ඇවිත් ගිය මහත්වරු

 
 

මානව හිමිකම් කවුන්සිලය වෙනස් විය යුතුයි

 
 

එජාපයේ ගෝරි ගොඩයි

 
 

උතුරු-දකුණු හදවත් යා කරන යාල් දේවී

 
 

ඒ රටවල් දොළහත් අපි දිනාගන්නවා

 
 

කවරයේ කතාව

 
 

ගමේ නම ලොවට ගෙනියන්න හදන පුංචි නැට්ටුක්කාරී

 
 

සෙන්ට‍්‍රල් ෆිනෑන්ස් ගිය වසරේදීත් අඛණ්ඩ වර්ධනයක

 
 

කුරුලු මඟුලක් ගැන ලියැවුණු ‘කොබෙයියනේ ගීතය’ 71 දී තහනම් කළේ තේමාවවත් නොබලයි

 
 

අනුන්ගේ ඇහේ රොඩු කැබැල්ල දකින තමන්ගේ ඇහේ පොල් පරාලය නොදකින බි‍්‍රතාන්‍යය

 
 

ටිකිරි හමුව

 
 

මධු කුසලාන

 
 

මම ආවේ දුවට හොඳක් කරන්නයි

ඇවිත් ගිය මහත්වරු

“යෂූසි අකාෂි ඇවිත් ගියේය.

ඒ දහඅට වෙනි වතාවටය.

ඔහු අපේ රටේ ප‍්‍රශ්නය පිළිබඳව සොයා බලන්නට ජපානයෙන් පත්කර ඇති විශේෂ නියෝජිතයාය.

ඊට පෙර ඇමෙරිකානු සෙනෙට් සභිකයකු වන හීත් ෂූලර් ඇවිත් ගියේය. ඊටත් පෙර එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බාන් කී මූන් ඇවිත් ගියේය.

මේ සියලු දෙනාම මෙවර පැමිණියේ ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් මුදාගත් දෙමළ වැසියන් ජීවත්වන හැටි බලන්නටය. එසේ නැතහොත් රජය සුබසාධන මධ්‍යස්ථානවලට සපයා ඇති පහසුකම් ගැන සොයා බලන්නටය. එසේත් නැතහොත් ඇතැම් මාධ්‍ය විසින් ප‍්‍රචාරය කරනු ලැබූ තොරතුරු සත්‍ය දැයි සොයා බලන්නටය. ඇතැම් දේශීය මාධ්‍යකරුවන්ගේ ද සහයෝගය ඇතිව ඇතැම් විදේශීය මාධ්‍ය ප‍්‍රචාරය කොට තිබුණේ සහන ගම්මාන හෙවත් සුබසාධන මධ්‍යස්ථානවල රඳවා ඇති මිනිසුන් අපා දුක් විඳින බවය. වෙනත් අයුරකින් කිවහොත් මේවා සහන ගම්මාන නොව සිර කඳවුරු බවය. ඒ නිසා මේ රාජ්‍ය තාන්ති‍්‍රක නියෝජිතයන් අපේ රටට පැමිණියේ සෘණ ආකල්පවලින් පිරුණු මනසකින් යුක්තව බවට සැකක් නැත.

එහෙත්; සහන ගම්මානවල සංචාරය කිරීමෙන් සහ එහි වෙසෙන වැසියන් සමඟ කතා බහ කිරීමෙන් පසු ඔවුන් පැවසුවේ කුමක්දැයි විමසා බැලීම වටී.

ජගත් මහලේකම් බාන් කී මූන් ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකාවේ සහන වැඩ පිළිවෙළ ඉතා සාර්ථක බවය. ඒ පිළිබඳව ඔහු ජනාධිපතිතුමාට විශේෂ ප‍්‍රශංසාවක් ද කෙළේය. ඒ අතරම සහන වැඩපිළිවෙළ සඳහා එක්සත් ජාතීන්ගේ පූර්ණ සහයෝගය ලබාදීමට තමන් නිර්දේශ කරන බවට පැවැසූහ.

ජගත් මහ ලේකම්වරයාගේ පැමිණීමත් ඔහුගේ ප‍්‍රකාශත් නිසා ඇතැම් විදේශීය මාධ්‍යයන් ඔවුන්ගේ ඩොලර් ඇහිඳින “කුපාඩි සහ අවජාතක” දේශීය මාධ්‍යකරුවන්” විසින් මවා පාන්නට උත්සාහ කළ කොටි හිතවාදී ආකල්පය ගිනිබත් විය.

ඇමෙරිකාවේ ප‍්‍රබල දේශපාලන චරිතයක් වූ සෙනෙට් සභික හිත් ෂූලර් ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකාවේ සහන වැඩපිළිවෙළ ඉතා විශිෂ්ට බවය. බටහිර මාධ්‍ය විසින් මවා පාන්නේ අසත්‍ය සහ විකෘති චිත‍්‍රයක් බවය. හිත් ෂූලර් ගේ මේ ප‍්‍රකාශය ඉහත කී බටහිර මාධ්‍යවලටත් එම මාධ්‍ය වෙනුවෙන් මෙරට සිට රොඩු අහුලන මාධ්‍යවේදීන්ටත් එල්ල කළ හොඳ කනේ පහරක් වූවාට සැක නැත.

දින කිහිපයකට පෙර දහඅට වැනි වතාවටත් ශ‍්‍රී ලංකාවට පැමිණි යෂුසි අකාෂි මහතා කළ ප‍්‍රකාශය ගැඹුරින් විමසා බැලීම වටී.

”ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හා භෞමික අඛණ්ඩතාවට හානියක් වන ආකාරයේ විදේශ ඇඟිලි ගැසීම් සිදු නොවිය යුතුය. ත‍්‍රස්ත ග‍්‍රහණයෙන් මුදාගත් ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීම සඳහා ශ‍්‍රී ලංකා රජය විධිමත් වැඩ පිළිවෙළක් කි‍්‍රයාවට නංවා ඇත. එම වැඩ පිළිවෙළ සඳහා ජපානයේ පූර්ණ සහයෝගය ලැබෙනු ඇත. ශ‍්‍රී ලංකාවේ සංවර්ධන කටයුතුවලට ජපානයේ සහයෝගය ලැබෙනු ඇත. මේ කටයුතුවලින් ශ‍්‍රී ලංකාව පිළිබඳව අනෙකුත් රටවල නිර්මාණය වී ඇති වැරදි ආකල්පයන් වෙනස් විය යුතුය. ඉදිරියේදී ශ‍්‍රී ලංකාව සුවිශේෂි සංවර්ධනයක් කරා ගමන් කරනු ඇතැයි මම විශ්වාස කරමි.”

යෂුසි අකාෂි මහතාගේ මේ ප‍්‍රකාශයෙන් අපේ රට පිළිබඳව ලෝකය පුරා මවන්නට උත්සාහ කළ අසත්‍ය සහ විකෘති පිංතූරය සම්පූර්ණයෙන්ම ගිනිබත් විය.

එසේම මේ තීරුවේ සටහන් කළ යුතු තවත් සුවිශේෂි සිද්ධියක් ඇතිවිය. එනම් කැනේඩියානු කොංග‍්‍රස් සභිකයකු වන බොබ් රේ කටුනායක ගුවන් තොටුපළින්ම ආපසු හරවා යැවීමය. ශ‍්‍රී ලංකා රජයට පිටකොන්දක් ඇත. ඒ නිසා ඒ පිළිබඳව සටහන් කරන්නේ එක්තරා අභිමානයක් ද සහිතවය.

ඔහු කොටින් වෙනුවෙන් පෙනී සිටි දේශපාලකයෙකි. කොටි අරමුදලට මුදල් රැස්කරන රටවල් අතර කැනඩාව ප‍්‍රමුඛස්ථානය ගත් බව රහසක් නොවේ. නිසැකවම ඔහු පැමිණෙන්නට ඇත්තේ කොටින් වෙනුවෙන් කඩේ යන්නටය. කඩේ යෑම කෙසේ වෙතත් ගෙනා පොට්ටනිත් ඔසොවාගෙනම කටුනායකින්ම පිටුවහල් වන්නට ඔහුට සිදුවිය. අපේ රට අභිමානවත් නව යුගයකට අවතීර්ණ වී ඇති බවට එය කදිම සාක්ෂියකි.

ත‍්‍රස්තවාදය අවසානය. මිනිසුන් ශාරීරිකව සහ මානුෂිකව සිරවී සිටි යුගය අවසානය. එසේ වුවද පැරණි හොල්මන් තැන තැන දකින්නට නොලැබෙනවා නොවේ. පොදුවේ මුළු ලෝකයම අපේ රට දෙස ධනාත්මක ආකල්පයකින් බලද්දී තවමත් අසුබවාදී අගතිගාමී ආකල්ප පතුරුවන්නට උත්සාහ කරන කොටස් පිළිබඳව විමසිල්ලෙන් සිටින්නැයි අපි රජයට අවධාරණය කරමු.