩිකුලප්පුවක් රජයට තිබිය යුතු නොවේ.