|
|
ද සිල්වා ජී. ලයනල් (හිටපු නියෝජ්‍ය
කොමසාරිස්, පළාත් පාලන අමාත්‍යාංශය හා යුනිසෙෆ්
ආයතනයේ උපදේශක) නැසීගිය සෝමාගේ දයාබර ස්වාමි
පුරුෂයා වූද ප‍්‍රසන්න (හිටපු සාමාන්‍යාධිකාරි
ලංකා වෝල්ටයිල් හා ඇන්සල් ලංකා) උපුල්
(ඕස්ටේ‍්‍රලියාව), ජනක (වැද්දාගල වත්ත කළවාන),
වජිර (කැනඩාව) හා චරිත් (එක්සත් රාජධානිය) යන අයගේ
ආදරණීය පියාණන් වූද, පද්මි, අමල්කා, රසිකා හා
එලේන් යන අයගේ ආදරණීය මාමණ්ඩිය, නැසීගිය බර්නාඩ්,
නැසීගිය ටියුඩර්, විල්සන් හා චන්ද්‍රාගේ ආදරණීය
සොහොයුරා වූද, ජී. ලයනල් ද සිල්වා මහතා
අභාවප‍්‍රාප්ත විය. අවසන් කටයුතු ජූලි මස 06
වෙනි සඳුදා පස්වරු 4.30 ට කනත්තේ පොදු සුසාන
භූමියේදී සිදුකරන බව සංවේගයෙන් දැනුම් දෙමු.
ආදාහනය සඳහා අවමංගල පෙරහැර සවස 3.00 ට දෙහිවල
ඇලන් මාවතෙහි අංක 126/11 දරණ නිවසින් පිටත්වේ.
පාදුක්කේ වේරගල අංක 176 නිවසේ විසූ නැසීගිය විශ‍්‍රාමලත්
විදුහල්පති පී. ඩී. ඒ. ගුණතිලක මහතාගේ ආදරණීය භාර්යාවවූද,
පුෂ්පකුමාර, නිහාල් (නැසීගිය), සුජාතා, නන්දනී, සේපාලි,
විපුල්, ගංගා සහ නිල්මිණී යන අයගේ දයාබර මෑණියන්වූද,
විශ‍්‍රාමලත් වේරගල ශ‍්‍රී ඥාණවිමල විද්‍යාලයේ පාඨශාලාචාරිනී
කේ. ඩී. කරුණාවතී මහත්මිය අවුරුදු 83 ක් ආයු වළඳා
අභාවප‍්‍රාප්ත විය. අවසන් කටයුතු 2009.07.05 දින ගලගෙදර
පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. විල්බට්
වික‍්‍රමාරච්චි මහතා -බොරලැස්ගමුව නෙළුම් මාවතේ අංක 364/5,
හි විසූ විශ‍්‍රාමලත් විදුහල්පති හා නවලංකා ලී වෙළඳ සැලෙහි
අධිපති විල්බට් වික‍්‍රමාරච්චි මහතා අභාවප‍්‍රාප්ත වූයෙන්, ඒ
පිළිබඳ අවසාන කටයුතු 2009 ජූලි 6 වන සඳු දින පස්වරු 4.00 ට
මහරගම ගොඩිගමුව සුසාන භූමියේදී සිදු කරන බැව් සංවේගයෙන්
දැනුම් දෙමු. මෙයට ශෝකයට පත්, විශ‍්‍රාමලත් පාඨශාලා ආචාරිණී
හොරණ ශී‍්‍රපාලි විද්‍යාලය හා මහරගම ශී‍්‍ර වජිරඥාන දහම් පාසල්
ආචාරිණී පී.එච්. වනිගතුංග (භාර්යාව), වෛද්‍ය පි‍්‍රයදර්ශනී
(දුව) වෛද්‍ය විද්‍යාලය, කොළඹ. බුද්ධික වික‍්‍රමාරච්චි (පුතා)
ඕස්ටේ‍්‍රලියාව, නලීනි ජයසේකර (දුව) එංගලන්තය, වෛද්‍ය ගාමිණී
(බෑණා) ජාතික රෝහල, කොළඹ. කුමාරි (ලේලි) ඕස්ටේ‍්‍රලියාව.
ගංගානාත් ජයසේකර (බෑණා) එංගලන්තය.
|
|