|
කුරේ පසුපස විදෙස් හස්තයක්!
ප්‍රභූ ඝාතන සැලැසුමට උදවු දුන් බව කියන...
කුරේ පසුපස විදෙස් හස්තයක්!
කීර්ති මෙන්ඩිස්
ජනාධිපතිතුමා ඇතුළු ඉහළ පෙළේ ප්‍රභූවරුන් ඝාතනය කිරීම සඳහා ත්‍රස්තවාදීන්ට උදවු කළ
බව කියමින් ත්‍රස්ත විමර්ශන ඒකකය මඟින් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් අධිකාරිවරයා ඒ
සඳහා මෙහෙයවා ඇති අන්තර්ජාතික මොළකරු සොයා ගැනීමට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි
ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙක් ‘සිළුමිණ’ට පැවැසීය.
මෙම පොලිස් නිලධාරියා සතුව විදේශ රටවල ඇති දේපළ හා බැංකු ගිණුම් මෙන්ම ඊට මුදල්
ආයෝජනය කෙළේ කවුරුන් ද යන්න සෙවීම පරීක්ෂණයේ අරමුණ වී තිබේ.
ත්‍රස්තවාදය තුරන් කැර
ඇති මොහොතක සැඟවී සිට ප්‍රහාරයක් දියත් කිරීම සඳහා පොලිස් අධිකාරිවරයා මෙහෙයවූ
තැනැත්තා කොටුකර ගැනීම පරීක්ෂණවල මූලික අරමුණ බවත් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු
පවත්වා ගෙන යන බව ද පොලිස් ප්‍රකාශකයා සඳහන් කෙළේය.
මොහු ඇසුරු කළ බව කියන ත්‍රස්තවාදී සැකකරුවන් කිහිප දෙනෙකුගෙන් ද මේ වන විටත්
ප්‍රකාශ සටහන් කර ගෙන ඇති ත්‍රස්ත විමර්ශන ඒකකය ඉන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය
කරගෙන ඇති බව ද පෙන්වා දෙයි. මොහු සතුව තිබු යාන වාහන සියලු වත්කම් සොයා ගැනීම සඳහා
විශේෂ පොලිස් කණ්ඩායමක් ද පත් කර තිබේ.
මේ අතර ත්‍රස්ත විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගත් පොලිස් අධිකාරිවරයා විසින් කරන
ලද ඉහළ පෙළේ මෝටර් රථ ජාවාරමක් පිළිබඳ පුළුල් පරීක්ෂණයක් අරඹා ඇතැයි පොලිස්පති
ජයන්ත වික්‍රමරත්න මහතා ‘සිළුමිණ’ට කීය.
ජපානයේ සිට වාහන ගෙන්වමින් අනිසි ආකාරයට විකිණීම කර ඇති මෙම ජාවාරමට මහජනයා පවා
හසුවී ඇති අතර ඒ පිළිබඳ තොරතුරු වෙතොත් වහාම දන්වන ලෙස පොලිස්පතිවරයා මහජනයාගෙන්
ඉල්ලා සිටී.
|