අවමංගල්‍ය දැන්වීම්

පෙරේරා - ලීජියා - මියගිය ජේ.කේ. මෝසස් පෙරේරාගේ ආදරණීය භාර්යාව වූද, ගරු ලුක් නෙල්සන් පෙරේරා පියනම (සිද්ධස්ථාන පාලක, තලවිල ශාන්ත ආනා සිද්ධස්ථානය), කි‍්‍රස්ටියන්, ලක්ෂ්මන්, ඉවෝන්, සුසිර සහ රංජිත්ගේ සදාදර මෑණියන්වූුද, මාරි, දීපිකා, රියෙන්සි, මලිතා සහ ඳුතිකා යන අයගේ ආදරණීය නැන්දණිය වූද, කි‍්‍රෂ්මිලා, නෙත්මි, තාරුන්දි, නිලිනි, දෙව්මි, දෙනෙත්, ශනෝන් සහ සසිත් ගේ ආදරණීය මිත්තණිය වූද, ලීජියා පෙරේරා මහත්මිය අභාවප‍්‍රාප්ත වූයෙන් අවමංගල්‍යය පෙරහැර ජුනි මස 8 වන සඳුදා දින සවස 3.00 ට නිවසින් පිටත්ව ස්තූති දේවමෙහෙය සාන්ත මාර්ටින් ද ෆෝරස් දේවස්ථානයේ දී සිදුකිරීමෙන් අනතුරුව අවසන් කටයුතු වෙන්නප්පුව නව රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදුකරන බැව් ඉතා සංවේගයෙන් දන්වා සිටිමු. සාන්ත මාර්ටින් ද ෆෝරස් මාවත, වෙන්නප්පුව.

මියුරියල් සේනාරත්න වික‍්‍රමතිලක, නැසීගිය සෙනෙට් මන්තී‍්‍ර මුදළිඳු ඩී.ජේ. සේනාරත්න මැතිතුමා සහ මැටිල්ඩා විජේරත්න සේනාරත්න මැතිණියගේ දයාබර දියණිය වූද, නැසීගිය එස්.එච්.ජේ. වික‍්‍රමතිලක (විකී) මැතිතුමාගේ ආදරණීය බිරිඳ වූද, දීප්ති (මාම්පේ ධර්මරාජ විද්‍යාලය) පි‍්‍රයන්ති, ජෙස්මින් (ශාන්ත ක්ලෙයාර් බාලිකා විද්‍යාලය වැල්ලවත්ත), අනිල් (ඉරාක තානාපති කාර්යාලය - වතිකානුව - ඉතාලිය) ගේ ආදරණීය මෑණියන් වූද, පාලිත (වියළි නැව් තටාකාංගනය - කොළඹ), නිලන්ත පෙරේරා සහ ගයතී‍්‍ර (ශී‍්‍ර ජිනානන්ද ම.ම. විද්‍යාලය හපුතලේ සේවයේ නියුතුව සිටි) ගේ දයාබර නැන්දණිය වුද, අයිරින් සහ නැසීගිය පර්ල්, ඊඩා, රෙජී, සහ බොබී ගේ සොහොයුරිය අභාවප‍්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 7 වන ඉරිදා පස්වරු 4 ට පවුලේ සුසාන භූමියේදී සිදුකෙරේ. මුත්තෙට්ටුව වලව්ව, පැපිලියවල.