කොමසාරිස්වරයාගේ
සහතිකය ප්‍රවේශම් කරමු
“පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හොඳටම අඩුවී ඇත.”
එසේ පවසන්නේ මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතාය. කොමසාරිස්වරයාගෙන් එවැන්නක්
ප්‍රකාශවීම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව සුබවාදී කඩඉමකට ශ්‍රී ලංකාව අවතීර්ණ වී ඇතැයි
යන්න මොනවට පැහැදිලි කරයි.
මැතිවරණ පිළිබඳව ශ්‍රී ලංකාවට තිබුණේ අපකීර්තිමත් ඉතිහාසයකි යන්න බැහැර කළ නොහැකි
සත්‍යයක් වශයෙන් පැවැතිණි. යාපනයේ සංවර්ධන සභා ඡන්දය, සහ මින් වසර ගණනාවකට පෙර
පැවැත්වූ වයඹ පළාත් සභා ඡන්දය මේ අපකීර්තිමත් මැතිවරණවලට ඉදිරිපත් කළ හැකි ඓතිහාසික
සාක්ෂි වේ.
ඉන්පසු මැතිවරණවලදී ද අඩු වැඩි වශයෙන් පූර්ව අපර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඇති විය.
මේ නිසාම මැතිවරණ නිරීක්ෂකයන් කියා කොටසක් ද බිහිවිය. ඒවා හොඳ ගතමනා ලැබෙන
එන්.ජී.ඕ. බවට ද පත්විය. මධ්‍යස්ථ නිරීක්ෂකයන් මෙන්ම දේශපාලන න්‍යාය පත්‍ර සහිත
ගැත්තන්ගේ සංවිධාන ද නිරීක්ෂක මට්ටමට පත්විය.
එකී දේශපාලන න්‍යාය පත්‍ර සහිත
නිරීක්ෂක එන්.ජී.ඕ. මැතිවරණ පරිසරය තව තවත් අපවිත්‍ර කරන්නට විය. එහෙත් මේ
එන්.ජී.ඕ. කාරයින්ට මැතිවරණ කටයුතු හත්මුතු පරම්පරාවම ගොඩගන්න සරුසාර ඉල්ලමක් බවට
පත්විය.
පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී මෙන්ම අපර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී සම්පත්
විනාශයන් මෙන්ම මිනිස් ඝාතන ද සිදුවිය. ආරම්භයේ දී පහර දීම් ස්ථාන මාරු වැනි දරාගත
හැකි මට්ටමේ ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වූ නමුත් ක්‍රම ක්‍රමයෙන් ඒවා රැකියා අහිමි
කිරීම්, ගෙවල් දොරවල් ගිනිතැබීම් පමණක් නොව කපා කොටා වෙඩි තබා ඝාතනය කිරීම් දක්වා
උත්සන්නව ගිය අයුරු අප කාහටත් අමතක නැත.
මේ අමානුෂික සහ අශ්ශීල ප්‍රවණතාවේ කූටප්‍රාප්තිය සිදුවූයේ හැත්තෑ හතේ මහා මැතිවරණයේ
දීය. පූර්ව ප්‍රචණ්ඩ ක්‍රියා මෙන් කිහිප ගුණයකින් බිහිසුණු වූ අපර ප්‍රචණ්ඩ ක්‍රියා
ඇති විය. බලයට පත් එක්සත් ජාතික පාක්ෂිකයෝ බලයෙන් උන්මාද වී ප්‍රතිවාදීන්ගේ ගෙවල්
දොරවල් ගිනි තබා මරා දමමින් ප්‍රජාතන්ත්‍රවාදය ගිනිබත් කළ අයුරු හොඳින් මතක තිබෙන
පරම්පරාව අද ද ජීවත් වේ.
එහෙත් මේ විනාශකාරී ප්‍රවණතාව ක්‍රම ක්‍රමයෙන් අඩු වී ගොස් ඌව, වව්නියාව සහ යාපනය
පළාත් ආයතන මැතිවරණයේ දී නැත්තටම නැති තත්ත්වයට ආසන්න වීමට තරම් අවම වී ඇති බවක්
පෙනෙන්නට තිබිණි. මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රසාදයෙන් කතා කෙළේ ඒ ගැනය.
”මේ තත්ත්වය ඉදිරියටත් පවත්වාගෙන යන ලෙස සියලුම දේශපාලන පක්ෂවල මහ ලේකම්වරුන්ගෙන්
ඉල්ලා සිටිනවා. මීට පෙර මැතිවරණවලදී මෙන්ම කිසිවකුට හෝ පිස්තෝල කරකවමින් ඡන්ද පොළට
ඇතුළු වීමට ඉඩ තබන්නේ නැහැ.”
මැතිවරණ කොමසාරිස්වරයාගේ මේ ප්‍රකාශ ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් සඳහා සාධනීය
පසුබිමක් නිර්මාණය කරයි.
පසුකාලීනව මැතිවරණ හුටපට බොහෝවිට ඇති වූයේ එකම පක්ෂයේ අපේක්ෂකයන් අතරය. ඒ මනාප පොරය
නිසාය. මනාප පොරයට මුහුණ දිය හැක්කේ විශාල මුදලක් වීසි කළ හැකි ධනවතුන්ට පමණය.
ඔවුන්ගේ් අත් උදව්වට මැර හමුදා බිහිවීම ද ඒ ඔස්සේ මැතිවරණ මැර සංස්කෘතියක් නිර්මාණය
වීම ද අපට දකින්නට ලැබිණි.
ඒ නිසාම පූර්ව සහ අපර ප්‍රචණ්ඩ ක්‍රියා වලින් තොර ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ
පරිසරයක් නිර්මාණය කර ගැනීමේ වගකීම සෑම දේශපාලන පක්ෂයකටම තිබේ.
මේ පළාත් ආයතන මැතිවරණයේ දී පූර්ව හෝ අපර ප්‍රචණ්ඩ ක්‍රියා නැත්තටම නැති තරමට අවම
වූ බව ඇත්තය. එහෙත් එය “නිට්ටාවටම” නැතිවන්නේ මේ මැතිවරණ ක්‍රමය වෙනස් වූ දිනෙකය.
එහෙයින් සෑම මැතිවරණයකටම පසුව ජනතාව නොඉල්ලා ඉල්ලන්නේ මේ මැතිවරණ ක්‍රමය වෙනස් විය
යුතුය යන්නය.
දැන් එවැනි වෙනසක් සඳහා සුදුසු කාලය එළැඹ තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදය පූර්ණ වශයෙන් සාක්ෂාත් වන්නේ එවැනි වෙනසක් ඇති වුවහොත් පමණි. |